47. වන කොටස.

මියෙදෙන තුරා…

” නිල්මිණි දරුවෝ උබ තනියම පයින්ද යන්න හදන්නේ .”

”ඔව් සෝමේ මාමේ මම අපු විදියටම තනියෙම යනවා .”

”ඔහොම හිටින් දරුවෝ මම එන්නම් ඇරලන්න.”

”එපා සෝමේ මාමේ මට යන්න පුළුවන්.”

”මම නම් කැමතිම නෑ දරුවෝ ඔය වලවුවට ආයි යනවට. එත් උබේ උරුමේ ගන්න උබ යන්නම ඕනේ .ගිහින් වරෙන් මගේ දුවේ . ඕනේ වෙලාවක මේ ගෙදර දොරවල් උබට ඇරලා තේරුනාද.”

මම සෝමේ මාමාට වැදලා කඩුල්ල දෙසට පිය නැගුවා. මොකද්ද මේ සෝමේ මාමා කියන උරුමේ ඇයි මම ආපහු එයා ලගටම එන්න ඕනි නම් ගෙදර නොයවා තියා ගත්තේ නැත්තේ .නොයෙක් ප්ර ශ්න හිත තුල බුර බුරා නැගුනත් , හිතේ තෙරපිලා තියෙන දුක ඒ වචන පෙළ අමතක කරන්න තරම් දරුණු වුණා.

ඇයි දෙවියනේ වීජී අයියා අන්තිම මොහොතටවත් මාව දකින්න එන්නේ නැත්තේ. ශාමීව නම් ඇරලුවෙත් ඔයා . ඒ තරම්ම මගේ ගැන යාලුවෙක් කියන හැගිමවත් නැද්ද වීජී අයියේ . කඩුල්ලට ලංවෙද්දි මගේ මනස තවත් වියවුල් වුණා .මම මේ යන්න නේද යන්නේ. තම මාස හයක්වත් නෑ මට ජීවත් වෙන්න. මට සමාවෙන්න සෝමේ මාමේ මට ආයි කවදාවත් එන්න වෙන්නේ නෑ. ඔයා මාව බලන්න එන්න. මනමාලියෙකුට ඇදලා, සුදෙන් සරසපු යහනාවක සතපලා ඉද්දි, මගේ දිහා බලලා අඩලා යන්න එන්න සෝමේ මාමේ .අන්තිම වතාවට මාව බලන්න එන්න . මට හිතුනේ පිස්සියෙක් වගේ බිම පෙරලි පෙරලි අඩන්න . අනේ දෙවියෙනේ මට ගෙදර යන්න බෑ. මගේ හිත ඇතුලේ සිතුවිලි කෑ ගහද්දි දෙපා මාව ඉදිරියටම අරන් ගියා. මම කඩුල්ලෙන් පැනලා පාර දිගේ ඉදිරියට ඇදුනේ කිසිම සිහි කල්පනාවකින් තොරව.
එක පාරටම පාරේ තිබුන ගලක පය හැපිලා මම වැටෙන්න ගියා . මම මේ කොහෙද යන්නේ. මෙහෙන් නෙමේනේ ගෙදර යන්නේ. ගලේ හැප්පුන මහපොට ඇගිල්ල පුපුරු ගහනවා. මම මොකද මේ තරම් රිදෙන්නේ කියල ඇගිල්ල දිහා බැලුවා. දෙවියනේ ඇගිල්ලම රතුම රතු පාටයි .මේ තරම් තදට වැදුනද? දැන් මොකද කරන්නේ තුවාලේ වේදනාවටත් වඩා මට තිබුන ප්රේශ්නය මම මේ කොහෙද යන්න යන්නේ කියලා.

වටපිටාව හෝදිසියෙන් බලද්දී මට තේරුනා මම මේ යන්නේ එදා ශාමී මමයි වීජී අයියා හොයන්න කැලාව ඇතුලට යන පාරේ කියලා. මම හිත තද කරන් යන්න හැදුවත්. මට වීජී අයියා අන්තිම පාරටවත් දකින්නේ නැතුව පිට වෙන්න බැරි වුණා. ඒ කැලේ අලි ඉන්නවා. එදා නම් ශාමී හරි හිටියා. කමක් නෑ වෙන්න තියන දේනේ වෙන්නේ මම වන ලැහැබ තුලට පිවිසුනා. එදා වගේම ඇති ඉති එහාට මෙහාට නමමින් මම ගල්තලාව දෙසට ඇදුනා. වීජී අයියා මේ පාරෙන් නෙමේ වගේ යන්නේ එයා ගියානම් නිතර, පාරක් හැදෙන්න ඕනිනේ කියලත් මගේ හිත කිව්වා.

අමාරුවෙන් මම ගල් තලාව මතට ආවා .තදටම අවුව පයලා නිසා පිච්චෙනවා වගේ. පේන මානයක වීජී අයියගේ සේයාවක් වත් නැ.මම ගිනියම් වුන ගල්තලාව උඩින් පහලට ගමන් කල. අඩිය තියන්න බෑ. පුදම රස්සනයක් එහෙන් තුවාලය වේදනයි. මම හෙවන තිබුන තැනකින් වාඩිවුණේ. මෙතනින් එහාට මම යන්න දන්නෙත් නැති නිසා. බලන බලන තැන ඝන කැලෑව. කොහොම හරි ටික්කක් වෙලා ඉදලා හිත ටික්කක් හරි හදාගෙන අපහු යනවා කියලා මම හිතා ගත්තා.

ඇගිල්ලෙන් ලේ එන එකනම් අවුවේ රස්නේ නිසාමද මන්දා වේලිලා ගිහින්. මම දණහිස් දෙක මත හිස තියාගෙන ඇඩුවේ. ඇයි දෙවියෝ මටම මෙහෙම දඩුවම් දෙන්නේ කියලා.

” නිල්මී නගා.”

මට හීන පේනවා. හිනේනේනුත් ඒ හඩ ඇහෙනවා. මම තව තවත් ඒ සිනයටම කිමිදෙන්න හිතන පියන්සිටි දෑස් තවත් තදින් පියා ගත්තා.

”නිල්මී නගා. මොකද මෙහෙ කරන්නේ.”
මහේ උරහිසින් අල්ලලා හොලවනකොට මම ඔලුව උස්සලා බැලුවේ . හීනෙන් වත් වීජී අයියා ඇවිද්ද කියලා.

”වීජී අයියේ.”

මම පිස්සුවෙන් වගේ වීජී අයියගේ දෑතේ එල්ලුනා. හෙමින් හෙමින් කාන්දු වෙමින් තිබු කදුළු මොරගෙඩි බවට පත් වුනේ මේක හීනයක් නෙමෙයි කියලා දැනුන නිසා.

” මොකද ළමයෝ අඩන්නේ. අද ගෙදර යනවා කිව්වා නේද. ”

” අනේ මට ඒ ගෙදරට යන්න බෑ වීජී අයියේ. අනේ මාව තියා ගන්න . මම තව ටික කාලයයි ජීවත් වෙන්නේ. ඒ ටික කාලේ වත් මට සැනසීමෙන් ඉන්න දෙන්න.”

” මොනවද නිල්මී නගා මේ කියන්නේ. මට ඔයාව තියා ගන්න පුලුවන්ද. අනික ඔයා ගනු ළමෙක් .අනික මේ මහා කැලෑවේ. ඔයාට මේ ජීවිතේ හුරු නෑ නගා. අනික ඔයාව හිර වෙන්නේ නෑ දැන් වලව්වට ගියා කියලා .”

වීජී අයියා මගේ ලගින් වාඩි වෙමින් කිව්වා. මම ඔහුගේ දෑතට බුරුලක් දුන්නේම නෑ . දෑතින්ම ඔහුගේ දෑත් අල්ලාගෙන මම මගේ ජීවිතය ඉල්ලුවා.

” ඒ ගෙදර මට ඇති නිදහසක් නෑ වීජී අයියේ. මම අවුරුදු දාහතක්ම ඒ හිරගෙයි ඉදලා ආවේ. දැන් ගියොත් මාව සුමෙධ අයියාට බලෙන්ම හරි බනදලා දෙයි.”

”ඉතින් හොදයිනේ නගා සුමේධ ඔයාට ආදරෙනේ.”

” මගේ හිතේ කිසි හැගීමක් නැනේ වීජී අයියේ. ඔයා මාව තියා ගන්න. හිතේ නිදහසක් නැති ඒ ගෙදරට වඩා මේ කැලේ ඉදලා සතෙක් මාව මරන් කෑවත් මට සැපයි. ඔයා දන්නේ නෑ විජී අයියේ ඒ මිනිස්සුන්ගේ හැටි.”

”මම දන්නවා ඔයාටත් වඩා එයාලා ගැන. මට ඔයාව තියා ගන්න බෑ නිල්මී නගා. සෝමේ මාමලාගේ ගෙදර හිටියා වගේ නෙමේ මගේ ළග ඉද්දි. ඇමති මල්ලි පොලිසි ගියොත් මාව හිරේ යාවි. එයා ක්ර්මයක් හොය හොයා ඉන්නේ මාව ඇතුලට දන්නා.”

” ඉතින් ඔයා අකමැතිද මාව බදින්න.”

ඒ වචනයත් එක්ක ඔහු නිහඩව අවු රශ්මියත් එක්ක ඔට්ටු වෙමින් තිබුන ගල්තලාව දිහාම බලාන හිටියා.එක පාරට හිතට ආපු ආවේගෙට කියවුනා මිස ටික වෙලාවක් යද්දී මට මන් ගැනම ලැජ්ජාවකුත් දුකකුත් ඇති වුණා. මම හිමින් සැරේ වීජී අයියගේ දෑත් තදින් අල්ලාගෙන හිටි මගේ අතගිලි බුරුල් කරලා ඉවතට ගන්න සුදානම් වුණා. මගේ දෑත් ඔහුගේ දෑත් මතින්
ඉවත්වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඔහු මගේ දෑත් තදින් අල්ල ගත්තා.

” නිල්මී නගා ඔයා හිතනවද ඔයාට මේ ජීවිතේ හොදයි කියලා.”

මම නිහඩවම ඔලුව වැනුවේ ඔහු දිහා බලන්න තරම් ශක්තියක් මට ඉතිරිව නැති නිසා.

” ඔයා හිතනවට වඩා මගේ ජීවිතේ හුගක් වෙනස් ළමයෝ .මගේ ජීවිතේ මොනවයි මොනවා වෙයිද කියලා මම දන්නෙත් නෑ. ඒක නිසා මට තව කෙනෙක්ගේ ජීවිතේ වගකීම ගන්න බෑ.”

” මට මොකුත්ම ඕනි නෑ වීජී අයියේ. මට ඉන්න විතරක් දෙන්න. තව ටික කාලයයි මම ඉන්නේ. ඔයා මගේ වගකීම ගන්න ඕනි නෑ. මම දන්නවා ඔයාට මන් ගැන හැගීමක් නැති බව.”

” මගේ හැගීම් ගැන එහෙම හිතන්න ඔයාට අයිතියක් නෑ නිල්මී නගා. මොකද්ද ඔය තව ටික කාලයයි ඉන්නේ කියන්නේ නිතරම.”

”මම ඒක ඔයාට කියන්නම්. එක තමා මගේ ජීවිතේ මේ තත්වයට ගෙනාපු හේතුව. ඔයාගේ තීරණය මට කියන්න. ඔයාගේ ඔය අතාරලා දලා තියෙන ජීවිතේ මාව තාවකාලිකව නවත්ත ගන්න. ඇත්තමයි මට ඔයාගෙන් මොකුත් එපා.”

” ඔයා නම් මහා පුදුම ළමයෙක්. සැපෙන් රැජිණක් වගේ ජීවත් වෙන්න තිබූන ජීවිතේට පයින් ගහලා මේ හිගන්නාගෙන් ජීවිතේ ඉල්ලනවා.”

මගේ හිත කිවුවේම ජීවිතේ ගැන හැගීමක් නැති වීජී අයියාට තමා, මරණය අබියස ඉන්න මාව ගැලපෙන්නේ. මම මරුන දාක වත් වීජී අයියට ලොකු දුකක් දැනෙන එකක් නැ. ඒ තරමට ගලක් වගේ හිතක් ඔහුට තියෙන්නේ කියලා මගේ හිත කිව්වා. කෙල්ලෙක් දෙපා ලගට ඇවිත් ජීවිතේ ඉල්ලද්දී මෙහෙම නිහඩව ඉන්න පුලුවන්ද?

”සැනසීමක් නැති ජීවිතේ මොන සැප තිබුනත් වැඩක් නෑ.”

” මට බැරි කමක් නෑ ඔයාව මැරී කරන්න. හැබැයි ඔයා මගෙන් සැමියෙක්ගෙන් වෙන්න ඕනි දේවල් බලාපොරොත්තු වෙන්න එපා. සමහර විට මම ඒ දේවල් ඉටු කරයි. එත් මට ආදරේ ගැන පවුල් ජීවිතේ ගැන කිසිම තේරුමක්, හැගීමක් නෑ.”

” නෑ මට මොකුත්ම එපා. මට ඕනි ගෙදර නොයා ඉන්න විතරයි. මට සෝමේ මාමලාගේ ගෙදර ඉන්නත් බෑ. ලොකු මල්ලි ආයෙත් එයි මම ගෙනියන්න.”

” හැබැයි ඔයාට මගේ ළග ඉන්නවා නම් හුගක් දේවල් ඉවසන්න වෙයි .මගේ කොන්දේසි ටිකකුත් තියෙනවා.”

” ඒ මොනවද වීජී අයියේ.”

”මුලින්ම මගේ අතීතය ගැන අහලා මට වැද දෙන්න බෑ. මොකද මම ආස නෑ යට ගිය දේවල් ආයි අදිනවට.”

” මට ඔයාගේ අතීතය වැඩක් නෑ ”

”අනික මාත් එක්ක මේ කැලේ තියෙන මගේ පුංචි පැලේ තමා ජීවත් වෙන්න වෙනවා. මට ඔයාට සැප පහසුකම් දෙන්න බෑ.”

”මට හිතේ නිදහස හොදටම ඇති වීජී අයියේ.”

”අනික මගේ රස්සාව මොකද්ද. මම කරන්නේ මොනවද හොයන්නත් බෑ. කොටින්ම මගේ බඩු තියෙන කාමරයට ඔයාට යන්නවත් බෑ.”

”හරි වීජී අයියේ මම තාවකාලික නවාතැන්කාරියක් විතරයි මට ඒ දේවල් මොකුත්ම හොයන්න ඕනි නෑ.”

”අන්තිම එක තමයි සමහර රෑ වලට ඔයාට ඔයාගේ කාමරේ තනියම ඉන්න වෙයි. සමහර විට එක දිගට දවස් දෙක තුනක්.”

”හ්ම්”

ඒ වදනට නම් ඉබේටම ලොකු සුසුනම් පිට වුනේ මේ මහා කැලේ මැද්දේ ගේක මම තනියම ඉන්නේ කොහොමද කියලා. එත් මගේ හිත මේ සියලුම කොන්දේසි වලට යටත් වෙලා හරි විජේ අයියා ළග ඉන්න හිතුවේ.මම තව ජීවත් වෙන්නේ සුළු කාලයයි නිසා. අනිත් හේතුව මම දැන් පිලි ගන්නවා. මගේ හිතට දැනුන නුහුරු හැගීම ආදරේ කියලා. මම වීජී අයියාට ආදරේ කරනවා කියලා මම පිලිගන්නවා. එයා මට ආදරේ නොකලත්, මම ආදරේ කරන කෙනෙක් ළග ඉන්න තරම් මම වාසනාවන්තයි කියලා මම හිත සැනස ගත්තා.

” ඇයි නිල්මී නගා.”

” මටත් එක කොන්දේසියක් තියේ”

”කියමු බලන්න”

”මම ගෙදරින් පැනලා අවේ ඇයි අහන්න එපා. මම එන්න ඇත්තේ මගේ ඉරණම හොයාගෙන.”

”හරි නගා දැන් ආයි සෝමේ මාමලා දිහාට යන්න. මට හෙට එලි වෙනකන් කල් දෙන්න. ටික්කක් මේ ගැන කල්පනා කරන්න”

”ඔයාගේ තීරණය තවම ස්ථීර නැද්ද?”

ඊ ළග කොටසින් හමු වෙමු.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *