33

~~~සමනළ වසන්තය~~~
33 කොටස
ගොඩක් දවසකට පස්සේ මම දිනිතට කෝල් එකක් ගන්න ලැහැස්ති උනේ අම්මා කඩේ යනකන් හොර ගල් අල්ල අල්ල ඉදලා ..නිදුකයියාත් එක්සෑම් එකට පාඩම් කරන්න හොස්ටල් ගිහින් නිසා නිදහසේ මලක් කඩා ගන්න පුළුවන් ….
‘ දිනිත අයියේ’ මම හෙමින් කතා කලේ සදූ කාමරේ හිටිය නිසා
‘හිරූ මම බලාගෙන හිටියා ඔයා කෝල් එකක් ගයි කියලා ..’ දිනිතගේ ආදරණිය කටහඩ දවස් ගානකට පස්සේ ඇහෙද්දී මට දැනුනේ කනට මිහිරිම සුවයක්
‘ඔයා පාඩම් කරන නිසා කරදර කරේ නැහැ අයියා ..’
‘මම දන්නවා හිරූ ඒක ….එක්සෑම් එකට කලින් මට ඔයාගේ සුදු මුහුණ දකින්න ඕන …’ රිසීවර් එක දිගේ ගලාගෙන ආපු දිනිතගේ කටහඩ මගේ මුළු හිතම ආදරෙන් පිරෙව්වා …
‘හෙට ස්කුල් නිවාඩු දෙනවා ..එහෙනම් ඔයා එනවාද මාව බලන්න …’
‘එන්නම් හිරු …. එන්නම් …. වෙනදා වේලාවටම ස්කුල් බස් එකේ ..’ දිනිත මට පොරොන්දුවක් දුන්නා
‘එහෙනම් මම බලාගෙන ඉන්නවා ….දැන් අම්මා එයි අයියා එයා කඩේ ගිය වේලාවේ තමා කෝල් කළේ ….මම තියන්නම් … මගේ අයියාට තෙරුවන් සරණයි …..’
මම ෆෝන් එක තියලා හැරෙද්දී සදු මගේ දිහා බලාගෙන ඉන්නවා ලොකු වේදනාවකින් .. සදුට මම දිනිත එක්ක කතා කරපු දේවල් හොදටම ඇහෙන්න ඇති …
‘සදු ….’ මම ලගට යද්දී විදුලි වේගෙන් හැරුණ සදු කාමරේට පැනලා දොර වහගත්තා …
සදුට මේ වේලාවේ හිතෙන දේවල් මට හිතාගන්න පුළුවන් …. එයාගේ ආදරේ කඩලා බිදලා මම ආදරය කරනවා කියලා එයාට හිතෙනවා ඇති … මම එපා කියපු නිසා අනුප එක්ක හැම සම්බන්ධයක්ම නවත්තලා දාපු සදු එදාට පස්සේ අනුප හම්බවුනේ නැහැ ….
‘සදු මේ දොර අරින්න …’ දොර කැඩෙන සයිස් එකට තඩි බෑවාට පස්සේ තමා සදු යාන්තම් දොර ඇරියේ ….කෙල්ලගේ ඇස් හොදටම රතුවෙලා
‘ සදු ඇඩුවාද ඔයා ..’ සදුගේ අත්දෙකෙන් අල්ලාගෙනම මම ඒ මුහුණට එබුනා
‘මට අඩන්න දෙන්න හිරු ….. එතකොට මගේ දුක ඉවරවෙලා යයි …’ නැවතිලා තිබ්බ සදුගේ කදුළු ආයිමත් අළුත් උනා …
‘අඩන්න එපා අක්කා ….. අනුප එක්ක තියෙන එෆෙයාර් එක නවත්තන්න කිව්වේ තරහට නෙවෙයි අපේ මුළු පවුලම ගැන හිතලා ….ඔයාට දුක හිතුනේ මම දිනිත එක්ක කතා කරපු නිසානේ … ඔයාට දුක හිතෙනවා නම් මම එයා එක්ක තියෙන එෆෙයාර් එක නවත්තලා දාන්නම් සදු ..’ මම හිතේ තිබ්බ වේදනාවට කියවාගෙන ගියා
‘හිරු ….පිස්සුද ඔයාට ..දිනිත කියන්නේ හොද පවුලක කොල්ලෙක් …අනුප කියන්නේ මැරයෙක්ගේ පුතෙක් .. මම පව්කාරියක් ඒ වගේ කෙනෙක් ට ආදරේ කරපු නිසා …. අනුප කොච්චර හොද කෙනෙක් උනත් මට ඒ ආදරේ ලංකරගන්න අයිතියක් නැහැ … ඔයා පලි නැහැ හිරු මම ඒ වගේ කෙනෙක්ට ආදරේ කෙරුවට ….මම නිසා ඔයාගේ ආදරේ නැති කරගන්න එපා .. මම නිසා ඔයාගේ ආදරේ නැති කරගන්න එපා …. එහෙම උනොත් මට ලබන ආත්මෙත් මේ වගේම දුක් ව්දින්න වෙයි … ‘’ සදූ මාව තුරුළු කරගෙන ඉකිගහ ගහ ඇඩුවා …
මගේ අක්කාට ආදරේ සතුට ලැබෙන්නේ නැත්තම් මටත් ආදරේ එපා … මම තීරණයක් ගන්නවා ……. මම එක හිතින්ම එහෙම හිතුවේ සදූගේ ඔළුව අතගාන ගමන්මයි …..
***
වෙනදා දිනිත හම්බවෙන්න යද්දී දැනෙන සතුට මට අද දැනුනේ නැහැ … ඕනෑවට එපාවට සුදු ගවුම ඇදගෙන මම වෙනදා වෙලාවටම එළියට බැස්සා …
ස්කුල් බස් එක ඈතින් එද්දී මම වෙනදා කොච්චර සතුටින්ද බලාගෙන ඉන්නේ …එත් අද ඒ සතුට නැහැ …. බස් එකට නැගලා මම දිනිතව හෙව්වා …
‘මාවද හොයන්නේ …’ දිනිත අයියා ඇවිල්ලා මගේ ලගින් හිටගන්නකන්ම මම දැක්කේ නැහැ ..
‘ඔයාව තමා …’ මම යාන්තම් හිනාවුනේ එයාට වෙනසක් පේයි කියලා හිතලා ….
‘මොකද මේ අප්සෙට් මුඩ් …’
‘ඔයාට එහෙම පේනවා ද …..’
‘ම්ම්ම් ..වෙනදා වගේ මේ ඇස් හිනාවෙන්නේ නැහැ … දන්නවාද ඔයාගේ පුංචි වෙනසක් උනත් දැන් මට දැනෙනවා ’
‘මේ ඇස් වලින් හිනාව යන්න ගියේ අප්පච්චි නැතිවුණ දවසේනේ …’ මට කියන්න ගොඩක් දේවල් තිබ්බත් කතාව නතර කරගත්තේ හිතට වේදනාවක් එන කතාවක් ඇතිවෙයි කියලා හිතුන නිසා …
‘පිස්සි මොකද මේ සීරියස් වෙලා …. ‘’ දිනිත බැරෑරුම් විදිහට මගේ දිහා බලද්දී මම වෙනසක් පේන්නේ නැතිවෙන්න හිනාවුනා ..
‘මම සීරියස් උනාද ..පුදුමයි මට සීරියස් වෙන්න පුළුවන් කියලා ඇහුවාමයි …. හේ හේ ..දැන් කියන්නකෝ .. ඔයාගේ එක්සෑම් එක ගැන ..ඔයා පාඩම් කරනවාද …… ‘’
‘හ්ම්ම්ම්ම් පාඩම් කරනවා …මම හිතනවා ගොඩ යන්න පුළුවන් වෙයි කියලා …’
‘හොදට එක්සෑම් කරන්න අයියා .. ‘’
‘ෂුවර් …ඔයා බයවෙන්න එපා කෙල්ලේ …’
නුගේගොඩ ටවුන් එකට එනකන්නම අපි දෙන්නා කතා කලේ දිනිත අයියාගේ එක්සෑම් එක ගැන …
‘ඉල්ලීමක් කරන්නද මම …’ බස් එකෙන් බහින්න ලැහැස්ති වෙලා මම දිනිත දිහා බැලුවේ අසරණ බැල්මකින් ….
‘ඕන දෙයක් කියන්න …’
‘මාව ඉස්කෝලේ ලගට ඇරලවනවාද ..’
‘හා ….මම එන්නම් ….’ දිනිත මාත් එක්කම බස් එකෙන් බැහැලා ඉස්සරහට ඇවිදගෙන ගියා …අපි දෙන්නාම ටික දුරක් යනකන් කතා කරේ නැහැ … වෙනදා එයත් එක්ක මේ පාරේ ඇවිදගෙන යන්න දැනුන බය මට අද දැනුනේ නැහැ ….
‘දිනිත අයියා මට ආදරේද ..’ මම දිනිත දිහා හොරෙන් බැලුවා ….එය හරි හැගීම්බර ව්දිහට තමා මගේ දිහා බැලුවේ
‘ හිරූට හිතෙනවාද මම ආදරේ නැහැ කියලා ….’
‘ මම දන්නවා ඔයා ආදරෙයි කියලා ..’
‘එහෙනම් අහන්න එපා ……… මගේ හිත ගැහෙන්නේ ඔයා වෙනුවෙන් හිරූ …. ඔයා නැතිවුනොත් මගේ හැමදේම ඉවරයි ….’
‘කවදා හරි ඔයාට මාව මග ඇරුණොත් …’ මම එහෙම අහද්දී දිනිත මගේ දිහා බැලුවේ අමනාපෙන් වගේ
‘පිස්සු කතා කියන්න එපා හිරූ ….කවදාවත් මට ඔයාව මග ඇරෙන්නේ නැහැ ….මතක තියාගන්න ඔයාව මග ඇරෙන්න මම ඉඩ තියන්නේ නැහැ …’
මම ඉස්සරහට තිබ්බ අඩිය ආපස්සට තියලා එයා දිහා බැලුවා ..එයාගේ මුහුණේ තිබ්බේ ලොකු ආදරයක් ..අදහන්න ඒ මුහුණේ තිබ්බේ මං ගැන අනුපමේය ආදරයක් …
‘ඔයා යන්න අයියා ….. ඔයාගේ එක්සෑම් ඉවරවෙලා අපි ආයෙම හම්බවෙමු …’
දිනිතගෙන් වෙන්වෙලා තිබ්බ හැම අඩියක්ම මට දැනුනේ ගින්දර උඩ තිබ්බ අඩියක් වගේ …. ඉස්සරහට කරන්න ඕන මොනවාද කියලා මම තීරණය කරලා තිබ්බේ ….
‘හිරූ … ’ ඉස්කෝලේට අඩිය තියන්න මීටර් ගානක් තියෙද්දී මගේ ඉස්සරහට ආවේ අනුප …
‘ අනුප …. ’
‘ඔයා ඇයි හිරු අපිට මෙහෙම කලේ …’ එයාගේ මුහුණේ තිබ්බ වේදනාව මට අදුරගන්න අමාරු උනේ නැතත් මම හිත ගලක් කරගත්තා ….
‘තේරුමක් නැති සම්බන්ධයක් වෙනුවෙන් ඔයා නාස්ති වෙන්න එපා අනුප … සදු දැන් හිත හදාගෙන ඉන්නේ … ‘
‘හිරූ …මම සදු වෙනුවෙන් හැමදෙයක්ම අත අරින්නම් .. මට මගේ සදුව දෙන්න … මම දන්නවා මම වගේම එයත් දුක් විදිනවා ..’
‘එයා හිත හදාගයි ….ඔයා දුරට වෙලා හිටියොත් …’ මම එහෙම කියලා අඩිය ඉක්මන් කලේ අනුප මග අරින්න ඕන උන නිසා ..
‘අපේ ජිවිත වලට ගින්දර අවුලලා ඔයා කොහොමද කොල්ලෙක්ට ආදරේ කරන්නේ ..’’ ඉස්සරහට පැන්න අනුප පාර හරස් කරලා එහෙම අහද්දී මට දැනුනේ එකපාරම මගේ ඔළුවට හෙනයක් වැදුනා වගේ වේදනාවක් ….
‘අනුප ….මට යන්න දෙන්න ..ඔයාට අයිතියක් නැහැ මගෙන් ඕවා අහන්න …’
‘සදුට ආදරේ කරන්න අයිතියක් නැත්තම් ඔයාටත් අයිතියක් නැහැ …මගේ ආදරේ නැති කරලා දැම්ම ඔයාට ආදරේ කරන්න කොහොමත් අයිතියක් නැහැ ..’
අනුප ගින්දර පිටවෙන ඇස් වලින් මගේ දිහා බලාගෙන හිටියේ …
‘ඔයාට අදාළ නැති ඒවාට මැදිහත් වෙන්න එපා …’
‘මට අදාලයි . ….ඔයා මගේ සතුට නැති කරලා දැම්මා …ඔයාට කිසිම අයිතියක් නැහැ ආදරේ කරන්න ’
අනුප කෑ ගහලා එහෙම කියද්දී පුජනී කොහෙද ඉදලා දුවගෙන ඇවිත් මගේ අතක එල්ලුනා ..
‘ඇයි ඔයා මගේ තාත්තාද මට ඔය විදිහට කියන්න …’
‘වරෙන් හිරු මෙන්න මෙහෙ යන්න ….උබ ඉන්නේ යුනිෆෝම් එකෙන් …දැනටම ඉස්කෝලේට මේ ආරංචිය ගිහින් ඇති …’
මට ඕන උනේ අනුපගේ කනේ ඇගිලි ගහගන්න දෙක තුනක් කියන්න උනත් පුජනී මාවත් ඇදගෙන ඉස්කෝලේ පැත්තට ගියා ….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *