35

අචින්තයී අපේ ආදරේ

35

ආදරය කියන්නෙ මහා පුදුමාකාර දෙයක්..ලග ඉද්දි රන්ඩු කරන්නම හිතෙනවා..රිද්දන්නම හිතෙනවා..ඒත් තත්පරේකට හරි ඈත් උනාම පුදුම පාලූවක් තනිකමක් දැනෙනවා..අනේ ආයේමත් ආයේත් සැරයක් දකින්න,කතා කරන්න,හුරතල් වෙන්න ,රන්ඩු වෙන්න තිබ්බ නම් කොච්චර හොදද හිතෙනවා..එයා ලග ඉද්දි හිතට දැනෙන සතුට සැනසුම ඉතින් මෙතැකයි කියලා කියා නිම කරන්න බැරි හැගීමක්..
පබාගෙ මතකයෙන් හිත පුරෝගෙන නිදාගත්තු මන් අවදි උනෙ පාන්දර හතරටත් කලින් පෝන් එක රින්ග්ස් ගිය නිසා…
ශුව එකට මැටි පබා තමා..ඉන්නාකො මන් කොලන්නම් අද හොදම හොද වැඩක්..
පෝන් එකට හෙලෝ නොකියා මන් අහන් උන්නා
ලොක්කියෙ
අපොයි දෙයියනෙ අප්පච්චි..කවදාවත් නැතුව මේ උදේ පාන්දර..මොකො මෙ ..ගෙදර කාට හරි කලබලයක්ද..
මගෙන් උත්තරයක් නොලැබුනු තැන අප්පච්චි ආයෙම කතා කලා..ඒ කටහඩ කලබලයි..දැන් නම් මගෙ පපුවත් ඩිග් ඩිග් ගානවා..
අ අප්පච්චි
ලොක්කියෙ මැනිකෙ හොදින් නේද
ඇයි අප්පච්චි එහෙම ඇහුවෙ මන් හොදින්
අනෙ මන් ලොක්කියෙ නරක හීනයක් දැක්කා මයෙ මැනිකෙ
ම් මොකක්ද අප්පච්චි
දන්නෙ නෑ පුතෙ අවුරුදු ගානකට පස්සෙ මන් උඹලගෙ අම්මව දැක්කා .එයා ඇවිත් මගෙන් සමාව ඉල්ලුව මැනිකෙ..උඹත් උන්නා එතන…තව දෙතුන් දෙනෙකුත්..මයෙ ලොක්කි අඩනවා දැක්කා ..අර පොඩි කාලේ කකුලු පිච්චුනු දවසෙ ඇඩුවා වගෙ මාව බදන්..මගෙ මැනිකෙ මොනවත් කරදරයක්ද
අප්පච්චි මේ දේවල් කියද්දි මට උඩට ගත්තු හුස්ම ටික පහලට ගන්න හැටි අමතක උනා..දෙයියනෙ ඒ සේරම ඇත්තනි..අම්මා..
අනික ඒ සේරම මට අප්පච්චි ගැන තියෙන ආදරෙ තවත් වැඩි වුනා..දරුවෙක්ට හීනෙකින් වත් කරදරයක් වෙනවට දෙමව්පියො කැමති නෑ..ඒ තමයි උත්තරීතර මව්පිය සෙනෙහස ..අද මේ හීනයක් නිසා මෙලො සිහියක් නැතුව මහ පාන්දර කතා කරන්නෙ මා වෙනුවෙන් උපන්න දාරක සෙනෙහස නිසා නෙමීද…
අනිත් එක අප්පච්චි දැකපු හීනෙ ඒක ඇත්තක්..ඒත් දෙයියනෙ කොහොමද මන් කටක් ඇරලා කියන්නෙ අම්මා ලන්කාවට ඇවිත් ඉන්නෙ..මේ මන් ලගම..එයාගෙ අනිත් මිනිහගෙ පුතා මට ආදරෙයි මමත් ආදරෙයි කියලා..අප්පච්චි දැන ගත්තොත් මොන වගෙ තීරනයක් ගනීද අනෙ මන් දන්නෙ නෑ…
ලොක්කියෙ
තාමත් අප්පච්චි ලයින් එකෙ කියලා මතක් උනෙ දැනුයි…
අප්පච්චි
ඇයි දරුවෝ කතා කරන්නෙ නැත්තෙ..මොනාද මගෙන් හන්ගන්නෙ..කරදරයක් නෑ නේද මැනිකෙ
පව් අප්පච්චි..එයාට මාව දැනෙනවා ඇති..ඇත්ත මට එයාගෙන් මුකුත් හන්ගන්න බෑ..මේ හැමදෙයක්ම නිදහසෙ අප්පච්චිට කියන්න ඕනී..ඒත් දැන් අප්පච්චිට මේ දේවල් කියන්න මේ වෙලාව නෙමීයී…
මුකුත් නෑ අප්පච්චි මන් හොදින්
කවද්ද ඔයා එන්නෙ..දුවෙ..මට දරුවෝ ඔයා ඇස් දෙකට දකිනකම් නිවනක් නෑ
මේ සෙනසුරාදා එන්නම් අප්පච්චි
හ්ම්ම් ඒකට තව දවස් හතරක් තියෙනවා..හොදයි පුතෙ පරිස්සමෙන් මැනිකෙ..මන් යනවා වත්ත පහලට් පොල් වැටිලද් බලන්න…
හොදයි බුදු සරනයි අප්පච්චි
හුම්ම්..අප්පච්චි පබා සම්බන්දව මොන වගෙ තීරනයක් ගනීවිද මට හිතා ගන්න බැ..
ටික වෙලාවකින් අනිත් අයත් ඇහරන් ආවා..අපි කියො කියො උදේට කන්න හැදුවා..
වොශ් දාන් ලෑස්ති වෙලා යන්න කලින් මැටි පබාට මැසේජ් දාලා මන් ආවා..
මැට්ටනම් තාම දොයි ඇති..අල්ලගන්නකො මට උලුදු වඩෙ දුන්නෙත් නෑ..මෝඩයා..

මන් කැම්පස් එකෙ ලෙක්චර්ස් ඉවර වෙලා එලියට එද්දිම මෙන්න මගෙ මැට්ටා ඇවිත් .මෝඩයා මගෙ..උන් හිටි තැනුත් අමතක වෙනව මේ මෝඩයා දැක්කම..

මන් දුවගෙන එයා ලගට ගියා..

මැට්ටා .කොහෙ යන ගමන්ද ආ

හොස්පිට්ල් ගියා සුදු ආප්පෙ..

හුම්..අම්මට මොකද

අද හවසට ටිකට් කපයි මගෙ හිතෙ

එහෙමද ..හ්ම්ම්

මැනිකො

ම්ම්

තවම තරහද අම්මා එක්ක

නෑහ්

එහෙනම් ඇයි බලන්න නොයන්නෙ

මට කවදාවත් එයාට සමාව දෙන්න බැරි වෙයි

මන් හින්දාවත්

දන්නෙ නෑ..බස් එකක් එනව් මන් යන්නම්

මෝඩියෙ මන් ආවෙ එක්කන් යන්න..නගිනව පිස්සු නැතිව..

හුම්

හුම් හුම් ගාන්නෙ බස්සියෙක්ද

නෑ

එහෙනම්

සුදු ආප්පයක්

හා හා පිලිගන්නවනෙ නෙ නම

ඔව්

හරි හරි යන්..

අපි ඉස්සරහට ඇදුනා..

මැට්ටි

ම්ම්

ඇයි අද කතා නැත්තෙ

මුකුත් නෑ

කෝ බලමු..බොරු නෙ මේ ඔක්කොම ඇදන් ඉන්නෙ

ඔයා නම් මහ හොද නෑ..

මන් යමින් ගමන් මැට්ටව කෙනිත්තුව

ඒයි මෝඩියෙ..කුචි..පාර මෝඩියෙ..

ආ මේ පාරද

මන් තවත් එයාව කෙනිත්තුව..ඇදන් ඉන්න ඇදුමෙ ගනකමට් එයාට රිදෙන්නෙ නැද්ද කොයිද..කුචි වෙන්න ඇති ..ඇබරෙන්නෙ

මැට්ටියෙ වාහන යනවා මෝඩී..ඉන්නවකො අහු උනාම ඕවාට ගෙවන්න වෙයි ඇරියස් එක්ක..

ඈ ඒ කොහොමද..අනික මන් අහු වෙන්නඑන්නෙ නෑනි

හා හා ඒවා මන් බලා ගන්නම්කො..ඕක මහා ලොකු දෙයැක්‍යැයි පැන්නා බැල්කනි එකෙන්..ආවා මැට්ටිගෙ රූම් එකට..උස්සන් ආවා..ආයෙ මහ ලොකු දෙයක් යැයි

හා හා එතකම් මන් නිකම් ඉදියි..

ම්ම් ඔව් ඔව් නිකම් තමයි ඉන්න වෙන්නෙ

කතාවෙන් කතාව ස්කීම් එකට එනකම්ම දැනුනෙ නෑ..

මැට්ටි අද වැඩ ගොඩායි..මන් එහෙනම් යනවා..කාලා බීලා නාලා ඉන්නො..රෑට කතා කරමු..හරිද

ආයෙත් කොයිද යන්නෙ

මේ අම්මට ඕන කරන බෙහෙත් වගයක් ..ඒකත් අරන් දවල්ට කන්නත් අරන් එන්නම්..අද ආච්චම්මත් කීලීනික් ගිහින්..පරිස්සමෙන් ඉන්න

ඉතින් දැන් එනගමන් ගන්න තිබ්බනෙ

ඉතින් මෙ මෝඩියෙක් දැක්කම අමතක වෙනවනි සේරම..හරි හරි ඕන් අපි කැපුනො

ම්ම් මෙයා නම්..මැට්ටා මගෙ..

——-
ආයෙම එයා මට කතා කලෙ රෑ හතා මාරට විතර..මන් උන්නෙ කැම්පස් එකෙ නෝට්ස් වගයක් ලිය ලිය

අම්මා දිග හුස්මක් හෙලුවෙ මේ කතාව කීවට පස්සෙ එයාගෙ හදවත නතර වෙයි වගෙ දැනුනු හින්දද මන්දා..මාරුවෙන් මාරුවට මාව,ස්නේහා නන්ගිව,සෙනුර මල්ලිව,පබාව බලපු අම්මා බිත්තිය දිහා බලාගෙන එයාගෙ කතාව කියන්න පටන් ගත්තා..

හ්ම්ම්..අහගන්න..මන් වැරදියි තමයි..ඒත් මමත් මනුස්සයෙක් හිතක් පපුවක් තියෙන..හැගීම් දැනීම් තියෙන..

අපෙ පවුල තමයි ගමෙ යමක් කමක් තිබ්බ එකම පවුල..අම්මයි අප්පච්චියි අයියලා පස් දෙනාටයි උන්නු එකම කෙල්ල මන්..ස්කෝලේ ගියෙ ආවෙ කාර් එකෙන්..මට හොදට ඉගෙන ගන්න පුලුවන්..කොන්වන්ට් එකක ඉගෙන ගත්තෙ මන්..

මුලින්ම අපෙ කාර් එක එලව්වෙ වයසක කෙනෙක්..සයිමන් මාමා කියලා..එක දවසක් එයා අසනීපයි කියලා පනිවිඩෙ ආව..ඵස්සෙ මට දවස් දෙකක් තුනක් පාරෙ බස් එකෙ යන්න උනා..අම්මවත් අප්පච්චිවත් අයියලවත් කැමති උනෙ නෑ මාව පාරෙ බස් එකෙ යවන්න..ඒ හින්දමයි සයිමන් මාමගෙ ලොකු පුතව වැඩට ගත්තෙ..

පිටස්තර පිරිමියෙක් ඇසුරු නොකරපු මට එ අලුත් කොල්ලා එක්ක ඇයි හොදැයියක් පටන් ගත්තු එක තරම් වෙන සතුටක් තිබ්බෙ නෑ..මට යන්තම් පහලවක් ඇති..ස්කෝලෙයි ගෙදරයි ලොකෙ වෙලා තිබුනු මට සනත් ගෙ ආදරෙ ගෙනල්ලා දුන්නෙ පුදුම සතුටක්..ගින්දරයි පුලුනුයි එකට තියන්න හොද නෑ කියන්නෙ කට කහනවට නෙමී නෙ..මගෙත් සනත්ගෙත් ආදරෙ නිසා මට සම්මානි ලැබෙන්න ආවා..හිතා ගන්න බැරි උනා මොකො කරන්නෙ කියලා..දවසින් දවස සුදු ගවුම හිර වෙද්දි තව දුරටත් ලෝකෙන් වසන් කරන් ඉන්න එක ලේසි උනෙ නෑ..

දවසක් ස්කෝලෙ කලන්තෙ දාලා වැටිලා අම්මව ගෙන්නුවා..ඩොක්ට ගාවට ගියාම දැන ගත්තු දෙයින් අම්මා එතන විලාප දුන්නා..ගෙදර එක ගාල ගෝට්ටියයි..අම්මා එහෙන් අඩනව..තාත්තා අහස බලන් ඉන්නවා…..අයියලා එහෙන් පොලොවෙ අඩි හප්පනවා..මට බයයි සනත්ට මොනා හරි කරාවි කියලා..අයියලා කීවෙම ගගෙ මූදෙ දැන්මත් සනත් වගෙ හිගන්නෙක්ට මාව දෙන්නෙ නෑ කියලා..

පස්සෙ එදා රෑ ඔක්කොමල්ලා නිදා ගත්තට පස්සෙ මන් සනත් එක්ක පැනලා ආවා..

මගෙ රත්තරන් බඩුයි,බැන්කු පොතයි ඇදුම් ටිකකුයි එක්ක..සනත් එයාගෙ ඇදුම් දාන් ආවෙ ශොපින් උරේක..

අප්පච්චිලා සනත්ගෙ මහ ගෙවල් දන්න නිසා අපි අහුවෙන බස් එකකට නැග්ගා..ඇරත් සනත්ලගෙ ගෙ පුන්චියි .මන් ගිහින් තියෙනවා .නන්ගිලා දෙන්නෙකුයි මල්ලියෙකුයි එයාටත් ඉන්නවා..ඉතින් වැඩි හොදට අපි කාත් කවුරුත් නොදන්න පලාතකට ආවා

ඔයාලා තුන් දෙනා මතක් නොවුනා කියන්න බෑ..ඒත් වසන්ත ලග මේ දරුවා ලග නැවතුනු හිත ආයෙම අතීතෙට යන්න නැමුන්නෑ..ඔහොම ඉද්දි දරුවො ගැන හිතලා මන් රට ගියා..ඒ ගිහින් මන් ඔයාලගෙ ආච්චිට සල්ලි එව්වා..ඒ සල්ලි ඔයාලා එපා කීවා කියලා මට ආච්චි කීවා..ඒත් මන් මේ දරුවො තුන් දෙනාට වගෙම ඔයාලා තුන් දෙනා නමිනුත් සල්ලි තැන්පත් කලා..මේ තියෙන්නෙ ඒ පොත්..

එහෙම කියලා අම්මා මගෙත් පබාගෙත් අතෙ බැන්කු පොත් තුන තුන තිබ්බා පබා ඒවා පෙරලලා,බැලුවත් මන් ඒවා ආයෙම ඇද උඩින් තිබ්බා..සල්ලි වලින් බෑ අපිට නැති වුනු මව් සෙනෙහස දෙන්න..අනික අප්පච්චි ඔච්ච්‍රම නපුරු නම් ඇයි අපිවත් අරන් නොගියෙ..ඇයි අපි වෙනුවෙන් ඉන්න බැරි උනෙ..බදින්නෙ නැතිව ඉන්න තිබ්බනි..හ්ම්ම්

දැන් දුව හිතනවා ඇති ඇයි මන් බැන්දෙ කියලා ආයෙම..ගෑනියෙක්ට මේ ලොකෙ තනියෙන් ඉන්න බෑ..අනික මට එතකොට යන්තම් අවුරුදු විසි දෙකක් උනා විතරයි..හ්ම්ම් මන් ගොඩක් වැරදි ඇති දූ මට සමාව දෙන්න තරම් මන් සුදුසුත් නැතිව ඇති..

හිතුවෙ නැස් ආයෙම මැරෙන්න කලින් වත් මගෙ ලොක්කි බලන්න ලැබෙයි කියලා..ඒකත් මේ විදියට..මගෙ වැරැද්දට මේ දරුවට දඩුවම් කරන්න එපා..එයා ඔයාට ආදරෙයි ..හැමදාම රට ඉද්දි කෝල් කලාම අම්මා වගේම ලස්සන හොද කෙල්ලෙක් ලැබුනා කියලා මට කියනව්..වචන සීයක් කීවොත් ඒ සීයෙන් අනු අටක්ම දූ ගැන..ඩ්

මට තේරෙනවා දූ ඉන්න තත්වෙ..මන් ගැන කේන්තියෙන් ඇත්තෙ දූ..මමත් මනුස්සයෙක් මගෙ දුවෙ..

අම්මා මගෙත් පබාගෙත් අත් දෙක එකට අරන් එකතු කලා..

පබාගෙ තාත්තත් මමත් කැමතියි දූ සුද්දගෙ මනමාලි වෙනව්නම්..හොද අම්මෙක් වෙන්න බැරි උනාට මන් දූට හොද නැන්දම්මෙක් වෙන්නම්..
නේද වසන්ත..

අම්මා පබාගෙ තාත්තගෙ මූන බැලුවා..එයත් මගෙ ඔලුව අතගාලා..මෙහෙම කීවා

ඔව්දුවෙ දුව වගෙ යහපත් දරුවෙක් මගෙ පුතාගෙ වයිෆ් වෙනවට මන් කැමතියි..

ඒත් මන් කැමති නෑ..

එක පාරටම පිටිපස්සෙන් ඇහුනු ඒ වියරු සද්දෙ නිසා අපි කට්ටියම ගැස්සිලා පිටිපස්ස හැරුනා.

–මතු සම්බන්දයි– 

2 Comments

  1. hey there and thank you for your info – I have certainly picked up something new from right here.

    I did however expertise a few technical issues using this website, as I experienced to reload the web site many
    times previous to I could get it to load properly. I had been wondering if your hosting is OK?

    Not that I am complaining, but sluggish loading instances times will very frequently affect your placement in google and
    can damage your quality score if advertising and marketing with Adwords.
    Well I am adding this RSS to my email and can look out for much more
    of your respective intriguing content. Ensure that you update this again soon..
    Lista escape roomów

Leave a Reply

Your email address will not be published. Required fields are marked *