3

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

***තුන්වන දිගහැරුම***

දැහැම් පමා වූවා වැඩිය..රථය ඇයට නොපෙනෙන දුරකට ගොස් අහවරය…
ඇය මහ පාර අයිනේ එහෙමම වාඩි වී මහ හඩින්ම හඩන්නට වූයේ හද පෑරී යන තරම් දුකකිනි…

අශේන්…අනේ..මාව දාලා කොහෙද ගියේ ඔයා..මගෙ ඇස් ඉස්සරහට ඇවිත් හැංගිලා යන්න ඔයාට පුළුවන් උනේ කොහොමද අශේන්….ඔයාගේ දැහැමි දාලා ගියේ ඔයා කොහොමද දෙයියනේ…..

ඒයී දැහැම්…කෙල්ලේ මොකද උඹට උනේ…මේ වට පිටාවේ මිනිස්සු ඔක්කොම බලනවා…හොද කෙල්ල වගේ නැගිටපන්…අනූපමා ඇයව නැගිටුවා ගැනීමට තැත් කලා…

අනේ…අනූ මගෙ අශේන් මාව දාලා යන්න ගියා…එයා…එයා ඉන්නවා අනූ මං දැක්කා…මගේ අශේන් ඉන්නවා…අනේ අපි යං ඉක්මනට…අනූ ප්ලීස් මාව මගෙ අශේන් ගාවට එක්කන් යන්න…
දැහැමි අනූපමාගේ එල්ලී හඩන්නට වූවාය…

හරි හරි ඉස්සෙල්ලා ඔය අඩන එක නවත්ත ගනින් දැහැමි…අපි ඉක්මනින් වීල් එකක යමු…ඇය දැහැමිව අවනත කරගෙන ත්‍රීරෝද රථයක් නවත්වාගෙන ඇය සමගින් එයට ගොඩ වූවා…

කොහාටද නෝනා….

ඉස්සරහට යංකෝ…මං පාර කියන්නම්..අනූපමා පැවසුවා…

ඉන් පසු ඈ දැහැමි දෙස බැලුවා…

මේ අහපන් දැහැම්…උඹ හොදටම දන්න ඇත්ත බොරුවක් නෙවෙයි…ඒක තේරුම් ගනින්..අශේන් අයියා මේ ලෝකේ කොහෙ හරි ජීවත් වෙනවා නම් අපිට ලෝකෙ පීරලා හරි හොයන්න තිබුනා..ඒත් උඹ වගේම මමත් අශේන් අයියාගේ බොඩි එක ඇස් දෙකටම දැක්කා කෙල්ලේ…උඹේ හිත පිලිගන්නේ නැති උනාට ඒ තිත්ත ඇත්ත උඹට අනිවාර්‍යෙන් පිලිගන්නම වෙනවා…එක්කො උඹට ඒ ගැනම හිතලා කවුරු හරි මනුස්සයෙක්ට අශේන් අයියා කියලා රැවටිලා..එහෙම නැත්තන් ඒක උඹ මවා ගත්ත දෙයක්…තේරුම් ගනින් දැහැමි…උඹට වැරදිලා…අශේන් අයියා ආපහු එන්නේ නෑ කවදාවත්…

දැහැමි මහ හයියෙන් හඩාගෙනම අනූපමාගේ උරහිසට බර වුනේ…

නෑ…නෑ…අනූ මගේ ඇස් දෙකට රැවටෙන්න විදිහක් නෑ…මං මගෙ අශේන්වමයි දැක්කේ…ඔව් ඒ එයාමයී…ප්ලීස් උඹ මගේ පොඩ් කාලේ ඉදන්ම හොදම යාළුවා…මාව විශ්වාස කරපන් අනූ…ඒ අශේන්ම තමයි…මාව එයා ගාවට කොහොම හරි එක්ක පලයන්…
දැහැම් එක හෙලාම පැවසුවා…

හරි මට විශ්වාස කරන්න තිබුනා අශේන් අයියට නිවුන් සහෝදරයෙක් හරි හිටියා නම්…ඒත් බං අපි එකම ගමේ අහල පහල..එහෙම දෙයක් අපි දැනගන්නෙ නැති වෙන්න බෑ නේ…

දැන් ඔය කදුළු පිහිදගෙන අපි ගෙදර යමු..රම්‍යා නැන්දා බලාගෙන ඇති..දැන් ගොඩක් හවස් වෙලා…අපි හෙට හවසට කලින් ඇවිත් බලමු…
අනූපමා ඇගේ හිත සනසා නවාතැනට රැගෙන ගියා…

එහෙත් නිවසට ගිය ගමන්ම දැහැම් සැවොම මග හැර කාමරයට වැදුනා…ඇය රාත්‍රී ආහාරයද නොගැන හිස රදය බව පවසා කලින්ම නින්දට වැටුනේ සැමට නොපෙනෙන්නට කදුළු සලමින්…

දැහැම්ගේ සුන්දර මුහුණ වතාවක් හෝ දැක ගැනීමට භානුකට නොනිම් ආශාවක් ඇති වූවත් කෑම මේසයට අසුන් ගත්තේ අනූපමා පමණයි…

ඇය අසනීපයෙන් පසුවන බව ඇසූ භානුක බොහෝ සෙයින් කලබල වූවා…

නංගි මං හිස රදේ අඩුවෙන්න දැහැමිට ටැබ්ලට් එකක් දෙන්නම්..කිරි එකක් වත් බොන්න දීලා ඒක දෙන්න..අවසානයේ භානුක පැවසුවා…

හා අයියේ…thanks..

****************************

භානුකට පසුදා උදෑසනින්ම රෝහලට යාමට සිදු වූ බැවින් දැහැමි සහ අනූපමා සේවා ස්ථානයට යන්නට සිදු වූයේ බසයෙන්..

දැහැමි උදෑසනම අවදි වී ලහි ලහියේ සූදානම් වී අනූපමාටද ඉක්මන් කරන ලෙස පැවසුවා…

පිස්සුද බං කුකුලා අතේ තියාගෙන වැඩට යන්න මේ උදේපාන්දර…
අනූපමා අනිත් පස හැරී නිදන්නට වුනා…

අනෙ අනූ හොද එකා වගේ නැගිටලා ලෑස්ති වෙයන් බං…දැහැම් හඩන්නට ඔන්න මෙන්නය..

උඹටත් පිස්සු..හිටපන් මං ඉක්මනට ලෑස්ති වෙන්න..

දැහැම්ගේ වත වෙනදාටත් වඩා අදුරුව තිබුනා…

උඹ ඔහොම හූල්ලන්න තියා ගන්න එපා බං..මෙහෙ නැන්දලා උනත් මොකද බලයි…
අනූපමා පැවසුවා..

මගේ ජීවිතේට ආයේ සතුටක් එන්නෙ නෑ බං..
සුසුමක් හෙලා පැවසූ දැහැමි සිය කාර්‍යෙහි යෙදෙන්නට වූවා…

ඇය කෙටි නිවාඩුවක් අනුමත කරගෙන අනූමාට ඒ බව පැවසුවා…

අනූ උඹ වෙනදා වෙලාවට හෝල්ට් එකට වරෙන්..මං කලින් යනවා බං අශේන් කලින් ඇවිත් ගියොත්…මං කොහොමද බං ආයෙත් එයාව නැති කර ගන්නේ…

උඹට ඇත්තටම මොලේ හොද නැද්ද බං…උඹ මේ… මේ ලෝකෙ නැති කෙනෙක් එනකල් ඒ පාර බස් හෝල්ට් ගානේ බලන් ඉන්න යන්නේ…අනිත් එක ඊයේ උඹ නටපු පිස්සුව මං දැක්කනේ…මට උඹට යන්න දෙන්න බෑ…

ප්ලීස් අනූ…මං එහෙම කරන්නේ නෑ…මං උඹට පොරොන්දු වෙනවා…දැහැම් හඩ හඩාම අනූපමාට ඇවිටිලි කර කෙසේ හෝ ඇගේ අකමැත්තද නොසලකා හරිමින් යන්නට වූවාය…

ඇය ඊයේ අශේන්ව දුටු තැනට ගොස් වරු ගනනාවක්ම බලා සිටියේ බලාපොරොත්තු පිරුනු දෑසින්…

මද වේලාවකින් කලු පැහැති මොන්ටේරෝ රියකින් අවු කණ්නාඩි යුවලක් පැලද සිටිනා තරුණියක් සමග තවත් පුද්ගලයෙක් රථය නවතා බැස තැඹිලි වෙලෙන්දෙක් අසලට ගමන් ගන්නවා ඇය දුටුවාය…

දැහැමි සුපුරුදු රුව දෙස තිගැස්සී බලා හුන්නාය…අශේන්…මං මේ දකින්නේ ඇත්තක්ද දෙයියනේ…ඔයා ඉන්නවා…ඇය හනිකට දුවගොස් එම තරුනයා වැලද ගෙනම හඩන්නට වූවා…

ශශී….මේ මොකද…කවුද මේ….
ඔහු අසල හුන් තරුනිය කෝපයෙන් බැන වැදුනා…

ඔහු එසනින්ම දැහැමිව ඉවතට තල්ලු කර දැමුවා…

පිස්සුද ගෑනියේ…මොකද මේ ඇගේ එල්ලෙන්නේ…පලයං අහකට…
ඉන් පසු ඔහු දැඩ් හඩින් පැවසුවා…

අශේන් ඇයි මට ඔහොම කතා කරන්නේ…?අනේ අශේන් මං දැහැමි..ඔයා.. ඔයා නැතුව මං කොච්චර දුක් වින්දද…
දැහැමි නැවතත් ඔහුගේ පපුවට වාරු වී හඩන්නට ගත්තා…

ඉන්පසු ඇය අහකට ඇද ඉවත් කල තරුණිය ඇයවෙත වේගවත් කම්මුල් පහරක් එල්ල කලා…

දැහැම් කම්මුල අල්ලාගෙන හඩන්නට වූවේ අශේන් දෙස බලාගෙන…

ශශී මේ ගෑනි පිස්සියක්ද කොහෙද අපි යමු යන්න..
ඇය ඔහුගේ අතින් අල්ලාගෙනම ගොස් ර්ථයට නැගුනා…

අශේන් මාව දාලා යන්න එපා…අශේන් නවතින්න…දැහැමි බලා හිදිද්දී ර්ථය අද්දවා යන්නට ගියේ ඔහු ඇය දෙස බැල්මක්වත් නොකර…

අහසද දැහැමිගේ විලාපයට කම්පාවූවාක් මෙන් වහින්නට වූවෙ ඇගේ වේදනා බර කදුළු බලා සිටීමට නොහැකි වූවා මෙන්…වැස්සේ තෙමෙමින්ම දැහැමි හිටි තැනම කදුළු ගලා යන්නට හැර බලා සිටියා…

එතකොටම

###නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *