44.වන කොටස.

මියෙදෙන තුරා.

”රට ගිය දා ඉදන් මම උත්සහා කලා ශාමී නංගාට කෝල් කරන්න ඒ වෙද්දි ඒයාගේ පොන් ඒක වැඩ කලෙත් නෑ. මම හැමදාම වගේ උත්සහා ගත්තත් ශාමී නංගාව සම්බන්ධ කර ගන්න බැරි වුනා. පස්සේ මම යාළුවෙක් ඒව්වා ශාමී නංගාගේ ගෙදරට.”

”ඉතිං ඒදත් ශාමීට පණිවිඩයක් දීගන්න බැරි වුනාද?”

” ඒදා මගේ යාළුවා කිව්වා. ශාමී වෙන කෙනෙක්ව මැරි කරලද කොහෙද කොල්ලෙක් ඒක්ක ත්‍රීවීල් ඒකක නැගලා ගියා ඒයා ගෙදරට යද්දීම කියලා.”

”ඉතිං ඒ කව්ද කියලා හොයලා බැලුවේ නැද්ද?

මට තේරුණා ඔහු මේ කියන්නේ විජී අයියා ගැන කියලා. මොකද මම දන්නවා හේෂාන් අැරුණම ශාමීගේ ජීවිතයට ළගින් වුන ඒකම පිරිමියා විජී අයියා කියලා.

” හෙව්වා. මම දන්නවා මගේ ශාමී නංගිට ඒ තරම් ඉක්මණින් මාව අමතක කරන්න බෑ කියලා. මම මගේ යාළුවට කිව්වා තව ටිකක් හොයලා බලන්න කියලා ශාමි නංගාට හොරෙන්. මොකද තාත්තාගේ බලකිරිමට හරි ශාමී නංගා වෙන කෙනෙක් මැරි කළානම් ඒයාගේ ජීවිතේ අායි අවුල් කරන්න ඔනේ නැති නිසා.”

”ඉතින් මොනවද අාරංචී වුණේ.”

”මගේ යාළුවා දවසක් ශාමී නංගාගේ තාත්තා හම්බවෙලා ශාමී නංගා ගැන අහලා තිබුණා. ශාමී නංගාගේ තාත්තා කියලා තිබුණේ ශාමී නංගා බැදලා දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා කියලා.”

”ඉතිං ඔයා විස්වාස කළාද?”

”මට පුදුම හිතුනා ඒ තරම් ඉක්මණට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වාම. මොකද මම ඒතකොට රට ගිහින් මාස දෙකයි. ශාමී නංගාගේ තාත්තාගේ කටින්ම කිව් නිසා මට විශ්වාස කරන්න වුනා.”

”ඔයා පුදුම කෙනෙක්නේ.”

”ඒත් මම යාළුවන්ට කිව්වා ශාමි නංගා ගැන හොයන්න කියාල. මගේ යාළුවොත් මට බැන්නා උබ රට ගිහින් මාස දෙකක් වත් යන්න කලින් ඒකි වෙන ඒකෙක් බැදලා ඔබ බෙල්ල කඩා ගන්නේ නැතුව ඉදහන් කියලා.”

” ඉතිං අැයි ඔයා මේ තරම් කල් ලංකාවට අාවේ නැත්තේ.”

”මටත් හොරෙන් අැග්රිමෙනට් සයින් කරන් තිබුනා මම වැඩට ගිය කොම්පැණියෙන් අවුරුදු පහකට. ඒක මම දැන ගත්තේ රට ගිහින් මාසයක් විතර ගත වුනාටත් පස්සේ.”

”හ්ම්..”

”පස්සේ අායිත් මගේ යාළුවෙක් පොටෝ වගයක් ඒවලා තිබුනා ශාමි නංගායි තව පිරිමි කෙනෙකුයි ඉන්න. ඒවෑ ශාමී නංගාට පුතා හම්බෙන්න හිටියේ. ලගින් වුන් පිරිමි කෙනා ශාමී නංගව පරිස්සමින් අැගට වාරු කරන් යන පොටෝ වගයක් තිබුනා. ඒවා දැක්කම මම හිතුවේ අපේ පුතා ඒ පිරිමි කෙනාගේ කියාල. මගේ යාළුවා ඒ පොටොස් අරන් තිබුනේ අෑත ඉදන් හොරෙන්.”

”ඔයා ළග ඒ පොටෝ තියෙද?..”

” ඔව් ඉන්න.”

ඔහු ජංගම දුරකතනය විවෘත කර මට පොටෝ රැසක් පෙන්නුවා. ඒවායේ සිටියේ විජී අයියා. සැබවින් ඒය දනින අයෙකුට සිතෙන්නේ ඔවුන් විවාහක අය ලෙසින්. මගේ හිතටත් පොඩි දුකක් කාන්දු වුනේ ඔවුන් දෙදෙනා මේතරම් ළගින් සිටියාද කියලා.

” ඔයා දන්නවද මේ කවුද කියලා.”

”ඔව් මේ විජී අයියා. ඔයා තාමත් හිතන්නේ පුතා ඔයාගේ නෙමෙයි කියලද?.”

” නෑ. නෑ නිල්මිණී නංගා මම දන්නවා. පුතා මගේ බව . ශාමී නංගා තාමත් මට අාදෙයි කියලත් මම දන්නවා. ”

”ඒක කොහොමද දැන ගත්තේ. ”

”පුතාට අවුරුද්දක් විතර වුනාම දවසක් අහම්බෙන් මගේ යාළුවෙක්ට ශාමී නංගාව හම්බ වෙලා තිබුණා හොස්පිටල් ඒකේදී. කතා බහ කරද්දී මගේ යාළුවා අහලා තිබුනා කාවද මැරි කලේ කියලා. ඊට පස්සේ ශාමී නංගා කියලා තිබුණා. මම තාම මැරි කරලා නෑ අයියේ. මේ ඉන්නේ මගේ හේෂාන් අයියාගෙයි පුතා මම ඒයාව හදාගෙන හැමදාමත් තනියෙම ඉන්නවා කියලා. ”

”ඒතකොටවත් ඔයාට ලංකාවට ඒන්න හිතුනේ නැද්ද?.”

”මොකච නැත්තේ මම මොනකරම් උත්සහා කලාද ? අවුරුදු පහ ඉවර වෙනකන් ඒන්න විදියක් නෑ. මම පැනලා ඒන්නත් හිතුනා. ඒත් ඒහෙම ඒන්න ගිහින් පොළිසියට අහුවුනොත් අවුරුදු පහ අවසානයෙවත් ඒන්න ලැබෙන්නේ නෑ .මම ඉවසුවා.”

”අැයි පුතාව ශාමිගෙන් අෑත් කලේ.”

” අාපු කේන්තියට ගෙදර අයට කොල් කරලා බැන්නා ශාමී නංගායි මාවයි අෑත් කරපු ඒකට. අපිට දරුවෙක් ඉන්න බවත් මම ඒයාලට කිව්වා. පස්සේ ඒයාලා කිව්වා ශාමී නංගාටයි පුතාටයි බලන්නම් කියලා මම ලංකාවට ඒනකම්. ”

”ඉතිං ඒයාලා ශාමීට බලලා නෑනේ.”

”ඔව් ඒයාලා මට කිව්වා. පුතාව බලන්න ගියාම ශාමි නංගාගේ තාත්තා අපේ ගෙදර අයට බැනලා පන්න ගත්තා කියලා. ඒදා අර පොටෝවල හිටි මනුස්සයාත් ඉදලා කිව්වාලු. ඔබලගේ දරුවෝ මෙහෙ නෑ මේ ඉන්නේ මගෙයි ශාමීගෙයි දරුවා කියලා.”
”ඒදා ශාමී ඉදලා නැද්ද?”

” ඉදලා ඒයා මොකුත්ම කිව්වේ නැල්ලු.”

”ඉතිං දරුවා විජී අයියාගේ නම් අැයි ඔයාලගේ ගෙදර අය අරන් ගියේ.”

”පුතාගේ වයසත් ඒක්ක බැලුවම මම රට යද්දිත් ශාමි නංගාට පුතා ලැබෙන්න මාස දෙකක් නැත්තම් තුනක් වෙන්න ඔනේ. ඒක නිසා මම විස්වාසෙන්ම දැනන් හිටියා දරවා මගේ කියලා. ”

”ඒහෙනම් අැයි දරුවා විතරක් අරන් ගියේ.”

” මම හිතුවා ඒයා දරුවෙක් ඒක්ක තනි වුන නිසා .තාත්තෙක් නැති දරුවෙක් හදා ගන්න බැරි නිසාවත් වීජීව මැරි කරන්න අැති කියාලා. ඉතිං ඒයාලගේ පවුල් ජීවිතේට බාධා නොකර මම පුතාව අම්මාලා ළගට ගන්න කිව්වා. ඊට පස්සේ බලෙන්ම අම්මලා පුතාව අරන් අැවිත් තිබුනා. ශාමී නංගා පොළිසි ගියෙත් නැති නිසා ලොකු කළබලයක් අැති වුනේ නෑ.”

”අැයි දැන් විජී අයියාගෙයි ශාමිගෙයි ජීවිතේට බාධා කරන්න අායි අාවේ.”

”මම දන්නවා ඒයාලා අතර ඒහෙම සම්බන්ධයක් නෑ කියලා.”

” ඒ කොහොමද දැන ගත්තේ.”

”මේ ළගදි දවසක් මට විජී කියන කෙනා කොල් කළා .කොහෙන්දෝ නම්බර් ඒක හොයාගෙන. ඒයා මට හැම දේම කිව්වා. තාමත් ශාමී නංගා මම වෙනුවෙන් දුක් වෙන බව කිව්වා. ”

ඒ කියන්නේ ශාමී විජී අයියාට අකමැති බව විජී අයියා දන්නවා. අැත්තටම විජී අයියා ශාමීට අාදරේ කරන්න අැද්ද?. මගේ හිත අායෙත් ප්‍රශ්ණ කරන්න වුනා..

” දැන් ඔයාලගේ ගෙදරින් ශාමීට කැමතිද හේෂාන් අයියේ”

”නෑ ඔයාලා කැමති වෙන්නේ නෑ. ඒත් දැන් මට තනි තීරණයක් ගන්න පුළුවන්. අපිට පුළුවන් පුතාවත් අරන් රට යන්න. මම ඒ හැමදේම ලෑස්තිකරලා තියෙන්නේ.”

”අායි ගෙදරට අාරංචී වෙලා මේ බලාපොරොත්තුවත් කඩ වුනෝත් ශාමීට අායෙත් වේදනා විදින්න වෙයි.”

”නෑ නෑ. ශාමී තාමත් මට අාදරේනම් මම අායි ඒයාට තනිවෙන්න දුක් වෙන්න දෙන්නේ නෑ. මම සේරම ලෑස්තිකරන් අාවේ. ශාමීට පාර්ස් පොට් හදන්න විතරයි තියෙන්නේ.”

”ඔයාට ඒහෙම කරන්න පුළුවන් නම් හොදයි. ශාමී පව්. ජීවිතේ හැමදාම දුක් විදපු කෙල්ලෙක් ඒයා.”

” ශාමීට මේ කතාව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද නිල්මිණි නංගා ඔයාට. ඔයාට විතරයි මේ උදව්ව කරන්න පුළුවන්.”

”මම ශාමිට කියන්නම්. ඒත් ඒයා ඔයාව අායි විශ්වාස කරන්න බය වෙයි.”

” බය වෙන්න දෙයක් නෑ. අපේ අම්මාලා හිතන් ඉන්නේ මම රටදී මැරි කලා කියලා. අනික මම පුතාව අපි ළගට අරන් යන්න ඒන්නේ කියලා මම ලංකාවට අාවේ.”

”අැත්තටම මැරි කලාද?”

”පිස්සුද නිල්මිණි නංගා. ඒදා වගේ මම අදටත් ශාමි නංගා ගැන විතරයි හිතන්නේ.”

”ශාමීගේ තාත්තා ඔයා ගැන කතා කරන්නත් අකමැතී. ඒයා මොනවා කරයිද දන්නේ නෑ.”

”ඒයා ගැන විජී බලා ගන්නම් කිව්වා නිල්මිණි නංගා. ඔයා ශාමී නංගාව කැමති කරලා දෙන්නකෝ. මුලින්න රෙජිස්ටේෂන් ඒක කරලා පුතාට උපැන්නය හදා ගන්න ඔනේ. ”

”ඔය තරම් දෙවල් කරද්දී ගෙදරට අහු නොවී තියෙයිද හේෂාන් අයියේ.”

” බය වෙන්න ඒපා . අම්මලා මාව සැක කරන්නේ නෑ. ඔය වැඩ වලට අනිත් අයව දාලා මම ගෙදරටම වෙලා ඉන්නවා ඒතකොට සැක වෙන්නේ නෑ. මම අදත් පුතාගේ ටිකට් ඒකේ වැඩකට යනවා කියලා අාවේ.”

”හරි හේෂාන් අයියේ අපි උත්සහා කරලා බලමු.”

”බය වෙන්න ඒපා විජීත් ඔනේ උදව්වක් කරයි. ඒයා හුගක් හොද කෙනෙක්.”

”මේ තරම් වෙලා කතා කලා මිසක් වතුර ටිකක් වත් දුන්නේ නෑ. ඒන්න ගෙට මම තේ ඒකක් හදන්නම්”

”ඒපා ඒපා නිල්මීණී නංගා. මට දැටත් පරක්කුයි. මට අායි මෙහෙ ඒන්න වෙන්නේ නෑ මොකද මගේ ගැන ගෙදරට සැක හිතුනොත් මට අායෙත් ශාමි නංගාව නැති වෙනවා. මට අායි ඒයාව නැති කර ගන්න බෑ. ඒක නිසා හුගක් පරිස්සම් වෙන්න ඔනේ.”

”කොහොමද පණිවිඩයක් දෙන්නේ.”

”මගෙත් ඒක්ක තරහටම ශාමී නංගා පොන් පාවිච්චිය අත් අැරලා නේද? මම අළුත් පොන් ඒකක් ගෙනාවා. හැබැයි මම කෝල් කරනකම් ඔයාලා මට ගන්න ඒපා.”

කාර්රථය වෙත ගොස් ජංගම දුරකතනය මා අත තැබූ ඔහු පිටවී ගියා. මම දැන් මග බලා ඉන්නේ ශාමී ඒන තුරු. අැත්තටම ශාමී මේක අහලා දුක් වෙයිද? සතුටු වෙයිද? දැන් ඒයා විජී අයියාට අාදරේ නිසා අතහැර යන්න අකමැති වෙයිද?. මට හිතා ගන්න බෑ. නමුත් හේෂාන් අයියාගේ පැමිණිම මට ලොකු සහනයක් ලෙස දැනෙන්න හේතු ගොඩක් තිබුනා. ඒ වගේම දුකට හේතුවකුත් තිබුනා. ශාමී ගියාම මට අායි ගෙදරයන්න වෙයිද?

ඊ ළග කොටසින් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *