31

~~~යශෝධරා ~~~
31 කොටස
මම යහනෙන් බිමට පැන කාමරයෙන් පිටතට දිව යෑමට සැරසුනෙමි …… එහෙත් ඊට ඉඩක් නොවුනි … රාක්ෂයා මා ග්‍රහණය කරගත්තේ සෙලව්මටදු නොහැකියාකාරයෙනි ..
‘යකෙක් …යකෙක් .. ’
වචන මුව තුලම බිදී ගියේ රාක්ෂයාගේ රළු අත මගේ මුව මත නතරවූ නිසාවෙනි …… ඊලග නිමේෂයේදී යක්ෂයා මා හපයක් කරනු ඇතැයි බියෙන් මම දෑස් තදින් පියා ගත්තෙමි … සිදුවන්නක් සිදු උනාවේ ඒ මොහොතේ මා සිතුවේ එලෙසිනි ….විනාඩි ගානක් ගෙවී ගියේය …. එහෙත් රාක්ෂයාගෙන් මට අනතුරක් නැත … ඔහුගේ සුසුම් උණුසුම්ය … සිත තුල ඇතිවූ ක්ෂණික සිතුවිල්ලක් නිසාවෙන් මා හනික දෑස් විවර කලෙමි …. අදහන්න නැවතී තිබු හුස්ම පහළට වැටුනේ සිනාසෙමින් උන් තාරුක දැකය … වෙස් මුහුණ ගලවා පසෙකට කර උන් ඔහුගේ මුහුණ අදුරේ උව පැහැදිලිව දර්ශනය වෙද්දී හිතට ආවේ කෝපයකි ….
‘පිස්සු හැදීගෙන එනවාද …දන්නවාද මම කොච්චර බය උනාද කියලා …’ ඔහුගේ රළු අත්වල පහසින් ගැලවීමට මා දැගලුවත් පලක් නොවිය ……
‘හි හි …. ඉස්සරලා කිව්වේ මම නම් යකෙක්ටවත් බය නැහැ කියලා ..දැන් කොහොමද බයවුණ හැටි …මම හිතුවේ හුස්ම හිරවෙලා මැරෙයි කියලා ..’ ඔහු මදක් හඩ නගා සිනාසෙන්න විය ….
‘මේ මාව අතාරිනවාද …. මගුල …මෙතන එනවා මාව බයකරන්න …’ මම මුහුණ පුළුටු කරගෙන ඔහුගෙන් මිදීමට දැගලුවේමි ..
‘අපෝ වැඩේමයි මේ කටු බොඩි එක උස්සාගෙන ඉන්න …පිස්සු නැත්තම් ශෝක් කීවාලු …’ එක්වරම ඔහු මා අත අරිද්දි මම නතරවුණේ ටයිල් පොළොව මතටය …
‘ඌයියා ….කොන්දම ඇනුනා ….කෙරුවොත් කරන්නේ මෝඩ වැඩක්මනේ …’ කෝපය නිසාවෙන් මුහුණේ ලේ රත්ව්ගෙන එද්දී මා ඔහු දෙසට හෙළුවේ දවා හළුකරනාකාරයේ බැල්මකි …
‘පණ්ඩිත උනාම ඔහොම වෙනවා …… ඔයා අත අරින්න කිව්වා ..මම අත ඇරියා ..දැන් උස්සන්න කියනවා නම් උස්සලා බෙඩ් එකෙන් තියන්න උනත් පුළුවන් ..’
තාරුක නයිට් බල්බය දැල්වුවේ එලෙස පවසමිනි …
‘අනේ මේ මම කොහොම හරි මෙතැනින් නැගිටින්නම් ප්ලීස් මේතනින් යන්න …’
‘මේක මගේ ගෙදර නේ …ඕනෑම වෙලාවක මේ ගෙදර ඇතුලේ ඕනෑම තැනක යන්න නිදහසක් මට තියෙනවා ..’
මම වැටි උන් තැනින් නැගිට යහනේ අසුන් ගත්තෙමි …….
‘අනේ යනවා මෙතනින් මෝඩ කොල්ලා … මෙතැන එනවා මාව බය කරලා පණ්ඩිත කම් කියවන්න …’
‘අපි බැලුවේ …මේ බය නැහැ කියන නෝනලාගේ හිත්වල බය තියෙනවාද කියලා ..හික්ස් ….. බය ටිකක් නෙවෙයි ගොඩක් තියෙනවා නේද ….’
ඔහු සමච්චල් සිනාවක් නගද්දී මගේ හිතේ ඔහු පිලිබදවූ තරහාව වැඩිවී ගියේය .. යහනේ පසෙක තිබු කොට්ටය අතට ගත් මා කලේ එය ඔහු වෙත දමා ගැසීමය ..
‘හූ ..හූ ….ඊලග දවසේ මොනවා හරි කියද්දී කල්පනා කරලා කියන්න හරිද ….මම යනවා ගුඩ් නයිට් ’
ඔහු සිනාසෙමින් කාමරයෙන් පිටව යද්දී අපහසුවෙන් උව නැගී උන් මා කාමරයේ දොර වසා දැමුවෙමි ..
තාරුක මගේ සිතට අනිසි බලපෑම් කරන බව මට වැටෙහෙමින් තිබුණි …නමුදු මට නොවැටහුනේ ඒ මන්ද යන්නයි …. ඒ සිතුවිල්ල දිගේ බොහෝ දුර ගිය මා නින්දට වැටි තිබුණි ….
විදුර අංකල් මගේ ඉගෙනුම වෙනුවෙන් යෝජනා තිබුනේ නුගේගොඩ රොටරියයි .. මුල් සති කීපයේදී මා සමග පන්තියට යෑමට ආන්ටි ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් විය …. පන්තිය නිමව පිටවෙනතුරුම ඈ කිසිම දොසක් නොනගා මා වෙනුවෙන් බලා උන්නාය …… පරිසරය හුරුවෙත්ම …මට තනිව පංතියට යෑමට අවසර ලැබුනේ මගේ නව මිතුරිය දිලිකා සමග යෑමට හැකිවූ නිසාවෙනි …
දිලිකා මධ්‍යම පාංතික යුවතියකි …පළමු වර ප්‍රථිපලය විශ්ව ව්ද්‍යාලයට යෑමට තරම් නොවූ නිසා ඇය පුද්ගලික පන්ති ආවේ දෙවන වර විභාගය ගොඩ දමා ගැනීමටය …. දිලිකා සාමාන්‍ය පෙනුමක් තිබුණු යුවතියකි …. සම වයසේ පිරිමි ළමුන් රුවති සංකර යුවතියන් සොයද්දී පංතිය තුල අප දෙදෙනා කොන්ව ගිය වාර බොහෝය …නමුත් දිලිකා මෙන්ම මට උවමනා උවේ ඔවැනි දේවල් සිතීමට වඩා ඉගෙනුම පිළිබද සිතීමටය …

*********
කාලය බොහෝ සෙමින් ඉදිරියට ගලා ගියේය …. අභීත සිහි නොවුනා නොවේ ..මට බොහෝ වර ඔහුව මතකයට නැගුණි .. නමුත් මම හදවතට වඩා බුද්ධියට ඉඩ දුනිමි …. ඒ කිසිදිනක සැබෑ නොවන සිහිනයක් සොයා යෑමෙන් ඔහුට හෝ මට කිසිදු හොදක් සිදු නොවන බැවිනි ….
තාරුක ඔහු මේ කාලයේ සංගීතය නිසා බොහෝ කාර්‍ය බහුල ජිවිතයක් ගත කළේය … ඒ නිසා ඔහුට මා පිළිබද කරදර වීමට කාලයක් නොතිබුණු තරම්ය … එය මගේ සිතට ගෙනාවේ සතුටකි …නිරන්තරයෙ ඔහුගේ දෑස් මා හබාඒම මා නොරිස්සුවෙමි ….
ආන්ටි සේම විදුර අංකල් ඔවුනොවුන්ට බොහෝ පෙම් කලත් … ඔවුන්ගේ මුහුණුවල නිරන්තරයේ අදුරු සේයාවල් පැතිර ගොස් තිබුණි … තාරුක මෙන්ම තරුෂිද ආන්ටි සමග වචනයකදු කතා නොකළ තරම්ය … කිසියම් හේතුවක් නිසාවෙන් ඔවුන් ඇය පිළිකෙව් කරමින් උන්නෝය .. එය කුමක්දැයි නොදැන උන්නත් මගේ සිත පැවසුවේ එය බොහෝ බරපතල කාරණයක් බවයි …

‘යශෝධරා ගමනක් යමු ..’ පොතට බරවී කල්පනාවක උන් මා තිගැස්සී බැලුවෙමි .. මා පිටුපසින් සිටගෙන උන්නේ තරුශීය …
‘කොහෙද ..’
‘බුක් ෆෙයාර් එකට …’
‘කොහෙද තියෙන්නේ …’
‘BMICH එකේ …’
‘ඔය ගියාට මගේ අතේ සල්ලි නැහැනේ පොත් ගන්න ..’ මට එහි යෑමට කැමැත්තක් නොවුනි … විභාගයට ඇත්තේ සතියක කාලයකි ..ඒ කාලය තුලදී පාඩම් කිරීමට ඇති දෑ බොහෝය .
‘බයවෙන්න එපා …ඔයාට ඕනෑම පොතක් මම අරන් දෙන්නම්කෝ ..’
‘එහෙනම් ඉතින් යමු …’ තරුෂිගේ බලකිරීම නිසාවෙන් මම ඇය කියන්නට එකග වීමි …
‘ඔයා ලැහැස්ති වෙන්න මම ටක් ගාලා එන්නම් ‘’
තරුෂි දිව යද්දී මම අල්මාරිය අසලට ගොස් ඇදුමක් තේරුවෙමි … මම මෙහි පැමිණෙද්දී මා සතුවූවේ ගවුම් දෙකක් පමණි නමුත් මේ වසර දෙක තුලදී මේ සිය ගානක් ගවුම් මා වෙනුවෙන් ගෙන දුන්නේ ආන්ටිය …. ඇය දකින දකින ගවුම මා වෙනුවෙන් ගෙනවිත් මා එය අදිනු දැක සතුටු උවාය .. පැරණි ගවුම් මගේ ඇගේ ගෑවෙන්නත් මදිය … ගෙවීගිය වසර දෙකක කාලයේදී මා පුෂ්ටිමත් යුවතියක්වී උන්නෙමි ..
මා රතු පැහැ දිගු ගවුමක් ඇද පිට දක්වා වැටි තිබු වරලස එක කරලට ගොතා ගත්තෙමි … කැඩපත තුල හිද මා දෙස බලා උන්නේ ලැජ්ජාශීලි රුවැති යුවතියකි ….
‘තරුශි මම රෙඩ් වෙලා ඉවරයි ..’
මම මදක් හඩ නගා තරුෂිට කතා කලෙමි …
‘මේ එනවා … ‘’ හිර ඩෙනිම් කලිසමට කෙටි අතැති ටි ෂර්ට් එකකින් සැරසුණු ඈ පහල මාලයට දිව ආවේය …
‘කොහේ යන්නද .. මේ දෙන්නා ලැහැස්ති උනේ …’ හාන්සි පුටුවක දිගාවී අප දෙස බලා උන් විදුර අංකල් මා දුටුවේ එවිටය …
‘අපි බුක් ෆෙයාර් එකට යනවා .. තාත්තා මට සල්ලි ටිකක් ඕනි ..’
‘මේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඕන දෙයක් ගන්න … තනියම යන්න එපා . ….. අයියත් එක්ක යන්න ..’
ක්‍රෙඩිට් කාඩ් පතක් අප දෙසට දිගු කල විදුර අංකල් එලෙස පැවසුවේය ..
‘එයා එන්නේ නැහැ තාත්තා ..අපි බස් එකේ ගිහින් එන්නම් ..’
‘එයා එයි ඉන්න මම කියන්නම් ….. තාරුක තාරුක …’
විදුර අංකල් ඒ ඇමතුවේ ඔහුගේ කාමරය දෙස බලාගෙනය … මාස ගානක් එක දිගට මම ඔහු දුටුවේ නැත .. තරුෂි පැවසු අයුරින් මේ දිනවල ඔහු තමන්ගේම සංගීත කණ්ඩායමක් වෙනුවෙන් වෙහෙස වෙයි ..

‘ඇයි තාත්තා කතා කලේ … ‘’ තාරුක කාමරයෙන් පිටතට ආවේ නිදිබර දෑස් පොඩි කරමිනි …. ඔහුගේ ගෙස් වැටිය ගෙලෙනුත් පහලට දිගුවී තිබු අතර …එක කනක රැදී තිබුනේ කරාබුවකි …
‘මේ නංගි එක්ක බුක් ෆෙයාර් එකට ගිහින් එන්න ..’
‘මොනවද තාත්තා මම ගෙදර ආවෙත් අද පාන්දර නේ … මට …නම් ..’ ඔහු පවසන්න යන්න ඇත්තේ බෑ කියාය ….නමුත් තරුෂිට පිටුපසින් උන් මා දැක ඔහු වචනය ගිල ගත්තේය ..
‘ එහනම් ඉන්නවකෝ මම ලැහැස්ති වෙලා ඉක්මනට එන්නම් ..’
තාරුක විනාඩි පහට සුදානම් වී එද්දී අප කාරයට නැගී උන්නෙමු …. මා මෙන්ම තරුෂිද උන්නේ මුහුණ ඇබුල් කරගෙනය ..
‘තාත්තාටත් ඉතින් මෙයා එක්ක යවන්න ඕන උනානේ අපිව ..’ තරුෂි කුටු කුටු ගෑවාය ….සිහින් විසිල් රාවයක් මුවින් පිටකරමින් රියදුරු අසුනට ගොඩවූ තාරුක රිය පාරට දැමුවේ පැති කන්නාඩියෙන් මා දෙසට බැල්මක් හෙළමිනි … මා ඔහුගේ බැල්ම මග හැර ඉවත බැලීමි ..
‘යශෝ අද මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එනවා …. ප්ලීස් අනේ එයත් එක්ක කතා කරලා එන්න චාන්ස් එකක් අරන් දෙන්න …’
ප්‍රදර්ශන භූමියට යන අතරතුර තරුෂි මගේ කනට කෙදිරුවාය ..
‘මම මොනවද කරන්නේ …’
‘ඔයා අයියාව කතාවට අල්ලාගෙන හෝල් එක පැත්තට යන්න ..මම එයාව බලල ටක් ගාලා එන්නම් ..’
‘එහෙනම් පරිස්සමින් ..’
තරුෂි මදක් පසුපසට වෙද්දී මම තාරුකට ලන්වුනෙමි ..
‘ තාරුක අයියා කොහෙද හිටියේ මෙච්චර දවස් ….’ ඔහු ඇස් අගින් බලද්දී මම ඒ බැල්ම මගහැර ඉවත බැලීමි ..
‘ මම අළුත් ගෘප් එකේ වැඩ නිසා බිසී උනා …මම හිතුවේ ඔයාට මාව ගානක් නැහැ කියලා …බලද්දී කෙල්ල මම ගැනත් හොයලා තියෙනවා ..’
වැඩේමයි කියා කීමට උවමනා උනිද මා නිහඩව ඉදිරියට ගියා පමණි …
‘යශෝ … ‘’ කෙදිනකවත් කෙටි නමින් මා නොඅමතන ඔහු දෙස මම හැරී බැලුවෙමි …
‘ඇයි අයියා …’
‘දන්නවද ..’ ඔහු යමක් කීමට සුදානම් උවේ බැරෑරුම් බැල්මක් මුහුණට නගා ගනිමිනි …
‘මොනවද …’
‘ඔයාව දැන්නම් කටුගෙට යවන්න ඕන නැතිවෙයි …. පිම්බිච්ච ඊරියක් වගේ දැන් නම් ….තව ටිකක් මහත් උනොත් පුපුරාවි ’ බැරෑරුම් ලෙස එලෙස පැවසු ඔහු හඩ නගා සිනාසෙන්න විය …
‘ඔයා නම් මහා නපුරෙක් මම තරහයි …’ ඔහු දෙස බලා එරවූ මම ඉදිරියට ගියෙමි
‘විහිළුවක් කලේ කෙල්ලේ …තරහද .. ’ පසුපස විත් මගේ අතකින් අල්ලා ගත් තාරුක මා ඔහු වෙතට ඇද ගත්තේය …
‘දැන් මගේ ලගින් යන්නම් … විහිළුවක් තේරෙන්නේ නැති මෝඩ අලේ …’ ඔහුගෙන් ඉවතට යෑමට උවමනා උනිද තාරුක මදක් හෝ අත ලිහිල් කිරීමට තාරුක ඉඩ නොදුන්නේය ..
ඔහු සමග නිහඩවම ඉදිරියට ඇවිද ගිය මා නැවතූනේ හුරු පුරුදු රුවක් දැකය …. ඒ අභිතය ….. තනිව පොත් අතර සැරි සරමින් උන් ඔහු වසර ගානකින් මහළුව ගොස් මෙනි පෙනුනේ …. දෙවියනේ අභීත දුක්විදිනවාවත්ද ..එක්වරම හිතට එබුන සිතුව්ල්ල හිත පුළුස්ද්දී මම දෑස් දල්වා ඔහු දෙසම බලා උන්නෙමි
‘මේ ගල් පිළිමේ වගේ ඉන්නේ නැතිව අරහෙට යමුද .. මේ තරුෂි කොහෙට උනාද මන්දා …’
‘අයියා යන්න මම ටක් ගාලා එන්නම් ..’
‘එහෙනම් මම අර පැත්තට ගිහින් තරුෂි බලන්නම් …… ඔයා එන්න …’ තාරුක මා අතහැර යද්දී මම සිහිනයෙන් මෙන් අභීත දෙසට පාව ගියෙමි …
‘අභීත සර් …’ පොත් දෙස බලාගෙන ගැබුරු කල්පනාවක උන් අභීත තිගැස්සී මා දෙස බලද්දී මම සිනාවක් පෑමට උත්සහ කලෙමි …
‘යශෝධරා ..යශෝධරා නේද මේ ..’ මදක් විමතියෙන් ඔහු මගේ දෙපයේ සිට මුහුණ දක්වා කීපවරක් බැලුවේය ..
‘ඔව් ..සර් මම යශෝධරා … කොහොමද සර් ඔයාට …’
‘ මම හොදින් …. මට යශෝධරා අදුරගන්නත් අමාරු උනා …. ගොඩක් වෙනස් වෙලා ..ලස්සන වෙලා ..’ අභීත මා වර්ණනා කරද්දී මගේ සිතට දැනුනේ ආඩම්බරයකි …
‘අභීත සර් මේ කොහෙද …’
‘මම දැන් කොළඹ ඉන්නේ යශෝධරා … ප්‍රශ්න වාගයක් ආවා … මම පස්සේ කියන්නම්කො විස්තර … ඒක නෙවෙයි යශෝධරා කොහෙද ඉන්නේ දැන් …මම කොච්චර හෙව්වද ඔයාව …. මම හිතුවේ ඔයා මේරිගේ ගෙදර කියලා …හොයලා බලද්දී ඔයා එහෙ නැහැ ..හිතන්න මට මොනවද හිතුනේ කියලා ..ඇත්තමයි මට මං ගැනම තරහක් ආවේ .. මට හිතුනා මොනදේ උනත් ඔයාව මගේ ලග තියාගන්න තිබුනේ කියලා .. කියන්න මට ඔයාට මොනවාද උනේ කියලා .’
‘ මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ සර් .. මට ගොඩක් ආදරේ කරන පවුලක් මාව බලාගන්නවා .. ඔයා මම ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා ..’
ඔහු සිනාසෙන්න වෙර දැරුවත් ඒ මුවට සිනාවක් නාවේය …මට ඔහුගෙන් අසා දැනගැනීමට බොහෝ දේවල් විය ….
‘යශෝ …ඔයා මෙච්චර වෙලා මොනවාද කරේ ..මම අරහේ ඔයා එනකන් ගොඩක් වෙලා බලාගෙන හිටියා .. එන්න යමු …’
නැවත මා සොයා පැමිණි තාරුක මගේ අතකින් අල්ලා ගත්තේ කිසිදු සෙවීමක් බැලීමක් නොකරය …. මම විගස අභීත දෙස බැලීමි ඒ මුහුණ එක්වරම අදුරුවී ගොසිනි …
‘සර් මම යන්නම් …. ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද …’ මම තාරුකගෙන් අත ගලවාගෙන නැවත අභීත වෙත ගියෙමි ..කලිසම් සාක්කුවෙන් පිටතට හැදින්වීමේ කාඩ්පතක් ගත් ඔහු එය මා අත තැබුවේය …..
‘මම යන්නම් සර් … ’
‘පරිස්සමින් ඉන්න යශෝධරා ..’ ඔහු බොහෝ කරුණාවෙන් පවසද්දී මා නැවත ඔහු දෙස නොබලාම ඉදිරියට ඇවිද ගියෙමි … හිත බොහෝ ඇඩුවේය ….ඒ ඔහු නමිනි …මගේ හිත තුල ඉපිද මියගිය මගේ කුලුදුල් ප්‍රේමය නමිනි …
මතු සමබන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *