48. වන කොටස.

මියෙදෙන තුරා.

” ඔව් තාම ස්ථිර නෑ.”

අනේ ඇයි වීජී අයියේ මට රිද්දන්නේ . මම කොහොමද බලාපොරොත්තු හිතේ තද කරන අද රැ ගෙවා ගන්නේ, කියලා ඔහුගේ උනුහුමට ගුලිවෙන්න හිතෙන්න තරමට මගේ හිත බොලද වෙලාද කියලා කල්පනා කරමින් ඔහුට පිටු පාලා මම එතනින් පිට වෙන්න සැරසුණා.

” ඔයාට තනියෙන් යන්න පුලුවන්ද නිල්මී නගා.”

”පුළුවන් වීජී අයියේ. මම ආවෙත් තනියමනෙ.”

එහෙම කිව්වත් වීජී අයියා මාව ගේ ගාවටම ඇරලන්න මා සමගම ආවා. වීජී අයියා හිටියේ ලොකු කල්පනාවක ඒක නිසා ගේ ලගට එනකන්ම අවේ නිහඩව. මගේ පිටුපසින් ඇදුනු ඔහු මොහොතකටවත් මට ඉස්සර වුනේ නැහැ.
මමත් ඉක්මන් ගමනින් ඉදිරියට ඇදුනේ මම කරපු යෝජනාව වැරදි කියලා හිත මාව හංවඩු ගහන නිසා.

” මම යනවා නිල්මී නගා. හෙට එහෙම මාව හොයාගෙන තනියෙම කැලේට එන්න එපා. පරක්කු වුනත් මම ගෙදරට එනකන්ම ඉන්න.”

” හරි වීජී අයියේ.”

කියන්නට දහසක් දෙ හිත ඇතුලේ පොර කද්දී මම ඒ වචන ටික විතරක් පිට කර ගත්තේ හරිම අමාරුවෙන්. අයෙත් කඩුල්ල පැනලා මම ඒ නිවසටම ආවා. මම පිටවුනේ දුකින් කිසිම බලාපොරොත්තුවක් නැතුව. ඒ වගේම මේ නිවසට ආයේ නොයෙන්න. නිවසින් පිටවී පැය කීපයක් යන්නටත් මත්තෙන් මම නැවතත් ඒ නිවසටම ආවා. සෝමේ මාමා දොරත් වහලා දාලා කොහේදෝ පිටවී ගිහින් මම යතුර හංගන තැන දැනවුන් නිසා දොර ඇරගෙන ගෙට ඇතුල් වුනේ හෙට දවස ගැන ලොකු බලාපොත්තුවක් සිතතුළ දරාගෙන. වීජී අයියා මට රැයක් සිතන්නට දෙයක් මගේ හිතට දීලා ගියත්. මගේ යටි හිත කිවුවෙම වීජී අයියා මාව තනි කරන එකක් නෑ කියලා.

දවල්ට කන්න උයලා ගිය කෑම සේරම එහෙන්ම මයි මම ආයෙතේ කෑම රත් කරලා තිබ්බේ .උයලා කන්න කෙනෙක් මේ ගෙදර නැති නිසා. පෙරේදා දවාලේ ශාමලී නිවසින් පිට වෙන්න කලින් ඇගේ පොරයෙන් බේරෙන්නට කෑවා බත් කටවල් කීපයෙන් පස්සේ මම තාම බත් ඇටයක් වට කටේ තිබ්බේ නෑ. එක නිසාම මම කෑම ටිකක් කෑවේ හරිම අමාරුවෙන්. සෝමේ මාමා අද කොයි වෙලේ ගෙදර ඒවිදැයි සිතා ගන්නාට අපහසු නිසා, දත් මැද මුණ කට සෝදන්න ගියාම තමයි මට නැවතත් තුවාලය සිහිපත් වුනේ. මුණ සොද්නන්නට ගත දිය දෝතින් දියබිදු කීපයක් තුවාලය මත වැටීමෙන් ඇති වුන වේදනාව මගේ තුවාලයක් ඇති වූ බව සිහිපත් කර දුන්නා. අමාරුවෙන් තුවාලය සෝදා ගත් මම තනියෙම බෙහෙත් ටිකකුත් දා ගත්තා.

මම පසුදින උදෑසන අවදි වන විටත් සෝමේ මාමා නිවසට පැමිණ තිබුනේ නෑ. මම රැය පහන් කර තිබුනේ මේ නිවාසේ තනියම. ජීවිතේ මුල්ම වතාවට මම නොදැනුවත් කමින් හරි ගෙදරක තනියම රැයක් ගත කරලා. දැන් ඉතින් වීජී අයියාගේ කොන්දේසි වලට යටත්වුනා වගේ එයාගේ ගෙදර තනියම ඉන්න පුරුදු වෙන්න ඕනිනේ. මගේ මුවේ ඇදුනේ සිවුම් සිනාවක්. කන්නට කෙනෙකු නැති නිසා මට උයන්නට පිරියක් තිබුනේ නැ. මම ගෙවල් මිදුල් අතුගාලා සුපුරුදු විදියටම නිවසේ වැඩ අහවර කරලා මිදුල කොනක වූ ලෑලි බැංකුව මත හිදගෙන මග බලා වුන්නා.

කාලය ගෙවෙනවා විතරයි මේ වීජී අයියා නැහැනේ. දැන්නම් මට මග බලන් ඉදිමත් එපා වෙලා. කරන්න දෙයක් නෑ වීජී අයියේ. මගෙ අන්තිම මාස හයම වුනත් ඔයා එනකන් මග බලන් ඉන්නම්. ඔයා එනවා කියනවා නම් මියෙදෙන තුරාම මග බලා ඉන්නම්.

දැන්නම් දහයත් පහු වෙලා ඇති මගේ සුසුම් වල ප්රනචණ්ඩ බව, මගේ සියලු සිහින බලාපොරොත්තු ඈතට ඈතට විසිවී යන්නට තරම් සමත්. මම දැක්ක සෝමේ මාමා කඩුල්ල පැන එන අයුරු.

” ඊයේ යනවා කියලා ගියානේ දරුවෝ. ගෙදර ගියේ නැද්ද ? ”

” මට යන්න හිත දුන්නෙම නෑ සෝමේ මාමේ.”

”ඊයේ රැ තනියමනෙ මේ ගෙදර ඉන්න ඇත්තේ. මම දන්නේ නැනේ ඉතින්. තනියෙන් ඉද්දි උබලා දෙන්නම නැති දුක දැනෙන නිසා මම ගෙදර ආවේ නෑ.”

”ඒකට කමක් නෑ සෝමේ මාමේ. මට හොදටම නින්ද ගියා.”

”ඔය දරුවා ඔය තරම් අකමැති නම් ගෙදර යන්න .මෙන්න මෙහෙට වෙලා ඉන්න. අපේ කෙල්ලත් නැති එකේ මට දැනෙන දුක වේදනාව වත් ටිකක් අඩුවෙයි.”

”මටත් යන්න හිතක් නෑ සෝමේ මාමේ ඒ ගෙදරට,”

”මම මේ වැඩකට යන්න කියලා. ගෙවල් පැත්තට ආවේ වැඩට අදින ඇදුම අරන් යන්න. මම ගිහින් එන්නද දරුවෝ තියෙන දෙයක් උයන් කළා ඉන්න මම රෑ වෙන්න කලින් එන්නම්.”

ටික වෙලාවකින් සෝමේ මාමා නැවත පිටවී ගියා. මම ආයෙත් පුරුදු විදියට ලෑලි බැංකුව වත හිදගෙන මග බලන් ඉන්නවා. මහා හඩ නගාගෙන ආපු වීජී අයියාගේ බයිසිකලය වැට ළග නතර වෙද්දී මම හිට්යේ කඩුල්ල ගාව. හැමදාමත් වීජී අයියා ගාවදි මගේ හිත මට නවත්ත ගන්න බැරි තරමට මුරන්ඩුයි.

”කෙල්ල මග බලන් ඉදලා වගේ.”

වීජී අයියා හිස් ආවරණය හිසේන් ඉවතට ගනිමින් කිව්වා. මොනවා වීජී අයියා කොන්ඩේ කපලා. කොන්ඩේ විතරක් නම් මොකද රැවුලත් කපලා දාලා. බුස්ස වගේ වවාගෙන තිබුන මුදු මුදු කොන්ඩේ කපලා දැම්මම රස්තියාදු පාට හොදටම මැකිලා ගිහින් තිබුනා. උස මහත පිරුපුන් ඇගක් තිබුණු ඔහු තවත් කඩවසම් වෙලා කියලා මගේ හිත තනියම ආඩම්බර වුණා.

”මොකද කන්න වගේ බලන්නේ.”

වෙතටම හැබෑ වෙනසක්. මට ඇස අදහා ගන්නත් බෑ. මම පතපු වීජී අයියාගේ ආදරේ මට වීජී අයියාගේ දෙනෙතින් හොදටම දැනුනා. වීජී අයියගේ බැල්ම දරා ගන්න බැරුව මම අහක බලා ගත්තා.

”මොකද මනමාලි තාම ලෑස්ති නැත්තේ. මාත් එක්ක තරහා වෙලාද පරක්කු වුන නිසා.”

අනේ ජීවිත කාලෙම ඔයා වෙනුවෙන මග බලන් ඉන්න වුනත් මම කවදාවත්ම ඔයා එක්ක තරහා වෙන්නේ නෑ. මගේ වීජී අයියේ. මට එහෙම කියන්න ඕනේ කම තිබුනත් මම පොළවත් එක්ක හිනා වුනේ ලැජ්ජාවට. අයි දෙවියනේ මම වීජී අයියට මේ තරම් ආදරේ . මගේ හැගීම් මට තේරුම් ගන්න බැරි තැනටම ඇවිත්.

” කෝ අද මගේ මනමාලිගේ කට.”

වීජී අයියා කවරයකුත් අතින් අරගෙන කඩුල්ල පනින ගමන් කිවුවා. ඇත්තටම මේ හැබෑවක්ද්ද. ඊයේ වෙනකන් ඔයා මගේ ඉටු නොවනා පැතුම. අද ඔයා කියනවා මම ඔයාගේ මනමාලිලු. මට මුළු ලෝකෙම අමතකයි.මට අද කතා කරන්න වචනත් නෑ.මේ සතුට දරා ගන්න තරම් මගේ හිත හයියත් නෑ.

”මොකද කෙල්ලේ අඩන්නේ මම අඩන්න දෙයක් කිවූ නෑනේ.”

මම දකීවි කියලා බයෙන් ඇගිලි තුඩු වලින් හංග ගන්න උත්සහා කරපු කදුලු ගැන වීජී අයියා අහද්දී මම ඔහු දිහා බැලුවේ කදුළු මැදින් සිනා සෙමින්. මම මොකුත් නෑ කියන්න හිස සැලුවා.

” හොර කෙල්ල මගේ.”

වීජී අයියා මාව එයාගේ පපුවට ආදරෙන් තුරුළු කර ගනිමින් කිවුවා. වීජී අයියේ ඔයා මට ආදරේද. නෑ නෑ මට එක අහන්න ඕනි නෑ ඔයා මට ආදරෙයි.

” තාම තීරණේ වෙනස් වුනේ නෑ නේද.”

”මොන තීරණයද?”

”මගේ වෙන්න ගත්තු තීරණේ.”

” ඒ තීරණේ වෙනස් වෙන්නේ නෑ වීජී අයියේ.”

”ඔයාට විශ්වාසද ඒක.”

”මටත් වඩා.”

” හා දැන්ම ඔහොම ඉන්න හොද නෑ.”

වීජී අයියා මාව දෙවුරහිසින් අල්ලලා එයාගේ තුරුලෙන් මුදවන ගමන් කියද්දී මගේ මුණ ලජ්ජාවෙන් රතු වුණා . මම ආයෙත් එහෙන්මම මගේ මුණ එයාගේ පපුවේ හංග ගත්තා.

” නිල්මී නගා මම හුගක් හිතලා මේ තීරණය ගත්තේ, මගේ අතින් ඔයාට ඕනි හැමදේම සිදු නොවෙන්න පුළුවන් .ඔයාට විශ්වාසද ඔයාට ඒ දේවල් දරාන මාත් එක්ක ඉන්න පුළුවන් කියලා.”

”මට පුළුවන් වෙයි විජී අයියේ.”

”මම පොඩ්ඩටත් කිවුවා.”

” පොඩ්ඩට කිව්වා.”

”ඔව් ඇයි.”

”මොකද කිවුවේ .”

”මොකුත් නෑ.”

”එයා කැමතිද?”

”එයාගේ කැමැත්තෙන් මට වැඩක් නෑ.”

”හ්ම්”

”මොකද හ්ම් ගාන්නේ එයා කැමති,”

”පුදුමයි.”

”අයි මගේ ගැන කිසි විස්තරයක් නොදන්නා නිසාද?”

”ඔව්.”

”ඔයාටත් එක ප්ර’ශ්නයක් ද.”

”අනේ නෑ”

” එහෙනම් මේක ඇදන් එන්න මගේ මනමාලි .නැකත පහු වෙනවා කැඳන් යන.”

” අපි මැරී කරනවද අදම.”

” නෑ”

” එහෙනම්.”

”නිකන්ම එක්ක යන්න හැදුවේ”

” හ්ම්”

”පිස්සු කෙල්ල අපි මැරීකරන්නේ නෑ. අද අපි දෙන්නා විවාහා වෙනවා . අද ඉදන් ඔයා මගේ.”

ඊ ළග කොටසින් හමුවෙමු. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *