නිම්හිම් සේයා 40 – අවසාන කොටස

##නිම්හිම් සේයා##
40
අවසාන කොටස
(මෙච්චර කල් සේයා එක්ක උන්නු හැමෝටම ස්තූතී..ලයික් කරපු කමෙන්ට්ස් කරපු හැමෝටම ගොඩ ගොඩාක් ස්තූතී…ඔයාලගෙ කමෙන්ට්ස් හැම එකකටම වෙන වෙනම උත්තර නොදුන්නත් මන් ඒ හැම එකක්ම කියෙව්වා …ඉතින් ස්තූතියි..)
ම්ම් මාත් දෙනෙත් අයියත් දෙන්නම එක පාර සාලෙට ගියේ..ඇවිත් උන්නෙ අම්මිලා..
අනා තූති දෝනී පැට්ටත් ඇවිත්..ශෝයී ශෝයී..
මන් දුවලා ගිහින් කේතු අතේ උන්නු චූටී දෝනී වඩන්න උත්සහා කලා..අනෙ ඒත් මට තේරෙන්නෙ නෑ වඩන්න..අම්මා හරි ලස්සනට පරිස්සමට මට චූටී දෝනීව අරන් දුන්නා..අනේ ලස්සන ..හරියට …
හරියට මගෙ සේයා පැට්ටා වගෙ…
දෙනෙත් අයියා මන් හිතපු දේ සම්පූර්ණ කරලා කීවා..ඇත්තටම චූටී දෝනීයා මන් වගෙ තමයි..
මේ මේ දැන් අනුන්ගෙ ලමයි නලෝලා හරියන්නෙ නෑ..අපිට ඕනී පොඩි ඩී එන් එස් කෙනෙක්..චූටී නිලි සේයා කෙනෙක්..
ඒ අපෙ අයියා…
මන් ලැජ්ජාවෙන් අම්මිලා දිහා බැලුවා..ඒ ඇස් වලිනුත් කියවුනෙ එහෙම දෙයක්..දෙනෙත් අයියා මට ඇස් වලින් ඉගි කරනවා..
ඒකනි අයියෙ මාත් කීවා කෝ සේයා ක්ෂ්මති නෑ නේ..
අර මොකො පුතෙ ..ගෙදරකට කොච්චර සිරියාවක්ද මැනිකෙ චූටී පැටියෙක්..අනික අපිත් ආසයි ඔයාගෙ පැටියෙක් දැකලා ඇස් පියාගන්න…
අනෙ යන්න අම්මි
අනෙ යන්න නෙමී මොකෝ අකමැතී..
මට බයයි අම්මි..බයයි..මන් ඔයාලා නැතිව තනියෙන් ජීවීතේ පටන් ගත්තා විතරයි..මුකුත්ම දන්නෙ නෑ..මට මේ දෝනී පැටියා වඩා ගන්න හැටි වත් තේරුන් නෑ එහෙම තියෙද්දි..මේ පැටව් හදලා..මට බයයි අම්මි..
අනෙ මෝඩීයෙ..මගෙ මැනිකෙ..මම කේතු දෙනෙත් ගෙ අම්මා ඔය විදියට හිතුවනම් අද ඔයාලත් නෑනී මැනිකෙ..ජීවීතේ කියන්නෙ අබියෝග තමයි …අනික මව් පදවිය ගෑනීයෙක්ට ආබරනයක්..මගෙ මැනික දැන් ලොකුයි..ඔයිට වැඩිය ප්‍ර්ශ්න වලට මගෙ මැනික මූනු දුන්නා..ඉතින් ඇයි ජීවීතේට බය වෙන්නි..ඔයාට මන් තාත්ති,අයියා කේතූ ආච්චම්ම ,,ශේන් පුතා එතකොට ඔයාගෙ දෙනෙත් ..අපි සේරම ඉන්නවානි මැනික..ජීවීතේට බය වෙන්න එපා..මෙච්චර කල් හැම දේකටම මූන දුන්නා වගෙ ඉස්සරහ ජීවිතෙත් ඔයා ජය ගනීවි මැනිකෙ..මට ඒක විශ්වාසයි මගෙ දරුවෝ…
අම්මගෙ මේ වචන හිතට ගෙනල්ලා දුන්නෙ ලොකු ශක්තියක්..මන් සැහැල්ලු හුස්මකින් පපුවම පුරෝගන අම්මගෙ වතට තුරුල් උනා….
=====
වසර දෙකකට පසු…
මම් දැන් ඇතුල් වෙලා ඉන්නෙ නවලෝක රෝහලේ තියට එකට..මගෙ පලවෙනි දරු පසූතීය වෙනුවෙන්..
කලින් ස්කෑන් කරලා තිබුනු නිසා මේ වෙද්දි අපි දැනන් උන්නා හම්බෙන්න ඉන්නෙ නිවුන්නු කියලා..ඉතින් සීසේරියන් සැත්කමක් සදහා මාව තියට එකට අරන් තිබුනේ..
දවල් බත් කාලා චුට්ටක් ඇලවෙන්න කියලා යද්දි යටි බඩෙ දැනුනු අමාරුව නැවතුනෙම නෑ..බයටම මට කෑ ගැහුනා..මුලු ඇගම දාඩියෙන් පෙගිලා..දෙනෙත් අයියා උන්නෙ සාලේ..ශේන් අයියත් එක්ක..මගෙ කෑගැහිල්ලට දෙන්නම දුවන් ආවා..ඉන්නම බැරි අදික වේදනාවට මන් කෑගහද්දි මටත් වඩා බය උනෙ දෙනෙත් අයියා ..ඉක්මනට මාව හොස්පිට්ල් එක්කන් ආවා..මාව පරික්ශා කරපු ලොකු ඩොක්ට ඉක්මනට මාව සැත්කමට යොමු කලා…
වෙලාව කීවෝත් හරියටම හයා මාරයි…පුන්චි කිරිකැටියෙක්ගෙ මේ ලෝකෙට දුන්නු පලවෙනි ආමන්තනේ..ඔව් දෙවියනෙ මට ඇහුනා..මගෙ පුන්චි පුතා මේ ලෝකෙට ආවා..
ඩොක්ට ඩොක්ට මෙ අනිත් එක්කෙනා…
මෙන්න තවත් පරිතිපලයක්..ඒ පාරත් කොල්ලෙක්..
ම්ම් රතු ලෙ කිරි වෙලා වෑහුනෙ පුන්චි දගකාරයන්ගෙ සද්දෙන්..ඒත් දෙවියනෙ වේදනාව එහෙම්මයි..තවමත් රිදෙනවා ..බෑ දරා ගන්න…
ඩොක්ට ඩොක්ට මේ ලොකු ප්‍ර්ශ්නයක්..අපි බලාපොරොත්තු නොවුනු දෙයක්..ඉක්මනට ඩොක්ට මේ බලන්න …
වේදනාව තවත් දරුනු වෙනවා..අනෙ දෙවියනෙ මන් මට මේ මොකෝ..
දෙවියනෙ ඉක්මනට ලේ බෑන්ක් එකට කතා කරන්න ඉක්මනට අපිට හදිස්සියි..
මගෙ වටෙ ඉන්න ඩොක්ටස්ලා නර්ස්ලා යුහුසුලුව කියාත්මක වෙන විදිය සිහියත් නොසිහියත් අතර උන්නු මට පේනවා..කුසේ වේදනාව අපමනයි .දරාගන්න බෑ…
ඔව් ඔව් දෙයියනෙ එක්කෙනෙක් ,දෙන්නෙක්,තුන්දෙනෙක් අනෙ නෑ පස් දෙනෙක්…
සුරලෝකීන් එව්ව මගෙ දගමලු..පස් දෙනෙක්..අනෙ ..මගෙ සතුට…දෙවියනෙ මෙච්චර වටින තිලනයක්…
මාවත් පුන්චි පැටව් පස් දෙනාවත් වෝඩ් එකට දැම්මා..අපි හය දෙනාම දෙවියන්ගෙ පිහිටෙන් සුරැකියි..
ඔක්කොටම කලින් මන් ලගට ආව දෙනෙත් අයියාගෙ ඇස් විශ්මයෙන් පිරිලා..අලුත් බලාපොරොත්තු ගොන්නක් ඒ ඇස් වල..
ආදරෙන් පිරුනු ඒ ඇස් මන් දිහා ස්තූති පූර්වකව බලා උන්නා…
මගෙ මැනිකෙ ඔයා මට මේ දුන්නු සතුට..අනෙ දෙවියනෙ …දෝතට ගන්නත් බැරි තරම්..
පුන්චි පුතුන් හතර දෙනෙක්ට පස්සෙ එකම එක නිල් ඇස් තියෙන පුන්චි දූ පැටියෙක්..
අනෙ මේ සතුට..මේ නිම්හිම් නැති සතුට…
මගෙ මැනිකෙ ආදරෙයි මැනිකෝ ආදරෙයි ..ඔයා මන්..මේ පැටව් පස් දෙනා මේ තමා මගෙ ලෝකේ මැනික..මගෙ ලෝකේ..
දෙනෙතේ ඇදුනු **නිම්හිම් සේයා..**වක්..මෙසේ නිමාවු වගයි… 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *