49. වන කොටස.

මියෙදෙන තුරා.

ඉන්පසු මම ගේ තුලට ගියේ වීජී අයියා මා අත තැබූ කවරයද අතැතිවයි. ඒ තුල වුනේ ලස්සන ගවුමක් . ලා නිල් සහ සුදු මිශ්රැ අලංකාර ගවුමකි. මම ආසාවෙන් එය අග ලා බැලුවා. මටම මැහුවා වගේ මගේ මිම්මට හරියටම තිබුනා. මට යුතුකම් ඉටු කරන්න බැරී වෙයි කිවුවට ගෑනු ලමයින්ට ඇදුම් තෝරන්නත් දන්නවනේ.අල්මාරියේ කැඩපත ඉදිරියේ මම එහෙ මෙහෙ හැරෙමින් හැඩ බැලුවා. ලස්සන නම් තමා ඒත් කොහොමද මේක ඇදන් එලියට යන්නේ මේක කොටයිනේ.ඒ ගවුම දණහිසට කෙටි .මම තවම ගෙදරටවත් දණහිසට කෙටි ඇදුමක් ඇද නොතිබුන නිසා මට දැනුනේ අපහසු තාවයක්. විනිවිද පෙමෙන සුළු රෙද්දකින් නිමවා තිබු ඒ ඇදුමට යටින් තව ගනකම් රෙද්දකින් යට ගවුමක් තිබුනා. නමුත් අත දිගට තිබුනත් දිය රෙද්දක් ඇන්දා වගේ. උරස් තල දෙක විනිවිද පෙනෙන රෙද්දෙන් කැපී පෙනුනා. මම කොන්ඩයත් ලිහා දැම්මේ පිට නිරාවරණය වීම වලකා ගැනීමට සිතා ගෙන්. මගේ දිගු කොණ්ඩය ගවුමටත් වඩා දිගු බව පිටු පස හැරි බලන විට මට පෙනුනා. ඉදිරියෙන් කෙස් රොදක් අල්ලා කොන්ඩ කටුවක් ගැසූ මම ලැජ්ජවෙනේ ඉදිරියට ගියේ ගවුම කෙටි නිසා.

”ශා.. මම හිතුවටත් වඩා ඔයාට ඒ ඇදුම ලස්සනයි.”

”එත් වීජී අයියේ.”

මම ගවුම පහලට අදිමින් කිවුවේ ගවුම කෙටිනේ ඔයා ගෙනා නිසා හිතරිද්දන්න බැරි නිසා ඇන්දා කියන්න වගේ.

එකතාවට වීජී අයියට හොදටම හිනා ගියා. ඔහුගේ සිනහව මගේ ලැජ්ජාව තවත් වැඩි කළා.

”අයියෝ ඕක මොකද්ද නිල්මි නගා. දනිස්සට වෙනකන් වැහිලානේ. මම ඔයාට සාරියක් ගේන්නත් හදලා. ඔයා අදින්න දන්නේ නැතුව ඇතිනේ කියලා ගවුමක් ගෙනාවා. අපි දෙන්නා විතරනේ ඉන්නේ ඒක නිසා කමක් නෑ නේද?”

”මම සාරි අදින්න දන්නේ නෑ වීජී අයියේ. අපි ඉතින් සාරි ඇන්දත් කාවා හරි ගෙන්නාගෙන අන්ද ගන්නවා මිස.තනියෙන් අදින්න දන්නේ නෑ.”

”හැබැයි මට අන්දන්න තිබුනා.”

”ඔයාට පුලුවන්ද?”

මම ඇසුවේ පුදුමයෙන්.

” බැරි කමක් නෑ.”

”නගා අයිඩි එක තියේද ඔයා ළග.”

”නෑනේ මම එනකොට ගෙනාවේ නෑ.”

” එහෙනම් කොහොමද බදින්නේ අපි.”

”අයියෝ දැන් මොකද කරන්නේ.”

මම කිව්වේ සැබෑ දුකකින් මුහුණ පුළුටු කරගෙන.

” යමු යමු හරිද?”

”අයිඩී එක .”

”ඒක මන් ගාව මේ.’

ඔහු මට මගේ හැදුනුම්පත පෙන්වමින් කිවුවා.

” මම පරක්කු වුනාම බයවුනාද.? අදත් එන එකක් නෑ කියලා . මම රෙජිස්ටාර් කෙනෙක් හොයන්න ගියා. පොඩ්ඩා ලවුව ඔයාගේ අයිඩී එක ගන්න ගියා.”

ඒ කොට ඇදුමත් ඇදගෙන වීජී අයියාගේ බයික් එකෙන් පියාබලා ආවේ නගරය දෙසට. මම අමාරුවේ බයිසිකලයෙන් බැස දත්තේ ඔහු බහින්න කිවූ නිසා.

” නිල්මී නගා කකුලේ ඇගිල්ල මක් වෙලාද?”

”ඊයේ ගලක හැප්පිලා.”

”හුගක් තුවාලද? මම දැන්නේ දැක්කේ”

”නෑ ලොකු තුවාලයක් නෑ.”

”එහෙනම් මතක සටහනකුත් තියාගෙන නේද?”

ඉන් පසු අපි එතන තිබු ගොඩනැගිල්ලට ඇතුල් වුණා. එහි තුල සිටි තරමක් වයස් ගත ගැහැණු කෙනෙක් නිහඩවම අපේ තොරතුරු විශාල පොතක සටහන් කරන්න පටන් ගත්තා.වීජී අයියයි මමයි මේසය ඉදිරිපස වූ අසුන් මත වාඩි වී වුන්න. වරින් වර මා දෙස බැලූ වීජී අයියා මට ඉගි කරමින් සිනා සුනා. මමත් සිටියේ මුළු ලෝකයම දිනුවා වගේ සතුටකින්.

ඉන් පසු අපි දෙදෙනාට අත්සන් කරන්නට ලබා දුන්න. සාක්ෂි ලෙස අත්සන් කරනු ලැබුවේ මම කිසිදා නිදුටු දෙදෙනෙක්. මට අත්සන් කරන්නට දුන් වෙලේ වීජී අයියාගේ හැබෑ නමත් උපන් දිනයත් බලා ගන්නට මම සමත් වුණා. එයා හොයන්න එපා කිවුවට මගේ මහත්තයගේ නම මම දැනන් ඉන්න ඕනිනේ. සෝමවංශ මුදියන්සේලාගේ විජිත පසන් සෝමවංශ .මට ඒ නමේ තද හුරුපුරුදු බවක් දැනුනත්, මට හේතුව මොකද්ද කියලා වැටහුනේ නැහැ.

අපි දෙන්න විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු ගොඩනැගිල්ලෙන් පිටතට ආවේ විවාහා සහතිකයද අතැතිව. මට තබා ගැනීමට නොදුන් විවාහා සහතිකය රෝල් කර බයිසිකලයේ ඉදිරිපස රදවනු ලැබුවා.

”අපි දැන් කොහෙද යන්නේ නිල්මී.”

”නිල්මී ”
”ඇයි දැන් ඔයා මගේ නගා නෙමේනේ.”

”ඔයට නම් පිස්සු වීජී අයියේ.”

” පිස්සු නැත්තම් වලව්වේ කුමාරිහාමිව බැදගනිද කෝච්ච්චියට බෙල්ල තියන්නේ නැතුව.”

”යන්න වීජී අයියේ යන්න.”

මම ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් කිව්වේ උතුරා යන සතුටකින්.

”නිල්මී පොටෝ එකක් ඕනිද ඔයාට අද දවසේ මතක සටහනක් විදියට. මට නම් වැඩි වුවමනාවක් නෑ .එත් ඉතින් දැන් මම ඔයා ගැනත් හිතන්න ඕනිනේ.”

”මම නම් කැමති වීජී අයියේ.”

”එහෙනම් ස්ටුඩියෝ එකකට යමු එන්න.”

ඔහු මගේ අතින් අල්ලාගෙන පයින්ම චායාරුප ගන්න ස්ථානයකට ගියා. විවිධ ඉරියව් වලින් චායාරුප කීපයක්ම ගත් චායාරූප ශිල්පියා කීපදවසකින් රැගෙන යාමට එන ලෙස කියා සිටියා.ඉන්පසු දවල් අහාරය ගැනීමට නිදහස් පරිසරයක පිහිටි අවන් හලකට රැගෙන ගියා. මා කැමතිම දේ විමසා මට අරන් දෙන්නට ඔහු වෑයම් කලත් මම මොකුත් ඉල්ලුවේ නැහැ .මගේ මුළු හිතම සන්තෝසයෙන් පිරිලා තිබු නිසා. වෙනත් කිසිම හැගීමක් මට දැනුනේ නෑ. මම පොඩි ළමයෙක් වගේ වීජී අයියගේ දිහාම බලන් හිටියා.

”මොකද අනේ ඔහොම බලන්නේ.”

වීජී අයියටත් ලැජ්ජාවක් දැනිලද කොහොහෙද මට නොක්කඩුවට වගේ කිව්වා.

”නිකන්.”

”නිකන් වෙන්න බෑ.”

”මම මේ කල්පනා කරන්නේ එක දවසක් ඇතුලත වුන දේවල් ගැන.”

”අද නම් ඕවා කල්පනා කරන්න තියා ගන්න එපා හොදද. අද දවස මන් වෙනුවෙන් කැප කරන්න වෙනවා. හෙට ඉදන් කල්පනා කරන්නකෝ.”

”ඔයා වෙනුවෙන් මම මොනවද කරන්නේ ඕනේ වීජී අයියේ.”

”ගොඩක් දේවල් තියේ .”

ඔහු කිව්වේ සිනා සෙමින්. ඔහු කියන දේ මට වැටහුනත් මම නොතේරුන ගානට හිටියේ ලැජ්ජාව නිසා.

”නිල්මී අද ඉදන්ම මගේ ගෙදර ඉන්න ඔයා කැමති නේද?”

”මොනවද මේ අහන්නේ වීජී අයියේ . ”

”එහෙනම් යමු නේද? මගේ පැල් කොටේ පැත්තේ. ඔයා නම් ආස වෙන එකක් නෑ.”

”අපි ගිහින් බලමුකෝ.”

හවස තුනට පමණ කිට්ටු වී තිබු නිසා අපි වීජී අයියාගේ නිවාස කරා යන්න නගරයෙන් පිටත් වුණා.

” වීජී අයියේ ”

”හ්ම්”

”සෝමේ මාමා මාව හොයයිද.”

” නෑ නෑ මම එයා වැඩ කරන තැනට ගිහින් අවසර අරන් ආවේ.”

” ඔයාගේ වැඩ නම් මට හිතා ගන්න බෑ. සෝමේ මාමා මොකද කිවුවේ”

” එයාලගේ ගෙදර ඉන්න කිව්වා”

”ඔයා මොකද කිව්වේ.”

”බෑ කිව්වා. නිල්මී අකමැති නම් මගේ පැලේ ඉන්න. සෝමේ මාමලාගේ ගෙදර ඉන්න. මට නිතර එන්න නම් අමාරුයි.”

” නෑ මම එනවා ඔයාගේ ගෙදරට යන්න. මම දැන් අයිති ඔයාට .ඔයා ඉන්න තැනක තමා මම ඉන්න ඕනේ.”

සෝමේ මාමලාගේ ගෙදරට ගොස් ශාමලී මට දී ගිය අලුත් ඇදුම් කිහිපයක් කවරයකට දමා ගත්තේ වීජී අයියා එපා කියද්දී. කොහේ ගියත් රැගෙන යන පොත් කීපයත් බෑගය තුලට දමාගෙන . දුලා දෙන්නගේ චායාරුව සහිත ඔරලෝසුව අතට අරන් මම වීජී අයියා දිහා බැලුවේ අනේ කියන්න වගේ.

”මොකෝ නිල්මී දුකින් ඔය ඔරලෝසුවත් ගන්න. ඔයාගේ කැමති ඕනි දෙයක් ගන්න මගෙන් බාධාවක් නෑ.”

ඇත්තටම වීජී අයියා හිතන්නේ අමුතුම විදියකට කියලා මගේ හිතට තවත් ඒත් ඉගැන්නුවේ ඔහුගේ ඒ හැසිරීම. ඉන්පසු නැවත බයිසිකලයට නැගුන අපි දෙදෙනා වීජී අයියාගේ නිවාස කරා යන්නට පිටත් වුණා. මම නොයිවසිල්ලේන් හිටියේ ඔහු ජීවත් වන නිවාස දකින්නට. විශාල ඉඩමක් මැද්දේ ඇතුලට වෙන්න තනා තිබු ගෙයක් අසල බයිසිකලය නවතා මට බහින්නට යයි ඔහු පැවසුවා.

”නිල්මී මම බයික් එක දාලා එන්නම්. ඔතනම ඉන්න මෙතන ඉදන් අපිට පයින් යන්න වෙන්නේ”

ඊ ළග කොටසින් හමුවෙමු. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *