53. වන කොටසැ.
මියෙදෙන තුරා
පුංචී නංගි හිතේ වූ කෝපය පිට ගන්නද කොහෙද මට ගහන්න සැරසුණා ඇගේ අත කෙලින්ම ආවේ දැඩි පාරක් දරාගෙන මගේ කම්බුල දෙසට.
” තමුන්ට පිස්සුද.”
ඒ පහරට බියෙන් මම මුහුණ හංගා ගද්දි වීජී අයියා මා වෙත ආ පහර වැලක් වීමට , මා වෙතට වේගයෙන් ආ පුංචි නංගිගේ අත අල්ලා ගමින් කිව්වා.
” අතාරිනවා මගේ ඇත.”
”තමුසේ වගේ උඩගුකමින් ඔලුව ඉදිමිච්ච එවුන් එක්ක කතා කරලා මම බොරුවට වචන නාස්ති කර ගන්න කැමති නෑ. ඒක නිසා මම නිහඩව ඉන්නේ . ඒකැ නිවටකම කියලා නම් හිතන්න එපා .”
වීජී අයියා අල්ලා සිටි පුංචි නංගිගේ ඇත ගසා දමමින් කිව්වා.
” මොකද්ද හිගන්නෝ කිව්වේ.”
” මම හිගන්නෙක් තමා. එත් තමුසෙලගෙ ගෙදර උන් කරන බලු වැඩ මම කරන්නේ නෑ.”
” මෙනන් මෙහෙ යමු නිලූ පිස්සු හැදිලද.?”
” අන්න එක හොදයි සහෝදරයා. මොකද මම මිට වඩා දරුණු විදියට කතා කරන්නත් හොදටම දන්නවා.”
”කවුද යකෝ උබේ සහෝදරයා.”
” මෙන්න මෙහෙ එනවා යන්න.”
ශාලින්ද මල්ලි කෝපයෙන් පුංචි නංගිව බලෙන්ම ඇදගෙන එතනින් පිට වී ගියා. පුංචි නංගි පිස්සුවෙන් වගේ දැගලුවේ ශාලින්ද මල්ලිගෙ ග්ර්හණයෙන් මිදිලා වීජී අයියා එක්ක පැටලෙන්න එන්න. ඇය ශාලින්ද මල්ලිටත් බැන බැන ආපසු හැරි හැරී අපිට දොස් නැගුවා.
මේ සිදුවීමත් නිවාස තුල ලොකු පෙරලියක් ඇති කල බව පොඩ්ඩා අපිට කිව්වා. ඉන් පසු නගරයේදී කීප වතාවක්ම ගෙදර අය මුණගැසුනත් ඔවුන් ගියේ මම කවදාවත් නොදැකපු , නොහදුනන කෙනෙක් වගේ සලකමින්. වැඩි කල් යන්නට කලින් ලිලම්මා සමග දුරකතනයෙන් කතා කරන්නට අවස්තාව මට වීජී අයියා හදලා දුන්න. කාටත් හොරා, ලිලම්ම පොඩ්ඩාගේ දුරකතනයෙන් මා සමග කතා කළා. සියල්ල හොද අතට සිදුවන නිසා. මම වීජී අයියා ළග කාලය ගෙව්වේ හුගක් සතුටින්. වීජී අයියා මට එයාගේ පනටත් වඩා මට ආදරේ බව මම ඒ වෙනකොට තේරුම් අරන් තිබුනා.
මම වීජී අයියා ලගට පැමිණ මාස දෙකක් ගත වී තිබුනා. මට දැන් මම මරණයට කැපවුන රෝගියෙක් බවද අමතකයි. ඒ තරමටම මම වීජී අයියාට ලං වෙලා තිබුනා. වනය මැද වූ පුංචි නිවාස මට දැන් හොදටම හුරු තැනක් වෙලා. පසෙකින් ගලා ගිය පිටාර යන දියකඩිත්ත එතන තමා මම ආසම තැන. පුංචි කුරී කොටනවට තිබු බියත් පහව ගිහින් තිබුනා. මම ගල් ඇන්ද මත හිදගෙන දියට කකුල් දමාගෙන පුංචි කුරී කොටන හැටි බලාන ඉන්න පුරුදු වුණා. පුංචි කුරී රොත්තක්ම මගේ ලගට පිනගෙන ආවම මට එන සතුට නිසාම මම ඒ වැඩේට ගොඩක් කැමති වුණා. වීජී අයියා මට ඒ මාළුන්ගේ නමුත් කියලා දුන්නා. පිටුපස වරල ආසන්නයේ ලොකු කළු තිතක් ඇති මාළුවා පෙතියා. ඇග මත දිග අතට කළු ඉරක් තියෙන මාළුවා දන්දියා. මම අසම වුනේ බුලත් හපයට .සමහර බුලත් හපයින්ගේ කට රතු පාටයි .උන් නම් හරිම ලස්සනයි. තව කුරී හුගක් හිටියා. දවසක් මම සර්පයෙක් වගේ දිග මාලිවෙක් දැක්කා. ඒ මලුවාට නම් මම බයයි. ඌට කියන්නේ තෙලියා කියලා බව වීජී අයියා කිව්වේ සිනා සෙමින්.
මම නිවසින් පිට වෙලා ගත කරපු මේ ජීවිතෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා. මට දැන් හිතෙනවා .අවුරුදු දාහතක්ම අර බිත්ති හතරට කොටු වෙලා සිටීම අපරාදේ කියලා. වීජී අයියා සමග එයාගේ පුංචි වගාවේ වැඩ කරන්නත් මම හුගක් ආස වුණා. මගේ අතින් හිටවපු කොච්චි, බටු, බණ්ඩක්කා වගේ පැල වල පුංචි ගෙඩි මෝදු වෙද්දී ඇති වුන සතුට කියලා විස්තර කරන්න බෑ. මම උදලු අරන් වැඩ කරනවට නම් වීජී අයියා අකමැති එත් , හැමදේම ඉගෙන ගන්න එක හොදයි කියලා වීජී අයියා මට හැමදේම ටික ටික හරි කරන්න ඉඩ දුන්නා
ජිමි ටිමි දෙන්නත් මාත් එක්ක යාලු වෙන්න වැඩි දවසක් ගියේ නෑ. ඒ දෙන්නා දැන් වීජී අයියටත් වඩා මට ආදරේ කළා. වැරන්ඩාවේ වූ වේවැල් පුටුව මත මම අසුන් ගත විට ජිමි ටිමි මගේ දෙපයේ ගෑවී නිදා ගන්නට පොර කෑවා.
වීජී අයියා කලින් කි අයුරින්ම ඔහුගේ රහස් කාමරයට වැදී සමහර දින වල මුළු දවල් කාලයම ගෙවා දැමුවා. නමුත් කිසි දිනෙක රාත්රිරයේ මට තනියෙම සිටීමට ඔහු ඉඩ නොහැරියේ මම බිය බව දන්නා නිසයි. ඔහු කාමරයට වැදුන දින වල මට දැනුන පාළුව දරන්නටත් අපහසුයි. ඒ දවස් වලට මම දවස ගෙව්වේ ජිමි ටිමි එක්ක. දොළ අසල වූ රූස්ස කුබුක් ගස යට ගල් පතුරක් මත හිද ගත් මම කුබුක් ගහට පිටදී හුරුබුහුටි නිවාස දෙසත් , මල් ගෙඩි දරා දිදුලන වගා බිම දෙසත් බලා ඉන්නට ප්රිහය කළා. මම කොහේ සිටියත් ජිමිත් ටිමිත් සිටියේ මා ලගම තමයි.
ටික කාලෙකින් පපුවේ වේදනාව ඇති නොවුන නිසා, මගේ රෝගී තත්වය නම් මට අමතක වීම ගොස් තිබුනා. වීජී අයියත් නිදහස් ජිවිතයකට බොහොම ප්රිමය කල අයෙක්. මමත් මේ වගේ ජිවිතයක් හැමදාමත් පැතුවා. ඒක නිසාම අපි දෙන්නගේ අදහස් හොදටම ගැලපුනා. අපි දෙන්න කාලය ගෙව්වේ හරිම විනෝදෙන්. අපි නගරයට යන දාට සිනමා ශාලාවට ගොසින් චිත්ර්පට නැරබුවා. වනයේ තවත් ඇතුලට වන්න තිබු විශාල දොලකට ගොස් දවසම එතන ගත කළා. එහි යන විට හාල්, පොල්, එලවලු, වලන් වගේ දේවලුත් රැගෙන ගිය නිසා. දොළ අසලම ලිපක් බැදගෙන අපි ආහාර පිස ගත්තා. ඒ දොලේ විශාල මාළු වුන් නිසා වීජී අයියා උන්ව බිලි පැත්ත ආදාරයෙන් අල්ලා ගත්තා. උන් අල්ලන විට මට අසලට එන්න නොදුන්නේ, උන් මිය යන අයුරු දුටුවොතින් මම උන්ව ආහාරයට ගන්න එකක් නැති වෙයි කියා ඔහු සිතු නිසා වන්නට ඇති. නමුත් මම දිනක් ලොකු මාලුවෙක් රත් වුන ගලක් මත ජීවිතය බේරා ගන්නට උඩ පනිමින් දගලන තාලය දුටුවා. මම ඌව දොළට විසි කලේ, මට ඉවසන් ඉනට බැරි නිසා. නමුත් ඌ මැරෙන්නට ඇති. බිළි කොක්ක ඇනී උගුර තුවාල වී තිබුන නිසා. එදිනෙන් පසු වීජී අයියට බිලී බාන්නට මම ඉඩ දුන්නේ නැ.මම බිලී පිත්ත කඩා විසික් කර දැමුවා.
දිනක් ඔහු අර රහස් කාමරයට වැදුන විට ඇති වූ පාළුව මගහරවා ගන්නට සිතා මම නිවසින් බැහැරට එනවිට රැගෙන ආ පොත් කීපයත් රැගෙන වේවැල් පුටුව මත හිද ගත්තා.මගේ ලගට දුගෙන ආපු ටිමි ජිමි මගේ දෙපා අභියස නිදාගෙන ඉද්දි මම පොතක් පෙරලාගෙන කියවන්නට පටන් ගත්තා.
” නිල්මී”
”වීජී අයියේ අද කලින්ම එලියට ඇවිත් මම මේ හරිම පාලුවෙන් හිටියේ.”
” ඔයා පොත් කියවනවද?”
” ඔව් මේ මම ආසම පොත. ඒ වගේම ආසම ලේඛකයා.”
මගේ අතේ තිබු ”නිල්ල පිරුන මිටියාවත.” පොත වීජී අයියා අත තබමින් මම කියා සිටියා. පොත දෙස බලා සිනාසුන ඔහු මා දෙස බලාද හිනා වුණා.”
” ඔයා මේ පොතට අසද? ඇයි මේ පොතට ආස.”
”ඔය කතාව ලියවිලා තියෙන්නේ මේ වගේම කැලෑවක ජීවත්ව වෙන පිරිමි ළමෙක් ගැන. මම ඒ ජීවිතේට හරි ආසයි.”
”ඉතින් දැන් ඔයත් කැලෑවකනේ ජීවත් වෙන්නේ.”
” ඔව් මම මේ ජීවිතයට හුගාක් ආසයි.”
”මම හිතුවා ඔයාට දැන් මේ ජීවිතේ එපා වෙලා ඇති කියලා.”
” අනේ නෑ වීජී අයියේ. ඔයා ඉන්නවා නම් මට කොහේ හිටියත් හොදයි.”
” ඒ තරමට මට ආදරෙයිද. ඔයාට රහසක් හංගන. වංචා කරන.”
” ඔය කතාව නවත වන්න වීජී අයියේ. ඔයා ආස නැද්ද මේ පොත කියවන්න.”
” මම ඔය පොත කියවලා තියේ. ඔය ලේඛකයාගේ සේරම පොත් මම කියවලා තියේ.”
” අනේ මට සමහර පොත් මගෑරුනා.”
” මගේ ළග තියේ මම දෙන්නම්.”
” ඔය ඇත්තමද ඔයා ළග ඒ පොත් තියේද?.”
මගේ සිත සතුටින් ඉපිල ගියා. වීජී අයියා නම් ඉස්ට දෙවතාවක්ද කොහෙද . මම ආසා හැමදේම ලබා දෙන්න එයාට පුළුවන්. අනේ ඔයාට හුගක් පින් වීජී අයියේ.
පහු වෙනිදා, වීජී අයියා රහස් කාමරයට ගිහින් එද්දී ඒ පොත් රැගෙන මයි එලියට ආවේ. ඒ කියන්නේ මේ කාමරේ පොතුත් තියෙනවා. මට තාමත් තේරුම් ගන්න බෑ වීජී අයියා මොනවද හංගන්නේ කියලා. නමුත් මියෙදෙන්නට සිටින මා හට ඔය රහස් ඕනි නැ . අන්තිම කාලේ සතුටින් ඉන්න ලැබුනොත් ඇති.
පොඩ්ඩාගෙන් දැන ගන්නට ලැබුනා. පුංචි නංගිගෙයි ශාලින්ද මල්ලිගෙයි විවාහය පැවැත්වෙන බව. වීජී අයියා මට කිව්වා මට ඕනි නම් උත්සවයට එක්ක යන්නම් කියලා. මමත් හුගක් ආස වුණා පුංචි නංගි මනමාලියෙක් වෙලා ඉන්නවා දකින්න.පුංචි නංගි මට මොන විදියට සැලකුවත් මම ඇයට ආදරය කළා. මම දුටුවොත් ඇගේ ලස්සන දවසේ සතුට නැති වෙයි කියා සතු මම, එහි නොයන්නට තීරණය කළා.
වීජී අයියගෙත් මගෙත් විවාහා දිවියට මාස හයක් සපිරුණ දිනය උදා වුණා. වීජී අයියා ඇහැරෙන්නට කලින් මම හිමිදිරි පාන්දරම අවදි වුනේ කිරි බත් උයලා ලස්සන කෑම මේසයක් සුදානම් කරන්න හිතාගෙන. මම පුංචි කුස්සියට ගිහින් සහල් ටිකක් සෝදලා ලිප තබුලා පොල් ගානට සුදානම් වුණා. හුග කාලෙකට පසු යාන්තමින් පපුවේ වේදනාව මතුවී ගෙන ආවා. මම පපුව මත අතක් තබාගෙන වේදනාව දරා ගන්නට උත්සහා ගද්දි තද ඔලුවේ බර ගතියක් සමග සියල්ල කැරකෙන බවක් දැනුනා. වෙනදා වගේම කලන්තේ එන්න යයි සිතු මම එතනම බිම ඉගෙන බිත්තියට හේත්තු වුණා.සුළු මොහොතකින් එම තත්වය මග හැරුණත්, හිත තුල දැඩි වේදනාවක් තැම්පත් වුණා. දැන් මගේ මරණයට ලබා දී තිබු කාලයත් පසු වී තිබු නිසා මගේ ජීවිතය කොයි මොහොතේ නැති වේවි දැයි මට බියක් දැනුනා. දැන් නම් මට වීජී අයියා දාලා යන්න බෑ. වීජී අයියත් හුගක් දුක් වේවි මම නැති දාක. මම අමාරුවෙන් නැවත නැගිටලා පොල් ගානට පටන් ගත්තා. වීජී අයියට රෝගය ගැන කියන්නට මට හිත දෙන්නෙම නෑ. අදනම් කොහොමත් කියන්න බෑ. අද එයාට ලස්සන දවසක් කරන්නයි මට ඕනි.මදින් මද පපුවේ වේදනාවත් ඔලුව කැරකෙන ගතියත් ආවත් මම ඉවසාගෙන කෑම මේසය සුදානම් කළා.
මුණ සෝදලා මට පොඩ්ඩා අරන් දුන්න සුදු පාට දිග ගවුම ඇද ගත්තා.එක තමයි මගේ හිතේ රැදුන එකම ඇදුම. දැන් මට ඒ ඇදුම හොදටම තදයි. ඇගට අලවලා වගේ. මම වීජී අයියා ළග ඇද මත ඉගෙන ඔහුව අවදි කළා. ඔහුට පෙනෙන්නට මුහුණෙහි සිනහවක් මවා ගත්තත් මම හිටියේ අමාරුවෙන්.
” මොකද ළමයෝ අද අලුත් ඇදුමකුත් ඇදන්. ටවුන් යන්න ඕනිද ඔයාට. කෝ අද තේ එක.”
” ඔයා මුණ හොදන් එන්නකෝ සාලෙට.”
” අද විශේසයක්ද්ද ”
”හ්ම් ඔව්.”
” ඔය ඇදුම ඇන්දම ඔයා හරිම ලස්සනයි. යන්න හිතෙන්නෙම නෑ ඔයා ලගින්.”
” කෝලන් නොකර ඉන්න අනේ.”
මාවත් තුරුළුකරගෙන යහන මත නැවතත් වැතිරුණා. ගවුමේ අත් වෙනුවට වුයේ සිහින් උර පටි දෙකක් පමණක් නිසා ,වීජී අයියා නිරුවත් උර තලය සිප ගන්නට වුණා.ඔහුගේ හාදු වැස්සට මැදි වුන මට සතුටට වඩා දැනුනේ දුකක්. මේ තරම් මට ආදරය කරන වීජී අයියා දාලා මම කොහොම යන්නද කියලා. මටත් නොදනිම මගේ ඇස දෙකට කදුළු වුනලා තිබුනා.
ඊ ළග කොටසින් හමු වෙමු… —