32. වන කොටස.

මියෙදෙන තුරා…

*ඔන්න නංගියේ මම ලොකු කෝප්පයකටම දැම්මේ ඉක්මණට නිවෙන්න ඔනේ නිසා අහිතක් නම් හිතන්න ඒපා.*

*අනේ ඒකට කමක් නෑ අක්කේ.*

මම අැය දුන් කැද කෝප්පය රස බලන්න වුනා. සැබවින්ම ඒය ලීලම්මා හදන කැද වලටත් වඩා රසවත් .

*හරිම රසයි අක්කේ.*

*අනේ තව දෙන්නද නංගියේ .රෑට කාලත් නැතුව අැතිනේ.*

*අනේ මේක වැඩිත් ඒක්ක .අක්කත් බොන්නකෝ*

*අනේ මගේ කොල්ලා අැහැරුනා මම බොන්නම් නංගියේ.*

ගමේ දුප්පත් මිනිසුන් ළග කෙතරම් මනුස්සකම් තියෙනවා දැයි කල්පනා කරමින් මම කැද සියල්ලම පානය කලා.

* නංගිට රෑ යාමේ නිදා ගන්න ලැබුනේ නැතුව අැතිනේ? ඔනේ නම් ටිකක් නිදා ගන්න.*

*දැන් බෑ අක්කේ.*

*මම ඒහෙනම් කොල්ලට කූද්දලා ඒන්නම්. ඉස්කොලේ යන්න පරක්කු වෙනවනේ.*

විනාඩි කීපයක්ම අැහැරවලා අැහැරවලා අවසානයේ වයස අවුරුදු දොළහක් පමණ පිරිමි ළමයෙක් අැස් දෙක පොඩි කරමින් කුස්සිය දෙසට අාවා.

*ඔහෙම හිටින්නකෝ නංගියේ මම මේ කොල්ලව ඉස්කොලෙ යන්න ලෑස්ති කරවලා ඒන්නම්.*

*කවුද අම්මේ මේ නැන්දා*

*මම අදුරන කෙනෙක් . කෝ යං මුණ හොදන්න.*

අැය දරවාව අැදගෙන වගේ පීල්ල අැති පැත්තට ගියා. දාරුවා පාසල වෙත යවා අැය මා දෙසට අාවා.

*නංගියේ . අද කඩේ අරන්නත් පරක්කුයි. නංගි අැරලලා අැවිත්ම කඩේ අරින්නයි හිතුවෙ. නැත්තම් කඩේ දාලා යන්න විදියක් නෑනේ. ලිපිනයක් හරි නමක් හරි කියන්න බලන්න.*

*අර අක්කේ සෝමපාල කියලා කෙනෙක්. අසනිප වුන ගෑනු ළමෙක් ඉන්නේ. නෝනා මැරිලා.*

*අා මේ අපේ වලි සෝමේ අයියා ගැන වෙන්න ඔනේ ඔය කියන්නේ.*

*වෙන්න අැති අක්කේ ඒත් අැයි සෝමේ මාමාට” වලි සෝමේ” කියන්නේ.*

*හවසට කටගොන්නක් බීගෙන ගම දෙවනක් කරනවනේ. කවුරුත් මොකුත් කියන්නේ නෑ . උෟ ඒක්ක පොරකාලා දිනන්න බෑ කාටවත්.*

*ඒහෙට හුගක් දුරයිද අක්කේ තව.*

*පාරෙන් ගියෙත් නම් දුරයි. වෙල පාරෙන් යමු.*

*හ්ම්.*

*ඒත් දැන් මේ නංගී අැයි හිටපු ගෙදරින් අාවේ. මම මේ ඔය නංගිට දැන ගන්න කියන්නේ . වලි සෝමේ අයියලෑ ගෙදර නම් ඔය නංගිට නවතින්න හොද තැනක් නෙමේ.*

*මොනවා කරන්නද අක්කේ වෙන යන්න තැනක් නෑ.*

*යමුද ඒහෙනම්.*

*යමු අක්කේ .*

මම නිවසින් බැහැරට ඒනවිට රැගෙන අා. පොත් කිහිපයත් ඔරලෝසුවත් අතට ගත් මම අැය පසු පසින් අැදුනා. අඩි පාරක් දිගේ අැදුණු අපි වෙල් යායාක් මැදින් වූ නියරක මතින් ඉදිරියට ගමන් කලා.

*පරිස්සමින් වරෙන් නංගියේ උබට පුරුදු නෑ වගේ මෙවැයි අැවිදලා. ඔය ගවුම කොට කරලා අල්ල ගනින්. ඔය ලස්සන සුදු ගවුමේ මඩ ගෑවුනොත් යවනවා බොරු.*

ඒහෙට මෙහෙට වැනෙමින් , සමබරව ගමන් කරන්නට උත්සහකරන අාකාරය දෙස බලා සිනා සෙමෙන් අැය පැවසුවා. සැබවින්ම ඒහි අැවිදීම පහසු නැහැ. උදෑසන පින්නට තෙත් වූ කණ නිල්ල දෙපා තෙත් කලා. වැඩි දුරක් යන්නටත් පෙර පිණි දිය සමග ඒක් වූ මඩ නිසා පවන් යුවල ලිස්සන සුළු ගතියක් අැති කලා.

*නංගියේ ඔය සෙරෙප්පු දෙක ගලවලා අතට ගනින්. නැත්තම් ලිස්සලා වැටේවි.*

මම අැය කියු දෙය පිළි ගෙන පාවහන් දෙක ගලවා දැමුවා.

*කෝ දියන් මම ගන්න ඔය සෙරෙප්පු දෙක. නැත්තම් ගවුම ගන්න දෙයක නැති කර ගනීවි.*

අැය මගේ පාවහන් දෙකත් රැගෙන ඉදිරියෙන් ගමන් කලා. මම ගවුමක් කෙටි කරගෙන අෑ පිටුපස ගමන් කලා. අවසානයේ පටු මාවතකට පිවිසි අපි තරමක් හුදකලා වූ නිවක් දෙසට ගමන් කලා .
*නංගියේ. මෙන්න මේක තමා වලි සෝමේ අයියගේ ගේ. නංගී දැන් දිගටම මෙහෙ ඉන්නද කල්පනාව.*

අැය ඉදිරියෙන් පෙනුනු කඩා නිවස පෙනවමින් කියා සිටියා. පෙනුමේ හැටිටනම් ඒ නිවසෙහි දෙදෙනෙකුටත් ජීවත් වීමට අපහසුයි. සිමෙන්ති ගලෙන් නිමවන්නට අාරම්භ කර තිබු නිවසේ වැඩි හරිය තවමක් අත්තිවාරමට පමනක් සීමා වෙලා තිබුනා.බිත්තී ඉහට නංවා ටකරං තහඩු කිහිපයක් හෙවිල්ලා තිබුනේ අත්තිවාරමෙන් තුඩා කොටසකට පමණයි.

*ඔව් අක්කේ වෙන යන්න දිහාවක් නෑ. ශාමලීවත් බලාගෙන ඒයාගේ ළගට වෙලා ඉන්නවා.*

*ශාමලී කෙල්ලව බලාගන්න හිතපු ඒක නම් ලොතකු දෙයක් . ඒත් නංගියේ වැඩි දවසක් යන්න කලින් දැනෙයි මෙහෙ ඉන්න ඒකේ අමාරුව.*

*මොනවා කරන්නද අක්කේ.*

අපි නිවසෙහි මිදුලටම පැමිණ තිබුනා. මාස ගණනාවකින් ඉදලක් නොදුටු පොළව වියලි කොළ වලින් වැසී ගොස් තුබුනා. කුඩා පැලෑටිවලින් ගහන මිදුල පුරා තිබුනේ මුසල බවක්. නිවස ඉදිරිපස වූ මල් පාත්ති වන මලින් පිරී ගොස් තිබුනා. මල් ගස් වට ඒතුනු වැල් ඒම ගස් වලටත් වඩා ඉහළට නැංවී තිබුනා.

*වලි සෝමේ අයියේ… වලි සොමේ අයියේ…*

*මොකාද බොල මේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ.*

*වලි සෝමේ අයියේ වරෙන්කෝ පොඩ්ඩක් ඒළියට . මේ උබගේ නෑදෑයෙක් අැවිත්.*

*ලො…..*

මා දුටු ගමන් ලොකු බේබී යැයි කියන්න ගියේ දෑස් ඉහලට නංවාගෙන. ඔහු කතා කරන්නට ප්‍රථම මුව මත මැදගිල්ල තබා ඒසේ නොපවසන ලෙස ඉගි කරනු ලැබුවා.
*අා … මේ ළමයනේ මොකද මේ දරුවා හදිස්සියෙම මේ පැත්තේ.*

*මේ නංගි ගෙදරින් පැණලා අාවා කිව්වේ .මෙහෙ නවතින්න.*

*මොනවා..*

පුදුමයෙන් මුව අයා ගත් ඔහු දෑස් ලොකු කරගෙන මගේ දිහා බැලුවා.

*අැයි සොමේ මාමා අකමැතිද මම මෙහෙ ඉන්නවට.*

*මගේ නම් අකමැත්තක් නෑ දරුවෝ. ඒක් මෙහෙ හිටියොත් දුක් විදින්න තමා වෙන්නේ. මේ දරුවත් බලා ගන්න විදියක් නැතුව මම ඉන්නේ.*

*ඔය කට ගොන්නක් බොන ඒක් නැවත්තලා කෙල්ල බලා ගත්තා නම් ඉවරනේ. ඔය හැටි කියවන්නේ.*

*අනේ මේ … රේනු නංගියේ. අනුන්ගේ කෝප්ප හොදන්නේ නැතුව ගිහින් කඩේ අැරපන්.*

*අම්මද බොල මුට උදව්වක් කළාමත් අපට කතා කරන හැටි.*

*පලයං පලයං යකෝ යන්න.*

*යනවා තමා යකෝ. මම යනවා නංගියේ යන්න. උබට මෙහෙ ඉන්න ඒක අැති වුනොත් වරෙන් අපේ ගෙදරට.*

ඒහෙම කියපු අැය සෝමේ මාමාටත් ගස්සගෙන යන්න ගියා. නිවසට ගොඩවැදුනු මොහොතේ සෝමේ මාමාගේ හැසිරීමෙන් බිරන්ත වූ මම නිහඩව බලා වුන්නා.

*ලොකු බේබි මොනවද මේ කරන වැඩ. උදේ ලොකු බේබි මහත්තයත් මෙහෙ අාවා මාරාවේස වෙලා.*

*මොනවා මෙහෙ අාවා. සෝමේ මාමාට බැන්නද?.*

*මට බයින්න. මගේ තැනට අැවිත් මට බනින්නේ කොහොමද උන්.*

*මට තවත් ඒ ගෙදර ඉන්න බෑ සෝමේ මාමේ.*

*ඒ මොකද ලොකු බේබී. ලොකු බේබීට කසාදයකුත් ලෑස්ති කරලනේ තිබුනේ. *

*ඒක තමා ඒහේ ඉන්න බැරි හේතුව.*

* ඒ කිව්වේ. අනේ ලොකු බේබී තාම හිටගෙන ඒන්න අැතුලට.*

මම ඔහුගේ අාරාධනයත් සමග ගෙට අැතුල් විය. මා හට ඉද ගන්න පුටවක් සුදානම් කර දුන් ඔහු ඉදගන්නයි අැරයුම් කලා. ඒම අසුනෙහි හිද ගත්මම වට පිටාව හොදින් බැලුවා. මකුළු දැල් වලින් වැසි ගිය නිවස හරිම අපිරිසිදුයි. සෑම පුටුවකම රෙදි, මේසය උඩ පවා රෙදි. කොනක වූ කුඩා කැබිනෙට්ටුවත් නිසේ අනිත උපකරනත් දූවිල්ලෙන් වැසි ගිහින්. මාස ගණනකින් කවුරුන් හෝ නිවසෙහි නොසිටි ගානයි. මුළු නිවසින්ම දැනුනේ පාළු පුස් ගදක්. ඒ ගද නිසාම මට හිතුනා සෑහෙන කාලෙකින් නිවස තුළට හිරු ඒළියක් වැටී නැති බව.

*මොකද ලොකු බේබි වට පිට බලන්නේ. ලොකු බේබීට මේ ජීවිතේ හරියන්නේ නෑ. අාපහු වලව්වට යමු.*

*නෑ නෑ මම අාවේ අායි යන්න නෙමෙයි. සොමේ මාමා අකමැතිද මම මෙහෙ ඉන්නවට.*

*මම මොකට අකමැති වෙනවද? ලොකු බේබිට පුළුවන් නම් මට මොකද?*

*මට දැන් වත් බේබි කියන කෑල්ල නවත්වන්න සෝමේ මාමේ.*

*ඒක කොහොම නවත්වන්නද?*

ඊ ළග කොටසින් හමු වෙමු… 

72 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *