54. වන කොටස.

මියෙදෙන තුරා….

” අනේ ඇයි මේ මගේ කෙල්ල අඩන්නේ. මට අමතක නෑ අද දවස. මට මතකයි ඔයා මගේ වෙලා අදට මාස හයක් කියලා.”

” අනේ ඒකට නෙමේ. ඉබේම කදුළු ටිකක් ආවා. මම අඩන්නේ නෑ.”

”පිස්සු කෙල්ල. ඉන්න මම මුණ සෝදන් ඉස්සරහට එන්නම්. මගේ කෙල්ල මන් වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ බලන්න.”

” ඉක්මනට එන්න.”

මම සාලය ලෙස වෙන් කර තිබු කොටසට ගොස් සියල්ල පිළිවෙලට ඇද්දැයි බැලුවා. වීජී අයියා මුණ සෝදන් හොද ඇදුමකුත් ඇදගෙන සාලයට ආවා.

” මගේ කෙල්ල කිරිබත් හදලා නේද. මම ආසම කෑමක් මම හිතුවේ ඔයා කිරිබත් හදන්න දන්නේ නෑ කියලා.”

” හදලම නෑ. අදමයි හැදුවේ.”

” බලමු හොදයිද කියලා.”

වීජී අයියා කිරිබත් කෑලක් අරගෙන මට කන්න යයි පෑවා.

”ඔයා කළා ඉන්නකෝ.”

”කන්නකෝ ඉතින් ”

මම එය කන්න කලින්, මමත් කිරි බත් කැබැල්ලක් අරගෙන වීජී අයියට කැව්වා. මුන අමුතු කරගෙන කිරිබත් වල රස බැලු වීජී අයියා. මගේ නණල මත හාදුවක් තැබුවා.

”හරිම රසයි මගේ කෙල්ලේ.”

”බොරු කියන්න එපා අනේ.”

”අනේ නෑ ඇත්තටම රසයි.”

” හ්ම්ම්”

මගේ හිතේ ඇති වුන දැඩි සෙනෙහසත් සමග මම ඔහුගේ කොපුල මත හාදුවක් තැබුවා.

” හැමදාමත් මගේ කෙල්ල මගේ ලගම තියා ගන්න ලැබෙන්න කියලා මම පතනවා.”

මමත් පතන්නේ ඒකම තමයි වීජී අයියේ එත් මට ඔයා ළග ඉන්න පුළුවන් තව ටික කාලයයි. මටත් ඔයාගෙන් ඈත් වෙන්න හිතන්න වත් බෑ. මම වීජී අයියගේ උණුසුම පපුව මත හිස හොවාගෙන හිතින් හඩා වැටුනා. උදේ ආහාරයෙන් පසු වීජී අයියා කොහේදෝ යන්න සැරසුණා.

” නිල්මි යමුද ටවුන් එකට ගිහින් එන්න.”

” ඇයි මේ උදෙන්ම.”

”යමුකෝ.”

”අනේ අද මම ගෙදර ඉන්නද. ඔයා ගිහින් එන්න.”

කවදාවත් නැතුව මම ගමනට අකමැති වුනේ මගේ ඇගට අමුත්තක් දැනුන නිසාත්, නිදහසේ නිදා ගන්නම සිත් ඉල්ලන නිසාත්.

”එක හොදයි වෙනසකටත් එක්ක. මම අද ටිකක් දුර ගමනක් යන්නේ. අද මම ඔයාට මගේ එක රහසක් කියනවා. මම ඉක්මනට එන්නම් කෙල්ලේ පරිස්සමින් ඉන්න. බය වෙන්න එපා. ජිමියයි ටිමියයි ඉන්නවනේ. එයාලා ඔයාව බලා ගනීවි.”

” හරි වීජී අයියේ ඔයත් පරිස්සමින් ගිහින් එන්න. බුදු සරණයි ඔයාට.”

මිට පෙර මම නිවසේ තනියෙම් දමා ඔහු පිටවී නැති නිසා මට පොඩි අමුත්තකුත් දැනුනා. මම වීජී අයියගේ දෙපා නැමද ඔහුට සතුටින් පිටවන්නට අවස්තාව සාදා දුන්නේ. අමාරුවෙන සිනහවක් මුහුනට නගාගෙන. වීජී අයියා වන අකුල් අතර නොපෙනී යනතුරු මම බලන් සිටියා. ඉන්පසු තිර රෙද්දෙන් වෙන් කල කාමරයට වැදුණු මම සයනය මත වතිරුනා. මට දැනුන තද නිදිමත නිසාම ඉක්මනින් නින්දට වැටුනා.

” ගෙදර කවුද ? කවුද ඉන්නේ.”

” ගෙදර කවුරුවත් ඉන්නවද?”

ජිමි ටිමි හයියෙන් බුරන හඩත් සමග තවත් පිරිමි කටහඩක් එළියෙන් ඇහෙද්දී මම ඇහැරුනා.මම ඇද මත හිද ගත්තේ වීජී අයියා ආවා නම් ජිමි ටිමි බුරන්නේ නෑනේ. අනික ඒ විජේ අයියගේ කට හඩ නෙමේ.මට හුරු කට හඩකුත් නෙමේ. මොකද කරන්නේ කවුරුත් නෑ වගේ ඉන්නවද. පොඩ්ඩක් එලියට ගිහින් බලනවද. මගේ සිත තුල තෙරපුනේ බයත් සමග දෙගිඩියාවක්. මම ඇදෙන බැහැලා කුස්සිය පැත්තෙන් එලියට ගියා. බටයක් ආධාරයෙන් කුස්සිය අසලට ගෙන තිබු දිය පීල්ලෙන් මුණ සෝදාගෙන. ගේ පිටු පසින් එබිකම් කර බැලුවේ කවුද ඇවිත් ඉන්නේ කියලා.

”ගෙදර කවුරු හරි ඉන්නවද?”

පැමිණ සිටි අමුත්තා වට පිටාව ගැන හොද හෝදිසියෙන් බලන් හිටි නිසා මම එබී බලන අයුරු ඔහු දුටුවා.

” මේ දරුවෝ මේ ගෙදරනේද විජිත කියන කෙනා ඉන්නේ.”

” ඔයා කවුද ?”

වයස් ගත පුද්ගලයෙකු වූ ඔහු හොද පොහොසත් අයෙකු බව ඔහුගේ ඇදුමෙන් පැහැදිලි වුණා. කළු පැහැති සපත්තු යුගලක් පැලද, කොට් සහිත ඇදුමක් ඇදගෙන , තරමක් ලොකු උපැස් යුවලක් පැළදගෙන සිටි ඔහු උපැස් යුවල ගලවා පිස දමා නැවත දමාගෙන මා සමග මද සිනහවක් පෑවා.

” මම විජිත පුතාගේ තාත්තා.”

”ඔය ඇත්තමද?”

මම මේ වන විට සිටියේ ඔහු ආසන්නයට පැමිණිලා. මගේ පැමිණීමෙන් නිහඩ වුන ටිමිත් ජිමිත් වැරන්ඩාවේ වුනු රෙදි කාපට් එක මට සුවපහසුවට ඉගෙන වුන්නා. සැබවින්ම වයස් ගත වීම නිසා තරුණ පෙනුම වියැකි තිබුනත් මොහුත් වීජී අයියා වගේමයි කියලා සිත පුදුම වුණා.

” එන්න අන්කල් ඇතුලට.”

වීජී අයියා මට දිනක් ශාමලිගේ නිවසේ ඉන්න කාලයේ විස්තරයක් කියා තිබු නිසා මොහු පියා බව මම පිලි ගත්තා.

” වාඩි වෙන්න.”

මම වේවැල් පුටුවක් අතින් පෙන්නා ඔහුට ඇරයුම් කළා.

” අන්කල් මෙහෙ එන බව වීජී අයියා දන්නවද?”
” නෑ දරුවෝ මම මේ මගේ පුතාව හොයාගෙන එන ගමන්.”

” කොහොමද මෙහෙ ඉන්න බව දන්නේ.”

” ගමේ මිනිස්සුගෙන් ඇහුවම කිව්වා, අවුරුදු ගානක ඉදන් නාදුනන වීජී අයියා කියලා කෙනෙක් නම් මෙහෙ ඉන්නවා, විජිත කියලා කෙනෙක් නම් මන්දා කියලා.”

සැබවින්ම මමත් වීජී අයියාගේ නම් විජිත බව දැන ගත්තේ විවාහා සහතිකයේ පිහිටෙන්. එහෙම හරි මේ නම නොදැන හිටියා නම් අද මේ හොයන විජිත මෙහෙ නෑ කියන්න තමා මට සිද්ද වෙන්නේ.

” ඉතින් කොහොමද මේ කැලේ මැද ඉන්න බව දන ගත්තේ”

” මම මිනිස්සු කීප දෙනෙක් එව්වා මේ පැත්ත හෝදිසියෙන් ඉන්න කියලා. ඒ මිනිස්සු තමා මේ ගැන මට විස්තර දුන්නේ.”

” ඒත් ඇයි අන්කල් වීජී අයියව හොයන ගමන් කිව්වේ. ”

” මගේ වීජී පුතා මාව අතාරලා දාලා ගෙදරින් පැනලා ආවා. මම මේ අවුරුදු ගානම කලේ එයාව හොයන එක.”

වීජී අයියගේ තාත්තා වීජී අයියා ගැන නොයෙකුත් විස්තර රැසක් කිව්වා. නමුත් මම කාගේ කවුද ? මෙහෙ කරන්නේ මොකද්ද කියන එක වත් ඔහුට දැන ගන්න ඕනි වුනේ නැහැ. ඔහුගේ කතා වලින් මට වැටහුනේ. වීජී අයියගේ පවුල හොද පොහොසත් උදවිය බවයි. වීජී අයියා එන තුරු යයි හවස් වන තුරුම වේවැල් පුටුවට බර වී මග බලා සිටි ඔහු මම උයා දුන දවල් ආහාරය ගත්තේ හරිම කැමත්තෙන්.

” මම යනවා දරුවෝ මේ දරුවාගේ නම වත් අහ ගත්තේ නෑනේ මම මේ හැටි වෙලා ඉදලත්.”

” මම නිල්මිණී”
” නිල්මිණි මම යනවා, විජිත පුතා ආවම මම කිව්ව විස්තරේ කියන්න. වෙන කෙනෙක් නොයේවා මම ම මේ කැලේ මැදින් මේ ගමන ආවේ මගේ පුතාගෙන් සමාව ගන්න ඕනේ නිසා. මම දන්නවා එයා මට ආදරෙයි. එයා මට සමාව දෙනවා.”

” හොදයි අන්කල් මම කියන්නම්.”

” මෙන්න මගේ කාඩ් එක මට කෝල් එකක් දෙන්න කියන්න. මමයි විහගී දුවයි එනවා එයාව එක්ක යන්න.”

” මම දන්නේ නැහැනේ අන්කල් වීජී අයියට නංගියෙක් ඉන්න බව.”

” නංගි නෙමෙයි ඒ .විජිත පුතා බදින්න ඉන්න කෙනා. අවුරුදු පහකට විතර කලින් විජිත ගෙදරින් පැනලා ආවේ වෙඩින් එකට සේරම ලෑස්ති කරලා තියෙද්දී. තවමත් විහගී දුව විජිත පුතා එයි කියලා මග බලන් ඉන්නවා. මේ ආරංචිය ඇහුවම එයා හුගක් සතුටු වෙයි.”

මගේ හදවත පුපුරන්න තියෙන හෙන ගෙඩි සේරම පුපුරලා ගිහින් ,පිච්චිලා අළු වෙලා ගියේ ඒ වදන් පෙළත් සමග. ඒ කියන්නේ වීජී අයියා බදින්න කෙනෙක් ඉන්නවා. අවුරුදු පහක් තිස්සේ එයා මග බලන් ඉන්නවා. ඒක තමයි වීජී අයියා මට නිතරම කියන්නේ එයා මට වංචා කරන බව. අනේ ඇයි වීජී අයියේ ඔයා මට මෙහෙම කලේ. නෑ වීජී අයියගේ වරදක් නෑ. මගේ බල කිරිමටනේ එයා මාව බැන්දේ. එකත් හොදයි . මගේ අවසානේ දැන් ලගයි ඔයාට මන් නැති පාළුව දැනෙන එකක් නෑ වීජී අයියේ. ඔයාට මම මැරුණම තාත්තා ලගට ගිහින් ඔයා වෙනුවෙන් අවුරුදු ගානක් බලන් හිටපු විහගිව මැරී කරන්න පුළුවන්. එයත් මම වගේම ඔයාට ආදරේ ඇති . නැත්තම් මේ තරම් කල් මග බලන් ඉන්නේ නැහැනේ. මම නොයෙකුත් සිතුවිලි මැද අතර මන් වෙද්දී වීජී අයියගේ පියා නික්ම ගොස් තිබුනා.

මේකද වීජී අයියේ මට ඔයා ගැන දන ගන්න ලැබෙනවා කියපු ඇත්ත. මේ ඇත්ත මට දරන්න බැරි තරම් දරුණුයි. මම වීජී අයියගේ තාත්තා ලබා දී ගිය කාඩ් එක කියවලා බැලුවා.

ඊ ළග කොටසින් හමුවෙමු .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *