අචින්තයි අපේ ආදරේ 39 අවසාන කොටස

අචින්තයී අපේ ආදරේ
——————–
අවසාන කොටස
පබා මගෙ කොන්ඩෙන් ඇදලා එයා ලගට ගත්තා…
මාව ඒ පපුවෙ හිර කර ගත්තා..ඒ උනුසුමට ලෝබ කමෙ මම් පුන්චි පූස් පැටියෙක් වගෙ ඒ පපුවෙ ගුලි වෙලා හිටියා…
ඇති වෙනකම් ඒ උනුසුම වින්දා..කදුලුත් එක්කම..හිතෙ දුක දිය වෙලා යන්කම්ම..
ඒත් අර බබා..ෆැමිලි එක..
මන් ලෝබ කමින් උනත් ඒ පපුවෙන් මිදුනා..
ඇයි මැනික
බබාලා
මොන බබාලද
බබාලා
ඔයාගෙ..
නෑ ඔයාගෙ
මොකක්
අර
එයත් එක්ක උන්නු හැමෝම අපි දිහා බලන් ඉන්නවා..මන් ඒක එයාට පෙන්නුවා..
අයියො මැට්ටි යන් එන්න..
එයා මාව එයාගෙ කට්ටිය ලගට එක්කන් ගියා..ස්නේහා නන්ගි,සෙනුර මල්ලි මට අදුර ගන්න පුලුවන්. එතකොට අනිත් කෙල්ලො දෙන්නා..කොල්ලා..චූටි බබා..මෙයාලා
මේ අපෙ මල්ලි..එතකොට මේ මගෙ නෑනා..ස්නේහා නන්ගි එයාගෙ වෙන්ඩ හස්බන්..එතකොට මේ ඉන්නෙ එයාගෙ නන්ගා..
ම්ම්
මේ අපෙ හුරතලා..මල්ලිගෙ පැට්ටා..ඕකේද
එතකොට කෝ ඔයාගෙ වයිෆ්
පබා අහස දිහා බලන් හිනා වුනා..
ම්ම් වයිෆ්..ඉන්නවා..මගෙ බබාලා පස් දෙනාගෙ අම්මා..ඒත් දැන් එයා මට අයිතිද දන්නෙ නෑ
පබා මේ කියන්නෙ මන් ගැනද..දෙයියනෙ එයා බැදලා නැද්ද එතකොට..හීනයක් නෙමි නේද මේ..ඔක්කොටම හොරෙන් මන් මගේම අත කොනිත්ත ගත්තා..උයි රිදුනා..හීනයක් නෙමි සැබෑවක්…
මොකො
ම්ම්ම්
එයා තාම මගේද සම්මානි
මෙහෙමයි
කොහොමයි
සුදු ආප්ප කන්න පුලුවන් සීගීරි සුකුමාලියන්ට විතරලූ…
ඃඈ..
ඇත්තමද
මන් ඔව් කියන්න ඔලුව වැනුවා..දැන් මට ලැජ්ජයි අපි පරනත වෙලා තමයි..ඒත් එයා ලගදි මන් තාමත් ඉස්සර උන්නු චූටි කෙල්ලමයි..
මගෙ මැට්ටියි
පබා මාව තුරුල් කරන් ඉද්දිමයි එතනට රන්දිකත් ආවෙ..අපි දෙන්නව දැකලා එයාගෙ ඇස් උඩ ගියා..
සම්මානි
රන්දික
ආහ් ඔයා මෙයා එක්කද ආවෙ..හුම්
එයා මාව අතඇරියා..මට තේරුනා එයා රන්දික ආව එක වරදවා වටහා ගත්තු බව..
ම්ම් එන්නකො..මන් කා එක්කද ආවෙ පෙන්නන්න…
මන් පබාව අතින් අල්ලන් අපෙ කට්ටිය ඉන්න තැනට ගියා..කට්ටියට අපි දෙන්නව දැකලා කන එකත් අමතක උනා..
සම්මානි
ම් මින්දු මතකද මෙයාව
ම්ම්
මගෙ හස්බන්ඩ්..ඩොක්ට නිසිත පබසර..
හෑ
ම්ම් අපි ආයෙම හම්බුනා..ලබන මාසෙ අපි මැරි කරනවා..
අපි තවම මුන ගැහිලත් පැයක් නැතුව ඇති..මන් එයා බදින දවසත් තීරනෙ කරලා ඉවරයි..මොනාද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව පබා මාව පහුරු ගානවා..
හා එල එල..වරෙන් මචන් අපි එක්ක ලන්ච් ගමු..අද සතුටු දේවල් ගොඩයි..අපි බඩිගෙ බර්ත් ඩේ එක..පරන යාලුවො සෙට් උනා..අපෙ සම්මානියට හරි ගියා..තවත් මොනාද ..
ඔක්කොමල්ලා පබාටත් මටත් විශ් කලා..රන්දිකත් මුලදි අප්සට් ගහලා උන්නත් ටිකකින් ෆිට් උනා..

එදා අපි බඩීගෙයි ,නිසිතගෙයි දෙන්නගෙම බර්ත් ඩේ එක එකට සැමරුවා…
ඊලගට අපි සීගීරිය බලන්න ගියා
හම්මො හෙන අමාරුවෙන් මේ ටික නැග්ගෙ මට හති..
මොකො මැට්ටි
මහන්සි අනෙ
එහෙමද ඔහොම ඉන්නවකො
එයා මාව එයාගෙ දෝතට ගත්තා..
අනෙ මෝඩයො බිමින් තියනවා
ඉතින් අමාරුයි කීවෙ
නෑ නෑ අමාරු නෑ යන්..
කොහොමහරි දනගාගෙන බඩ ගාගෙන උඩට නැග්ගා..
පුලුවන් කමත් තිබුනනම් මගෙ සීගීරි සුකුමාලි ගැන කැටපත් පවුරෙ පද අමුනනවා..
අපි සීගීරි බිතු සිතුවම් තියන තැනට ආවා..
සීගීරි චිත්‍ර දැකලා මට හිනා ගියා..දෙයක් මතක් වෙලා
මොකො මැට්ටියෙ
නෑ දෙයක් මතක් උනා
මොකක්ද
ඉස්සර කෙනෙක්ගෙ කොන්ඩෙ තිබ්බෙ ඕම්මලුනෙ..එයාට ලාශන නමකුත් දැම්නනි මන්.
ම්ම්
ම්ම්ම්
මන් එයාගෙ කනට කරලා …සීගිරි සුකුමාලියෝ..කියලා කිවා
මැට්ටා මාව කෙනිත්තුවා
ඉන්නවකො තව මාසෙකින්
ඇයි තව මාසෙකින් මොනා කරන්නද
මගෙ බබාලා පස් දෙනාම දෙනවා එක පාර..මැට්ටි

ඉතින් වසන්තය ආයෙත් ආවා..
අප්පච්චි මගෙ තීරනේට කැමැත්ත දුන්නා..මගෙ අම්මත් ,නැන්දම්මත් එකම පුද්ගලයෙක් උනා..මැරි කරලා එයා අපෙ ගෙදර නැවතුනා…
මන් වෙනුවෙන් එයාවම වෙනස් කර ගත්ත මේ දගකාරයට හැමදාම මන් ආදරෙයි..ආදරේට කරන්න බැරි දෙයක් නෑලූ..ඉතින්..
මේ ආදරෙ ***අචින්තයි**අසමසමයි..
නිමි

මෙතෙක් පබාගෙත් සම්මානිගෙත් ආදරෙ සමග ජීවත් වූ පාටක ඔබ සැමට තුති මල් මිටක්..ලයික් සහ කමෙන්ට්ස් වලට..ඉදිරියේදිත් අප හා රැදෙන්න.. 

4 Comments

  1. Attatama mara lassana kathawak kiyawanna kiyawanna asa hithenawa mara lassana awasanayak mechchara kal kiyawapu nawal walin dakka lassanama nawal ekak🥰😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *