45. වන කොටස.

මියෙදෙන තුරා…

ශාමලී ඒන්න කළින් රෑ කෑමත් සූදානම් කරන් මම මග බලන් වුන්නේ සුභ අාරංචිය කියන්න. වීජී අයියා අාවෙත් නැති නිසා මට මේ කතාව කියන්න කෙනෙකුත් නෑ. මොකද අප්පා මේ ශාමී පරක්කූ . මම පෙර මග බලන් වුන්නා. මම පෙරමග බලන් ඉන්න අයුරු දැකලා ශාමලීගේ මුහුණේ අැදුනේ ලස්සන හිනාවක්.
” මොකද අද කෙල්ල පෙර මගට වෙලා.”

අෑ මා පසු කර ගෙට අැතුල් වෙන ගමන් කිව්වා. ඒක පාරටම හේෂාන් අයියා ගැන කියන්න බියක් දැනුන නිසා මම හෙමින් කියනවා කියලා හිතලා නොඉවසිල්ල යටපත් කර ගත්තා.
”මොකුත් නෑ ශාමී”.
”වෙන්න බෑ කෙල්ලගේ මූණේ තියෙන සතුටේ හැටියට නම් මොකක් හරි විශේෂයක් තියෙනවා.”

”හරි හරි පස්සේ කියන්නම් මූණ අත පය හෝදන් කෑම ටිකක් කාලා ඉමුකෝ. මම හිමින් සැරේ කියන්නම්.”

”හ්ම්.”

දවසම මන්සිවෙලා වැඩ කරලා තිබුණ මහන්සිය නිසාමද කොහෙද මම කියන්න යන කතාව අහන්න අැය හදිස්සී කලේ නෑ. දිය පිල්ල ළගාට ගිහින් හවස කියලා නොබලා නාගත්තු අැයි නිවස තුළට ඒද්දී සෝමේ මාමාත් ගෙදර අාවා. තුන්දෙනාම ඒකතු වෙලා රෑ අාහාරයත් අරන් ශාමලී අැදට වැටුනා. මමත් අැය පසු පසම ගිහින් අැද කොණක වාඩි වුනා.
” අද නම් හරිම මහන්සී නිල්මී . ඉක්මණට නිදා ගන්න ඔනේ.”

”අද කෙනෙක් අාවා ඔයා හොයාගෙන.කවුරු කියලද ඔයා හිතන්නේ.”

”කියන්නකෝ නිල්මී අගේ නොකර.”
”ඔයා වැඩියෙන්ම අාදරේ කරන කෙනෙක්.”

”කවුද අපේ මල්ලිද? ඒයා ඉතිං නිතර ඒන්නේ.”

”පොඩ්ඩා නෙමෙයි අනේ.”

”ඒහෙනම් මගේ පුතා හරි හේෂාන් අයියා හරි . ඒත් ඒ දෙන්නම කවදාවත් මම හොයන් ඒන්නේ නෑ කියලා මම දන්නවා.”

අැගේ මූන බලන් ඉද්දීම කළු වලාවකින් වැහුණු සද වගේ අදුරු වෙලා ගියා.

”ඒත් ඒයා අාවා.”

”කවුද.”

”හේෂාන් අයියා.”
”අනේ විහිළු කරන්න ඒපා නිල්මී.”

ශාමී හිතන්නේ මම බොරු කියනවා කියලා. ඒයා තාමත් විශ්වාස කරන්නේ හේෂාන් අයියා ඒයා හොයන්නේ නෑ කියලා. ඒ කියන්නේ මේ අරංචියෙන් ඒයා හුගක් සතුටු වෙයි.

” ඒ වගේ දෙවල් ගැන මම විහිළු කරනවද ශාමී.”

”ඔය අැත්තමද නිල්මී.”

අැය මා වෙතට හැරී අැද මට වාඩි වුනේ විදිල්ල වගේ. අැගේ අැස් දැක සතුටින් දිළිසුනා. මගේ සතුටත් දොරේ ගැලුවේ ශාමලීගේ අහිංසක හිනාව දැකලා. මට නොකිව්වට ශාමී හේෂාන් අයියා ඒයි කියලා බලන් ඉදලා වගේ .

මම අැය සමග සියළු විස්තරය කිව්වා. අැය ඒ කතාව අහන් හිටියේ කදුළු අතරින්. මුළු කතාවම අහලා ඉවර වුණ අැය වචනයක් නොකියා නිශ්ෂබ්ධ වුනා.මම කීපවරක්ම තීරණය අැහුවත් අැය පිළිතුරක් දුන්නේ නෑ. අවුරුදු පහක්ම අැස් අස්සේ හිර කරන් හිටිය කදුළු මගේ උරතලය මත මුදා හරින්නට පටන් ගත්තා. අැය සැනෙසෙන පාටක් පෙන්නම නෑ. මම අැයව සනසන්න උත්සහා කළත් ශාමලී දිගටම අැඩුවා.

මහන්සී ඉක්මනින් නිදා ගන්නට ඔනේ යැයි පැවසු ශාමලී පාන්දර යාමය වෙනකන්ම නින්දක් නැතුව කල්පනා කලා ,ඉකි බින්දා. ශාමලී දුකින් ඉන්න නිසා මටත් නින්දක් නෑ. මට ඔනේ වුනේ අැගේ කදුළු කතාව අවසාන වෙලා ඉක්මනින් ලස්සන ජීවිතයකට මුල පුරනවා දකින්න.

මම උදෑසන අවදි වන විට අැයට හොදට නින්ද ගිහින්. පාන්දරට උයන්නට අැයට අැහැරුවේ නැත්තම් මට දොස් පවරණ නිසා මම වෙනදට අැයට අැහැරවන්නේ. ඊයේ අැයට නින්දක් නෑ කියලා මම දන්නවා ඒක නිසාම මම තනියම උයන්න ගත්තා.වැඩට යන්න සුදානම් වන වෙලාව ළං වෙද්දී අැයි අවදී වෙලා කුස්සියට අාවා.

” අැයි මට අැහැරුවේ නැත්තේ නිල්මි.”

”ඔයාට හරියට නින්ද ගියේ නෑ කියලා මම දන්නවා ඒකයි.”

”මම අද වැඩට යන්නේ නෑ. අපරාදේ මහන්සි ෙවලා පාන්දර ඉව්වේ.”

”කමක් නෑ ශාමී ගෙදර හිටියත් කන්න ඔ්නෙනේ.”

අැය හරි බරි ගැසිලා කුස්සියේ වු ඒකම පුටුව අැදගෙන වාඩි වුනේ විසිරී තිබු කෙටි කොන්ඩය ඒක් කර බදිමින්.

”නිල්මී..”

”අැයි ශාමී.”

”මම මොකද්ද ගන්න තීරණය”

”ඔයාට හේෂාන් අයියාව විශ්වාස නම් . ඔයා ඒයා ළගට යන්න ශාමි.”

”මට හරි තීරණයක් ගන්න බෑ විජී අයියාගෙන් අහන්න ඔනේ.”

අනේ මන්නදා මේ දෙන්නා අතරේ තියෙන්නේ මොනවගේ සම්බන්දයක්ද?. ශාමීගේ තීරණවලට මැදහත් වෙන්න තරම් මේ දෙන්නා අතරේ තියෙන බැදීම මොකද්ද?.

”ඊ යේ පොඩිඩා අාවේ නැද්ද?.”

” නෑ නිල්මී .”

”ඒහෙනම් අද ඒයිනේ.”

හවස දෙක තුන පසුවන තුරු බලන් වුන්නත් විජී අයියාවත් පොඩ්ඩා වත්ගෙදරට අාවේ නෑ. සෝමේ මාමා මේ කතාව අහලා මොන විදියට හැසිරෙයිද නොදන්න නිසා අපි ඔහුට කියන්නට මැලි වුනා.

”අනේ විජී අයියා මෙහෙ ඒන්නේ නෑ වගේ අද.”

හේෂාන් අයියා ගෙනත් දුන් ජංගම දුරකථනයේ තිරය මත නිතරම බලමින් නොසන්සුන් සිතින් වුන් අැයි මා හා කිව්වා.

” නිල්මී අපිට විජී අයියා හොයන් යන්න වෙනවා.”

” ඔයා දන්නවද විජී අයියා ඉන්න තැන”

” නෑ ඒත් ඒයා මට මුලින්ම හම්බුන තැනින් තව ටිකක් අැතුළට ගියාම අපිට ඒයාව හොයා ගන්න පුළුවන්.”

”කොහෙදිද ඔයාට ඒයාව හම්බවුනේ. රක්ෂතය පාමුල ගල්තලාවෙදී.”

ශාමලී කිව්වේ නිවසට තරමක් අෑතින් පිහිටි රක්ෂිත වණයක් ලෙස වෙන් කර තිබූ වණ අරණ ගැනයි. මම අසා තිබුනේ නම් ඒහි බයානක සත්තු සිටින බවයි.

” අම්මෝ ඒකේ දිවියෝ , නරි, අලි ඒහෙම ඉන්නවලු නේද?”

”ඔන් හිටපුවාවේ අපි අැතුළටම යන්න ඔනේ නෑ. යමුද?.”

මමත් අාසයි වණය බලන්න යන්න. ඒක නිසාම මම ඒක පයින්ම කැමති වුනා. අපි දෙදෙනා වන ලැහැබ අතරන් රිංගා ගියා. සරුවට වැඩුනු පදුරු සහිත ගස් වර්ග අපේ ගමනට බාධා කලා. ගස් අතු ඒහෙට මෙහෙට නමමින් අපි ගල් තලාව මතට පැමිණියා. ඒතන මා කිසිදා නොදුටු තරම් ලස්සන තැනක්. සැන්දෑ අහසේ රත් පැහැ වුණ වලාවන් ගල්තාලාව පාමුල වූ තුරු හිස් මතින් ඉහළට නැගී විත් හරිම චමත්කාර දර්ෂණයක් මැව්වා. විශාල ප්‍රදේශයක් පුරා විහිදී තිබූ ගල්තලාවෙන් වැඩි කොටසක් කටුක පතොක් ශාකයෙන් වසාගෙන තිබුනා. පතොක් ශාකගේ තැනින් තැන පිපී තිබූ කහ පාටට හුරු පතොක් මල් ඒම දර්ශෂනයේ සුන්දරත්ව තවත් වැඩි කලා.

” ශාමී මෙතන හරිම ලස්සනයි නේද?”

”ඔව් නිල්මී මෙතනට මමත් හරිම අාසයි. ඉස්සර මම නිතරම මෙතනට ඒනවා. ඒහෙම අාපු දවසක තමා මට විජී අයියාව මුලින්ම හම්බුනේ.”

”විජී අයියා මොනවද මේ කැලේ කරන්නේ ”

”අනේ මන්දා. ඒයා කොහේ ඉන්නවද කියන්න මම දන්නේ නෑ. කවුරුත් මේ පැත්තට ඒන්නෙත් නෑ වැඩිය අලි ඉන්න නිසා. ”
”ශාමී කවුරු හරි ඒනවා. සතෙක්ද දන්නෙත් නෑ.”

කැලෑ රොද අතරින් අැසුණු වියලී කොළ පොඩි වන සද්දයට සවන් යොමමින් මම රහසෙන් වගේ කිව්වා.

” ඒන්න පොඩ්ඩක් අර පැත්තට යමු.”

ශාමිනී මාවත් අතින් අැදගෙන ගිහින් ගස් පදුරකට මුවා වුනා. අපි දෙන්නම හොදටම බය වී සැගවිලා බලන් හිටියා. ටික වෙලාවක් කෑලෑ රොද අතරන් මතු වුනේ විජී අයියා. විජී අයියා දැක්කම අපේ හිත් වලට දැනුන සතුට කියා නිම කරන්න බැරුව ගියේ අපි අහුවෙන්න ගියේ කෑලෑ සතෙකුටවත් ,කෑලේ සැගවී සිටින හොරෙකුට වත් නෙමෙයි කියලා දැනුන නිසා. අපි දෙදෙනා සැගවී සිටි තැන් පිටතට අාවේ ඉබේටම වගේ.

”විජී අයියේ.”
”මේ දෙන්නා කැලෑවේ කොහෙ යනවද? මහේ අලිත් ඉන්නවා.”

අපි දැකීමෙන් පුදුමයට පත් වුණ විජි අයියා කියා සිටියා. අලි සිටිනා බව නම් අැත්තකී. අපි ජීවත් වන ගමට අලියෙක් ගංවදින්නේ බොහොම කලාතුරකින් නිසා අපිට ඒගැන ඒ හැටි බයක් නැත. නමුත් රක්ෂතයේ අනෙක් පැත්තේ අැති ගම් වලට අලි නිතරම ගංවැදී හේන් ගොවිතැන් ගෙවල් දොරවල් සියල්ල විනාශ කර දමනු අසන්නට ලැබීම බිය උපදවන සුළුය.

” අපි මේ ඔයා හොයන්න මයි අාවේ. උදේ ඉදන් බලන් හිටියා අාවේ නෑනේ.”

”මම හිතුවෙ ශාමී නගා වැඩට ගිහින් අැති කියාලා.”

”අද ගියේ නෑ. මම මේ වැදගත් දෙයක් කතා කර ගන්න අාවේ.”

”ගෙදර යමු මම මේ ඒහෙ යන්න කිගලා අාවේ.”

”මොනවද විජි අයියේ මේ කැලෑවේ කරන්නේ.”

මෙතරම්නි වෙලා නිහඩව ඔවුනගේ කතාව දෙස බලා වුන් මම විමසුවේ ඔහුගේ ජීවිතයට මේ වනයේ ගැවසීම භයානක යැයි සිතුන නිසායි. නමුත් සිනාසුනා මිස ඔහු ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදිනි. සැමදා ඔහුගෙන් පුද්ගලික තොරතුරක් අැසු විට ඔහු ඒය මගහැර යාමට ඉතා දක්ෂයි. මට ඔහු සමග අැති වුනේ තරමක අමනාපයක්.

ඊ ළග කොටසින් හමු වෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *