42. වන කොටස.

මියෙදෙන තුර…

” මට හැමදාමත් ඔයාලට කරදරයක් වෙන්න බැරි නිසා.”

”මොනවද නිල්මී ඔයා මේ කියන්නේ. කවද්ද මම ඔයා මට කරදරයක් කියලා කිව්වේ. මම නිසා ඔයයි, ඔයාගේ ලස්සන අනාගතේ නැති කර ගත්තේ. මම අසනිප බව අාරංචී නොවුනා නම් ඔයා මෙලහට සුමේධ අයියාව බැදලා.”

මම ඉබේටම වගේ විජී අයියා දිහා බැලුවා. මගේ හිත පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ මම සුමේධ අයියාට අාදරේ කලා කියලා විජී අයියා හිතනවට. මොකද මම සුමේධ අයියාට අාදරේ කලේ නැ, ඒයාගේ හොද ගති ගුණ නිසා හිත පැහැදීමෙන් හිටියා මිස. මට ශාමී ඒක්ක නොරිස්සුමක් අාවේ ඒ වචනය අැහෙද්දී විජී අයියාගේ මුණ අදුරු වුණ නිසා.

” ඔය කතාව නවත්වන්න ශාමී. මම කවදාවත්ම සුමේධ අයියාට අාදරේ කලේ නෑ. කවුද ඔයාලට ඔය බොරුව කිව්වේ.”

”නෑ නෑ මම දන්නවා ඔයා ඒ දරුවෝ දෙන්නට මොනතරම් අාදරෙන් හිටියද කියලා.”

”දරුවෝ දෙන්නටනම් පණ වගේ අාදරෙයි තමයි. ඒත් මම සුමේධ අයියා හොද කෙනෙක් නිසා ඒයාව ළගින් අාශ්‍රය කළා මිසක් .අපි දෙන්නා අතර අාදරයක් තිබුනේ නෑ. අපි ගෙදර අයට පෙන්න අාදරවන්තයෝ වගේ වුන්න බව නම් අැත්ත.”

”දැන් ඔය කතාව නවත්වන්න දෙන්නම. නැත්තම් මම යනවා යන්න. වෙච්ච දේවල් වෙලා ඉවරයි. අායි ඒවා හාරා අවුස්සන්න ඒපා.”

අපි දෙන්නාගේ කියවිල්ල ඉවරක් නොවන විට විජී අයියා කතාවට මැදිහත් වුනා. මේ වන සිදු වන සියල්ලගෙන්ම මට දැනුනේ ශාමී විජී අයියා මට ළං වෙනවට අකමැති කියන ඒක පමණයි. හරි ශාමී මම කොහොමත් මැරෙන්න ඉන්න කෙනෙක් මට ඩොක්ට දුන්න කාලයත් ඉවර වීගෙනයි ඒන්නේ. තව මාස හයයි දෙවියෝ මට මේ ලෝකේ ඉන්න දීලා තියෙන්නේ. ගන්න කිව්ව බේත් නොගත්ත නිසා මට ඒ කාලය තවත් අඩු වෙවී. ඔයාගේ විජී අයියා මට ඒපා ශාමී. මම අායි කවදාත්ම ඔයාට බොරුවක් කරන්නේ නෑ.

ඉන් පසු උදා වූ දවස් කීපය මම ගෙවා දැමුවේ හරිම වේදනාවෙන්. විජී අයියා දහවලට නිවෙස පැත්තට අාවත් මම කතා කලේ වැඩි උනන්දුවකින් නෙමේ .මම නිවසේ තනියෙම සිටි නිසාම වැඩි වෙලා නොරැදී ඔහු පිටවි ගියා. ඉන්පසු ඔහු අාවේ ශාමලි ඉන්න වෙලාවට විතරයි.

දිනක් උදෑසන මට හරිම අපහසුතාවයක් දැනුනා. තද ඔළුවේ කැක්කුමත් සමග සිරුරට අප්‍රාණික බවක් දැනුනා. නිවසේ කිසිම වැඩක් කිරීමට හිත නොදුන් නිසා මම අැදටම වී හිටියා. දහවල උදා වුවත් හිස ඒසවිමට නොහැකි තරම් බරක් දැනුන නිසා මම අැදේ ඒ මේ අත පෙරලෙමින් අැදටම වි සිටියා.

” නිල්මී නගා… නිල්මී නගා…”

” මම අැතු..ලේ විජී අයි..යේ.”

මම අමාරුවෙන් පිළිතුරු දුන්නා.

” පොඩ්ඩක් ඒළියට ඒන්නකෝ.”

” අ..නේ මට අමාරු..යි විජී අයියේ..”

”අැයි ළමයෝ මක් වෙලාද?.”

ඒවර විජී අයියා කලබලයෙන් කාමරය තුළට පැමිණියා.

”අැයි අසනිපයක්ද?.”

” අැගට හරිම අමාරුයි විජි අයියේ. ඔළුව පුපුරන්න රිදෙනවා.”

”කෝ බලන්න. හොදටම උණනේ අැග ගිනි කබල වගේ. පැනඩෝල් දෙකක් වත් බිව්වද?”

ඔහු මගේ නළල මත පිට අත්ල තබා බලමින් කිව්වා. මෙතරම් දිනක් ලීලම්මා නැති අඩු පාඩුව මට තදින් නොදැනුනේ ශාමලී හැමදේටම මගේ ළග වුන් නිසයි. නමුත් අද මට අැය නැති පාඩුව මට තදින්ම දැනුනා. මට මතකයි ගෙදරදී මට උණ හැදුනම ලීලම්මා පැය භාගෙන් භාගෙට මගේ ළගට දුවන් ඒනවා. කැද වර්ග හදාලා දෙනවා. කන්න බෑ කිව්වම මම ඉල්ලන් ඉල්ලන දේ මට හදලා දෙනවා. අනේ ලීලම්මේ ඔය මාලිගාවට කබුරන ඒක නවත්තලා අපි ගාවට ඒන්නකෝ.

හිත හදඩද්දී නෙත් දෙකත් ඉබේටම තෙත් වෙලා තිබුනා. අැස මුළ රොක් වි තිබු කදුලු ඒක වරම නෙත් අගින් රූරා වැටුනා.

” අනේ අැයි අඩන්නේ නිල්මි නගා. අපි බෙහෙත් ටිකක් ගේන්න යමු. ශාමි නගාව ගෙදර ගෙන්න ගමුද?”

” ඒපා විජි අයියේ මට හොද වෙයි ලොකු අමාරුවක් නෑ.”

”අැයි ඒහෙනම් ඔය අැස් වල කදුළු.”

”මට ලිලම්මව මතක් වුනා විජි අයියේ.”

”ඒ කිව්වේ පොඩ්ඩාගේ නැන්දා නේද?”

”ඔව් ඔව් . ඒයා තමා අමිමා කෙනෙක් වගේ හැමදාම මගේ ළග හිටියේ.”

”අැත්තටම නිල්මි නගා ඔයාට අම්මා අප්පච්චි මතක් වෙන්නෙ නැද්ද?”

” අැත්තටම මම ඒයාලට වැඩිය ළග නෑ විජි අයියේ. මට අම්මාගේ අාදරේ දුන්නේ මගේ ලිලම්මා.”

”මට වගේ මයි.”

මම විජි අයියාව අදුර ගත් කාලය තුළ මොන තරම් දේ කතා කළත් කවදාත්ම ඒයාගේ පුද්ගලික තොරතුරු මා සමග කියලා තිබුනේ නෑ. ඒවා අසනවාටවත් ඔහු කැමති වුනේ නෑ . නමුත් අද මම නොවිමසාම ඔහු ඔහුගේ දෙමාපියන් ගැන කතා කරන්න වුනා.

” මගේ අම්මා මාව දාලා සදහටම මේ ලෝකෙන් යන්න ගියේ මට නොතේරෙන වයසෙදී. මට ඒයාගේ හැබෑ රූපයත් මතක යාන්තමට. මම දන්නේ නෑ අම්මා ගේ මැද්දේ සුදුම සුදු අැදක නිදාගෙන ඉන්නේ අැයි කියලා. මම ගෙදරට ඒකතු වෙලා හිටිය යාලුවෝ ඒක්ක දවසම කෑ ගගහා සෙල්ලම් කලා. තාත්තා මට කිව්වේ අම්මා ටිකක් අසනිපෙන් නිදි අැහැරවන්න ඒපා කියලා. ඊට පස්සේ දවසක අම්මව පෙට්ටයක දාලා ඔස්සගෙන ගියේ මාමාලා කට්ටියම ඒකතු වෙලා. පස්සේ වාහනයක් අැතුළට දාගෙන අම්මාව අරන් ගියා. තාත්තාගෙන් මම අැහුවම ඒයා කිව්වේ අම්මාව බෙහෙත් ගන්න ඒක්කන් යනවා කියලා. ඊට පස්සේ කවදාවත්ම මගේ අම්මා අායි මම බලන්න අාවේ නෑ. ඊට පස්සේ මගේ අාරක්ෂාවට හිටියේ අායා අම්මාලා විතරයි. තාත්තා නිතර ගෙදර අාවේ නෑ මම ඒයාගෙන් අම්මා ගැන අහලා කරදර කරන නිසා. අායා අම්මලා.”

මට ඉවසා ගන්නට බැරි තද කැස්සක් අා නිසා ඔහුගේ කතාවට බාදා වුනා.

” අනේ නිල්මි නගා යමු බේත් ගෙන්න. ඔයාට හුගක් අමාරුයි.”

” අනේ මට බෑ විජී අයියේ..”

” බෑ කියලා කොහොමද ළමයෝ. කෝ නැගිටින්න.”

” අනේ මට බෑ විජී අයියේ.”

” අනේ විකාර නැතුව නැගින්න ළමයෝ.”

ඔහු මා වෙතට නැඹුරු වී මට අැදේ වාඩි වන්නට උදව්කලා.

” නගාට පුළුවන්නම් වෙන අැදුමක් අැද ගන්න නැතම් ඔකට උඩින් බවුස් ඒකක් දා ගන්න මම ත්‍රීවීල් ඒකක් කතා කරන් ඒන්නම්.”

විජී අයියා මට ඒලෙස පවසා ගියේ මම තවමත් සිටින්නේ රෑ අැදුම පිටින් නිසයි. අමාරුවෙන් අැදෙන් බැස ගත් මම අැදුමක් අැදගෙන ඔළුව ටිකක් පීරගෙන අායෙත් අැදේ හාන්සි වුනේ ඔළුව උසවාගෙන හිදීම අපහසු නිසයි.

” නිල්මි නගා යමු. ත්‍රිවීල් ඒක අාවා.”

”හ්ම්”

” ඉන්න මම උස්සන් යන්න.”

”ඔනේ නෑ විජී අයියේ මට පයින් යන්න පුළුවන් ඔලුව රිදෙන ඒක තමා ඉවසන්න බැරී”

මම අමාරුවෙන් අැවිදගෙන යන දෙස ටිකක් වෙලා බලා වුන් ඔහු මගේ බද වටා අතක් යවා මට අැවිදින්නට වාරු දුන්නා. ත්‍රිරෝද රථයෙන් පෞද්ගලික වෙෙද්‍ය මධ්‍යස්තානයකට ගිය අපි වෙෙද්‍යවරයා වෙත ඉක්මණින්ම යොමු කරනු ලැබුවේ විජී අයියාගේ බල කිරීම නිසාමයි.

පොඩි දරුවෙකුට බෙහෙත් අරන් දෙන්න ඒක්කන් ගියා වගේ විජී අයියා මම වෙනුවෙන් මගෙ සියලු රෝග ලක්ෂණ වෙෙද්‍යවරයා සමග කියා සිටියා. සියල්ල සාවදානව අසා සිටි වෙෙද්‍යවරයාගේ මුවේ සිනාවක් අැදුනා.

” මේ දරුවා නම් හරිම වසනා වන්තයි. හස්බන් හරිම අාදරෙයිනේ ඔයාට.”

විජී අයියා මගේ හස්බන් නෙමෙයි කියන්න මම උත්සහා කලත් වෙෙද්‍යවරයාගෙන් මට ඉඩක් ලැබුනේ නෑ.

” මේ දරුවට වමනෙත් ගියාද?”

මම හිස සලා නෑ කිව්වා.

” ඔන්න ඉතින් දෙන්නට සුභ අාරංචියක්ද දන්නේ නෑ . අපි චෙක් කරලා බලමු.”

මගේ දෑස් මවිතයෙන් ඉහල යද්දී විජී අයියා කතා කරන්න වුනා.

” ඒහෙම වෙන්න විදියක් නෑ ඩොක්ටර්.”

” අපි බලමුකෝ. මොකද මේ තරම් පරක්කු වුනේ මැරි කරන්න. තවමත් දරුවෙක් ගැන බලාපොරොත්තුවක් නැද්ද ? ඒහෙම වෙන්න බෑ කියන්නේ.”

අපිට කිසිත් කියන්නට අවස්ථාව නොදුන් වෙෙද්‍යවරයා පරික්ෂණ කීපයක් ලිවු පත්‍රිකාවක් විජී අයියා අත තැබුවා. ඉන් පසු වෙෙද්‍යවරයාගේ කාමරයෙන් අපි ඒළියට අාවා.

” ඒ මනුස්සයාට නම් පිස්සුද කොහෙද විජී අයියේ. අපි වෙන තැනකින් බෙත් ගමු.”

”කමක් නෑ ලේ මුත්‍රානේ චෙක් කරන්න කිව්වේ. වෙන ලෙඩක් තිබුනත් අහු වෙනවනනේ අයි චෙක් කරලා බෙහෙත් අරන් යමු.”

”ඔයාට පිස්සුද?”

” ඒන්න මිස් අැතුළට ඔයාගේ පරීක්ෂණ ටික කරන්න. හැබැයි හස්බන්ට නම් ටිකක් ඒළියෙන් ඉන්න වෙනවා.”

කිසිත් කියන්නටත් ඉඩ නොදි හෙදියක් මාව අැතුල් කාමරයකට රැගෙන ගියා. පරීක්ෂන වලින් පසු අපි නැවත වෙෙද්‍යවරයා ළගට ගියේ පරීක්ෂණ වාර්තාත් අරගෙන. සියල්ල හොදින් නිරීක්ෂනය කළ ඔහු අවසන් නිගමනය දුන්නා.

” මේ වාර්තාවේ හැටියට නම් මේ දරුවට තියෙන්නේ වෙෙරස් උණක් විතරයි. මේ බේත් ටික ෆාමසියෙන් ගන්න. මේටික කවුන්ටර් ඒකෙන් ගන්න .”

කියා වෙෙද්‍යවරයා බෙහෙත් වර්ග කීපයක් පත්‍රිකා දෙකක ලියලා විජී අයියා අත තැබුවා. අපි වෙෙද්‍යවරයාගේ කාමරයෙන් පිටත් වෙන්නට සුදානම් වෙත්ම වෙෙද්‍යවරයා අපට නැවත වාඩි වෙන්නයි කීවා.

ඊ ළග කොටසින් හමු වෙමු……. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *