55. වන කොටස.

මියෙදෙන තුරා.

ඔහු තමා සෝමවංශ ඉදිකිරීම් කොන්තරාත් ආයතනයේ අදිපතිතුමා. ඒ කියන්නේ ඔවුන් කොටිපතියෝ. එයාලගේ පවූල ළග අපේ පවුල හරියට හිගන්නෝ ගානයි. ඒ නිසා කවදාවත්ම මම එයාගේ ලෙලි වෙනවට අකමැති බව මම කල්පනා කළා.

සැදෑ අදුර හතර වටින් එබිකම් කලත් වීජී අයියා තාමත් පැමිණියේ නැති නිසා මගේ හිතට ලොකු අමුත්තක් දැනෙන්න ගත්තා. දොළ අසල කුබුක් ගස යට වූ ගල් පතුර මත හිදගෙන හිටියා. මාව ම නොපෙනෙන තරමට අදුර වැටුනත් වීජී අයියා එන පාටක් පෙනෙන්නට තිබුනේ නැ. මම වේදනාවෙන් නිවාස තුලට වැදී දොර වසා ගත්තා. විදුලි ජනන යන්ත්ර ය ක්රි්යාත්මක කරන්න මම දැන නොසිටි නිසා ඉටිපන්දමක් දල්වාගෙන මම යහන මත ඇලවී බලන් වුන්නේ වීජී අයියගේ කටහඩ ඇසෙනතුරු. මහා රෑ වෙද්දී මට ඉබේටම නින්දගිහින් තිබුනා. පසුදින මම අවදි වන විටත් වීජී අයියා පැමිණ සිටියේ නෑ.

මම යහන මතින් නැගිටින්නට උත්සහ ගත්තත් සිරුරේ දැනුනේ අප්රාසණික බවක්. වීජී අයියා එනතුරු මග බලා සිට රැ ආහාරයද නොගෙනම නින්දට වැටුන නිසා හාමත් වී ඇතැයි සිතු මම තව මොහොතක් යහන මතම ඇලවී සිටියා. කීපවරක්ම ඇදෙන් බහින්නට උත්සහ ගත්තත් මට ඒක කරන්නට තරම් වත් ශක්තියක් තිබුනේ නෑ.

” ලොකු බේබී… ලොකු බේබී…”

පිටතින් ඇසුනේ පොඩ්ඩාගේ හඩ මම අමාරුවෙන් නැගිටලා යහන මත ඉද ගද්දි පොඩ්ඩා පිටුපස දොරෙන් ඇතුලට ආවා.

”පො….”

”ස්ස්ස්ස්ස්..”

මම පොඩ්ඩා කියා අමතන්න හදද්දිම පොඩ්ඩා දබර ඇගිල්ල ඔහුගේ දෙතොල මත තබාගෙන නිහඩ වන්න යයි ඉගි කළා.

” ලොකු බෙබී ඔයාව එක්ක යන්න ලොකු බේබි මහත්තයා ඇවිත්.”

” ඒ මොකද එක පාරටම.”

”මෙහෙ වුන දේවල් සේරමත් වලව්වට ආරංචි වුණා. සෝමවංශ මහත්තයා මහත්තයා වලව්වට ඇවිදින් සේරම කියලා ගියා. ආයෙත් වීජී අයියව මෙහෙ එවන්නේ නෑ කියලා , ලොකු බේබීව ආයෙත් වලව්වට එක්ක යන්න කිව්වා.”

මට සිදුවන කිසිවක් සිතන්නට වත් වෙලාවක් තිබුනේ නෑ. මොකද්ද මේ සිදු වන්නේ කියලා කල්පනා කරමින් මම ඇදෙන් බහින්නට උත්සහ කරද්දී සිහි නැතිවී ඇද වැටුනා. සිහි ලැබෙන විට මම වුන්නේ යහෙන මත වැතිරිලා . ලොකු මල්ලිත් ඔහුගේ ගෝල බාලයනුත් මා වටා රොක් වි සිටියා.

” ලොකු අක්කේ මොකද වුනේ. දැන් හරිද.”

ලොකු මල්ලි මට කරුණාවෙන් කතා කරද්දී මගේ හදවත කඩා වැටෙනවා වගේ මට දැනුනා. ලොකු මල්ලිට උත්තරයක් නොදීම මම අඩන්නට වුණා.

” යමු ලොකු අක්කේ ගෙදර. ඔයා දන්නවද වීජී අයියා කියන්නේ කවුද කියලා.”

” ඔව් ලොකු මල්ලි . එයාලා මට කැමති වෙන්නේ නෑ.”

”ඒවා පස්සේ හිතමු .අපි ගෙදර යමු. අක්කට ඇවිදන් යන්න පුලුවන්ද?”

” පුළුවන් වෙයි . සිගිතියෝ මට බොන්න වතුර ටිකක් දෙන්න,”

” ඉන්න ලොකු බේබී හ්හ් ”

පොඩ්ඩා දුන් වතුර වීදුරුව එක පාරටම පානය කල මට වමනෙට එන්න ආවා. මම එක පාරට එලියට දුවන් යන්න ශක්තිය ආවේ කොහොමද කියලා වත් හිතන්න අපහසුයි. කෑම කන්නෙත් නැතුව මොනවා වමනෙට එනවද මන්දා. මම අමාරුවෙන් කල්පනා කළා.

” ලොකු බේබී ට අසනීපයක්ද? හ්හ්”

” අනේ මන්දා පො… සි..ගිතියෝ..”

” අපි ගිහින් බෙහෙත් ටිකක් ගමු ලොකු අක්කේ දැන් යමු.”

මට කිසිවක් ගෙන යන්නට සිහියක් තිබුනෙ නෑ. මම ඇදැන් හිටි ඇදුම පිටින්ම අවසිහියෙන් ඔවුන් සමග මම ,ආසාවෙන් සිටි මගේ සුරංගනා මාලිගාව අත්ඇරලා නැවතත් මට උරුම සිර ගෙදරට යන්නට පිටත් වුණා. වනයෙන් එලියට ආ පසු ලොකු මල්ලිගේ වාහනයට නැගී නිවාස කරා පැමිණියා. මම නිවසට ඇතුළු වෙද්දීම අම්මා මාව තුරුළු කරගෙන අඩන්න ගත්තේ ” මොනවද මේ මගේ දුවේ උබ කරන්නේ කියලා.” මමත් මොකුත් නොකියම ඇඩුවා.

” අම්මේ මම ටිකක් අසනීපෙන් හරිම අමාරුයි මට.”

මම සෙටිය මත වාඩි ගෙන දිගා වුණා. පුංචි නංගිත් විවාහා වී ශාලින්ද මල්ලිගේ ගෙදර ගිහින් තිබුනා. දැන් නිවසේ සිටියේ ලොකු මල්ලිගේ පවුලත් අම්මත් අප්පච්චිත්, ලීලම්මත් පොඩ්ඩත් විතරයි. දින කීපයක්ම මම මගේ කාමරයට වී ගත කළා. ලීලම්මා මම ගැනම සොයා බලමින් මා අසලම ගැවසුනා.

එන්න එන්නම මගේ රෝගී තත්වය දරුණු වුණා. නිතරම හිස කැරකෙන ගතියක් දැනෙන්න ගත්තා. දිනෙන් දිනෙන් ඇති වුන කෑම අරුචියත් සමග බලන් සිටියේදී සිරුර වැහැරී ගියා. මගේ හිත කිව්වෙම දැන් නම් මට යන්නට කාලය උදා වෙලා කියලා. රෝගී තත්වය නිසාම වීජී අයියා ගැන තවත් නොසිතා ඉන්නට තීරනය කළා. නමුත් මට දවසින් වැඩි වාරයක් සිහි වුනේ ඔහු සමග ගෙවූ ලස්සන ජීවිතය පමණයි. ජනෙල් කවුළුව අසලට ගියත් මට මැවී පෙනුනේ රූස්ස ගස් පෙළ අතරින් වීජී අයියා බයිසිකලයෙන් එන අයුරුයි. යහන මත වතිරුනත් ඔහුගේ උනුහුමේ නිදා සිටි අයුරු මට සිහි පත් වුණා. කෑම කන්නට ගියත් වීජී අයියාගේ අතින් ම මට කෑම කැවූ අයුරු මට සිහිපත් වුණා.දිනක් මම අමාරුවෙන් පඩිපෙළ බැසගෙන ආලින්දයට එනවිට අහගන්නට ලැබුනේ සිගිති ගිය අතක් නැති බවයි. ඉන් පසු සිගිතිත් මගේ ජීවිතෙන් අතුරුදහන වුණා. මම මග බලා වුන්නේ ඔවුන්ගේ ජීවිතයෙන් මම අතුරුදහන් වන්නේ කවදාද කියලා. මට දැන් ජීවත්වන්නට කිසිම ආසාවක් තිබුනේ නැ.

සතියකට පමණ පසු දැනෙන පාළුව දරා ගන්න ට නොහැකි නිසා මම මිදුලට බැස පොඩ්ඩා අලංකාරව වවා තිබු තන නිල්ල මත පියමැන්නා. එවිට මම අහම්බෙන් වගේ දැක්කේ පෙර දිනක මම මුල පමණක් ඉතිරිවන තුරු කපා දැමු රෝස පැලය නැවතත් සාරවත්ව වැවී තිබෙන අයුරුයි . රෝස ගස මල් පොකුරු වලින් බරවී තිබුනා. පොඩ්ඩා ආයෙත් වෙන රෝස පැලයක් හිටවන්න ඇති කියලා හිතලා මම ඒක අමතක කර ඉදිරියට ඇදුනා. මම තනියම අඹ ගස සෙවනේ වූ ගල් බැංකුව මත හිදගෙන හැගීමකින් තොරව බලා වුන්නා.

” ලොකු බේබී ඔයා දැන් හරි අමුතුයි. රත්තරන් අසනීපෙන්ද? අපි බෙහෙත් ටිකක් ගේමුද?”

මම හුදකලාව සිටිනු දැක ලීලම්මා මා අසලට පැමිණ අසා සිටියා.

” පොඩි අසනීප ගතියක් නම් තියේ ලීලම්මේ . බෙහෙත් අරන් වැඩක් නෑ.”

” වැඩක් නෑ කිව්වේ.”

” ලොකු අමාරුවක් නැති නිසා.”

”එත් මට ලොකු බේබීගේ මුනෙන්ම පේනවා මොකක් හරි ලොකු අමාරුවක් තියෙනවා කියලා.”

”අනේ නෑ ලීලම්මේ”

නැවතත් මට කැරකෙන ස්භාවයක් දැනෙන්න ගත්තා. සිහි එන විට මම සිටියේ වාහනයක් තුල අම්මගේ උකුලේ හිස තියාගෙන. ඒ අසලම ලීලම්මත් ඉගෙන හිටියා. වට පිට විමසිල්ලෙන් බලද්දී මට වැටහුනා මම සිටින්නේ ලොකු මල්ලිගේ වාහනයේ බව. ඒ වගේම මම වෙෙද්ය වාරක් වෙත රැගෙන යන බව. දැන් මගේ ජීවිතේට මොනවා වුනත් එකයි මට දැන් මේ ගමන නවත්වන්න බෑ මම නිහඩවම වුන්න.

ඔවුන් මාව කෙලිම රැගෙන යනු ලැබුවේ සුවාසි පුද්ගලික රෝහල වෙත. මගේ මරණය තීරණය කල තැනටම මාව නැවත රැගෙන ඇවිත්. මාව පරික්ෂා කර බැලු වෙෙද්‍යවරයා පරීක්ෂණ කීපයක් නිර්දේශ කළා. සියලු පරීක්ෂණ වල වාර්තා සමග අම්මයි මමයි නැවත වෙෙද්‍යවරයා වෙත යොමු වුණා. වාර්තා පරික්ෂා කර බැලීමෙන් පසු ලස්සන සිනහවක් මවාගෙන මා වෙතට හැරුන වෙෙද්යාවරයා .

” අම්මේ දැන් මෙයාව හුගක් පරිස්සම් කරන්න වෙයි . ඔයාගේ දුව ප්රෙයග්නට් . ඔන්න මගෙන් සුභ පැතුම්.”

මම වෙෙද්‍යවරයා දෙස බලා සිටියේ මේ මොනවද කියන්නේ කියලා. ඉබේම මගේ ඇත කුස මතට යද්දී නෙත් දෙකෙන් කදුළු කඩා වැටෙන්න ගත්තේ දුකටද සතුටටද කියල හිතා ගන්න බැරුව, මම අම්මගේ පපුවට හිස හොවාගෙන ඇඩුවා. මම අම්මෙක් කරන්න මගේ පැටියට පුළුවන් වුණා. දැන් මට ඔයාට ජීවිතේ දෙනකන් ජීවත් වෙන්න ඕනේ .මම හිතින් මගේ කුසේ වැඩෙන මගෙයි වීජී අයියාගෙයි දරුවා සමග දොඩමලු වුණා.

” මොකද මේ අම්මා අඩන්නේ. ඔයා දැන් සතුටින් ඉන්න ඕනේ කාලෙනේ.”

වෙෙද්‍යවරයා මා දෙස බලාගෙන පුදුමයෙන් කිව්වා.

” අම්මේ මට එක පොරොන්දුවක් වෙන්න . මගේ අම්මේ මට එක පොරොන්දුවක් වෙන්න.”

” මොකද්ද මගේ රත්තරන්.”

”මගෙයි වීජී අයියගෙයි දරුවා හැමාදාමත් හොදින් බලා ගන්නවා කියලා පොරොන්දු වෙන්න.”

දැන් මට අම්මා හැර උදවු ඉල්ලන්ට කෙනෙක් ඉතුරු වී සිටියේ නෑ. මම මොන තරම් දේවල් කලත් මගේ අම්මා මාව භාර ගත්තා නේද ? එක තමා අම්මෙක්ගේ ආදරය කියන්නේ. මම මොනතරම් රිද්දුවත් මගේ අම්මා මට තාමත් ආදරෙයි. මට සමාවෙන්න අම්මේ.මම අම්ම කෙනෙක් වෙන්න යනකොට තමයි මගේ අම්මා මම වෙනුවෙන් මොන තරම් විදවන්න ඇතිද කියලා මට හිතෙන්නේ. මම අම්මගේ උනුහුමට වෙලා තව තවත් ඇඩුවා. මම දරුවාගේ ජීවිතය ගැන හිතලා මගේ රෝගී තත්වය වෙෙද්‍යවරයා සමග පැවසුවේ කදුළු අතරින්. ඒ කතාව අහගෙන ඉදලා අම්මා මාව තුරුලු කරන හොදටම අඩන්න ගත්තේ ඇයි මේ තරම් කල් හැන්ගුවේ කියලා.

” මට නම් මේ කරපු ටෙස්ට් වලින් ඔය දරුවට වෙනත් අසනීපයක් තියෙන බවක් නම් පෙනුනේ නැහැ.”

”මෙහෙන්ම තමා මම ඒ ටෙස්ට් ටික කලේ.”

”දැන් කොච්චර කල්ද?”

”හරියටන අවුරුද්දක් ඇති.”

”රිපෝට් ගත්තද මෙහෙන්.”

” නෑ මම රිපෝට් ගන්න ආවේ නෑ.”

” ඔයා නම් මහා පුදුම ළමෙක් . මෙතරම් කල් ඔය රහස රැකගෙන ජීවත් වුනාද? මොකද ට්රියට්මන්ට් ගත්තේ නැත්තේ.”

”මට ජීවත් වෙන්න ආසාවක් වත් අනිත් අය මම වෙනුවෙන් දුක් වෙනවා දකින්නවත් අකමැති නිසා. මට දැන් මේ දරුවට ජීවිතේ දෙන්න ඕනේ ඩොක්ටර් . එතකන් මාව කොහොම හරි අනේ මාව ජීවත් කරන්න ඩොක්ටෙර්.”

මම දෑත් නනලේ තබාගෙන වෙෙද්‍යවරයාට වදිමින් කිව්වා.

” හරි හරි දරුවෝ. අපි ආයෙත් චෙක් කරලා බලමු. ඔයාගේ ඒ අසනීප තත්වය කොහොමද කියලා”

අවසාන කොටස සමග එක වන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *