31වන දිගහැරුම

සෝනුත් චිනුත් හිත්වල පිරුණු ඉතුරුණු සතුටකිනුයි උන්නේ….පුංචි පවුලට හා හා පුරා කියලා එන්න ඉන්න අලුත් අමුත්තා පිලිගන්න ඒ හිත් උන්නේ නොයිවසිල්ලේන්…..

ඒ නිසාම ම් දෙන්න ලැබ් එකට ගිහින් මේ ආරංචිය හරියටම තහවුරු කරගෙනම තමයි අම්මලා තාත්තලා දැනුවත් කළේ.

මේ ආරංචිය අහපු සෝනූගේ වාගේම චිනූගේ අම්මලා තාත්තලාටත් තව දුරටත් ඒ රටට වෙලා කාලය ගත කරන්න ඕන උනේනම් නෑ…ඔවුන් හැකි ඉක්මනින්ම මව් රට බලා ආවේ ආච්චිලා සීයල වුන සතුට හිත්වල පොදි බැදන්……

රණ්ඩු වෙවී විතරක්ම උන්න මේ යුවල මේ තරම් ඉක්මන්ට ආදර්ණීය මව්පියන් යුවලක් වේයැයි සිතුවේ නෑ….ඉතින් ඒ දෙමව්පියන්ටත් මීට වඩා සතුටක් කොයින්ද?

චිනූව නිවසේ තබා සෝනු පමණක් මව්පියන් එක්කන් ඒමට ගුවන්තොටුපලට ගියේ චිනූගේත් දරුවාගේත් ආරක්ශාව ඔහු ඒ තරමටම පතන නිසායි…..

මව්පියන් එනතෙක් කෙල්ලත් මගබලාගෙනම උන්නාය…ඒ නිසාම ඔවුන් එන පෙරමගට චිනූ ගියේ ඔවුන් වාහනවලින් බහිද්දීමයි….

“අනේ මගෙ චූටි කෙල්ල….”

චිනූ දකිද්දී චිනූගේ අම්මාටත් කලින්ම කෙල්ලව වැළදගත්තේ සෝනුගේ අම්මා….

“කොහොමද මගෙ චූටික්කිට දැන්….”

“ම්….ඉතින් හොදයි අම්මා….”

“බුදුසරණයි මගෙ කෙල්ලටයි පැටියටයි…..”

“අම්මා… “

සෝනුගේ අම්මගෙන් පසුව කෙල්ල තම අම්මාත් තාත්තාත් සෝනුගේ පියාවත් වැලදගත්තේ සතුටින්….

“ඔන්න කල්පනා කෙල්ලව එක්කන් යන්නනම් හදන්න එපා හොදද?”

සෝනුගේ අම්මා සිනාසී කීවේ චිනූගේ අම්මාට….
චිනූගේ අම්මානම් මේ විත්තිය කලින්ම දැනගෙනයි උන්නේ….ඈට බයක් නෑ….හොදටම දන්නවා තාමා වාගේම සෝනුගේ අම්මාත් චිනූට ගොඩාක් ආදරෙයි කියලා….

“මමනම් ඕක කලින්ම බලාපොරොත්තු උනා….”

චීනූගේ අම්මා කියද්දී කට්ටියම එක්දී සිනසෙමින්ම නිවසට ඇතුල් උනා….

ආගිය තොරතුරු කතා කරමින් සතුටු සාමිච්චියේ යෙදෙමින් හවස් වරුවම ගතකෙරූ කට්ටියම රාත්‍රි ආහාර ගෙන නිදාන්නට යන්න සූදානම් උනා…චිනූගේ අම්මයි තාත්තයිත් සෝනුගේ නිවසේම රැදුනා එදා දිනය….

චිනූගේ ගැබ මුල් අවදියේ නිසාම චිනූට ආහාර අප්‍රිය උනා….ඒ නිසාම චිනූ රාත්‍රී ආහාර මේසය පැත්තේවත් ආවේ නෑ….ලීලම්මා මේ වන විට පැමිණ උන් නිසා ඇය චිනූට වෙනම පළතුරු සූදානම් කළා….වෙනත් ආහාරයක් ගන්නට ප්‍රිය නොවූ නිසා ඇය පළතුරු පමණක්‍ යහමින් ආහාරයට ගත්තා……

ආහාරවලින් පසු චිනු නින්දට ආවේ සැහැල්ලු රෑ ඇදුමකින් සැරසිලා….ඇය තම කුසේ ඉන්නා දරුවා වෙනුවෙන් තම ආශාවන් සියල්ල අතහැර ඇදුම් පැළදුම් පවා සියල්ල වෙනස් කළා…සෝනු සමග සාප්පු සවාරියක් ගිය ඈ සැහැල්ලු ගවුම් පමණක්ම මිලට ගත්තේ ඒ නිසාමයි ….

“බබා….”

“ම්….”

“මගේ පැටියා බණ්ඩියේ නිසා ඔයාට අමාරුයි නේද”

“මේ මේ ඔයාගේ දිතරක් නෙවෙයි ඈ….දෙන්නාගේම හරිද?එලියට එන්නත් කලින්ම අයිතිවාසිකම් කියන්න අරන් තනි බුක්තියට….”

“හාපෝ කේක්කක් වගේ තාමත්….ටිකක් අහිංසක වෙයන් මගේ පැටියත් රන්ඩු කෙක්කක් වේවි නැත්තම්….”

සෝනු හිනාවෙවීම කියමින් ඇවිත් කෙල්ල ළගින්ම සැතපුනා….කොල්ලා මොහොතක් තම ආදරණීය බිරිද දෙස බලා උන්නා……තම හීනවලට පණ දෙන මේ සුන්දර ගැහැණිය පිළිබදව සෝනූගේ හිතේ තියේන්නේ අප්‍රමාණ ආදරයක් වාගේම ගෞරවයක්….

සෝනු හිමීට චිනූගේ රෑ ඇදුම ටිකක් මෑත් කරලා කුස පෙදෙස ටිකාක් නිරුවත් කරන් තම දෙතොල සියුම්ව ඒ කුස මතින් තිබ්බා…..තවමත් සති තුනක පමණ කලලයක් වන චිනූගේ කුසෙහි වෙනසක්නම් පෙනුනේ නැහැ…නමුත් සෝනු ඒ ලේ කැටියට තමා දැනෙතැයි සිතුවා…

නිසැක වශයෙන්ම කලලයක සිටින දරුවා බහිර දේවල් විදගනී……ඒනිසා ඒ ආදරය කරුණාව දයාබරත්වය දරුවාට දැනෙනු නියතයි…

සෝනු මෘදුව තම දෙතොලින් ඒ නිරුවත් කුස කිහිප පොලක්ම සිපගත්තේ චිනූගේ දෑස් මත දෑස් රන්දාගෙනම….

“මේකේ ඉන්නේ චූටි මෑන් කෙනෙක්ද?නැත්තත් ප්‍රින්සස් කෙනෙක්ද දන්නේ නෑ නේද බබා….”

කොල්ලා අහන්නේ කුසට දෙතොල් තබාගෙනම චිනූ දිහා බලන්….

“දන්නේ නෑ …..ඔයා ආද කාටද?”

“ම්….කවුරු උනත් අපේනේ…..ඒත් මුලින් ඔයා වගේ බටු ඇටයක් චෝයි නේ……”

කොල්ලා කිවු එකට කෙල්ලට හිනා….

“අනේඑ ඉතින් බටුවෙන එකක් නෑ තාත්ති පුවක් ගහක්නේ….”

“පළ ගෙම්බී….”

මේසේ පවසමින් සෝනු තව්ත් වරක් කුස සිපගෙන ඉස්සී අවේ චිනූ හා සමාන්තරව….

චිනූගේ ළගටම ළං උනූ සෝනු කෙල්ල ගේ මුහුණට උඩින් එබී ඒ දෙතොල් මත විනාඩි කිහිපයක උනුසුම් හාදුවක් සටහන් කළා….

පසුව පසුපසින් කෙල්ලව තම පපුවට තුරුල් කරගත් සෝනූ නිදාගත්තේ කෙල්ලගේ හිසද සිප ගානිමින්….

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

දින සති මාස කෙමෙන් කෙමෙන් ගෙවී ගියේ චිනූගේ කුස මෝරමින්….

මේ වන විට චිනූගේ කුසට මාස 5ක් පමණ වන්නීය…
කුස ඉදිරියට නෙරා තිබූ නිසා කෙල්ල ඇවිද්දේ මදක් අපහසුවෙන්….

“බබා…..ඔයාට දැන් ටිකාක් අමාරුනිසා අපි පහළ රූම් එකක් ඇරේන්ජ් කරගමු නේද?”

“ඒක හොදයි අයියේ…..”

සෝනු චිනූගේ පහසුව තකා තාවකාලිකව පහල කාමරයක් ඔවුන් වෙනුවෙන් සූදානම් කරගත්තා……

සෝනුගේ සහෝදරිය විවාහයෙන් පසු උන්නේ විදේශයක් පදිංචි වී නිසා ඔවුන් ද පැමිණ මෑතක චිනුව බලා ගියේ නැවත දරුවා ලැබුන පසු එන බව පවසායි……

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

“අයියේ අපි පන්සල් යන්ද අද…ටික දවසකින් යන්නත් බැරි උනානේ….”

“හ්ම්….යමු මැනික තව ටිකකින් ලෑස්තිවෙන්නකෝ….”

චිනූ හොදින් පිරිසිදුවෙලා සුදුම සුදුපාට දිග ගවුමක් ඇදගත්තා පන්සල් යන්නට….සුදට සුදේ ඇදන් එන කෙල්ල දිහා සෝනූ බලන් හිටියේ පුදුම ආදරේකින්….

වෙනදාට වඩා කෙල්ලගේ ඇගපත විතරක් නෙවෙයි මූන කට පවා පිරිපුන් වෙලා තිබ්බා….ඒ නිසාම ඇගෙන් හුරතලේට එහා ගිය අමුතූ ශාන්ත ගැහැනුකමක් කොල්ලා දක්කා…..

තමාගේ ලෙයට උපත දෙන්නට කැපකිරීම් කරන මේ කෙල්ල ගැන කොල්ලට දැනෙන්නේ පුදුමයක්……..පෙර කාලේ තමාට වෛරකෙරූ ඈ අද පන මෙන් ඒ ලෙය රකින්නට දරණ මේ වෙහෙස……වෙනස්වන රුව ගැන පවා නොසිතා තම කලලයේ පහසුව ගැනම සිතන ඈ කෙතරම් යහපත් මවක් වේදැයි සෝනුට හිතුනා….

මවක් විත් එයට නිගරු කරන….තම රූපය ගැන සිතමින් මවක් වීම මගහරින ගැහැනුන් අතරේ තමා මෙවන් කෙල්ලක ලැබුවේ වාසනාවට කියලයි කොල්ලාට හැම මොහොතකම සිතෙන්නේ…..

කෙල්ල ටිකක් අපහසුවෙන් තමා දෙසට ඇවිදන් එද්දී කොල්ලා ඈ ළගට ගිහින් ඇගේ අතින් අල්ලාගත්තා…

“යන් බබා…..”

“ම්….යමු….”

දෙන්නත් එක්කම වාහනෙන් ආවේ බෙල්ලන්විල පන්සලට….

පන්සල් බූමියේ තිබූ නිස්කලන්ක බව දෙන්නගේම හිත පුදුම තරම් ශාන්ත කළා….හිතේ හැටියට වැදගත්ත යුවල එන්න පිටත් උනා……

“අයියේ…….අපි නෙලුම් කොලේ කඩෙන් කාලා යන්කෝ…..”

කෙල්ල කීයද්දී කොල්ලට ආස හිතුනා…කෙල්ල කලින් ඉදන්ම ඒ ගැමි තාලෙට හදපු ඒ කඩේ කෑම ප්‍රිය කලා …..නමුත් ගැබ් ගත්පසු ඈ මේ එහි යාමුයි කීවේ ප්‍රතම වතාවටයි….

“අම්මෝ…යමුකො මැනික…..”

කොලලා චිනූවත් එක්කන් ගියේ ඈ මේ ආසා කරන කෑම කඩයටයි….

එහිදී දෙන්නත් එක්කම ආහාරත් අරගෙනමයි ගෙදර යන්න පිටත් උනේ………

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි

🌸ඉතින් බලනවා ඇති මේ ඉවර කරනවා කියලා මොකද්ද මේ මතු සම්බන්දේ කියලා නේද? අනේ ඉතිම් ගොඩාක් අය ඉන්බොක්ස් ඇවිත් කීවා කතාව තව ටිකාක් දිගට ලියන්න කියලා …..ඉතින් ඒ නිසාම තව කොටස් දෙක තුනක් ලියන්න හිතුවා…කියන්න එහෙම කමක් නෑද?අදහස් මත තීරනය කරනවා වැඩි දෙනාගේ කැමැත්තට….🌸

Leave a Reply

Your email address will not be published. Required fields are marked *