33

අචින්තයි අපේ ආදරේ
33
ඔයාලගෙ පේශන්ට් ඕකෙ දැන් එයා නෝමල්..බැලුවෑකි දැන්
හ්ම්ම් යන්තම් ඇති
නිසිත මගෙ අතින් අල්ල ගත්තා..
එන්න යමු
මන් ඒ අත ගසලා දැම්මා
ඔයා යන්න
මන් ආස නෑ එයා බලන්න
මොකක්..එහෙනම් ලේ දුන්නෙ
ම්ම් මේ ලේ බින්දුවක්ම එයාට නයයි..දුවෙක් විදියට මගෙ යුතුකම කලෙ..තව දුරටත් එයා මගෙ අම්මා නෙමියි ඔයාගෙ අම්ම..ඔයා යන්න බලන්න්
හ්ම්ම් ඒකත් එහෙමද. නපුරි
හ්ම්ම්
පබා චුට්ටක් කල්පනා කලා..
හරි දැන් ඔයාගෙ අම්මවනි බලන්න බැරි..එන්වා යන්න නැන්දම්මව බලන්න ..මට ආදරෙයි නම් මගෙ අම්මටත් ආදරෙ වෙන්න ඕනී .එන්වා යන්..
පබාගෙ තර්ක නිසා මට කට උත්තරනැතිව ගියා..හ්ම්ම්..එයා මගෙ අම්මා නෙමී පබාගෙ අම්මා කියලනි මන් කීවෙ..ඒ කියන්නෙ මගෙ නැන්දම්මා ..අනික පබාට ආදරෙ නම් මටඑන්න කීවා..
මෙ මොන කරුමයක්ද..මගේම අම්මා මගෙ නැන්දම්මා වෙලා…
හ්ම්ම්
පබා මට ඔලොක්කු හිනාවක් දාගෙන අතින් අල්ලන් වෝඩ් එකට ගියා…
අම්මා ඇදෙ ඉන්නවා…සේලයින් එහෙම දීලා අයට…ගොඩක්ම ඩැමේජ් වෙලා තිබ්බෙ එයාගෙ වම් කකුලටයි අතටයි ..කොහොමත් කාලයක් යනකම් එයාට තනියෙන් වැඩක් කරගන්න බැරි වෙයි..
අපි දෙන්නටම මලානික හිනාවකින් සන්ගහ කරපු අම්මා වේදනාව මැඩගෙන කතාකලා..අම්මා මගෙ තමයි..මන් එයාට තියෙන අද්‍රෙත් එහෙම්ම තමයි..ඒත් මන් කිසිම දාක අම්මට සමාව දෙන්නෙ නෑ…මේ වෙලාවෙ එයා ඉන්න වේදනාව නෝතේරෙන හිතක් පපුවක් නැති කෙනෙක් වගෙ ඉන්න බෑ..
මන් අම්මගෙ ඔලුව අතගෑවා..පබා ඩොක්ට හම්බෙන්න ගියා..
පබා එද්දි අම්මට නින්ද ගිහින්..දැන් ඒ හැටි අමාරුවක් නැති නිසා අපි එන්න ආවා
මැට්ටි
ම්ම්
මාව,දාලා යනවද
හ්ම්ම්
මොකක්
ඔව් යනවා..
එහෙම කරන්න පුලුවන්ද ආ
එහෙම කරන්න වෙනවනී..
ඇයි
ඇයි කියන්නෙ මන් කවදාහරි මැරෙනවා එදාට යන්න එපැයි..
ඇයි මෝඩී අසුබ කතා කියන්නෙ..
ඉතින් ඇත්තනෙ..
ඔයා නම් මහා මෝඩී..

අපි දෙන්නා වීල් එකක ආයෙ ආවෙ..මගෙ ඇදුම් බෑග් එකත් අරන් ආයෙම ඇනෙක්ස් එකට..එනකොට මල්ශලා ඇවිත්..

කෙල්ලෙ…

ඔයා එහෙනම් අපිව දාලා යන්නයි හැදුවෙ

හ්ම්ම් සමාවෙන්න ..මන් ගොඩාක් අවුලෙන් ඉන්නෙ

අපිට තේරෙනවා ..හ්ම්ම් හ්ම්න් සුමනාම්ම කීවා වෙලා තියෙන දෙ .දැන් අම්මට මොකද..

අඩුයි..අතකුයි කකුලකුයි ඩැමේජ්..

හ්ම්ම් හරි කෙල්ලෙ ගොඩාක් මහන්සි පාටයි..වොශ් එකක් දාන් මොනා හරි ටිකක් කාලා නිදියපන්

මේ වෙලාවෙ මට ඇත්තටම ඕන වෙලා තිවුනෙ කොහේ හරි පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න..මාව තේරුම් ගත්තු මේ වගෙ යාලූවො ටිකක් එක්ක ඉන්න ලැබීම කොච්චර දෙයක්ද

ඇදුම් බෑග් එක ඔහෙ ඵැත්තක දාලා වොශ් එකක් දාන් ඇවිත් නිදා ගත්තා..

හිත ව්‍යාකූලයි..තේරෙන්නෙ නෑ..මොනවගෙ දෙයක් කරන්නද කියලා..

එහා ගෙදර මගෙ අම්මා ඉන්නවා..මගෙ හිත ගත්තු ආදරවන්තයා ඉන්නවා..ඒ එයාගෙත් අම්මා..අපෙ සම්බන්දෙට ලෝකයා මොනා කියයිද..එක කුසෙ නූපන්නත් එයයි මමයි සහෝදරයෝ ..ඒත් සහෝදර බැම්මෙන් මට එයා දිහා බලන්න කොහොමත් බෑ..

පෝන් එක අතට ගත්තෙ වෙලාව කීයද බලන්න

ම්ම් එයා මැසේජ් එකක් දාලා..දහයට..දැන් දෙකයි වෙලාව

මැනික නිදිද

නෑ

ආයෙම රිප්ලයි බලාපොරුත්තු නොවුනත් මිනිත්තු දෙකකට පස්සෙ එයා රිප්ලයි කලා..ඒ කියන්නෙ එයා ඇහරන්..මන් වගේම

මැනික ඇහරන්ද

හ්ම්ම් ඔව්

කරදරයක් නෙමී නම් එන්න බැල්කනි එකට ..

හරි..

මටත් ඕන විසදුමක්..මේ වෙලේ එයා දරන මතෙ..සැනසීමක් ..මගෙ හිතෙ සැනසීම තියෙන්නෙ එයා ලග විතරයි ..මන් ඒක දන්නවා..

මන් බැල්කනි එකට ගියා..මුලින්ම මාව පිලිගත්තෙ චූටි..දුකට සැපට හැම දේටම නිහඩවම අපි එක්ක ඉන්න චූටී …

ආවද

ම්ම්

එන්න

මන් එයා ලගින් ඉදගත්තා ..ඒ උරහිසට ඔලුව තියන් ඇස් පියා ගත්තා..

එයා හිමින් මගෙ ඔලුව අත ගානවා

මැනික

ම්ම්

නිදිද

නෑහ්

එහෙනම් සද්ද නැත්තෙ

කල්පනා කරනවා..

මොනාද

ගොඩක් දේවල්

මමත්

නිසිත

ම්ම්

අපි මොකො කරන්නෙ

ඒ කීවෙ

ම් හිතපු දේ කියන්නම්

හරි හැම දෙයක්ම කියන්න

ඔයත් මමත් එකම අම්මගෙ එකම තාත්තගෙ වත් දරුවො නෙමි..ඒත් ඔයාගෙ නන්ගි.මල්ලි ඒ මගෙ..එහෙම බැලුවම අපි සහෝදරයෝ ..කවදාහරි හැමෝම මේ දේවල් දැනගනි..එදාට අපි දෙන්නගෙ මේ බැදීම..

චුට්ටක් ඉන්න බබා..ඔයාට මගෙන් ඈත් වෙන්නද ඕනි කියන්න ..මේ කියන දේවල් ඔයාගෙ හැසිරීම මට කියන්නෙ ඒක..කියන්න මට..මගෙන් ඈත් වෙන්නද ඕනී

මන් දන්නෙ නෑ නිසිත

බබා මට ආදරේද

හ්ම්ම්

මාව ඕනිද

ඔව්

අහන්න ..ඔයා හිතූ දේවල් මමත් කල්පනා කලා..අම්මා සම්බන්දයෙන් ඔයා ඉන්න මතයටත් මන් මුකුත් කියන්නෙ නෑ..හරියට බැලුවොත් ඇත්ත මන් ඔයාගෙ අයියා..ඒත් මන් මැනිකට ආදරෙ …මට බෑමැනික දිහා මගෙ නන්ගි දිහා බලනවා වගෙ බලන්න..මගෙ ඉබාගාතේ යන්නම් වාලේ ඔහෙ ගිය ජීවීතේට සතුටක් ගෙනත් දුන්නෙ ඔයා..ඔයා දකින්න කලින් කෙල්ලො ගැන හිතෙ තියුනෙ මරු කෑලි කියන හැගීම විතරයි..ඒත් ඔයාගෙ චාම් ලස්සන .ඔය හිත,නපුරුකම ,මුරන්ඩුකම මගෙ හිත පතුලටම කිදා බැහලා තියෙන්නෙ ..මට බලාපොරොත්තු ගෙනාවෙ ඔයා..මේ දේ කරන්න කරන්න කියලා බල කරද්දි මන් වෙනුවෙනුත් කෙනෙක් ඉන්නව නේද කියන හැගීම ආව…මැනික ඔයා මගෙ යන්න එපා කවදාවත් මාව දාලා..ජීවිතෙ තියෙන තුරාවට මන් ලහින් ඉන්න..මන් ඔයාට බල කරන්නෙ නෑ..බබාට කැමති තීරනයක් බබා ගන්න…බබා ගන්න ඕනම තීරනේකට මන් එකහ වෙන්නම්..මන් ලබා උපන්නු විදිහ කියලා…

පබා මට ප්ශ්නාර්තයක් ඉතිරි කරලා කතාව නැවත්තුවා ..

මෙතන ප්ශ්නයක් ඇත්තෙත් නෑ..නැත්තෙත් නෑ..තේරෙන්නෙ නෑ..මට ඕන එයාව…ඕන..ඒත්…

–මතු සම්බන්දයි .. 

2 Comments

  1. hey there and thank you for your information – I
    have certainly picked up anything new from right here.

    I did however expertise a few technical points using this web site, as
    I experienced to reload the web site a lot of times previous to
    I could get it to load properly. I had been wondering if your web host is OK?
    Not that I’m complaining, but sluggish loading instances times will very frequently affect your placement in google and can damage your quality score if ads and marketing with Adwords.
    Anyway I am adding this RSS to my e-mail and could look out for much more of your respective exciting content.
    Ensure that you update this again soon.. Lista escape roomów

Leave a Reply

Your email address will not be published. Required fields are marked *