50. වන කොටස.

මියෙදෙන තුරා….

ඔහු වත්ත මැද වූ විශාල නිවස දෙසට ඇදී ගියා. මම පාර අයිනට වී මග බලා වුන්නේ ඔහු එනතුරුයි.

”යමු නිල්මී.”

මා ඔහු පස පස ඇදුනා. අපි ගලතලාව වෙත ගමන් ගත් මාර්ගය නෙවෙයි වෙනත් මාර්ගයකින් අපි වන අරණට පිවිසියා. විශාල තුරු වදුල් මැදින් වැටුන අඩි පාරක් දිගේ අපි පෙරටම ඇදුනා. ඉන්පසු අපි පිවිසියේ කොල පැහැ තනනිල්ලෙන් වැසුණු මිටියාවතකට. හරියට මුහුද මැද්දේ තියෙන දුපතක් වගේ.විශාල වන අරණ මැද පිට්ටනියක් .හරිම පුදුමයි ඒ හරියේ විශාල ගස් නැතිවීම. තන කොළ ,මාන ,ඉලුක් වැනි ශාක දණහිසට තරම් ඉහලට වැවී තිබුනා. ඊට අමතරව නිදිකුම්බා ගස් යාන් වී තිබුනා. අපි ගමන් කලේ මිටියාවත මැදින් වැටුණු අඩිපාර දිගේ. දිනපතාම ඇවිදීම නිසා අඩි පාරේ වූ සියලු පැළෑටි පෑගීම නිසා පොඩිවී මියගොස් තිබුනා.

”නිල්මී ගවුම ටිකක අකුලා ගන්න. ඔය කටු ගහක එහෙම පැටලුනෝත් ඉරිලා යාවී.”

”හ්ම්”

”මොකද ළමයෝ දැන්මම එපා වෙලාද.”

” නෑ නෑ අනේ. මට ඉතින් පුරුදු නෑනේ මෙහෙ ඇවිදලා.”

”ඉක්මනටම පුරුදු වෙයි. මට හුගක් සතුටුයි ඔයා හැමදේ ගැනම සුභවාදිව හිතන එක ගැන.”

”තව දුරද වීජී අයියේ.”
”නෑ අර පෙන්නේ.”

වීජී අයියා මම අතදිගු කර සරුවට වැඩුන ගස් සමුහයක් පෙන්නුවා එතන නිවසක් නම් පේන්නට තිබුනේ නැහැ.

” කෝ නැනේ.”

”යමුකෝ තව ටික දුරනේ.”

තන පිටිය අවසාන වී අපි නැවතත් ගස් රොදක් තුලට පිවිසියා. ඒ සමගම ඇහෙන්න ගත්තේ ජල පහරක් ගලා යන හඩ.මම විමසිල්ලෙන් වටපිට බැලුවේ දිය පාරක් තියේනම් මොනතරම් හොදද කියලා හිතමින් පතමින්.

” වීජී අයියේ දොළක්.”

” ඔව් ඔයා ආසද දොළට”

” ඔව් අනේ ලස්සනයි.”

”බලන්නකෝ අපේ ගේ ළග දොළ ඔයිටත් වඩා ලස්සයි.”

අපි දොළපාරට නොදුරු අඩි පාර දිගේ තවත් ඉදිරියට ගියා. දිය සිරාවට වැදුණු විශාල ගස් වර්ගයක රතු පැහැ රේණු වැනි කෙදි වළින් පිරුණු මල්වැල් එල්ලෙමින් තිබුනා. ඒ මල්වැල් අග රතු කොළ මිශ්ර් බෝල පොහොට්ටු අගට යද්දී කෙමෙන් කුඩා වෙමින් තිබුනා. දොළ පාර දිගටම වැඩි තිබුණු ඒ ගස් දොළ පහරේ අසිරිය තවත් වැඩි කළා. දිය පහර දිගටම නිමක් නැතිව ඇසුනේ ගෙම්බන්ගේ නාදය. අපේ පැමිණීමෙන් බියවුන පිලිහිදුවන්, කොක්කුන්, කොරවක්කන් වැනි පක්ෂි පියාබා ගොස් තුරු වදුලේ සැගවුනා.

”ටිමියෝ, ජිමියෝ. ඔබලා මග බලන්ද හිටියේ මගේ මනමාලි එනකන්”

විජේ අයියා කතා කරනු ඇසි මම ඒ දෙස බලද්දී විශාල සුනඛයෝ දෙදෙනෙක් අපවෙතට දුගෙන ආවා. උන්ට බිය වී මම ගමන නතර කලත් වීජී අයියාගේ ඇගට පා තබා නගිමින් උන් කෙදිරි ගාමින් සතුට ප්රමකාශ කළා. තම හාම්පුතා දැකීමෙන් ඇති වුන සතුට නිසා උන්ට මාව මගහැරුනත් මද වෙලාවකින් මා වෙතට දුවගෙන ආවේ බුරමින්.

”ටිමියෝ.. ජිමියෝ නවතියන්. කෑවොත් බලාගෙනයි මගේ මනමාලිව.”

මා අසලට පැමිණ නතර වුන උන් දෙදෙනා බුරමින් නැට්ට වනන්නට ගත්තේ හරියට මාව අදුර ගත්තා වගේ. උන් හිනාවද කියලා මට හිතුනේ උන්ගේ ඇස් ලස්සනට දිලිසෙද්දී.

”එන්න නිල්මි උන් හපන්නේ නෑ බිරුවට. මේ දෙන්නා තමා මගේ හොදම යාළුවො. දුබුරු පාට එක්කෙනා ටිමී , සුදු එක්කෙනා ජිමී.”

මම උන් අතරින් ඉදිරියට ඇදුනේ බියෙන්.

” මේ තියෙන්නේ මගේ පුංචි මාලිගාව.”

” අනේ හරිම ලස්සනයි.”

සම්පූර්නයෙන්ම ලෑලි ගසා නිමවා තිබු නිවස සුරන්ගනා කතාවල තියෙන පුංචි මාලිගාවක් වගේ මට පෙනුනේ. වටේටම තිබුනේ විශාල ගස්. නිවාස තුබුණේ ඒ ගස් අතර සැගවිලා. ගේ වටා කුඩා මිදුලක් සුදු වැල්ලෙන් තැනි තිබුනා. ඒ වගේම ගේ ඉදිරි පසත් ,පැත්තකත් පල දෙකක් බා වැරෙන්ඩාවක් ලෙස සදා තිබුනා. කෑලෑව මැද්දේ මේ තරම් ලස්සන තැනක්. ඇත්තටම මම මේ සුරංගනා ලෝකෙකද ඉන්නේ කියලා මගේ හිත ප්රිශ්න කළා.

වැරන්ඩාව මත වේවැල් පුටු කිහිපයක් තබා තිබු නිසා නිවසේ බාහිර අලංකාරය තවත් වැඩි වුණා. නිවසේ බිම පොලවට වඩා තරමක් උස වන ලෙසින් ගල් තබා වටේම වැටියක් බැද තිබුනා. ඒ වැරන්ඩාව පුරා රෙදි කාපට් එලා තිබුනා.පඩිය උස්ව තිබීම නිසා වැසි කාලයටවත් නිවාස තුලට වැසි ජලය නොයෙන බව මට වැටහුනා.

” අර බලන්න.ඔයාට දැන් හැමදාමත් නාන්න වෙන්නේ මෙතනින් තමා.”

පසෙක වූ තරමක් විශාල ගල් කිහිපයක් අතරින් ඇදී විත් පහලට වැටෙන අලංකාර ජල පහරක් පෙන්වමින් ඔහු කිව්වා. එතනින් පහල වුයේ සෙමින් ගලා බසින ජාල ටැංකියක් මෙන් උතුරා යන දියකඩිත්තක්.

”අනේ හරිම ලස්සනයි ගැබුරුයිද මේක.”

” නැහැ ළමයෝ ඉනටවත් වතුර නෑ.”

” ඇත්තම මට නම් හීනයක් වගේ.”

”එත් ඔයාට එපා වෙයි ටික දවසක් ඉද්දි. මෙහෙ ඉන්න එක හිතන තරම් ලේසි වෙන්නේ නෑ ඔයාට.”

”ඒත් මම පුරුදු වෙයි වීජී අයියේ.”

”යමුකෝ ඇතුලට දැන් රැවෙන්නත් කිට්ටුයි. රැවෙන්න කලින් කන්න දෙයක් හදා ගන්නත් ඕනිනේ.”

නිවසේ දොර හැර මම නිවාස තුලට ඇතුල් වුණා. පිටතට පොඩියට පෙනුනට ඇතුලත හොදින් ඉඩ කඩ තිබුනා. මුලින්ම මම ගමන් කලේ දොර රෙද්දකින් වසා තිබු දොර වෙතට මම හිතුවේ එක නිදන කාමරයක් කියලා. මම දොර රෙද්ද විවර කර බලන විට එම කාමරයේ දොරට විශාට ඉබ්බෙක් දමා තිබුනා.

” ඕක තමා ඔයාගේ තහනම් කාමරය.”

”හ්ම්ම්”

මම අනෙක් දොර රෙද්ද මෑත කර බැලුවා. ඒක හරිම අපුරු කුස්සියක්. පුංචි වුනත් හරිම පිලිවලට අසුරලා තිබුනා. සැබවින්ම පුදුමයි පිරිමියෙක් තනියම ඉන්න නිවසක මෙතරම් පිළිවෙලක්. නිවාස තුල සෑම බිම් අගලකම ඝන රෙදි කාපට් අසුරා තිබුනා.

”මොකද ළමයා කල්පනා කරන්නේ. ගේ මේ තරම් පිළිවෙලට තියෙන එක ගැනද.”

”හ්ම් ඔව්.”

ඔහුගේ මුහුණේ මැවුනේ ලස්සන හිනාවක්.

”ඇත්තටම ඔයා වෙනුවෙනුයි මම මේ තරම් පිළිවෙලට මේවා අස් කලේ .”

”එහෙමද. ඔයා කොහොමද මේ වගේ ලස්සන ගෙයක් හදා ගත්තේ මේ කැලේ මැද්දේ. මේ බඩු මුට්ටු ගෙනාවේ කොහොමද මෙහෙට.”

”අතීතය අහන්න එපා කිව්වා නේද?”

”සොරි වීජී අයියේ.”

”පිස්සි. මම මෙහෙ ඉන්නේ හුගක් කල් ඉදන් .මේ ගේ මම ටිකින් ටික හදා ගත්තේ මේ විදිහට. බඩුත් එක පාර ගෙනාපුවා නෙමේ මම එන එන වෙලාවට ගෙනාපුවා.”

”ගේ නම් මාර ලස්සනයි . කැලේ මැද වුනත් හරිම සුන්දර තැනක් මේක. මම කියවපු පොතකත් තිබුනා මේ වගේම තැනක් ගැන විස්තරයක්. මම ඒත් හිතුවේ ඒ වගේ තැන මේ ලෝකේ ඇත්තටම නැතුව ඇති කියලා. ඇත්තටම හීනයක් වගේ. මම මේ හැබෑ ලෝකෙකද ඉන්නේ.”

”ඔව් ඔව් ඔයා දැන් මගේ ලෝකේ ඉන්නේ. තව එක තැනක් තියේ ඔයාට බලන්න.”

” ඒ කොහෙද.”

”මෙන්න මෙතන”

වීජී අයියා මාව උරහිස් දෙකෙන් අල්ලලා විශාල රෙද්දකින් ආවරණය වුන ස්ථානයක් පෙන්නුවා, දුබුරු පැහැති දානකම් රෙද්දක් තිරයක් සේ ඇද තිබුනා. මම රෙද්ද මෑත් කර බැලුවේ මොකද්ද මේ තරම් වටිනා තැන කියලා. එය සාලය ලෙස තරමක් විශාලව හදා තිබු කොටසේ තිරයෙන් වෙන් කර ගත කොටසක්.

” නිදන කාමරය.”

” මේ අපේ නිදන කාමරය. මට සමාවෙන්න නිල්මී මට මීට වඩා කරන්න පුළුවන් දෙයක් නෑ. කාමරේ තිබුන ඇද මෙතනට දලා ඊයේ මම මෙතන හරි ගැස්සුවේ ඔයා වෙනුවෙන්.මම ඔයාට රහස් හංගන්න කැමති නෑ .එත් මට දැන්ම ඔයාට ඇත්ත කියන්න බෑ. දවසක මම ඔයාට මේ හැම දේම කියනවා සත්තයි.”

වීජී අයියා කතා කලේ හරිම දුකින් ‘ එයා මාව එයාගේ පපුවට තුරුල් කරගෙන සුසුම් ලමින් කිව්වා.

” ඒකට කමක් නෑ වීජී අයියේ ඔයා මම වෙනුවෙන් මේ කරන දේවල් හොදටම ඇති.”

” මට සමා වෙන්න රත්තරන් මම ඔයාට වංචාවක් කරනවා නෙමෙයි.”

”අනේ ඒ දේවල් හිතන්න එපා වීජී අයියේ. මම ඒ දේවල් ඔයාගෙන් ඇහුවේ නෑනේ .දුක් වෙන්න එපා.”

”ඔයා හරිම හොදයි රත්තරන් මම ඔයාව තනි කරන්නේ නෑ කවදාවත්. මම ඔයාට හංගන දේත් දවසක ඔයාට ලොකු සැනසීමක් වෙයි.”

”අනේ දැන් ඔය කතාව ඇති වීජී අයියේ රැ වෙන්න එන්නේ.”

” මුණ අතපය හොද ගන්න යමු. දැන් වතුර නම් පට්ට සීතල ඇති. ඔයාට හුරු නැහැනේ මේ වතුර.”

ඊ ළග කොටසින් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *