39. වන කොටස…

මියෙදෙන තුරා..

මට මම ගැනම අැති වුයේ කේන්තියක්. මියෙදෙන්නට සිටින බව දැන දැනත් මගේ හිතේ මේ අැති වෙන්නේ වැරදි හැගීමක්. මම ඔවුනගේ දර්ශනයෙන් නෙත් අහකට ගත්තා.

” ශාමී නගා මම මේ නිල්මී නගාව රවුමක් ඒක්ක යන්න හැදුවේ හෙට. පොළ දැකලත් නෑ කිව්වනේ”

”ඒහෙමද ඒත්. නිල්මීලගේ ගෙදර කවුරුත් දැක්කොත්”

ශාමී මේ ගමනට අකමැතී ඒ කියන්නේ ශාමීගේ හිතේ විජී අයියා ඉන්නවා. මම මේ ගමනට අකමැති වෙනවා. මට ඔනේ නෑ ශාමී දුක් වෙනවා දකින්න. කොච්චර වුණත් මම තමා ඒයාලා අතරට අා අතරමැදියා. මට පුළුවන් මම ජීවත් වෙන ටික කාලේ ඒයාලා සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න.

”දකින ඒකේ නම් කිසි අවුලක් නෑ ශාමි නගා. කට්ටියම හිතන් ඉන්නේ මම කුමාරිහාමිගේ නීත්‍යානුකූල ස්වාමියා කියලනේ. ”

” ඒකත් අැත්ත.”

ශාමිගේ හිතේ ඒ ගැන කිසිම කැමැත්තක් නැහැ. විජී අයියා මට ලං වෙයි කියලා බයක් ඒයාට අැති .මම අනුමාන කලා.

”අනේ මට ඒන්න බෑ විජී අයියේ.”

”පිස්සු නැතුව ලැස්තිවෙලා ඉන්න නිල්මී නගා. කිසි ප්‍රශ්නයක් අැති වෙන්නේ නෑ.”

”ඒහෙම ඒකක් නෑ. මට අැවිදින්න යන්න බෑ.”

”හරි හරි මාව විශ්වාස නැතුව අැතිනේ. කාගේ කවුද ,කොහෙන් අාවද ,කියලා වත් ඔයාලා දන්නේ නෑනේ. ඉතිං අවිස්වාස කරන ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.”

”අනේ ඒහෙම නෑ විජී අයියේ.”

” හරි හරි මම යනවා. සුභ රාත්‍රියක් ශාමී නගා.”

ඔහු පිට වුනේ මා සමග අමනාපයෙන් බව මට වැටහුනාත් කළ යුතු දෙයක් නෑ. කමක් නෑ ඔහුට මා ඒපා වෙන ඒකත් හොදයි .නැත්තම් ඒක ශාමීට ප්‍රශ්නයක් වෙයි.

” මොනදව නිල්මී කල්පනා කරන්නේ. අැයි විජී අයියගේ හිත රිද්දුවේ.”

” අනේ මන්දා මට යන්න අාසාවක් නෑ.”

හිතකින් රිද්දුවා නෙමෙයි. මම මොනතරම් අාසද විජී අයියා ඒක්ක ඔය ගමන යන්න. ඒත් ඔයාගේ හිත රිද්දන්න බැරි නිසයි මම ඒයාගේ හිත රිදුදවේ. කියලා කියන්නට හිත කීවත් මම ඒ හැගීම යටපත් කර ගත්තා.

” විජී අයියා කාගේ කවුරු වුනත් ඒයා ගැන අවිශ්වස කරන්න ඔනේ නෑ නිල්මී. මම ඒයාව දන්නේ මම අසනිප වෙන්නත් කලින්. මට දරුවා ලැබෙන්න ඉන්න කාලේ ඉදන්. ඒයා මම වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙද? මගේ දරුවා වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙද? පුතාටත් පණ වගේ අාදරෙයි. නිතර දකින්න හිටියේ විජී අයියා නිසා පුතා විජී අයියට තාත්තා කියන්නත් පටන් අරන් හිටියේ.”

අැගේ වර්ණනාව මට පැහැදිළි කලා, විජී අයියා මටත් වඩා අැයට මොන තරම් ළගද කියලා. මටත් වඩා විජි අයියා අැයට මොන තරම් වටිනවද කියලා.” ඔයා විජී අයියට අාදරේ කරනවද ශාමි” කියලා අහන්න මගේ මුවගට කීපවරක්ම වචන ගලන් අාවා. මම දන්නවා ඒකට ලැබෙන පිළිතුරු. අැගේ මුවින් ඒය අසා ගැනීමෙන් මට ලැබෙන්නේ තවත් වේදනාවක් පමණයි. ඒක නිසාම මම නිහඩ වුනා.

” නිල්මි… මොකද සද්ද නැත්තේ.”

”හේෂාන්ට මොකද වුනේ ශාමී.”

”ඒයා රට ගිහින් කියලා තමා නිල්මී අාරංචී වුනේ.”

”අායි ලංකාවට ඒන්නේ නැද්ද?”

මම ඒ දෙවල් අහන්නේ යටි අරමුණකින් කියලා මම දන්නවා. කෙතරම් සිත පාලනය කර ගන්නට සිතුවත් , නොදැනීම මගේ හැගීම් වචන බවට පෙරළෙනවා.

” ඒයිද දන්නේ නෑ නිල්මි. පුතා අරන් යන්න ඒයි සමහර විට. පුතා තාම ඉන්නේ හේෂාන් අයියලගේ මහ ගෙදර.”

” අැයි ඒහෙනම් දරුවව අපි ගෙන්න යන්නේ නැත්තේ.”

” විජී අයියා කීපසැරයක්ම ගියා නිල්මී. උන් සල්ලීකාරයෝ. අපිට බෑ උන් ඒක්ක හැප්පෙන්න . ඒත් මම උසාවී ගිහින් හරි මගේ පුතාව මගේ ළගට ගන්නවා.”

” ඒයාලට ඔයාව ඒපා නම් දරුවා ඔනේ අැයි.”

”මම දන්නේ නෑ නිල්මී.”

”අැයි අපි පොළිසි නොයන්නේ.”

”ඒවට වියදම් කරන්න සල්ලි කෝ අපිට. මම තව ටික දවසකින් අායි පැක්ට්‍රියේ වැඩට යන්න ඉන්නේ. ඒත් මට ඒතන වැඩ කරන්න බෑ හේෂාන් අයියාගේ මතකයනුත් ඒක්ක.”

” ඒ කියන්නේ හේෂාන් කියන්නේ ඔයා වැඩකරපු තැන කෙනෙක්ද?”

මම අැගේ පැත්තට හැරී විමසුවේ ඒ කතාව දැන ගන්නට මට තිබු නොඉවසිල්ල නිසයි.

”ඔව් ඒයා මම වැඩ කරපු පැක්ට්‍රියේ සර් කෙනෙක්.”

”අනේ ඉතිං ඔය සර්ලා විශ්වාස කරන්න බෑ කියලා හිතුනේ නැද්ද ශාමී.”

”හිතුවා හිතුවා නිල්මී. ඒයා මම වෙනුවෙන් හුගක් කල් බලන් හිටියා. ඒයා අවංකවම මට අාදරේ කළා.”

”ඒහෙනම් අැයි ඒයා ඔයාව තනි කලේ.”

”ඒක ඒයාගේ වරදක් නෙමෙයි නිල්මී. මට ඒයා ඒක්ක නිසිම තරහක් නෑ. මම දන්නවා කොහේ හිටියත් ඒයා මට අාදරෙයි. ඒත් ඒයාව මට කවදාවත්ම ලැබෙන්නේ නෑ කියන ඒක නම් මම ස්ථීරවම දන්නවා.”

”මට සේරම පැටලිලා ශාමී. ඒයා අවංක නම් ඔයා තනිවෙන්න විදියක් නෑ.”

” ඔව් ඒයා හොද කෙනෙක්. හේෂාන් අයියා මගෙන් අාදරේ ඉල්ලුවේ මම මුලින්ම වැඩට ගිය කාලේ. ඒත් මම කැමති වුනේ නෑ මම දුප්පත් කෙල්ලෙක්. මට මල්ලිට උගන්වන්නත් තිබුනා. අනිත ඔය පොහොත් මිනිස්සු විශ්වාස කරන්නත් බෑ.”

”ඉතිං”

”පස්සේ අවුරුදු තුනක් ගෙවුනත් ඒයා මගෙන් අෑත් වුනේ නැ .සර් වුනත් මට හේෂාන් අයියා හොදම යාළුවෙක් වෙලා හිටියා ඒ වෙනකොට. ඒයාගේ හැමදේම වගේ මාත් ඒක්ක නිතර කිව්වා. මගේ හැම දෙයක්මත් ඒයා දැනන් වුන්නා. පැක්ට්‍රිය පුරාම පැතිරිලා තිබුනේ අපි අාදරවන්තයෝ කියලා. ඒත් අපි අතර ඒහෙම බැදීමක් තිබුනේ නෑ.”

”හ්ම්”

”මල්ලී ඒ දවස් වල කැම්පස් යනවා. ඒයා ඒ වැඩ වලටත් සල්ලී වියදම් කලා. මට ඒයාගේ හැගීමක් නොතිබුනා නෙමෙයි. ඒත් මම ඒ හැගීම ඒයාට පෙන්නුවේ නෑ. අපි දෙන්නා අහසයි පෝළවයි වගේ නිසා.”

” පස්සේ අැයි ඔයා කැමති වුනේ.”

” හේෂාන් අයියා අපේ ගෙරට අැවිත් තාත්තාට යෝජනාව ගැන කිව්වා. තාත්තාත් කිව්වා. ඔය ළමයා ගෙදරින් කැමැත්ත අරන් ඒන්න මගේ අකමැත්තක් නෑ කියලා.”

”ඉතිං ඒයාලගේ ගෙදරින් කැමති වුනාද?”

” නෑ හේෂාන් අයියා මගෙන් කල් ඉල්ලුවා. කවුරු අකමැති වුනත් ඒයා මාව බදිනවා කියලත් ඒයා මට පොරොන්දු වුනා. හේෂාන් අයියා මාත් ඒක්කම ගිහින් මගේ නමට ඉඩමක් ගත්තා. අපි ඒකේ ගෙයක් හදන්න පටන් ගත්තා.”

”හේෂාන්ලගේ ගෙදරට ඔවා අාරංචී වුනේ නැද්ද?”

”මොකද නැත්තේ . ඒ මිනිස්සු නොකරපු දෙයක් නෑ මේ සම්බන්දේ නවත් වන්න. ඒත් හේෂාන් අයියා වෙනස් වුනේ නෑ. අපේ සම්බන්ධයත් ඒ වෙනකොට හොදටම දුර දිග ගිහින් තිබුනේ.”

”ඊට පස්සේ.”

”පස්සේ හේෂාන් අයියා ඒක පාරටම වැඩට ඒන ඒක නතර වුනා. අපි දෙන්නා හොරෙන්ම කසාදය රෙජිස්ටර්කරන්න සුදානමින් ඉද්දි ඒක ඒයාලගේ ගෙදරට අාරංචී වෙලා තිබුනා. මට ඒයාව හම්බෙන්න විදිහකුත් නෑ. අන්තිමේදි මට අාරංචි වුනා ඒයා රට ගිහින් බව.”

” ඒය ඔයාව රවට්ටලා ශාමී.”

”නෑ නෑ ඒයා මා රැවැට්ටුවේ නෑ. ඒක ඒයාට ගෙදරින් වුන බලපෑමක් වෙන්න අැති.”

” පුතා හම්බුනේ කොයි කාලෙද?”

”හේෂාන් අයියා රට ගිහින් සතියක් යද්දී මම හොදටම අසනීප වුනා. වැඩකරන තැනට මූණ දෙන්නත් බැරි නිසා මම වැඩට යන ඒකත් අත් අැරලා දැම්මා. බෙහෙත් ගන්න ගියාම තමා දැන ගත්තේ මට පුතා ලැබෙන්න කියලා. තනි ගෑණියෙක් වෙලා දරුවෙක් ලැබෙන්න යන ඒක ගැන, ලොකේ මිනිස්සු මට මොනවා කියයිද කියන ඒක ගැන මට හිතුනේ නෑ. මම හේෂාන් අයියාගෙන් මට ඉතුරු වුන ඒකම දේට අාදරේ කලා. මම මගේ පුතාව මේ ලෝකෙට ගෙනාවා. ඔය ප්‍රශ්න මැද්දේ ඉද්දි තමා මට අහම්බෙන් විජි අයියා හම්බ වුනේ.”

”හ්ම්”

”පස්සේ හැම දෙකදිම විජි අයියා මට උදවු කලා. හේෂාන් අයියා දැනන් හිටියේ නෑ අපේ පුතා මේ ලෝකෙට ඒනකන්ම ඒයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා.”

” ඒතකොට කොහොමද පුතා ඒයාලා ළගට ගියේ.”

” පස්සේ හේෂාන් අයියාගේ යාළුවක් මට අහම්බෙන් හම්බුනා පුතාට බෙහෙත් විදින්න ස්පිරිතාලෙට ගිය වෙලේ. ඒයා තමා හේෂාන් අයියට විස්තරය කියන්න අැතිතේ. මොන දේ තිබුණත් මම පණ වගේ අාදරේ කරපු හේෂාන් අයියව මට නැති වුන දුකින් හෙම්බත්වෙලා මම හිටියේ. මීට මාස හතරකට කලින් දවසක හේෂාන් අයියලාගේ කට්ටිය අැවිත් දරුවා අරන් ගියා.”

” ඒක පාරටම .”

”ඔව් හේෂින් අයියට හිටියේ අක්කෙක් විතරයි. මොන සැප සම්පත් තිබුණත් බැදලා අවුරුදු අටක් ගත වෙලත් ඒ අක්කට දර්වෝ හිටියේ නෑ. ඒක නිසා ඒයාලට හේෂාන් අයියාගේ ලෙයින් හැදුන දරුවා හුගත් වටිනවා. පුතාට නම් හැමෝම පණ වගේ අාදරෙයි. ඒත් ඒයා මගේ පුතා . මම කොහොමද ඒයා නැතුව ඉන්නේ.”

”පුදුම මිනිස්සුනේ.”

” අනේ මගේ පුතාව මට ඔනේ නිල්මි”

මෙතරම් වෙලා නෙතින් වෑස්සෙමින් තිබු කදුළු වේගවත් වෙද්දි අැය මගේ අැගට වාරූ වුනා. මට අැය ගැන දැනුනේ හරිම වේදනාවක්.

” කවුද යකේ ගෙදර ඉන්නේ ලාම්පුවක් පත්තු කරන්න ඒකෙක් වත් නැද්ද? මම වලි සොමේ තමයි යකෝ.”

” තාත්තේ මොකද මේ බිලා.”

ඊ ළග කොටසින් හමුවෙමු…. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *