36. වන කොටස.

මියෙදෙන තුරා..

ඔවුන්ගේ වදන් වලින් සැනසී තිබු මගේ සිත නැතත් අව්ල් වී ගියා. අැත්තටම ලොකු මල්ලී ගෝලබාලයෝ ටිකත් අරන් අැවිත් මාව අැදන් ගියොත්. මොන දෙවියන්ට කියන්නද?. දැන් මට මෙහෙනුත් හැංගෙන්නද වෙන්නේ. දැන් ඉතිං කොහේ කියලා යන්නද?.

” මන්ත්‍රී බේබීට අැමති පට්ටමකුත් ලැබෙන්න යනවලු. අපි ඉදලා හමාරයි.”

”නිල්මී අක්කේ මොනවද කල්පනා කරන්නේ.”

” ඊ ළගට මම කොහෙද යන්නේ කියලා.”

” අනේ නිල්මී අක්කේ ඔයා අායි කොහෙ යන්නද?”

”ඔයාලා කියන තාලෙට මට දැන් මෙහෙ ඉන්නත් බයයිනේ. දැන් ශාමිව විජී අයියට බලා ගන්නත් පුළුවන්නේ.”

මම කිසිත් නොසිතාම සිතට නැගුණ සියල්ලම කියාගෙන ගියා. මගේ හිතේ මැවුනේ ලොකු මල්ලී ගමම දෙවනක් කරලා මාව අාපහු අරන් ය හැටි.

” අනේ පිස්සී. අපි ඒහෙම ඔයාව අරන් යන්න දෙනවද? යන්න අකමැති අයව අරන් යන්න අපි දෙන්නේ නෑ.”

මගෙයි සිගිතිගෙයි සංවාදය දෙස බලන් වුන් විජී අයියා සිනා මුසු මහුණින් කිව්වා. අැත්තටම ඔවුන්ට මම ඔවුන්ගෙම කෙනෙක් වෙලා. අාගන්තුක විජී අයියත් මේ පවුලෙම කෙනෙක් වගේ ඔවුන් සැලකුවේ. ඔහුගේ සැබෑ විස්තර දැන ගැනීමට මට සිතුවත් ඔහු කියනට අකමැති බව මම දැන වුන්නා.

” මෙයා සිරීයස් ගන්නවනේ සේරම අපි මේ ඔයාව අවුස්සන්න කිව්වේ.”
” දෙවියනේ ශාමී නගා. ඔයාට දැන් හොදයිද? දැන් ඉද ගන්නත් පුළුවන්.”

මෙතරම් වෙලා කතාවට වැටී වුන් නිසා ශාමලී ඉදන් ඉන්න බව විජී අයියා දකින්නට නැතුව අැති. අැය දැකීමෙන් මහත් සතුටට පත් වූ ඔහු කෙලින්ම අැය අසල දණ ගසා ගත්තා.

” ටිකක් හොදයි විජී අයියේ.”

” ඉක්මණින් හොද වෙයි. අපි ඒතකොට පුතා අාපහු ගේමු ශාමී නගා. උන්ට දරුවගේ අයිතියක් නෑ. උසාවී ගියත් නගාටයි දරුවා අයිති. බය වෙන්න ඒපා මම පුතා ගෙනවා අපහු.”

ශාමලීගේ මුහුණම කදුළු වලින් පෙගී ගියේ බලන් සිටියදීමයි. ශාමලී විජී අයියායි ඒකතු වුනෝත් හොදයි මගේ හිතුවා. ඒත් මගේ හිත ඒක අකමැතී කියලා මට නිතරම දැනුනා. නමුත් මම ඒ පිළිබද කල්පනා කරන්නට උත්සහ නොකලේ ඒය මොඩ හැගීමක් කියලා හිතලා.

” අද කට්ටිය හුගයි මම තේ ටිකක් හදන්නම්.”

මම කුස්සිය දෙසට යන්න හැරුනා.

”මොනවා ලොකු බේබීට දැන් තේ හදන්නත් පුළුන්ද?”

”අායි ලොකු බේබී කියන්න ගත්තා”

”හරි හරි නිල්මී අක්කා.”

”පොඩ්ඩෝ.”

”මොකේ”.

මා සමග විහිළු කරමින් සිගිතිත් මා පසු පසම කුස්සිය දෙසට අාවා. සමහර විට විජී අයියයි ශාමී අතර සම්බන්ධයක් තියෙන බව පොඩ්ඩා දන්නවා අැති. ඒකනේ ඒයාලට කතා කරන්න ඉඩ දීලා කුස්සියට අාවේ. සිතින් මෙනෙහි කරමින් කේතලයට වතුර දමා ලිප මත තැබුවා. යටින් දර කෑලි කිහිමයකුත් ලිප ළග වු දර කැබලී කීපයත් ළං කර මම ලිප අැවිලුවේ නිහඩවමයි.

”නිල්මී අක්කේ අැත්තටම ඔයාට මෙහෙ හොදයිද ? වලව්වට වඩා.”

”ඔව් පොඩ්ඩෝ. ඒත් මට බයයි ලොකු මල්ලී මාව හොයන් ඒයිද කියලා.”

”ඒයි ඒයි ඒත් ඔයාව ගෙනියන්න ලැබෙන්නේ නෑ ඒයාලට.”

” ඔයා කොහොම විශ්වාසයෙන් කියන්නේ. මාව අායි අරන් ගියොත් නම් ඉවරයි.”

” බය නොවී ඉන්න . මන්ත්‍රී බේබී මේ දවස් වල නම කැත කර ගන්න කැමති නෑ. ඔයා මහේ ඉන්න බව දැන ගත්තත් ඒයා කළබල කරන්නේ නෑ. මොකද අැමතිකමට ප්‍රශ්නයක් වෙයි කියලා. දන්නවනේ අපේ තාත්තාගේ කට , අනික විජී අයියත් ඉන්නවනේ. ඒයා මෙයාලගේ කට අැවිස්සෙනවට බයයි. නිල්මී අක්කා බය නොවී ඉන්න.”

” අැයි අපේ මල්ලී විජී අයියට ඔය තරම් බය.”

”විජී අයියා දන්නවා මන්ත්‍රී බේබීගේ සේරම හොර වැඩ ඒකයි. විජී අයියා කට අැරියොත් සේරම පට්ටම් ඉවරයි.”

”ඔය හොර මන්ත්‍රියව අල්ලලා දෙන්න තියෙන්නේ.”

”ඔයාගේ මල්ලිනේ කමක් නැද්ද?”

”මල්ලී නෙමේ කවුරු වුනත් වැරදි කරොත් දඩුවම් දෙන්න ඔනේ.”

” ඒයාට දඩුවම් ලැබෙයි ගානට.”

සිගිති මා සමග මා නිවසින් පැන අා දවසේ සිදු වූ සියල්ල මා සමග කිව්වා. ලීලම්මට හොදටම අප්පච්චී බැනලා තිබුනා. ඒයාලගේ මුල්ම සැකේ මම මෙහෙ අා බව. ඒත් ඒයාලා දෙතාවක්ම අැවිත් බැලුවත් මම මෙහෙ නොසිටිය නිසා ඒ සැකේ දුරු වෙලා තියෙනවා. මම හිතන්නේ. මම අර නාදුනන ගෑනු කෙනාගේ ගෙයි ඉද්දී ලොකු මල්ලියා අායිත් පාරක් ඒන්න අැති.

ඊට පස්සේ කවුරුත්ම හිතලා නෑ මම මෙහෙ අැති කියලා. දැන්නම් ගෙදර අය මාත් ඒක්ක හුගක් තරහින්ලු ඉන්නේ. මම සුමේධ අයියට කියලා අවේ නොදන්න ගානට පහු වෙනිදා අපේ ගෙදරට අැවිත් මගේ පිට වැරුද්ද දාලා යන්න කියා. ඒත් මම අාපු දවසෙම පාන්දර සුමේධ අයියාත් දරුවෝ දෙන්නා ඒක්ක මෙරටින් පිට වී ගිහින්ලා. කට්ටිය සැක කරලා තියෙන්න ඒයාලගේ බිස්නස් ඒකට උදවු කරන්න වෙනවට මම සුමේධ අයියා ඒක්ක රටින් පැනලා කියලා. ඒයාර් පොර්ට් ඒකෙනුත් බැලුවම මම ගිහින් නැති බව දැන ගෙන. ඒත් දැන් කට්ටියට මම ඉන්න තැනක් හොයා ගන්න බැරුවලු ඉන්නේ. ඒත් ළගදිම අායි මෙහෙ ඒන්න ඉඩ තියෙනවාත මම අනුමාන කලා.

” මොකද දෙන්නගේ කයිය අපිට තේ නැද්ද?”

විජී අයියාගේ අැගට බරවී සිටන් සිටියේ ශාමලී.

” අනේ ශාමී ඔයා අැවිදිනවා. ”

” ඔව් නිල්මී මම අායි දෙපයන් හිට ගත්තා.”

”අනේ මට ඒන සතුට කියා ගන්න බෑ.”

සියල්ලන්ගේම මුහුණේ තිබුනේ කියාගන්නට බැරි තරමේ සතුටක්.

” තාත්තා දැන ගත්තාම සතුට දරා ගන්න බැරුව යයි. මම දන්නවා තාත්තා මටත් වඩා අක්කට අාදරෙයි කියලා.”

”අනේ විකාර නොකියා ඉන්න පොඩ්ඩෝ. තාත්තට අපි ඔක්කොම ඒකයි.”

ඒ කියන්නේ සෝමේ මාමාත් දන්නවද විජී අයියා ශාමිට අාදරේ බව. මොන මගුලකටද මම ඔවා මම මටම දොස් පවර ගත්තා.

” විජී අයියේ ශාමීව මේ පුටුවෙන් වාඩි කරන්න.”

මම කුස්සියේ තිබු ඒකම ලී පුටුව ඔවුන් අසල තබමින් කියා සිටියා.

” කට්ටිය තේ ටිකක් බොමු නේද? ”

මම පළමු තේ කෝප්පය ශාමලීගේ අතට දෙමින් කිව්වා. අැයට දැන් තනියම යම් දෙයක් කර ගැනීමේ හැකියාව ලැබී තිබුනා.

” ශාමී නගා තනියෙන් බොන්න පුළුවන්ද ? මම පොවන්නද?”

” නෑ නෑ මට පුළුවන් විජී අයියේ.”

අැය තනියම තේ කෝප්පය තොළ ගාන්න වුනා. සිගිතිත් තෝ ඒකෙන් ඒක උගුරක් පානය කර මා දෙස බැලුවා.

” මාර රසයිනේ නිල්මී අක්කේ. මේ ටික දවසට ඔයා සෑහෙන්න දේවල් ඉගෙන ගෙන වගේ. අැත්තමයි ලීලා නැන්දගේ තේ ඒක වගේම රසයි.”

”අනේ බොරු වර්ණනා නැතුව ඉන්න පොඩ්ඩෝ.”

මම ලැජ්ජාවෙන් යුතුව කියා සිටියා.

” අනේ පව් නිල්මී මම නිසා මේ ගෙදර වැඩ සේරම තනියෙම කරනවා. මගේ වැඩත් කරණවා. මට හොද වුනාම මම නිල්මිව බලා ගන්නම්.”

”හොද වුනාම බලාගන්නකෝ. ඉක්මනට හොද වෙන්නකෝ මුලින්.”

මුවින් ඒසේ කිව්වත් හිත කිව්වේ වෙනත් දෙයක්. කොහොමත් දවසක මම අසනීප වුනාම ඔයාට මාව බලා ගන්න වෙයි ශාමී. හිත පෙරළි කලේ ඒලෙසින්.

සති දෙකක් පමණ ගෙවි ගියා. සිගිතිත් දවස ගානෙම වගේ අපි බලන්න ශාමලීලගේ ගෙදරට අාවා. සිගිති ටිකෙන් ටික මට පොඩ්ඩා බවටම පත් වී තිබුනා. පොඩ්ඩා ලීලම්මාට මම මෙහෙ බව කියා තිබුනා. ඒ අාරංචිය නිසා ලීලම්මා හුගක් සැනසීමෙන් ඉන්න බව පොඩ්ඩා මට කිව්වා. ගෙදර අනික් අය නම් මට සැහෙන්න දොස් කියන බවත් වෙෙරකරන බවත් පොඩ්ඩා මට කිව්වා. ශාලින්ද මල්ලී කාටත් හොරා පොඩ්ඩගෙන් මා ගැන අැසු බවත් පොඩ්ඩා මට කිව්වා. සමහර විට සුමේධ අයියා ශාලින්ද මල්ලිට යමක් කියා අැති මගේ හිත කිව්වා.

දිනෙන් දින ශාමලි සුව අතටම හැරුනා. ශාමලී අැගේ වෙෙද්‍ය සායනයට ගියේ අැගේ දෙපයන් මයි. අැය දැන් අැවිදිමේ හැකියාවත්, තමන්ගේ වැඩ කර ගැනිමේ හැකියාවත් ලබා තිබුනා. ගෙදර වැඩ කටයුතු වලට උදව් වීමටද අැය උනන්දු වුනා. නමුත් මම අැයට ඒම වැඩ වලට ඉඩ නොදුන් නිසා අැය මා සමග අමනාප වුනා.

මම හැමදාමත් දවස අවසානයේ නින්දට කලින් නිවසින් බැහැරට ඒද්දී රැගෙන අා මට ජීවිතයටත් අමතක කළ නොහැකි දරුවන් දෙදෙනාගේ චායා රුව දෙස බලා නෙතින් මොදු වන කදුළු බිදුවට කොට්ටයේ පුළුන් අතර සැගවෙන්නට ඉඩ හැරියා. මේ සිදුවීම දිනක් නෙත ගැටුණු ශාමලී මගෙන් ඔවුන් ගැන අසා සිටියා . මම අැය සමග මා හට ඔවුන් හමු වූ අයුරුත් ඔවුන් මගේ ජීවිතයෙන් මගහැරුණු හැටිත් කියා සිටියා. සියල්ල නිහඩව අසා සිටි ශාමලී අැගේ නෙතේ කදුළු පිස සගවන්නට වෑයම් කලා.

” අැයි ශාමී.”

” මට පුතාව මතක් වුනා නිල්මී. ඒයා මාව හොයන්න අැති හුගක්. පව් මගේ අහිංසක දරුවා.”

”දැන් ඔයාට හුගක් හොදයිනේ .මමත් ඉන්නවනේ. අපි විජී අයියට කියමුද දරුවා ගෙන්න ක්‍රමයක් යොදන්න කියලා.”

”අනේ ඔව් පුළුවන් ඉක්මණට මගේ පුතා මගේ ළගට ගන්න ඔනේ.”

” පුතා අාවම මගේ වේදනාවත් ටිකක් හරි අඩු වෙලා යායි ශාමී.”

”ඔයා මම නිසාද සුමේධ අයියව නැති කර ගත්තේ. අපරාදේ. ඔයා කිව්ව විදියෙන්ම මට හිතුණා .ඒයා හුගක් හොද කෙනෙක් කියලා.”

ඊ ළග කොටසින් හමු වෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *