37. වන කොටස.
මියෙදෙන තුරා..
”ඔයා නිසා නෙමෙයි ශාමී. ඒක මගේ නොලැබීම. චුටි දූ දවස් ගානක් රණ්ඩු
කරන්න අැති මාව ඉල්ලලා. සුමේධ අයියා කොහොම නලවා ගත්තද
දන්නෑ.”
අපි දෙදෙනාම අපෙන් අැත් වූ දරුවන් පිළිබද කතා කරමින් දුක් වුනා.
මගේ හිත මට දොස් නැගුවේ දැන් බොරුවට නඩා ඉන්නවා. ඔයා විහින්
මයි දරුවෝ දෙන්නයි සුමේධ අයියයි නැති කර ගත්තේ කියලා. මට සමාව
දෙන්න දෙවියනේ මම කරන්න දෙයක් නැති නිසාමයි ඒයාලගෙන් අෑත්
වුනේ. මම අාස නෑ මගේ මරණය නිසා ඔවුන් වේදනා විදිනවා දකින්න.
දැන් ඒයාලට වැඩි කල් යන්න කලින් මාව අමතක වෙයි. දැන් ඒයාලා
ලංකාවෙත් නැහැනේ. මම මගේ හිතේ දොස් පැවරීම යටත් කර
ගැණිමට හේතු ඉදිරිපත් කළා.
”ශාමී නගා… නිල්මී නගා….’
අපි දෙදෙනාටම අමතමින් ගෙට ගොඩ වන්නේ විජී අයියා බව
කටහඩින්ම අපි අදුර ගත්තා. මම මේම නිවසෙහි වෙසෙන බව ගෙදර
අාරංචී වී අැති බවත් පොඩ්ඩාගෙන් දැන ගන්නට ලැබුනා. නමුත්
ඔවුන් මා සොයා නොපැමිණිම මට ලොකු සහනක් වුනා. මම දැන්
නිවසින් පිට වී මාස දෙකක් ගත වී තිබුනා. නිවැසියන් මා වැනි දරුවෙක්
සිටිනා බවද පහසුවෙන් අමතක කර අැති බව පොඩ්ඩා කිව්වා.
කාටවත්ම මගේ නමවත් කීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා. මට
ඔවුන් ගැන පුදුමයක් නැහැ. පුංචී මල්ලී අමතක කර දැමු අාකාරයටම
මාවත් අමතක කරන්නට අැතැයි සිතා මම සිත සනසා ගත්තා.
”කෝ මේ දෙන්නා..”
කෙලින්ම අපි සොයාගෙන් ඔහු කුස්සිය දෙසට අාවා. ශාමලිත් මමත්
හිටියේ රාත්‍රියට කන්නට ඉදි අාප්ප පිසිමින්. මම ඉදි අාප්ප පිසීම දැකවත්
තිබුනේ නෑ. ශාමලී මට ඉදි අාප්ප හදන අාකාරය කියා දුන්නා. දැන් මට
හුගක් අාහාර වර්ග නිවැරදිව පිස ගැනිමේ හැකියා ලැබී තියෙන්නේ
මෙහෙ නවතින්න අා නිසා.
” අද රෑට ඉදි අාප්පද?”
” ඔව් අැයි අකමැතිද?”
” අපෝ නෑ . මටත් ඒක්කද හදන්නේ.”
” නැතුව ඔයාටත් ඒක්ක තමයි මේ ගෙදර හැම කෑමක්ම ඉදෙන්නේ.”
ශාමලී ඒ බව කිව්වේ තරමක් අමනාපයෙන්.සැමදා ඔහු අාවත් නාවක්
ඔහු වෙනුවෙන් පංගුව වෙන් කර තබන අැයට ඒය වේදනාවක් වන්නට අැති.
” අපෝ කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑ . නේද නිල්මී නගා.”
”ඔයා නම් හරි නරකයි විජී අයියේ.”
”ඔව් මම හරි නරකයි තමයි. අා…”
ඔහු අතේ ඒල්ලාගෙන උන් ඒළවලු පිරවු මල්ලක් ශාමලී අත තබමින්
කිව්වා.
” අද පොළක් නෑනේ . විජී අයියා කොහෙන්ද ඒළවලු.”
” ගෙනාපු කැන වැඩක් නැහැනේ. ඉදි අාප්ප කන්න මොනවද මාලු හද්නේ.”
ඔහු මාතෘකාව වෙනස් කරමින් කියා සිටියා.
” තව හිතුවේ නෑ මොනවා හැදුවොද්ද හොද?”
”හ්ම්…මම මාලු ටිකක් අරන් දෙන්නම් ටවුන් ඒකට ගිහින්. ”
”අනේ කරදර වෙන්න ඔනේ නෑ විජී අයියා.”
”මොන කරදරයක්ද මම ගිහින් ඒන්නම්.”
කියපු ඔහු පිටවි ගියා. ශාමලීගේ මුහුණේ තිබුනේ ඔහු පිටව ගිය
ඒක ගැන අකමැත්තක්. මම හිතන්නේ ශාමී විජී අයියා ඒනකන් මග බලන්
ඉන්න අැත්තේ. ඒකනේ දැන් මූණ පුළුටු කරන් ඉන්නේ. මගේ සිත නැතත්
අැගේ සිතුවිලි අනුමාන කරන්නට පටන් ගතත්තා.
” ශාමී විජී අයියා කොහේ කෙනෙක්ද?”
”දන්නේ නෑ නිල්මී.”
” දැන් ඉන්නේ කොහෙද?”
” ඒත් දන්නේ නෑ”.
” අැත්ත නම දන්නවද?”.
”ඒත් නෑ…”.
”මොනාද දන්නේ විජී අයියා ගැන.”
” හොද හිතක් තියෙන මාව හොදින්ම තේරුම් ගත්ත ඒකම පුද්ගලයා
කියලා.”
මම හිතුවා හරී ශාමියේ හිතේ විජී අයියා ඉන්නවා වගේ. මමත්
හොයන්නේ අනුන්ගේ මගුල්මනේ මම අායෙත් හිතට බැන වැදුනා.
” අැයි නිල්මී විජී අයියා ගැන අැහුවේ.”
”නිකන් අනේ. මේ පවුලට ළං වෙලා ඉද්දී මම හිතුවේ නෑදෑ කෙනෙක්
කියලා.”
” අනේ නෑයෝ නෙමේ. ඒත් දැන් නෑදෑයෝ වගේ තමා.”
මගේ හිත නැතත් ඔවුන්ව ජොඩු කරන්නට පටන් ගත්තා.
තවත් දින කීපයකට පසු. මම මිදුළ අමදිමින් සිටියා. මට හිතන්න වත්
අවස්ථාක් නොමැතිව ලී දෙකක් දමා හරස් කර තිබු වැට අසල කළු
වීදුරු සහිත් වැඩි වටිනාකම් සහිත වාහනයක් නතර වුනා. ඉන් දොරවල්
සියල්ල හැර ඒක වරම කීපදෙනෙක්ම රථයෙන් බිමට බැස්සා. ඊට පිටු
පසින් අාවේ රථ වැළක්. අද නම් මම ඉවරයි. කර කියා ගන්නට දෙයක්
නැති වූ මම ගේ දෙසට දුවන්න සැරසුනා.
” ලොකු අක්කේ.”
මට ඉබේටම අාපසු බැලුනා. ඔහු අසල වුන් පිරිස ඉදිරියට ඒන්න
උත්සහ ගද්දී ඔහු ඔවුන්ගේ ගමන අතින් සංඥා කර නැවැත්තුවා.ඉන් පසු
ඉදිරියම අැදුනු වු ඔහු හැද සිටි ක්‍රීම් පැහිති සරම හකුලා උසවගෙන
වැටෙන් පැන මා අභියසට අාවා. මම හිතුවේ දැන් ගහයි දැන් ගහයි කියලා.
” ලොකු අක්කේ වරෙන් විකාර නැතුව ගෙදර යන්න.”
ඔහු ඒක කිව්වේ හඩ පහත් කරලා වට පිට බලමින්. අසල්වාසින් ඒකා
දෙන්නා වටින් ගොඩින් නිවස දෙසට අැදෙමින් සිටියා.
”මට බෑ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.”
”මේ ගුබ්බෑයම් වල මොකට දුක් විදිනවද? කිව්වම අහලා වරෙන් ගෙදර
යන්න.”
ඔහු මගේ අතකින් තදින් අල්ලා අදිමින් කිව්වා. අනේ දෙවියනේ විජී අයියා
වත් නෑනේ. සෝමේ මාමා කොහේ ගිහින්ද මන්දා. මට ඔහු සමග පොර
බදන්න ශක්තියක් තිබුනේ නෑ. මම ඔහුගේ ශක්තිය හමුවේ ඔහු පසු පස
අැදී ගියා. ශාමලිත් අමාරුවෙන් දොර අභියසට වී කරකියා ගන්නට දෙයක්
නොමැතිව බලා හුන්නා.
”ලොකු මල්ලී මාව අතාරිනවා. කවුරුත්ම දන්නේ නෑ මම තමුසෙගේ
අක්කා බව. මම කෑ ගහනවා මට කරදර කරන්න හදනවා කියලා.”
ඒවර අැදන් යාම නවතා මා දෙස ගිනි ගන්නා දෑස් දල්වා බැලුවා. මගේ
හිතේ තිබුණ කේන්තිය බය කියන හැගීම මුළුමනින්ම යටපත් කර තිබුනා.
මම ඔහු දෙස කෝපාවිත දෑසින් යුතුව බලා හිටියා.
” කෑ ගහපන් බලන්න . උබ බේර ගන්න පුළුවන් ඒකෙක් මෙතන ඉන්නවද
බලන්න.”
” ඊ ළග පාර අැමතිකම් කරන්න ඔනේ නැද්ද?”
” අා ඒවත් දන්නවා නේද?”
” ඔව් දන්නවා. බලු වැඩ කරලා අැමති කමක් ගත්තා කියලා.”
ඒක් වරම අතකින් මගේ කට මිරිකා අල්ලා ගත් ඔහු තව තවත් අතැගිලි
තද කලා. මම දෑතින්ම ඔහුගේ දෑතින් ගැලවීමට උත්සහ ගත්තත්
ගැලවීමක් ලැබුනේ නැහැ. මගේ උදව්වට මගේ ළගට දුවගෙන අා ශාමලීද
ඔහු පසෙකෙට තල්ලු කර දැමුවා. තවම හරි සුවයක් නැති නිසා ශාරිර
ශක්තියක් නැති අැය විසිවී ගොස් මිදුල මත අැද වැටුනා.
” ඔය කට වහන් වරෙන් ගෙදර යන්න. අපට ලැජ්ජා කරන්නේ නැතුව.”
” අතෑරපන් මාව. මගේ ගේ මෙක. ඔබ මගේ කවුරුවත් නෙමෙ . ”
කොහොම හරි ග්‍රහනයෙන් මිදුන මම ඔහුට දෑතින්ම පහර දුන්නා.
” මේකිව අල්ලා වාහනේට දා ගනිල්ලා.”
ඒවර මට මැවී පෙනුන විදියට ලොකු මල්ලිගේ ගෝලබාලයෝ ටික
මාව උස්සගෙන වගේ ගියා. ඒහෙත් උත්සහය අත්නොහැරිය මම කෑ
ගහන්න වුනා.
” අනේ කිවුරුත් නැද්ද මාව බේර ගන්න. මේ අැමතියා මාව බලහත්කාරයෙන්
අරන් යනවා. කොහේ ගෙනියන්න හදනවද දන්නේ නෑ .අනේ මාව බේර
ගන්න.”
ඒතනට රැස් වි සිටි පිරිස අතර කසුකුසුවක් අැති වුනා මිස කිසිවෙකු
අැමතිවරයාට විරුද්දව අභියෝග කරන්න ඉදිරිපත් වුනේ නෑ. දැන් නම්
මට බේරුමක් නැ. මුන් මාව අතාරින්නෙම නෑනේ.
” අනේ මම මේ ගමට අළුත්. මම මේ අැමතියව අදුරන්නේ වත් නෑ. අනේ
මාව බේර ගන්න.”
වැටෙනුත් ඒහේ පැත්තට මාව ඔසවාගෙන ගොස් සිටි ඔවුන් මාව
වාහනයට දමා ගන්නට උත්සහ ගත්තා.
” උබ යමංකෝ ගෙදර .මම කවුද කියලා අදුන්නලා දෙන්න.”
සියලු දෙනාම වාහන වලට නැග පිට වන්න සැරසෙනවා. මට බේරුමක්
නෑ. මට නම් බෑ ඒ හිරගෙදර ඉන්න. මම මේ ගෙදර මොන තරම් නිදහසේ
වුන්නද?. මට තදට පපුවේ වේදනාව දැනෙන්න ගත්තේ ඒක වරමයි.
තිබු හිතේ වේදනාවත් සමග මම පපුව අල්ලගෙන හයියෙන් කෑ ගැහුවා.
ලොකු මල්ලිගේ ගෝලබාලයින් මා වට කරගෙන අල්ලාගෙන හිටියේ.
” ලොකු සර් ලොකු බේබීට අසනීපයක් වගේ.”
” නෑ නෑ ඔය මායම්. අපි යමං.”
” අ..නේ… මගේ… පපු..ව රිදෙන…වා. අනෙ..් ඉවස..න් ඉන්…න බෑ…..”
”අනේ නෑ ලොකු සර් අමාරුයි. මේ අැසුත් උඩ ගිහින්.”
”ඔය ඔකිගේ බොරු බං සද්ද නැතුව ඉදහල්ලා.”
” අනේ නෑ ලොකු සර් මේ බලන්නකෝ”
” කිව්වම ස්ටාට් කර ගනින් වාහනේ”
ලොකු මල්ලී රියදුරාට බැන වැදුනා. ඔලුව කැරකවීමත් සමග හතර
වටින් කළුවර වු අතර ශරීරය පණ නැතිව අසුන මත අැද වැටුනා.
ඊ ළග කොටසින් හමු වෙමු..