31

##නිම්හිම් සේයා##
31
හිතට පුන්චි බයකුත් නොදැනෙනවා නෙමෙයි..ඒත් මන් කලෙ මගෙ ආදරෙ වෙනුවෙන් හැමදේම..අනික නිදැල්ලෙ ඉන්න අපරාදකාරයෙක්ගෙ රහස් හෙලිකීරීමක් කොටින්ම කීවොත් පොලිසියෙන් කරන්න ඕන දේ මන් කලා…
ඒත් එක්කම මෙච්චර කල් ලෝකෙට වහන් කරන් උන්නු දෙනෙත් සේයගේ ආදරෙ ටීවී,,පත්තර අන්තර්ජාලේ පුරා ප්‍ර්සිද්ද උනා..වැඩට ගියාම කට්ටියගෙන් බේරිල්ලක් නෑ ..බොස්ටත් පුදුමයි…ඒත් එක්කෙනෙක් එදායින් පස්සෙ මා එක්ක එච්චර නෑ..
අද රෑට තියෙන චැට් ශෝ එකේ ශූටින් ඉවර කරලා මන් ගියා ඩබලගෙ රූම් එකට..වෙනදට මාව දැක්කම සතුටින් උඩ පනින ඒ ඇස් මාව මග අරිනවා…
මන් ඩබලා ගාවටම ගිහින් පුටුවක් ඇදන් පුටුවෙ ඇන්ද ඩබලගෙ පැත්තට හිටින්න හරවන් ඒ පුටුවෙ කකුල් දෙපැත්තට දාන් ඉදගත්තා….
නේතක…
පලවෙනි පාරට මගෙ කටින් ඩබලගෙ නම කියැවුනු හින්දද කොහිද ඩබලා මූන උස්සලා බැලුවා…
ඇයි නේතක මන් එක්ක තරහින්..
තරහක් නෑ…ඒත් දුකයි..
ඇයි ඒ..මන් ඔයාට වරදක් කලාද…
නෑ හ්ම්ම්..මෙච්චර ලගින් ඉදලා කිවේ නෑ මට..
මොනාද
ඩීඑන් එස් ගැන..ඇයි හැන්ගුවෙ මන් ඉරිසියා කරයි කියලද සල්ලි වලට…
මේ අහන්න නේතක එයාගෙයි මගෙයි ආදරෙ සල්ලි තියෙද්දි ඇති වුනු දෙයක් නෙමී අනික ඔය නඩුව නිසාමයි කිසිම කෙනෙක්ට ඇගෙව්වෙ වත් නැත්තෙ…සොරි …
හ්ම්ම් සොරි තමයි එට්ක කීවම ඔක්කොම හරි..
ේ ඉතින්
කෝ කෝ හිනාවෙන්න..
බෑ බෑ බෑමයි
ෝ කෝ ඩබ ඩබි හිනා වෙන්න ෆිට් එකක් දාන්න…කෝ කෝ…
මන් ඇස් දෙකේම කලු බෝල දෙක නහයෙ මැද බලන විදියට බලලා ඩබලාව බයකලා…
නපුරී..දුශ්ට සේයා…
අම්මෙ ඇති යන්තම් මගෙ ෆිට් එක යාලූ උනා..
ඒත් එක්කම පෝන් එකට කෝල් එකක්…

හරි ඇත්තද හා එනවා…

කතා කලේ හොස්පිට්ල් එකෙන්..ආච්චම්මට අමාරුයි කියලා…ඩබලට විස්තරෙ කියලම මන් ඉක්මනට එලියට ආවා..ඇයි ලග හොස්පිට්ල් එක තියෙද්දි ආච්චම්ම රාගම ලීසන්ස් එකටම ගෙනිච්චෙ..අනෙ මන්දා ගෙදර අයට මොනා වෙලාද කියලා ..කියන්න බැරිද හොස්පිට්ල් එකෙන් කතා කරන කම්ම ඉන්න ඕනීද ඇයි වදේ..හ්ම්ම්..බයික් එක පුලුවන් උපරිමෙන් ඵැදන් ආවා..අතුරු පාරකින් දාගෙනම..ඒ පාර ආයෙමත් පෝන් එක රින්ග් වෙනවා…

චුට්ටක් බයික් එක නවත්තලා කෝල් එකට ආන්ස කලා.දෙනෙත් අයියා

මැනික කොහෙද ඔයා…

අයියා අපේ ආච්චම්මට අමාරුයිලූ..කතාකර කර ඉන්න බෑ මන් යනවා…තියන්නම්..සාදූ

මො…

දෙනෙත් අයියා දෙයක් කියන්න කලින්ම මන් පෝන් එක කට් කලා..ආදරේ කර කර ඉන්න වෙලාවක්ද අනේ මේක…ආච්චම්මට අනෙ මොකද දන්නෙ නෑ නෑ..

මේ අතුරු පාරවල් වල එච්චර වාහන නැති නිසා හොදයි..හ්ම්ම් ඉක්මනට ගියෑකී..

දැන් මන් කී සැරයක් නම් හෝන් කලාද ඉස්සරහින් යන කලු පාඩෝ එක ඉඩ දෙන්නෙත් නෑ යන්න…පිටිපස්සෙන් එන බයික් දෙක ඉස්සරහ කරන්නෙත් නෑ මාව..මොන පිස්සො ටිකක්ද මන්දා…

මේ පෝන් එකට නම් අද පිස්සුම හැදිලා කෝල්ම එනවා වදේ..ආච්චම්මට මොනා හරි දන්නෙ නෑ ඒ හින්දා ආන්ස නොකරත් බෑ…

ආයෙමත් බයික් එක අයින් කරලා නැවත්තුවා..ඉස්සරහින් ගිය ප්‍රාඩෝ එකත් ඒත් එක්කම නැවත්තුවා…

හෙලෝ..

ආ ටීවී කිරිල්ලි..කොහේ මගෙ සුදු සුවිටි යන්නෙ…

ශික් මල වදේ මිහිරාන් මට අමතක උනානේ මිහිරාන්ව බ්ලැක්ලිස්ට් දාන්න…පෝන් එක කට් කරලා බයික් එක ස්ටාට් කරන්න හැදුවා විතරයි දෙන්නෙක් මගෙ ඉස්සරහ හිටන් ඉන්නවා…

අහ් කුක්කි..කොහෙ යන්නෙ ආච්චම්ම බලන්න්ද ම්ම්..

අපිත් එන්නද..ආ සුදු…මචන් උඹ නැගහන් පිටිපස්සෙන්..කෙල්ලෙක් පදින බයික් එකක පිටිපස්ස නියමයි බන්..නියම ෆන් එක…

මන් කට ඇබුල් කරලා දෙන්නටම එරෙව්වා..හිටන් ඉන්න විදියට බයික් එක ඉස්සරහට ගන්නත් බෑ පිටිපස්සට ගන්නත් බෑ..යටි තොල් දත් වලින් හපාගෙන මන් උන් දෙන්නට එරෙව්වා …බයික් එක රේස් කලා…

එකෙක් බයික් එකෙ හැන්ඩ්ල් එක අල්ලන් ඉද්දි අනිකා යතුර ඇදලා ගත්තා…

දැන් නම් හිතට කේන්තීයී ඒ වගේම බයයි..මන් ආච්චම්ම බලන්න යන බව මුන් දන්නෙ කොහොමද ..ශි බලන බැලිල්ල …උන් දෙන්නගෙ වියරු හිනාව හිතේ තිගැස්ම තව තව වැඩි කලා…

උඹලා ඕකීව පොටෝ ගන්නවද කවුරු හරි එන්න කලින් උස්සගනින් ..ඉක්මනට ..

පාඩෝ එකෙන් බැහපු කෙනෙක් කෑ ගැහුවා…ඒ ඒ දෙයියනේ මිහිරාන්න්න්න්….

මම…

මේ වෙලේ මාව ගිරේට අහු උනු පුවක් ගෙඩිය වගෙ මොකද කරන්නෙ මම් මොකද කරන්නෙ..ශිට් ඇයි මන් ගෙදරට කෝල් නොකලෙ ශිට් ශිට් …පෝන් එක රින්ග්ස් යනවා ආයෙත්ම ..මේ යක්කු තුන් දෙනාට මන් හිර වෙලා…පෝන් එකෙ රින්ග්ස් යනවා මිහිරාන්ට ඇහුනා..මගෙන් පෝන් එක උදුරුගත්ත මිහිරාන් කෝල් එකට ආන්ස කලා..

හහ්..ඔව් උබේ ටීවී කිරිල්ලි මන් ලග..වරෙන් අරන් යන්න..මෙච්චර කල් හොදින්නෙ මේකිට සැලකුවෙ අද ඉදන් ඊටත් වඩා හොදට සලකන්නම්..ටටා බායි…

මගෙ පෝන් එක සාක්කුවෙ ඔබා ගත්තු මිහිරාන්..වියරු හිනාවක් දැම්මා..අනෙ බයයි ඇත්තටම බයයි…

වරෙන් යන්න…

මිහිරාන් මාව ඇදන් පාඩෝ එක ගාවට ගියා එකෙක් පස්සෙන් එද්දි අනිත් එකා බයික් එක ලග නැවතුනා…

අපියි ඒ කොල්ලායි අතර පරතරය අඩි පහක් විතර ඇති කරන දෙයක් දැන් කරනවා මිසක් පහු උනොත් මොනාවත් කරගන්න නම් වෙන්නෙ නෑ…මොකද්ද මොකද්ද මන් කරන්නෙ..පුලුවන් තරම් වීරීය දාලා අත ගලෝගන්න උත්සහා කලත් ඒ හැඩි දැඩි පිරිමි අත් වලින් මේ සේයා කොහොම නම් බේරෙන්නද

මගෙ හිත කෑගහනවා සේයෝ කරපන් කරපන් මොනා හරිම කියලා …ඒත් මොනාද මන් කරන්නෙ ..අනෙ මොනා හරිම මතක් වෙන්න…හින්දි ෆිල්ම් වල වගෙ මේ වෙලාවෙ ශෝ එකේ කොල්ලා මාව බේරගන්න එන්නෙ නැති බව දන්නවා..අනෙ සේයෝ ඔයාටමයි මොනාහරිම කරන්න වෙන්නෙ…මේ දුස්ට මිහිරාන් මට මොනා කරන්න හිතන් ගෙනන් යනවද අනෙ මිහිරාන්මයි දන්නෙ…

වාහනෙ දොර අරිද්දි මිහිරාන්ගෙ අත ලිහිල් වෙන බව දැනුනා…මම් පුලුවන් උපරිම ශක්තිය දාලා මිහිරාන්ගේ අත හැපුවා…පාර හිටින්නම…මස් කෑල්ලක් කැඩුනත් කමක් නෑ ..මේ මිනිහගෙන් කෝම හරි බේරෙන්න ඕනී…

රතු වෙච්චි අත අනිත් අතින් අල්ල ගත්තු මිහිරාන් කෑ ගැහුව හැටි තාමත් කන ගාවින් දෝන්කාර දෙනවා වගෙ…

කකුල් දෙකට පින් දීලා පුලුවන් උපරිම හයියෙන් පිටිපස්ස හැරි හැරි දුවන් ආවා ප්දාන පාරට…මේ වෙලේ ඔලිම්පික් කමිටුවෙන් ආවනම් මට ගෝල්ඩ් මෙඩ්ල් එකක් දෙනවා අම්මපා…

පාරට ඇවිත් ඉක්මනට මන් බස් එකකට නැග්ගා…කොහේ යන එකක්ද දන්නෙ නැ ඒත් නැග්ගා..පපුව වේගෙන් ගැහෙනවා…දුවන් ආව වේගේට..හිතේ බයට..කන්ඩක්ට දෙතුන් පාර සල්ලි ඉල්ලුවත් කල්පනාවක් නොවුනෙ මන් හිටිය විදිය නිසා..දැන් දැන් කෝල් එකක් දෙන්න ඕනී..ඔව් දෙනෙත් අයියට ඒත් කොහොමද …කොන්ඩෙත් අවුල් වෙච්ච පිස්සියෙක් වගෙ උන්නු මන්..බස් එකට නගින බහින සීයක් නෙත් මට හිනා වෙනවා වගෙ දැනෙනවා…ඒත් මන් බේරුනු බේරිල්ල දෙයියනෙ…

මගෙ ඉස්සරහ ශීට් එකෙ ඉදන් උන්නෙ කොල්ලෙක්..ඒ කොල්ලා පෝන් එකක් අතේ තියන් ගේම් ගහනවා..ඉක්මනට හිටගෙන පෝන් එක උදුර ගත්තා…

හෙලෝ අයියෙ..

සේයා සේයා ඔයාද මේ

ඔව් ඔව් අයියෙ අ

මොකද උනෙ සේයා කොහෙද ඉන්නෙ මේ..

අනෙ ප්ශ්න පස්සෙ අයියෙ ඉක්මනට..

ඔව් ඉක්මනට මොකක්ද..

ජනේලෙන් ඔලුව දාලා පාර බැලුවා..වත්තල කැන්ඩි එක පහු කෙරුවා විතරයි…

අයියා අහන්න පෑලියගොඩ පාලම ගාවට ප්ලීස් විනාඩි පහෙන් එන්න ඔයාට බැරිනම් ශේන් අයිය හරි අනෙ ප්ලීස්..

ඔයා දැන් කොහෙද නන්ගි..කියන්න

වත්තල කැන්ඩි

පෝන් එකේ අයිතිකාරයා මගෙ අතින් අදිනවා…මන් පුලුවන් තරම් ඈත් වෙලා දෙනෙත් අයියට උත්තර දුන්නා..බස් එකෙ සෙනග මා දිහා කන්න වගෙ බලන් ඉන්නවා…

සොරි මල්ලි හදිස්සියක්..ප්ලීස් වරදවා හිතන්න එපා..ආ මෙන්න පෝන් එක තැන්ක් යූ..

අක්කි ඔයා සේයා නිම්නාදී නේද

ම් ඔව්..

මම් පසන්..ආසයි ඔයාට..මන් ඇත්තටම බය උනා පෝන් එක උදුරගත්තම..හිතුවෙ එක්කො හොරෙක් පිස්සියෙක් කියලා…

ම්ම් නෑ පොඩි කරදරයක් උනස්..

මොකක්ද අක්කි උදව්වක් ඕනීද….

ම්ම් නැස් මන් බලෙන්ම ඔයාගෙන් උදව් ගත්තනි..අහ් පුලුවන්නම් මගෙ බස් ගාස්තුව ගෙවන්න මන් ඉස්සරහින් බහිනවා…

හරි අක්කි..

ඒ මල්ලිට අතට අත දීගෙනම මන් බස් එකෙන් බැස්සා…

බහින කොටම දෙනෙත් අයියා ඉස්සරහට ආවා..දැනුයි ඇත්තටම ලේ ටිකක් ඉනුවෙ..හදවතේ ගැස්ම සාමන්‍ය විදියට වැටුනෙ…

අයියා

සේයා මැනික කරදරයක් නැ නේද

නෑ

මොකෝ උනෙ

කියන්නම්..අනෙ තිබහයි මොනා හරි බොමු කොයි හරි නවත්තලා…

දෙනෙත් අයියා හොද නිස්කලංක තැනක වාහනෙ නතර කලා..මගෙ පෙනුමෙ හැටියට ශොප් එකක් ඇතුලට ගිහින් ඉදන් බොන්න බෑ පිස්සියක් වගෙ…

ගෙනත් දුන්නු ඔරේන්ජ් ජූස් එක එක හුස්මකට බීව මන් හති ඇරියා…සීට් එකේ හේත්තු වීගෙනම…

මන් දිහා ආදරෙන් අනුකම්පාවෙන් බලන් ඉන්න ඒ ඇස් හිතට ගෙනාවෙ සැනසීමක්…

අයියේ

මැනික…

දෙනෙත් අයියගෙ පපුවට තුරුල් වෙලා හිතෙ තිබ්බ බය ගතිය ඇර ගත්තා..එයා මගේ හිසකේ අතර මුදුවට ඇගිලි යැව්වා..

නන්ගි කියන්න සිද්ද උනු දේවල් ..

හ්ම්ම් කියන්නම්..

කෝල් එක ආව තැන ඉදන් බස් එකෙන් බැස්ස තැන වෙනකම් අකුරක් නෑර කීවා…හැමදෙයක්ම හොදින් අහන් උන්නු දෙනෙත් අයියා ඉස්සෙල්ලම කලෙ ලොකු ටොක්කක් ඇන්න එක…

ආව්…

මෝඩී මොකෙක් හරි කෝල් කරපු පලියට ඔහොම් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දුවනවද ආ

ඒත් අනෙ ආච්චම්ම

ආච්චම්ම තමයි අද මොනා හරි උනා නම්..මම් ඉදල මොකටද…ඔයා හිතනවද ඌ ඔයාව නිකම් අතාරි කියලා මගෙ මේ රෝස මල හප කරලම දාවි..හැබයි ආයෙ එහෙම වෙන්න මන් ඉඩ තියන්නෙ ණෑ..අදින් පස්සෙ ගෙදරින් එලියට බැහීම තහනම්..නඩුව ඉවර වෙනකම් ගෙදර ඊට පස්සෙ මන් ඔයා මා ගාවට ගන්නවා..ඔක්කොටම කලින් යන් පොලිස් ස්ටේශන් එකට..ඇන්ට්‍ර්‍යී එකක් දාමූ…තව අර කෝල් එක ගත්තු මල්ලිව ගෙනල්ලා තෑන්ක්ස් කරමු.

හ්ම්ම්

මහන්සි නේද චූටි කකුල් වලට…මගෙ සුසන්තිකා ඔයා…දෙයියො මා එක්ක ඉන්නවා..නැත්තම් අද මන් මගෙ මැනිකව හොයාගන්නෙ කෝමද…

මම් ශීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා..එකින් එක මතක් වෙනවා…

මිහිරාන් හයියෙන් කෑ ගහද්දි පිටිපස්සෙන් ආව කොල්ලා මාව ඇල්ලුවා..වෙලාවට ඌට අහු උනෙ මගෙ බෑග් එක..මන් බැග් එක කරෙන් ගලෝලා කකුල් වලට උපරිම හයිය දීලා දුවන් ආවා..ලග ලගම අරුන් දෙන්නගෙ අඩි සද්දෙ එනවා..මිහිරාන් පාඩෝ එකෙන්ම ෆලෝ කලා..මාව අහුවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ලග ලග එන කෝච්චිය නොබලම මම් කෝච්චි පාරෙන් මේ පැත්තට පැන්නා..මගෙ වෙලාවට කෝච්චි දෙකක් ගියෙ..ඒ විනාඩි පහ මගෙ ජීවීතේ බේරපු හැටි…

අම්මො ඔයින් ගියා ඇති….

(මතු සම්බන්දයි )
කට්ටිය මට බනින්න නේද උන්නෙ ආ….දැන් ඔන්න බනින්නෝ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *