31

~~~සමනළ වසන්තය ~~~
31 කොටස
දවස් ගෙවිලා යද්දී සුපුරුදු ජිවිතයට හුරු උනත් අප්පච්චිගේ මතකය සැරින් සැරේ අපේ හිත්වලට දුකක් ගෙනාවේ … අම්මා අපි ඉස්සරහා දුකින් හිටියේ නැතිවුනාට එයා ගොඩක් දුකින් ඉන්නේ කියලා අපි දැනගෙන හිටියා …. දරුවෝ වෙනුවෙන් මේ තරම් උහුලන ගැහැනියක් මම දැක්කා නම් ඒ මගේ අම්මා තමා ….. එයාගේ දුක හංගාගෙන එයා අපි වෙනුවෙන් හිනාවුනා …
‘හිරූ කෑම කන්න ළමයෝ බලන්න ඔයාගේ ඇටත් පෑදිලා …’ අම්මා මාව ලගට අරන් බත් ගුලි හදලා කවද්දී මම වෙනදා වගේ පැනලා යන්නේ නැතිව කෑම කෑවා …
‘දැන් මගේ හිරූ කෙල්ල හොද ළමයෙක් වෙලා…..’ මම බත් ටික බෑ නොකියා කද්දි අම්මා එහෙම කිව්වේ ඇස් දෙකේ කදුළු නලියද්දීමයි …
‘ඔන්න ඔන්න අඩන්න ගත්තා .. ඔයත් සදු වගේ වෙලා දැන් ….මම ආස නැහැ මගේ අම්මා පුංචි පුංචි දේවල් වලට අඩනවාට …’ අම්මාගේ ඇස් වලින් වැටුන කදුලක් මම ඇගිල්ලකින් පිහලා දැම්මා
ඊට පස්සේ අම්මා මොකුත්ම කතා කරන්නේ නැතිව ගොඩක් වෙලා යනකන් මාව තුරුළු කරගෙන හිටියේ …. ඇස් පියාගෙන අම්මාගේ උණුහුමේ ගුලි ගැහිලා හිටිය මම එයාගෙන් ඈත්වුනේ කවුරු හරි ගෙට ගොඩ වෙනවා ඇහිලයි …. නිදුකයියා අපේ ගෙදර ඇවිත් …..
‘ පුංචි අම්මේ …’ නිදුකයියා අපේ ගෙදරට ගොඩ උනේ ලොකු බෑග් එකකුත් උස්සගෙනමයි …
‘පුතා මේ හදිස්සියේ ….’
‘මම ටික දවසක් මෙහෙ නවතිනවා පුංචි අම්මේ …’
‘පුතා එක්සෑම් අස්සේ මෙහෙ ඇවිල්ලා පාඩම් වැඩ කරන්නත් නැහැ නේද …’
නිදුකයියා එක්සෑම් කට උඩ තියාගෙන අපේ ගෙදර නවතිද්දී අම්මා හිල්ලුවා දුකටම …
‘මම පාඩම් කරනවා … පුංචි අම්මා බයවෙන්න එපා .. ’ නිදුකයියා එයා ගත්ත තීරණය නම් වෙනස් කරන පාටක් නැහැ ..
‘අනේ මන්දා පුතා මගේ හිතේ නම් කැමැත්තක් නැහැ ඔයා ඉගෙනීමේ වැඩ පාඩු කරගෙන මෙහෙ ඉදලා අපිට තනි රකිනවාට …. ‘’ අම්මා හිතේ අකැමැත්තෙන් හරි නිදුකයීයාට අපේ ගෙදර නවතින්න පර්මිෂන් දුන්නා
පිරිමියෙක් නැති ගෙදර නිදුකයියා නැවතුන එක අම්මාගේ හිතට ලොකු ශක්තියක් උනත් මට නම් එයා දකින එක හිතට වදයක් උනා … මම කලේ පුළුවන් හැමවෙලේම එයාව මග ඇරලා ඉන්න එක ….
‘හිරූ …. හිරූ …’
මෙයාගේ කටේ තියෙන්නේ හිරූ හිරූ හිරූ … වදයක් වෙන්න මොනවට එනවාද මන්දා මාවම හොයාගෙන …. අයි කිල් යූ අයියා …
‘අයියා හිරූව ද හොයන්නේ …’ මම හිනාවක් මවාගෙන නිදුකයියා දිහාවට හැරුනා ….හරිම සංවර විදිහට
‘ආ ..සදූද …මම හිතුවේ හිරූ කියලා … මේ කෙල්ල කොහේ ගියාද මන්දා .. ’ නිදුකයියා මිදුල පුරා බැලුවේ මාව හොයන්න කියලා හිතෙද්දි හිනා යන්න ආවත් මම අමාරුවෙන් හිනාව නවත්තා ගත්තා ..
‘ ඔව් බලන්නකෝ මේයා කොහෙද නැහැ නේ …මමත් මේ ගොඩක් වෙලා එයාව හෙව්වා …’ මම එහෙම කියද්දී බලාගෙන ඉද්දීම එයාගේ මුහුණට අදුරක් ආවා
‘හිරූට එක තැනක ඉන්න බැහැනේ අයියා … මට තේරිලා ඉන්නේ මේ ලගකදී ඉදලා එයාගේ පිස්සුව වැඩිවෙලා කියලා …. මොකක් හරි හොරයක් තියෙනවා කියලා මට ෂුවර් … පොඩ්ඩක් හොයලා බැලුවා නම් හොදයි …’ මම ඇස් යටින් නිදුකයියා දිහා බලද්දී එයාගේ මුහුණ වෙව්ලුවා
‘ඔයාට පිස්සු …හිරූ මොන පිස්සුව නැටුවත් මට විශ්වාසයි එයා ඔය එක එක විකාර ඔළුවට දාගන්නේ නැහැ කියලා …’ ලොකු විශ්වාසෙකින් එහෙම කියපු නිදුකයියා මගේ දිහා බැලුවේ පුච්චලා අළුකරලා දාන්න පුළුවන් බැල්මකින් …..
‘ඔයාට විශ්වාස නැත්තම් මම මොනවා කරන්නද …. මම කිව්වේ ඇත්ත ’
‘සදූ ප්ලීස් හිරූ ගැන එක එක කතා කියන්න එපා … කිසිම දෙයක් හරියට හොයලා බලන්නේ නැතිව .එයා ඔයාගේ සහෝදරි නේද …’ ආවේගයෙන් වගේ එහෙම කියපු නිදුකයියා ගේ දිහාවට ඇවිදගෙන ගියේ තවත් මොකුත්ම අහන්න කැමති නැතිව වගේ …..
පව් කියලත් හිතෙනවා අප්පා …සොරි අයියා ….ඔය මං ගැන හීන මවනවාට කැමති නැති නිසායි මෙහෙම දෙයක් කලේ මම ……
එදා හවස් වරුවම නිදුකයියා කාමරය ඇතුලට වෙලාම හිටියේ එයා මොනවා කිව්වත් ලොකු කලකිරීමකින් වෙන්න ඕන …
******
‘හිරූ …. මම හෙට ඉදලා ස්කුල් යන්නේ නැහැ ..’ දිනිත අයියා බස් එකේදී එහෙම කිව්වම මම ගැස්සිලා එයා දිහා බැලුවේ ඒ මොකද කියලා දැනගන්න තිබ්බ හදිස්සියටයි ….
‘ඇයි ඒ ..’
‘එක්සෑම් ලග නිසා පාඩම් කරනවා ….’
‘ඔයා නැතිවුනාම මට තමා පාළු.. ඒ උනාට ඔයා පාඩම් කරන නිසා මම ඔයාට මාව බලන්න එන්න කියලා බල කරන්නේ නැහැ ….’
‘මම පුළුවන් හැමවෙලේම එන්නම් ඔයාව බලලා යන්න …’ දිනිත එහෙම කියලා මගේ අත උඩින් එයාගේ අත තියලා තදකරා
‘මම ඔයා එනකන් හැමදාම බලාගෙන ඉන්නවා …’ මම එහෙම කියද්දී දිනිත ඇස් දෙකේ ආදරේ පුරෝගෙන බලාගෙන හිටියා …
නුගේගොඩ ටවුන් එකේදී බස් එකෙන් බැහැලා දිනිත දිහා බලද්දී එයා අර හිනාවෙන්ම මගේ දිහා බලාගෙන ඉන්නවා …
ස්කුල් බස් එක මාව පාස් කරගෙන වේගෙන් ඉගිල්ලුනාම මම ස්කුල් එක පැත්තට යන්න හැරුනා ..
‘ඒයි කෙල්ලේ …’ අඩිදෙක තුනක් යන්න කලින් එහෙම කියාගෙන මගේ ඉස්සරහාට ආවේ හැඩි දැඩි මිනිහෙක්
‘කාටද කතා කරේ …’
‘තමුන්ට තමා …’
‘මට …’
‘ඔව් ….තමුන් අදම අපේ ලොක්කාගේ පුතා එක්ක තියෙන සම්බන්ධෙ නවත්තන්න ඕන … එහෙම නැතිවුනොත් තත්වය ගොඩක් බරපතල වෙයි …’ මිනිහා එහෙම කිව්වේ තර්ජනයක් විදිහට ..
‘ මගේ එහෙම සම්බන්ධයක් නැහැ …..’ මට ඕන උනේ එතැනින් පැනලා දුවන්න
‘ඒක වෙන්න ඇති අනුප පොඩි මහත්තයා එක්ක බස් හෝල්ට් ගානෙයි පාරවල් ගානෙයි ලගින්නේ …කරුණාකරලා මේ දේවල් නවත්තන්න … එහෙම නැති උනොත් තමුන් කරන දේවල් වලට මුළු සනුහරෙටම වන්දි ගෙවන්න වෙයි …’ මිනිහා එහෙම කියලා උගුර යටින් ගුගුරද්දී තමා මට දවල් තරු පේන්න ගත්තේ … මිනිහා මේ මාව අල්ලාගෙන තර්ජනය කරන්න සදු කියලා හිතාගෙන වෙන්න ඕන …
‘මතක තියාගන්න මිස් අපේ ලොක්කා පිං පව් හිතන මිනිහෙක් නම් නෙවෙයි කියලා ..’ මිනිහා තර්ජනය කරලා එතැනින් යන්න ගියා …
මේ මොන හෙන ගෙඩියක්ද පාත්වුණේ …. අප්පච්චි නැති අතරේ මේ මැරයෝ අපේ ගෙදරට ඇවිත් කරදර කරන්න ගත්තොත් නම් වසලා හමාරයි …මගේ මුළු ඇගම පණනැතිව වගේ ගියත් මම අමාරුවෙන් ඉස්සරහට ඇවිදගෙන ගියා ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *