43. වන කොටස.
මියෙදෙන තුරා..
” මේ දරුවගේ වයසත් ඒක්ක තවත් දරුවෝ පරක්කු කරන ඒක නම් හොද නෑ. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඊ ළග වතාවේ සුභ අාරංචියක් අරන් යන්න බලානම ඒන්න.”
මට වෙෙද්‍යවරයා සමග අැති වුනේ කේන්තියක්. ඔහුගේ හැසිරීම ගැන කේන්ති අරන් වැඩකුත් නෑ. හස්බන් නොවන වෙනත් පිරිමියෙක් මෙහෙම ගැහැනු කෙනාගේ ලෙඩ කියලා පොඩි දරුවෙක්ට වගේ බේත් අරන් දෙන්නෙ නෑනේ. මම තනියම හිතුවා. මෙම සිදු වීම නිසා රෝගී තත්වයද අමතක වි තනියම හිනා අැති වුනා. මම හොරෙන් බලද්දී විජි අයියාත් තනියෙම හිනා වෙනවා.
ත්‍රී රෝද රතයෙන් නිවසට පැමිණී මම වෙෙද්‍යවරයා දුන් බෙහෙත් පානය කර අැදට වැටුනා. ඉන් පසු මම අැහැරුනේ හොදටම අැදිරි වැටි තිබියදී. විජී අයියා ගියාද හිටියද කියලා වත් මට මතක තිබුනේ නැ. මම අවධි වන විට නිවස පුරා විදුලි පහන් දැල්වි තිබුනා. දැන්නම් ශාමිත් අැවිත් අැති කියලා හිතාගෙන මම අැද මත වාඩී වුනා.
” නිල්මි නගා අැහැරියද?”
” තාම ඔයා ගියේ නැද්ද විජී අයියේ.”
” නෑ නගා .කොහොම තනියෙන් දාලා යන්නද ?මේ තරම් අමාරුවෙන් ඉද්දී.”
”ශාමී තාම අාවේ නැද්ද?”
” අාවා අාවා නිල්මී නගා.”
” අනේ නිල්මී අැහැරියද? දැන් අඩුයිද කෙල්ලේ.”
මගේ කටහඩ අැහීලද කොහෙද ශාමලි මා අසලට පැමිණෙමින් කිව්වා.
” දැන් නම් අඩුයි වගේ ශාමී.”
” කෑම ටිකක් කමු. විජී අයියා කිව්වා දවලටත් බිස්කට් දෙකක් විතරයි කෑවේ කියලා.”
ශාමලිගේ කතා බහෙන් මට වැටහුනා විජී අයියා දවල් සිද්දී සේරම කියලා කියාලා. ඒ නිසාම ශාමීගේ හැසිරීම මට ලබා දුන්නේ ලොකු සහණයක්.
”අනේ කන්න බෑ මට.”
” අපෝ මෙයා පුංචි දරුවෙක් වගේනේ.”
කාමරයේ උළුවස්සට හේත්තු වී බලා සිටි විජී අයියා මට විහිළු කරන්න වුනා.
”අනේ යමු නිල්මී කෑම ටිකක් කන්න. ඔයා අාසම දෙයක් ඉව්වේ. නැත්තම් මම ගෙනත් කවන්නද?.”
මම ශාමිගේ උරහිසට වාරු වුනේ ඒ වදනින් ලීලම්මා සිහිපත් වීම නිසයි. කිසිදා මා අසනීපව සිටින විට මා බැලීමටවත් අම්මා කාමරයට ඒන්නේ කලාතුකින්, නමුත් ලීලම්මා මම කන්නට බෑ කිව් විට කෑම කවන්නේ පොඩි දරුවෙක් රවට්ටා කැම කවනවා වගේ අාදරයෙන්. අසනීප වූ දිනයේ සිට ලීලම්මා නිතර මතක් වන්නට ගත්තේ අැගේ අාදරය මා හද පත්ලේම තැන්පත් වී තිබෙන නිසයි. ඒනිසාම හිතට වේදනාවක් අැති වන සෑම විටම මට සිහිවන්නේ අැයයි.
දවස් කිපයක් ගෙවී ගිය පසු මගේ අසනීප තත්වය හොදටම සුව වුනා. සුපුරුදු පරිදී නිවසේ සියලු වැඩ කටයුතු අවසන් කළ මම විවේකීව සිටින්නට සිතා මිදුලේ වූ ලෑලි බංකුවේ වාඩී වුනා. ස්වභාවික පරිසරයට බොහොම ප්‍රිය කල මම බංකුවට ඉහළින් අත්තේ ඔබ මොබ දුවමින් රග දෙන පුංචි කුැල්ලන් දෙස බලා වුන්නා. මේ සොදුරු දසුන් දකින විට මට සිහි වුයේ මා අාසාවෙන් කියවු ”නිල්ල පිරිණු මිටියාවත” පොතෙහි මා සිත තුළ දර්ශන මවන්නට සමත් පරිසර වර්ණනාවන්. අහන්බෙන් වගේ මගේ නෙත ගැටුනේ අත්තක් අගිස්සේ සුළගට ඒහෙ මෙහේ වැනෙමින් තිබූ පුංචී කුරුළු කූඩුවක්. අැහෙන පුංචි පුංචී කිචි බිචි සද්දත් ඒක්ක මම ඒ දෙස තවත් විම සිල්ලෙන් බැලුවා. සුළු මොහොතකින් ඒම කැදැල්ල අසල වැසු පුංචිම පුංචී කුරුල්ලෙක් හොටෙන් ගෙන අා දෙයක් කැදැල්ල දෙසට යොමු කලා. ඒවිට මම දුටුවා කූඩුව තුළ වුන පුංචී පැටව්න්ගේ පුංචි හොටවල් පොර කනවා අම්මා ගෙනාපු කෑම කන්න. මගේ හිතට දැනුනේ සැහැල්ලු හැගිමක් මම ඒ දෙසම නෙත් යොමාගෙන හිටියේ තනියම සිනා සෙමින්. තවත් මොහොතකින් තවත් කුරුල්ලෙක් ඒතනට පියඹා අාවා. ඒ තාත්තා වෙන්න අැති කියලා මම අනුමාන කලා. මේ සිදුවිම දකිද්දි මගේ හිත කිව්වේ. ධනවත් පවුලක ඉපදුන පවට අම්මා අප්පච්චිගේ තුරුළේ අාදරේ විදින්න කාලයක් මට තිබුනේ නැනේද? කියලා.
”මේ .. දැන් ශාමලී නංගා ඒහෙම දැන් මෙහෙ නැද්ද?”
ඒක වරම මා අසලින් අැසුනු පිරිමි කටහඩින් තිගැස්සුනු මම බංකුවෙන් නැගිට්ටුනේ ඉබේටමයි.
” අනේ බය කලා නම් සමා වෙන්න මිස්. මිස් වෙන කල්පනාවකනේ හිටියේ. මම වැට ළගට වෙලා කතා කලා. මිස් කතා නොකරපු නිසා අැතුළට අාවේ.”
” මේ ශාමලීලගේ ගෙදර තමයි. ඔයා ශාමලීගේ යාළුවෙක්ද?.”
”ඔව් ශාමලී නංගා දැන් මෙහෙ නැද්ද?”
”ඉන්නවා ඉන්නවා. දැන් නම් ඒයා වැඩට ගිහින්”
”ඒතකොට ඔයා ශාමී නංගාගේ කවුද? මට මතකයක් නෑනේ ඔයාව.”
” ඒ කියන්නේ මීට කලින් ඔයා මෙහෙ අැවිල්ලත් තියෙනවද?”
”ඔව් ඔයා මෙහෙට අළුත් අැති . ඒකයි මාව නොදන්නේ. කෝ ශාමී නංගාගේ තාත්තා නැද්ද?”
ඔහුගේ කතා බහින් දැනුනේ ශාමලිව කාලෙක සිට දන්න හදුනන කෙනෙක් වගෙයි. මුහණත් හරිම කරුණාවන්ත පාටයි. කවුරු වුනත් හොද කෙනෙක් කියලා මගේ හිත කිව්වා.
”සෝමේ මාමාත් වැඩට ගිහින්. හවස් වෙලා හරි ඉරිදා දවසක හරි අාවනම් ඒයාලව මුණ ගැහෙන්න තිබ්බා”
” ඒහෙමද? මට අායි කවදා ඒන්න ලැබෙයිද දන්නේ නෑ. ඒක නිසා මම මේ පණිවිඩේ අදම දෙන්න ඔනේ.”
”කියන්න දෙයක් තියෙනම් මට කියන්න මම ශාමීට කියන්නම්.”
”ඔයා ශාමී නංගාගේ නෑදෑ කෙනෙක්ද්ද?”
”මම ශාමීගේ හොදම යාලුවා නිල්මිණී.”
”ඔයාද නිල්මිණී. අදුර ගන්න ලැබුන ඒක ගැන හරිම සතුටුයි.”
මා වෙත අත පාමින් ඔහු කියද්දි මට දැනුනේ පුදුමයක්. මාර වැඩේනේ මම කවදාවත් දැකලා නැති මේ මනුස්සයා මාව අදුරනවලු. අැත්තටම මු හොරෙක් වත්ද? හොරෙක් කියන්නත් බෑ හොදට අැද පැළදගෙන කාර් ඒකකිනුත් අැවිත් තියෙන්නේ. කාර් වලින් අැවිත් මේ දුප්පත් ගම්වල මොනවා හොරකම් කරන්නද?
” නිල්මිණි නංගා මොනවද කල්පනා කරන්නේ.”
”මම මේ ඔයා කොහොමද මාව දන්නේ කියලා හිතුවේ .මම ඔයාව කවදාවත් දැකලා නෑනේ.”
මම ඔහු මට පා තිබූ අතට අත පාමින් කියා සිටියා.
” මම හේෂාන්. දැන් දන්නවා නේද?”
”හේෂාන් කිව්වේ අර…”
”ඔව් ඔව් ශාමී නංගාව තනිකරලා මේ රටින් පැනලා ගිය හේෂාන් තමා.”
ශාමලී කිව් විදිහටම ඔහුගේ මුහුණෙන්ම පෙනුනේ අවංක පෙනුමක්. නමුත් ඒක වරම මා සිතට අා අාවෙගයට මම ඔහුට දොස් කියන්න ගත්තා.
” මොනවා. දැන් අායි මොකටද මෙහෙ අාවේ. අායෙත් ශාමීගේ ජීවිතේ අවුල් කරන්නද?. ඔයා දන්නවද ශාමී පුතා ගැන හිත හිත මොන තරම් දුක් වෙනවද කියලා. පුළුවන්නම් පිං සිද්ද වෙයි ශාමීගේ දරුවා අායි ශාමිට ගෙනත් දෙන්න. ”.
මම ඒක දිගට කියාන ගියේ ඔහුට වචනයක් වත් කිමට ඉඩ නොතබමින්. දුකින් බර වුන මුහුණින් ඔහු මට යමක් කීමට උත්සහා දැරුවා. මට මේ වචන කොහෙන් ගලන් අාවද මන්නදා. මම මදක් නිහඩ වන තුරු බලා වුන් ඔහු කතා කරන්න පටන් ගත්තා.
”මම දන්නවා නිල්මිණි නංගා මම කරපු දේ වැරදී බව. මට කරන්න පුළුවන් මොකුත් තිබුනේ නෑ ඒ දවස් වල. අඩුම ගානේ ශාමී නංගාට පණීවිඩයක් වත් දිගන්න විදියක් තිබුනේ නෑ.”
”හරි දැන් ඔයා අාවේ ඔය ටික කියලා යන්නද?. පිං සිද්ද වෙයි අායි නම් ශාමීට වද දෙන්න ඒපා. ඔයාගේ පොහොසත් පවුල නිසා ශාමී තාම විදවනවා. ඔයා දන්නවද ශාමී ඒකතැන් වෙලා හිටියා කියලා. ඒ දවස් වල ඒ අහිංසකිට වතුර පොදක් දෙන්න කෙනෙක් හිටියේ නෑ. ”
” පොඩ්ඩක් මම කියනදේ අහන්න නිල්මිණී නංගා. මට ඔය හැම දේම අාරංචී වුනේ ලංකාවට අාවට පස්සේ.”
” තව මොනවා අහන්නද? වෙන්න තියෙන සේරම වෙලා ඉවරනේ. මට ශාමි කිව්වා ඔයාලට කවදාවත් ඒකතු වෙන්න ඔයාලගේ ගෙදරන් ඉඩ දෙන්නේ නෑ කියලා…”
”අනේ නිල්මිණි නංගා . මම ශාමී නංගාව තනි කරන්නේ නෑ. අපේ පුතාත් මම ඒයාට දෙනවා. ශාමී නංගා මට සමාව දෙන්න කැමතිනම් . වුණ සියළුම වැරදී මම හරි ගස්සනවා.”
”ඒවට ඔයාලගේ ගෙදරින් ඉඩ ලැබෙන්නේ නෑ . අායිත් බොරුවට ශාමීට බලාපොරොත්තු දෙන්න ඒපා. කොටින්ම ඔයා ශාමීගේ අැහැට දකින්න වත් ඒන්න ඒපා. සෝමේ මාමා වුන්නා නම් ගහලා පන්නන්නේ. දැන් මෙහෙන් යන්න.”
මම මොනතරම් දොස් කිව්වත් ඔහුට බිදුවක් වත් කේන්ති ගියේ නෑ. යන්නට කීවත් පිටව ගියේ නැහැ . ලොකු කතාවකට මුළ පුරන්න වගේ සුසුමක් හෙලපු ඔහු බංකුව මත හිද ගත්තා.
” හරි නිල්මිණී නංගා මම යන්නම්. මම දන්නවා ශාමී නංගා වුන්නා නම් මේ තරම් වෙලාවත් මට අැහුම් කම් දෙන්නේ නෑ. ඒයා මාත් ඒක්ක හුගක් තරහින් ඉන්නවා අැත්තේ. මම කියන කතාව අහන් ඉදලා ඔයාම තීරනය කරන්න මම කරන්න ඔනේ මොනවද කියලා. මේ කතාවෙන් පස්සෙත් ඔයා මට කියනවා නම් මට ශාමීගේ ජීවිතෙන් යන්න කියලා. මම හෙටම ලංකොවෙන් පිට වෙලා යනවා.”
ඔහු කියන දේට ටිකක් සවන් දී බලන්න කියලා මගේ හිත කිව්වා. මම ගෙයින් පුටක් රැගෙන විත් ඔහුට පෑවේ වාඩි වෙන්න කියලා.
”ඔය සිද්දිය වුන කාලේ මට පුළුවන් කමක් තිබුනේ නෑ තනි තීරණයක් ගන්න. මම රස්සාවක් කලා තමා. ගෙදර ඔනේ තරම් සල්ලි තිබුණ නිසා කිසි උවමනාවක් තිබුනේ නෑ ඉතුරු කරන්න. මගේ ළග තිබුණ හුගක් සල්ලි වියදම් වුනා ඉඩම ගන්නයි ගේ හදන්නයි. ශාමී නංගා ඔයාට ඒවා කියන්න අැති කියලා හිතනවා.”
”ඔව් ශාමී මාත් ඒක්ක ඒ ගැන කිව්වා.”
”ගෙදරින් දිගින් දිගටම අකමැති වෙද්දී අපි තීරණය කළා රෙජිස්ටර් වෙන්න. අන්තිම මොහොත් ඒක ගෙදරට අාරංචී වුනා. ඊට පස්සේ මට ගෙයින් ඒළියට බහින්න ලැබුනේ නෑ.පොන් ඒක පවා ගත්තා. අන්තිමට මට ගෙදෙරන් රට යන්න ටිකට් බුක් කරලා තිබුණා. මම බෑම කිව්වා යන්න. මට ශාමී නංගාට පණිවිඩයක් දිගන්න විදිහක් තිබුනෙම නෑ. මට ඔනේ වුනේ ශාමී නංගා වත් අරන් මේ රටින් යන්න. ඒත් මගේ ළග ඒකට සල්ලි තිබුනේ නෑ. අන්තිමේ මම රට ගියා.
ඊ ළග කොටසින් හමු වෙමු.