30. වන කොටස.

මියෙදෙන තුරා.

*ඔයා මගේ මල්ලිම තමයි සිගිතියෝ.*

*අනේ අැයි ලොකු බේබී දුකෙන් ඉන්නේ*

*මට ඔයාලව දාලා යන්න වෙනවා. මගේ මල්ලී ඒනවා නේද මාව බලන්න. මට ඔයාගෙන් ලොකු උදව්වකුත් ඔනේ.*

*ඒ මොකද්ද ලොකු බේබී.*

*ඒක ඔයාට හෙට අනිද්දා වෙනකොට දැන ගන්න ලැබෙයි.*

මම අැද මත ඉදගනිමින් කිව්වා. මගේ හිතට දැනුන වේදනාව කොහොම ඉවසන්නද කියලා මට හිතා ගන්නත් අපහසුයි.

*අනේ කියන්නකෝ ලොකු බේබී.*

*කෝ හ්හ් ඒක. කොහොමද පුරුද්ද අත්අැර ගත්තේ.. .*

දුක අතරෙම මගේ මුවගට යාන්තම් සිනහවක් නැගුනා. මගේ මුහුණට හැමදාමත් සිණාව ගෙනාවේ සිගිති තමයි. මට දරා ගන්න බෑ ඒයාලව දාලා යන්න වෙන ඒක.

*ඒක තියෙනවා. හ්හ්*

සිගිතිගේ කතාවත් ඒක්ක මගේ හිනාව තවත් වැඩි දිවුණු වුනා. සිගිති නම් සැබැවින්ම මගේ සිනහවේ අදිපතිද කෙහෙද ? මම හිත යටිනුත් තව තවත් සතුටු වුනා.

*අාන් ඒහෙම හිනා වෙලා ඉන්න ලොකු බේබී.*

*අායි බේබී කියනවා.*

*අම්මෝ ලොකු නෝනට අැහුනොත් මාව ගෙදරම පන්නාවී.*

*ඒ අැහුනොත්නේ.*

මට හයියෙන් හිනාවක් අාවේ සිගිතිට අප්පච්චී පන්න පන්න ගහන හැටි මැවිලා පෙනුන නිසා.

*මොකද ඒ පාර හිනා වෙන්නේ ලොකු බේබී.*

*නෑ මට මැවිලා පේනවා සිගිතිට අපේ අප්පච්චී පන්න පන්න ගහන හැටි.*

*මොකද සිගිති මේ මහ රෑ ලොකු දූගේ කාමරේ.*

ඒක වරම අම්මාගේ කට හඩ අැහෙද්දී මගේ මුළු අැගම සීතල වෙලා ගියා. සිගිති පව් හොදටම බය වෙලා බිම බලාගෙන ඉන්නවා අහිංසකයා වගේ. මට පුදුමේ අම්මා ලේසියෙන් මගේ කාමරයට ඒන්නේ නෑ ඒක පාරටම අාවේ මොකද කියලා.

*මම සිගිතිට ඒන්න කිව්වේ අම්මේ.*

*ඒ මොකටද ලොකු දූ. මම ඔයාට කියලා තියෙනවා නේද? ලීලම්මයි සිගිති ඒක්ක වැඩි අැයි හොදයි ඔනේ නෑ කියලා. අනික ඔයා මේ ගෙදර වැඩිමාල් දරුවා. සිගිතිලා මේ ගෙදර කවුද?*

*අැයි අම්මේ ඔයා ඔහොම කතා කරන්නේ අපි කවුරුත් මනුස්සයොනේ. අනික ලිලම්මයි සිගිති අපි වෙනුවෙන් මොන තරම් දේවල් කරනවද?*

*මොකද ලොකු දූ වෙලා තියෙන්නේ . ඔයාට දැන් අපිට වඩා ගෙදර වැඩ කරන අයද වටින්නේ. මට තේරෙනවා මම ඔයාට ඒයාලට ලං වෙන්න දුන්නා වැඩී.*

*අනේ ඒහෙම දෙයක් නෑ අම්මේ.*

*සිගිති යනවා ගිහින් වැඩක් බලා ගන්නවා.*

*හොදමයි ලොකු නෝනා. හ්හ්.*

සිගිති කාමරෙන් පිට වෙලා ගියා. මගේ සතුට සැනසීමත් සිගිතිත් ඒක්කම පිට වෙලා ගියා. මගේ අැදේම කොනක හිද ගත් අම්මා මගේ හිස අත ගෑවා. මම අැගේ උරහිසට වාරු වුනා.

*මම ඔයාගෙම හොදටනේ කියන්නේ ලොකු දූ. ඔයාට මම අාදරේ නිසයි කියන්නේ.*

*හරි අම්මේ.*

ඔවුන් හිතන පතන විදිය මට වෙනස් කරන්නට නොහැකි බව මම දන්නවා. ධනවත් කම මිනිසුන්ගේ යහපත් සිතුවිලි යට කරගෙන උඩගුකම රජ කරවනවා. මෙතරම් ධනවත් පවුලක දරුවෙක් වෙලත් මම හිතන විදිය සියයට සියයක් ම වෙනස් වුනේ කොහොද කියලා මම හිතුවා.

*අැයි අම්මේ මේ මහ රෑ නින්ද යන්නේනැද්ද?*

*අනේ මන්ද ලොකු දූ මට අද මහ අමුත්ක දැනෙනවා.*

*ඒ මොකද අම්මේ*

මම හිස උසවා අෑ දෙස බලමින් විමසා සිටියා. අැගේ මුහුනේ තිබුනේ දුකක්.

*මම නරක හීනයක් දැක්කා දරුවෝ ඔයා ගැන.*

*මම ගැන*

*ඔව් මට බයයි ඔයා අපෙන් අෑත් වෙයි කියලා.*

*හමුවෙන හැමෝම වෙන් වෙනවා අම්මේ. ඒක අපිට වළක්වන්න බෑ.*

*මොනවද ලොකු දූ . ඔයා ඔය කියන කතා කොහෙන් ඉගෙන ගන්න ඒවද?*

*ඒවා අැත්තනේ අම්මේ.*

*ඔයා තාමත් සුමේධ පුතාට අකමැතිද?*

*අනේ නෑ අම්මේ . සුමේධ අයියා තරම් හොද කෙනෙක් මම ජීවිතේට දැකලා නෑ. මම ඒයාට හුගක් කැමතී.*

*මගේ හොද දූ.*

අම්මා මාව තුරුළු කර ගනිමින් කිව්වා. අැත්තටම අම්මා මට අාදරෙයි කියලා මගේ හිත හුගක් සතුටු වුනා. මම අම්මගේ උණුහුමට ගුලි වෙලා හිටියේ හරිම අාසාවෙන්.

*ලොකු දූ..*

*ඔයා සුමේධ පුතාට මල්ලිගේ බිස්නස් ඒක ගැන කිව්වද?*

*මොන බිස්නස්ද අම්මේ.*

*අැයි ලොකු පුතා ඔයාට පයිල් ඒකක් දුන්නා නේද?*

*අා දුන්නා අම්මේ. අම්මත් ඒක දන්නවද?*

*ඔව් ලොකු දූ ඒක අපි හැමෝටම හොද අාදායමක් ගන්න පුළුවන් වැඩක්.*

*මම නම් ඔවා දන්නේ නෑ අම්මේ. මම හෙට සුමේධ අයියට කියන්නම්.*

අැත්තෙන්ම අම්මා ගැන හිතේ තිබූ අාකල්පය ඒහෙන් පිටින්ම වෙනස් වෙන්න ගත වුනේ සුළු මොහොතයි. අැත්තටම අැය මට අාදරේද ? නැත්තම් මාව ඉත්තෙක් කරගෙනද?. අම්මා ගැන ඒහෙම හිතන ඒක පව් කියලා මම දන්නවා. ඒත් මේ අැහෙන වචන , මම කොහොමද මේ මිනුස්සුන්ව තේරුම් ගන්නේ.

*අම්මේ මට හොදටම නිදි මතයි. දැන් හුගක රෑත් වෙලා මම නිදා ගන්නද?*

*හරි ලොකු දූ ඒහෙනම් මම යනවා ඔයා නිදා ගන්න. *

ඒහෙම කියපු අැය පිට වී ගියා. සැබවින්ම මා හට නිද මතක් අහලකටවත් අැවිත් නොතිබුනත් අම්මා කාමරෙන් පිට කීරිමට අවශ්‍ය නිසා නිදි මත බව පැවසුවා. නාන කාමරයට ගොස් මූණ අතපය දොවනය කර පිරිසිදු වුන මම රෑ අැදුමක් අදින්නේ නැතුවම අැදේ හාන්සි වුනා.

මම ගත් තීරණය ගැන මම අායෙත් කල්පනා කලේ නිසි අයුරින් ඒක කර ගන්නට ලැබේවයි දෙවියන්ගෙන් ඉල්ලීම් කරමින්. සියල්ලන් ගැනම සිහිපත් කරමින් දුක් වෙමින් සිටි මට ඉබේටම නින්ද ගියා. හිතේ කලබලය නිසාම ඒක දිගට නින්ද නොගිය මම සැරින් සැරේ නින්දෙන් අැහැරුනා. මම පාන්දර දෙකට පමණ අැහැරියේ පපුවේ වේදනාවෙන් පීඩා විදිමින්. ටික වේලාක් පැවති වේදනාව මම අායාසයෙන් දරා ගත්තා. හුග දිනකට පසු පපුවේ වේදනාව අැති වුනේ මගේ හිතට ශක්තිය දෙන්නද කියලත් මට සිතුනේ, මා ගත් තීරණ නිවැරදී බව තහවුරු කරවමින්.

පපුවේ වේදනාව තරමක් අඩු වු පසු මම අැද වියලට හේත්තූ වී කල්පනා කරන්න වුනා. මගේ හිත කිව්වෙම මමගත් කීරණය හරි කියලා. මම මද වෙලාවක් අදුරේම හිද කල්පනා කලා.

ඉන් පසු අදුරේම අැද අදල වූ කුඩා මේසය අත ගා සුමේධ අයියා මාස හතරකට පමණ පෙර තෑගි දුන් දරුවන් දෙදෙනාගේ චායාරුව අැති ඔරලොසුවේ අාලෝකය දැල්ලුවා. මගේ අාදරණිය දරුවෝ දෙන්නා ඒදා වගේම තාමත් අාදරෙන් හිනා වෙලා මගේ දිහා බලන් ඉන්නවා. මම ඒම චායාරුව ළගට තුරුළු කරන් අඩන්න වුනා. මට ඔයාලගේ ළගින් ඉන්න වරම් නෑ රත්තරනේ. මම අාසයි ඔයාලගේ අම්මා වෙන්න. මගේ තුරුලෙම ඔයාලා ලොකු වෙනවා බලන්න. මට ඔයාළට ළං වෙන්න බෑ. ඒකෙන් ඔයාලට කවදා හරි හෙට දැනෙන දුකට වඩා ලොකු දුකක් දැනේ වී.

මම ඔරලෝසුව අැදලා ගත් නිසා විදුලි රැහැන ගැලවි ගියා. දැන් කාමරය නැවතත් අදුරෙන් වැසිලා ගිහින්. මම පුළුවන් තරම් ඉකි ගගහා හැඩුවා. අායෙත් අදුරෙම අත ගලා ඔරලොසුවේ අාලොකය දල්වා ගත් මම අැද මත වාඩි වානේ පොතකුයි පෑනකුයි අතැතිව. මම කදුලු මැදින් අකුරු අමුනන්න වුනා.

අම්මා අැතුළු පවුලේ සැම වෙත,

කදුලු දෑසින් රාත්‍රියේ ලියමි. මගේ අම්මේ මට සමාවෙන්න. මම සුමේධ අයියට කැමතී . දරුවෝ දෙන්නත් මගේ පණ හා සමයි. මට තව දුරටත් ඔයාලා හැමෝටම දුක් දෙන්න බෑ. මම දන්නවා මගේ තීරනය ඔයාලට මුලින් දුකක් වෙයි . ඒත් පස්සේ ඔයාලා මට වෙෙර කරන්න ගනී. ඒ වෙෙරය ඔයාලගේ දුක නැති කරලා දමාවී. දැන් ඔයාලට පොඩි මල්ලි නැතුව දුක නෑ වගේ.

මගේ මේ තීරණයට ලොකු හේතුවක් තියේ .ඒක දවසක ඔයාලා හැමෝටම දැන ගන්න ලැබෙයි. ඒදාට වෙෙරය ඉවරවෙයි. මම ගැන හොයන්න ඒපා. මම හොදින් ඉන්න බව විතරක් හිතන්න. මාව හොයන්නත් ඒපා. මම නවතින්නම්. මම ඔයාලට මොන තරම් අාදරේද කියලා දවසක ඔයාලා හැමොටම තේරේවී. මම නවතින්නම්. තෙරුවන් සරණයී.
මම ලොකු දූ…

මම ලිව්ව කීපවරක්ම කියවා හතරට නවලා පොත අතරටද දැමලා කුඩා මේසය මතම තැබුවා. සද්ද නොඅැසෙන්නා අැදෙන් බැස්ස මම අල්මාරිය ළගට ගියා. කරුවෙලේම ගිය නිසා මම අල්මාරියේ හැපි පොඩි සද්දයක් නැගුණා. මම හිටි තැනම ගල් වුනේ ලිලම්මා අැහැරෙයිද කියලා බියෙන්. සුළු මොහොතකට පසු හිතපු විදියටම ලිලම්මගේ කාමරයේ විදුලි පහන දැල් වුන දැන් සේරම ඉවරයි. ගෙදර හැමෝම අැහැරෙයි දැන්. මගේ හිතේ නැගුනේ දුකක්. මම ඉක්මනින් අැදට ගිහින් පොරවනය පොරවාගෙන නිදි වගේ හිටියේ මම රෑ අැදුමක් අැද නැති ඒක ලීලම්මට සැකයක් අැති කරයි කියලා.

ඊ ළග මොහොතේ කාමරයට අැතුළු වූ අැය කාමරයේ විදුලි පහන දැල් වුවා.

ඊ ළග කොටසින් හමු වෙමු… 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *