38

~~~සමනල වසන්තය~~~~
38 කොටස
‘ගුඩ් මෝර්නින් හිරූ …..’ පංතියට අඩිය තිබ්බ ගමන් මගේ ඉස්සරහට ආවේ පුජනී …නිවාඩු කාලේ කෙල්ල අල ගෙඩියක් වගේ මහත් වෙලා …
‘ගුඩ් මොර්නින්ග් …ගුඩ් මෝර්නින්ග් …උබ මොකද එකපාරට අලගෙඩියක් වගේ මහත් වෙලා …මටත් දීපන්කො උබ කෑම කන පිගාන ….’ පුජනිට විහිළුවක් කරන ගමන් මම පොත් බෑග් එක පුටුව උඩ තිබ්බා
‘ඒවා සික්‍රට් …. පිගාන උබට දීලා කොහොමද මම අමාරුවෙන් හදාගත්ත ඇග බැස්සොත් එහෙම අපේ අම්මිට දුක හිතෙයි …’ විහිළුවෙන්ම උත්තර දුන්න පුජනී මාවත් ඇදගෙන පංතියෙන් එළියට බැස්සා
‘කොහොමද නිවාඩුව …. පුජා …’
‘කියලා වැඩක් නැහැ අපේ අම්මි හදලා දෙන ස්වීට් කෑම කාලාම මට එපාවුනා ….. ’
‘ඒක තමා එකපාරම චබ්බෙක් වෙලා තියෙන්නේ උබ …’
‘හි …හි …හි .. හිරූ උබගේ අප්පච්චි ගැන ආරංචියක් තියේද …’
‘ආ ..කියන්න බැරි උනානේ අප්පච්චි ආපහු ගෙදර ආවා … උබට කියන්න ලොකු කතාවක් තියෙනවා …’ උඩින් පල්ලෙන් නිවාඩු මාසේ උන දේවල් පුජනිට කියලා ඉවරවෙද්දි කෙල්ල ඇස් ගෙඩි දෙකත් එලියට දාගෙන මගේ දිහා බලාගෙන හිටියේ කටත් ඇරගෙනමයි …
‘මට නම් හිතාගන්නවත් බෑ හිරූ …උබට මොනවාද අර මිනිහා තුවක්කුව බෙල්ලට තිබ්බාම හිතුනේ ‘’
‘මට හිතුනා ඉතින් මම ඉවරයි තමා කියලා .. එච්චරයි …’
‘බය හිතුනේ නැද්ද ..’
‘බය …මොන බයක්ද …..මම මැරෙන්න හිත හදාගෙන හිටියේ …’
‘උබ නම් යක්ෂ කෙල්ලක් හිරූ …… මම හිටියා නම් ඔතන මගේ ඇදුම් වලම මලපහ වෙනවා ..’
අපි දෙන්නා කතාකර කර ඉද්දි ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක වැදුනා….
‘අන්න බෙල් එක ගැහුවා වරෙන් යන්න …නැත්තම් පලවෙනි දවසේම මිස් ලයිට්ගෙන් බැනුම් අහගන්න වෙන්නේ ’ මම පුජනිත් ඇදගෙන පංතියට යද්දී කෙල්ලෝ පන්සිල් ගන්න වැදගෙන ඉන්නවා .. මායි පුජනි ගිහින් පන්තියේ පිටිපස්සේ හිටගෙන පන්සිල් ගන්න වැද ගත්තා ….
‘කවුරු හරි කෑම එකක් ගනින්කෝ එළියට …මට යකෙක් කන්න බඩගිනි ..’ පන්සිල් අරන් ඉවරවුන හැටියේම තේජා බඩත් අතගගා අපි දෙන්නා ලගට ආවා ….
‘අපෝ උබේ බඩේ මොකෙක් හරි ඉන්නවාද බන් …මම දැක්කා උදේ එද්දිත් උබ කෙශිලා එක්ක බත් එකකට වැඩේ දෙනවා …’ පුජනී එහෙම කියද්දී තේජා මගේ බෑග් එක දිහාවට ඇවිදගෙන ගියා ..
‘ අනේ මන්දා බන් …… මාර බඩගිනි …’
‘ඔන්න මගේ බත් එක නම් අද නැහැ …’
‘ඇයි උබේ කෑම එක බහිරවයා ගිල්ලා ද …’
‘බහිරවයා නෙවෙයි බන් මම උදේ පොඩි එකෙකුට දුන්නා ….’
තේජා මුහුණත් කළු කරගෙන ආපහු හැරුනේ බලාපොරොත්තු කඩකරගෙන
‘හරි හරි හිටපන් උබට කන්න නේ ඕනේ … මම උබට රස කෑම එකක් දෙන්නම් …’
නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ පටන්ගන්න පලවෙනි දවසේ උගන්වන්නේ නැති හින්දා කෙල්ලෝ දෙතුන් දෙනයි පංතිය ඇතුලේ හිටියේ අනිත් අය ඔක්කොම පන්තියෙන් එළියේ ….
‘පුජනී බලපන් කවුරු හරි එයිද කියලා …’
මම කෙලින්ම ගියේ කේතකිගේ ඩෙස්ක් එකට .. අපේ පංතියේ රසම කෑම එක ගේන්නේ කේතකි ….
‘උබ ඔය මොනවාද කරන්න යන්නේ …’
‘ කන්න ඕන නම් කට වහගෙන හිටපන් ..’ කේතකිගේ බෑග් එකේ තිබ්බ ලොකු බත් එක අතට අරගෙන බෑග් එක වහලා මම මගේ ඩෙස්ක් එක ලගට දිව්වා ..
‘කන උන් වරෙල්ලා …’ මම එහෙම කිව්වාම පන්තියේ හිටිය කෙල්ලෝ දහ දොළහම මගේ ඩෙස්ක් එක ලගට ඇවිත් වට උනා ..
එක කටයි කන්න හම්බවුනේ කෑම එක කොහෙද නැහැ ….
‘මෙහෙමත් මල පෙරේතියෝ ටිකක් මම එක කටක් කද්දී බත් එක වාෂ්ප වෙලා …’
තේජා කට පිහදාන ගමන් හිනාවුනේ බත්එක මේ තරම් ඉක්මනට වාෂ්ප වෙන්න හේතුව එයාගේ වේගවත් අත කියලා දන්න නිසා …
‘අන්න කේතකි එනවා …ලන්ච් බොක්ස් එක දාපල්ලා …’ පුජනී දොර ලග ඉදන් දුවගෙන එද්දී මම අඩියට දෙකට ගිහින් පුජනීගේ බෑග් එකට හිස් ලන්ච් බොක්ස් එක දැම්මා …
කේතකි පංතියට එද්දී තේජා ච්රිස් ගාලා හිනාවෙද්දි එයා අපි දිහා බැලුවේ සැකෙන් … මගුලයි කේතකි කෙලින්ම ගිහින් පොත් බෑග් එක ඇදලා ලන්ච් බොක්ස් එක අතට ගත්තා … කට්ටියම හොරෙන් හොරෙන් කේතකි දිහා බලනවා ….තව ටිකකින් කේතකි බෝම්බයක් වගේ පුපුරන බව අපි දැනගෙන හිටියේ ….ලන්ච් බොක්ස් එක ඇරිය ගමන් කේතකිගේ මුහුණ සත පහ වගේ වෙලා ගියා …
‘කව්ද මගේ කෑම එක කෑවේ …’ එකපාරම නැගිට්ට පුජනිගේ ඇස් මගේ දිහාවට හැරුනා …එයා දන්නවා මේ පන්තියේ බයක් සැකක් නැතිව ඔය වගේ දෙයක් කරන්න ඉන්න එකම කෙනා මේ හිරූ කියලා ..
‘මොකද මට රවන්නේ ….’ මම කිසිම වැරද්දක් නොකරපු ගානට එහෙම ඇහුවාම කේතකිගේ මුහුණ තවත් කැත වුනා …
‘මගේ කෑම එක කෑවේ ඔයාද ..’
‘වැඩේමයි …
‘එතකොට කෝ මගේ කෑම එක ..උදේ මේ ලන්ච් බොක්ස් එකේ තිබ්බ කෑම එකට මොකද උනේ .’
‘ඔයා හිස් කෑම පෙට්ටියක් ගේන්න ඇත්තේ ..’
අපි දෙන්නා එකට එක කියවගද්දී මිස් ගීතිකා පංතියට ආවා …
‘මොකද මේ කෙහෙවලු පටලවා ගන්න ලැහැස්ති වෙන්නේ …’
‘මිස් මෙයා මගේ කෑම එක කාලා ..’
‘ඇත්තද හිරුෂි මේ කියන්නේ …’ මිස් මගේ දිහාම බලාගෙන එහෙම අහද්දී එයාට කිසිම උත්තරයක් දෙන්න බැරිව මම බිම බලාගත්තා …
‘හිරුෂි පස්සේ ඇවිත් මාව හම්බවෙන්න …’ මිස් එහෙම කියලා එලියට ගියේ තරවටු විදිහට බලාගෙන
‘ මලට රේණු සේ ඔබ ලග ඉන්නම
සදට තරුව සේ තනියම කන්නම් .. ‘
මම සෑඩ් මුඩ් එකෙන් සිංදුවක් කියන්න ගත්තාම කේතකි රවාගෙන පන්තියෙන් එළියට ගියා …..
*****
ඉස්කෝලේ ඇරිලා මම ගේට්ටුවෙන් එළියට බැස්සේ දිනිතව හොයාගෙනමයි ….. සදූ දක්ෂිලා එක්ක ඉස්සර වෙද්දී මම දිනිතව පාර පුරා හෙව්වා …. දිනිත ඈත ඉදන් මම එනකන් බලාගෙන ඉන්නවා දැක්කාම හිතට දැනුනේ එයා දකිද්දී හැමදාම මගේ හිතට දැනෙන සතුට …
‘ගොඩක් වෙලා බලාගෙන හිටියාද ….’ මම ඉක්මන් අඩි තියලා එයා ලගට ගියා …
‘පේන්නේ නැද්ද අවුවේ කට්ට කාලා මාව කලුවෙලා ගිහින් කියලා …’ නෝක්කාඩුවට එහෙම කියන ගමන් දිනිත ලාවට වගේ මගේ අතකින් ඇල්ලුවා …
‘ඒ මේ ස්කුල් ළමයි දකී ….’ මම අත අහකට ගත්තාම එයාගේ මුහුණ කළුවෙලා ගියා ..
‘අයියෝ මේ මොකද උනහපුළුවෙක් වගේ මුහුණ හදාගත්තේ …’
‘තරහයි …’
‘මම යාලුයිනේ …..’
‘මැට්ටි …’
‘මැට්ටා …’
‘ඇයි මට ආදරේ කරන්නේ …’
‘කවුද කිව්වේ මම ආදරේ කියලා …’
‘ ආදරේ නැද්ද …. එහෙනම් මම යනවා ඔයා ආදරේ නැහැනේ ..’ දිනිත එහෙම කියලා අඩිය ඉක්මන් කරලා මට ඉස්සර උනා …
‘ඔයාට යන්න පුළුවන්ද අයියා ….මාව දාලා …’ මම දුවගෙන වගේ ගිහින් එයාගේ මුහුණට එබුනා
‘ඔයා මට ආදරේ නැත්තම් මම ඉදලා වැඩක් නැහැනේ ..’
‘විහිළුවක් කලේ මගේ අයියේ …’
‘විහිළුවටවත් කියන්න එපා ආදරේ නැහැ කියලා …මේ පපුව හුගක් රිදෙනවා …’
‘සොරි අයියා ..ආයේ කවදාවත් විහිළුවටවත් ආදරේ නැහැ කියන්නේ නැහැ …. මම ආදරෙයි ගොඩක් …’
දිනිත අයියා ගොඩක් ආදරෙන් මගේ දිහා බැලුවේ මම කිව්ව හැම වචනයක්ම විශ්වාසයි කියන්න වගේ …
‘අන්න බස් එකක් තියෙනවා යමු …’ දිනිත එහෙම කියලා නවත්තලා තිබ්බ බස් එකට නැගලා ෂිට් එකක් අල්ලාගෙන මම එනකන් බලාගෙන ඉන්නවා ….
‘මට අයින ඕන …’ මම එයාට අනිත් පැත්තට එන්න කියලා ෂිට් එක අයිනට ගිහින් ඉද ගත්තාම දිනිත අයියා ශටර් එක අරින්න ට්‍රයි කරා …
‘එපා …හුලං එනවා සැරට … මගේ කොන්ඩේත් අවුල් වෙනවා …’
‘මට දාඩියයි හලෝ …’ නෝක්කාඩු කියද්දීත් දිනිත බලෙන් ශටර් එක ඇරිය පාර මගේ කොන්ඩේ අවුල් වෙන්න පටන් ගත්තා ……
‘බලන්නකෝ …ඔයා පණ්ඩිතකම් කරනවා හොදටම් …’ මම අකීකරු වෙන කොන්ඩේ හදන්න ට්‍රයි කෙරුවා ..
‘ඉන්න මම හදන්නම් …’ දිනිත අයියා එයාගේ අතින් මගේ කොන්ඩේ හදන්න ගත්තා ..
‘ඒ මෝඩයෝ ඔහොම කරාට හරියන්නේ නැහැ ….ඔය ශටර් එක වහන්නකෝ …’
‘එහෙනම් වහ ගන්නවා …..’ දිනිත තරහා වෙලා වගේ අහක බලා ගද්දි මම එයාගේ අතකින් අල්ලා ගත්තා හැමෝටම හොරෙන් ….
‘තරහද ….’
‘නැහැ ..’
‘මගේ හොද අයියා …’
දිනිත අයියාට ලංවෙලා කතා කරකර හිටපු නිසා මට දැනුනේ නැහැ බහින තැන ලංවුනා කියලා ..
‘අද ගෙදර යන්නේ නැද්ද …’
‘ඔයා දාලා යන්න හිතෙන්නේ නැහැ …’
‘එහෙනම් අපේ ගෙදර යමු …’
‘ දැන්ම නෙවේ තව ටික කාලෙකින් අපි යමු …’
‘ මම ඒ දවස එනකන් ගොඩක් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නම් … දැන් පරිස්සමින් යන්න …’ දිනිත අයියා මගේ අත තදට මිරිකලා අත ඇරියේ ලෝභකමින් වගේ …. මම දිනිත අයියා දිහා තවත් එක සැරයක් ආදරෙන් බලලා ඉස්සරහට ගිහින් බෙල් එක ගැහුවාම බස් එක අපේ ගෙදර ඉස්සරහම නැවැත්තුවා … බස් එකෙන් බැහැලා දිනිත අයියට අත වනාගෙනම මම පාර පැන්නා ….. එකපාරම වේගෙන් ආපු කැබ් එකක් මගේ ඇගේ වදිද්දී මාව උඩින් විසිවෙලා ගියා කියන එක විතරයි මට මතක තිබුනේ …
මතු සම්බන්ධයි ( අවසාන කොටස සමගින් එකතු වෙන්න ) 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *