8 කොටස

හිරුනි ඉස්සරහ ඉදපු ඒ රූපේ දැක්කාම හිරුනිට කකුල් දෙක වාරු නැති උනා..හිරුනි ඇගට හේත්තූ උනේ බිමට වැටෙයි කියලා බයට…චාමික උනත් හිටියේ මේ දකින්නේ හීනයක්ද නැත්නම් ඇත්තම දෙයක්ද කියලා හිතාගන්න බැරුව..

“චා..මි..ක.. අර සංකේත් නේද..ඒ එයාද චාමික..මට පේන්නේ සංකේත් වගේනේ..ඒත් එයා කොහොමද මේ ඇමති තුමාගේ පුතා වෙන්නේ..චාමික කියන්නකො..අතන ඉන්නේ සංකේත්ද..අනේ කියන්නකෝ…”

කතා කරගන්න පුලුවන් උනු පළවෙනි තත්පරේම හිරුනි එක දිගට චාමිකගෙන් ප්‍රශ්න අහන්න ගත්තා..ඒත් ඒ එකකටවත් උත්තර දෙන්න පුලුවන් තත්වෙක චාමික හිටියෙත් නෑ…”මං මේ තරම් සංකේත් ගැන හොයලා බලලත් කොහොමද මේ වගේ දෙයක් උනේ..”මේ ගෙවුනු තත්පර ගානට චාමිකගේ හිතේ තිබුනේ ඒ ප්‍රශ්නේ විතරයි..ජයවර්ධන හිරුනිව පාර්ක් එකෙන් එක්කගෙන එනකොට මුකුත් කරකියා ගන්න බැරුව හිටියත් හිරුනිට මොකක් හරි කරදරයක් වෙයි කියලා හිතට දැනුනු බය නිසාමයි සංකේත් හිරුනිගෙ ගේ හොයාගෙන ආවේ..කවදාවත් හිරුනිගේ ගේ සංකේත් දැකලා තිබුනේ නෑ..හිරුනිව ආරක්ෂා කරගන්න ඕනි නිසාම සංකේත් හිරුනිව මුණ ගැහුනේ හිරුනිගේ ගෙදරට කිසිම දෙයක් ආරංචි නොවෙන විදිහට..ඒත් අද ඒ සේරම වෙනස් උනා..ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතන්න කාලයක් සංකේත්ට තිබුනේ නෑ..සංකේත්ට ඕනි උනේ හිරුනි ළගින් ඉන්න..ඒත් හිරුනිගේ ගෙදරට එනකොට මිදුලේ නවත්තලා තිබුන වාහනේ දැකලා සංකෙත් එතනම නතර උනා..කොහෙවත් නැති බයක් ඒ වෙලාවේ සංකේත්ගේ හිතට දැනුනා..ඒ වාහනේ අයිතිකාරයා සමිත විජේවර්ධන ..ඒ කියන්නේ සංකේත්ගේ තාත්තා..”තාත්තා මොකද මෙහෙ කරන්නේ..එතකොට හිරුනි..දෙයියනේ ඇයි අපිටම මෙහෙම වෙන්නේ..මගේ අහින්සකීට ඇයි මේ තරම් දුක් දෙන්නේ..මගේ කෙල්ලගේ ඇත්ත තත්වේ තාත්තා දැන ගත්තොත් මොනවා වෙයිද..”අකුණක් ගැහුවා වගේ එක පිට එක ප්‍රශ්න ඔළුවට එද්දි සංකේත් ගේ ඇතුලට ගියා..තාත්තා හිරුනි එක්ක කතා කර කර ඉන්නවා දැක්කම සංකේත්ට තරු පෙනුනා..තවත් නිහඩ වෙලා ඉදලා වැඩක් නැති නිසයි සංකේත් එයාගේ තාත්තට කතා කරේ…

“ආ ඔය ඇවිත් තියෙන්නේ…මොකද පුතණ්ඩියා බය වෙලා.ඔතන පිළිමයක් වගේ ඉන්නේ නැතුව මෙහාට ආව නම්…”
“තාත්තේ ඔයා මෙහේ..”
“ඇයි දැන් මං මෙහෙ එන්න හොද නැද්ද..”
“නෑ තාත්තේ මං මේ කිව්වේ.මේ..නිකන්…ඒත් ඇයි මේ හදිස්සියේ..”
“හදිස්සියක් නෑ පුතා..මං මේ මීටින්ග් එකකට යන ගමන්..මගේ ලේලිවත් බලලා යන්න හිතුනා..ඉතිං මං ආවා…”
“ඒත් තාත්තේ ඔයා කොහොමද හිරුනි ගැන දැන ගත්තේ…”
“මගේ පුතා මට මේ දැරිවි ගැන නොකිව්වට පුතාගේ අම්මා මට හැම විස්තරයක් ම කියලා තිබුනේ..ඔයා පුන්චිලගේ ගෙදර ආපූ දවසේ ඉදන් වෙච්ච හැම දෙයක්ම මං දන්නවා..”

සංකේත් ඇස් දෙකත් ලොකු කරගෙන විජේවර්ධන දිහා බලන් ඉන්නකොට විජේවර්ධන හිනාව නවත්තගත්තේ බොහොම අමාරුවෙන්..

“මොකද කොල්ලෝ ඔහොම බලන් ඉන්නේ…”
“ආ..නෑ..තාත්තේ..මුකුත් නෑ..”
“ඇයි පුතේ ඔය මට මේ මුකුත් කිව්වේ නැත්තේ.මං ඇත්ත දැන ගත්තම මේ ළමයට අකමැති වෙයි කියලා හිතුවද….”

ඇත්තටම සංකේත්ට ඒ ප්‍රශ්නෙට උත්තරයක් තිබුනේ නෑ..මොකද සංකේත් එයාගෙ තාත්තට හිරුනි ගැන නොකිව්වේ ඒ හෙතුව නිසාම තමයි..

“හිරුනි දූ එන්නකෝ මෙහාට..මට ඔයත් එක්ක කතා කරන්න ඕනි ටිකක්…”

හිරුනිට කතා කරන ගමන් විජේවර්ධන ගිහින් සෝෆා එකේ වාඩි උනා..ඒත් හිරුනිට අඩියක්වත් ඉස්සරහට යාගන්න බැරි උනා…

“මොකද දරුවෝ ඔතනට වෙලා ඉන්නේ..මෙහාට එන්න..”

ආයෙත් විජේවර්ධන හිරුනිට කතා කරපු නිසා හිරුනි හිතට ශක්තිය අරගෙන හෙමින් හෙමින් විජේවර්ධන ළගට ගිහින් හිටගත්තා…

“ඉතිං ඇයි ඔය හිටගෙන..මෙතනින් වාඩි වෙන්න…”
“ආ..න්..නෑ..මෙ.හෙ.ම. හොදයි..”
“ඔයා වාඩි වෙන්න දරුවෝ මෙතනින්…”

විජේවර්ධනගේ පෙරැත්ත නිසාම කෙල්ල එතනින් වාඩි උනා..

“දූ දැනගෙන හිටියද සංකේත් කියන්නේ මගේ පුතා කියලා…”
“න්..නෑ සර්…”
“ඔයාට එහෙනම් මේ වෙන දේවල් මුකුත් තේරුම් ගන්න බැරුව ඇති…”
“ඔ.ව් ස.ර්….”
“හ්ම්ම්ම්..මං කියන්නනම්කෝ එහෙනම් විස්තරේ…සංකේත් කියන්නේ මගේ ලොකු පුතා..අවුරුදු හතරක්ම england හිටියේ සටඩීස් වලට ගිහින්…ඉතිං මේ කොල්ලා ලංකාවට ආවේ මාස දහයකට විතර කලින්..ඒ ආපු ගමන් මෙයා පුංචිව බලන්න මෙහේ ආව..ඒ ආවම තමයි දුවව දැකලා තියෙන්නෙ..එදා ඉදන් කොල්ලාව ගෙදර ගෙන්නගන්න බැරි උනා මට..මං හිතාගෙන හිටියේ මගේ බිස්නස් ටික මෙයාට භාර දෙන්න..මට මේ වැඩත් එක්ක ඕව කරන්න බැනේ..එත් ඉතිං මේ කොල්ලා ගෙදර ආවේ නෑනේ..මං පාර්ලිමේන්තු ගියෙත් මේ ළගදිනේ..මෙයා එ වැඩ වලට සම්බන්ධ උනේ නෑ..ඉතිං කවුරුවත් සංකේත් ගැන දන්නෙත් නෑ..ඒකයි ඔයාලට උනත් හොයාගන්න බැරි වෙන්න ඇත්තේ..”
“හ්ම්ම්ම්….”
“තාත්තී හිරුනිට කැමතියිද එතකොට…”

තවත් ඉවසන් ඉන්න බැරි නිසා සංකේත් එයාගේ හිතෙ තියන ප්‍රශ්නේ විජේවර්ධනගේන් ඇහුවා..

“අවුරුදු විසිහතරක් මගෙත් එක්ක ඉදලත් මගේ කොල්ලාට මාව තේරුම් ගන්න බැරි උනානේ…”

ඒ වචන ටික කියලා ඉවර උනහම විජේවර්ධන හීල්ලුනේ ඉබේටමයි..විජේවර්ධන හිටියෙ දුකින්..සංකේත් එයාට හිරුනි ගැන නොකිව්ව එකට..පොඩි කාලේ ඉදන් ඒ ගෙදර කාගෙවත් රහස් තිබුනේ නෑ..විජේවර්ධනත් ශ්‍රියානිත් සංකේතටයි එයාගේ මල්ලි සදීපටයි ළං උනේ අම්මා තාත්තා විදිහට නෙමෙයි..එයාලාගේ හොදම යාලුවෝ දෙන්නා විදිහට..සංකේත් උනත් සදීප උනත් අම්මාටයි තාත්තටයි කිසිම දෙයක් හංගන්නේ නෑ..එයාලා වැරැද්දක් කරන්න යනවා නම් ආදරේන් ඒ ගැන තේරුම් කරලා දෙනවා මිසක් කවදාවත් ගහන්න බනින්න ගිහින් නෑ..ඒ නිසාම ගෙදරට හොර වැඩ කරලා පුරුද්දක් ළමයි දෙන්නටම තිබුනේ නෑ..ළමයි දෙන්නා කවදාවත් වැරදි වැඩක් කරන්නේ නෑ කියලා විජේවර්ධන විශ්වාස කරා..හිරුනි ගැන දැන ගත්ත දවසේත් විජේවර්ධන සද්ද නැතුව හිටියේ ඒ නිසා..එදා ඉදන් විජේවර්ධන හිරුනි ගැන හැම විස්තරයක්ම හොයලා බැලුවා..ඒත් සංකේත් මේ දේවල් එයත් එක්ක කතා නොකරපු එකට කියාගන්න බැරි තරම් දුකක් විජේවර්ධනගේ හිතේ තිබුනා..

“අනේ එහෙම දෙයක් නෑ තාත්තී..මට ටිකක් බය හිතුනා ඉතිං..අනේ සොරි තාත්තී….”

ඇස් දෙකේ කදුළු පුරෝගෙන සංකේත් ගිහින් විජේවර්ධනගේ බෙල්ල වටේ අත දාලා විජේවර්ධනගේ උරහිසට ඔලුව තියගත්තා..තමන්ගේ අතින් වෙච්ච වැරැද්දේ බරපතලකම මේ වෙනකොට සංකේත්ට හොදට අවබෝධ වෙලා තිබුනේ..

“හා හා දැන් හුරතල් උනාට වැඩක් නෑ…”
“අනේ තාත්තී..”
“එහාට පලයං කොල්ලෝ..අම්මි එක්ක නම් කමක් නෑ..මාත් එකත් හුරතල් වෙන්න එනවනේ මේ ඉලංදාරි කොල්ලා ..මීඩියාවලින් එහෙම දැක්කොත ඉවරයි “

පැය දෙක තුනකට කලින් පාර්ක් එකේදි ඉදපු සංකේත්ට වඩා මේ සංකේත් කොයි තරම් වෙනස්ද කියලා හිරුනිට හිතුනා..

“මේ අහන්න පුතේ..මං උඹට හෙව්වේ මේ වගේ කෙල්ලෙක් තමයි..මගේ පුතාව හොදට බලාගන්න පුලුවන් අහිංසක කෙල්ලෙක්ව..නැතුව අපේ සල්ලි ගොඩට තවත් සල්ලි ගොඩක් එකතු කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි..අම්මා අසනීප උන දවසේ ඔයා ගෙදර ඇවිත් මේ දරුවගේ ෆෝටෝස් ගොඩක් අම්මාට ගිහින් දිලා තිබුනානේ..අම්මා මට පෙන්නුවා ඒ ටික..මං මේ දරුවා ගැන විස්තරත් හොයලා බැලුවා..ඉතිං මේ තමයි උඹට ගැලපෙනම කෙල්ල..මං මොකටද මේ දරුවට අකමැති වෙන්නේ ආ…”
“ඇත්තටම නේද කියන්නේ..මට තාත්තිව වඩාගෙන මේ ගේ වටේ දුවන්න හිතෙනවා…”
“අනේ පලයන් බන් යන්න..මගේ මේ හොදට තියන කොණ්ද කඩන්නද හදන්නේ..මේ කොල්ලො ඔය කතා නවත්තලා මේ ළමයාව එළියට එක්කගෙන ගිහින් මේ ළමයත් එක්ක කතා කරන්න..මේ බලන්න තාමත් ඉන්නෙ බය වෙලා…”
“හා තාත්ති…”
“දූ යන්නකෝ එළියට…”

කියන පරක්කුවට හිරුනි එතනින් නැගිටලා එළියට දිවුවා..සංකේතුත් එළියට ආවා..හිරුනි මිදුලේ කෙකවරට ගිහින් කිසිම අරමුණක් නැතුව ඉස්සරහා තිබුන වෙල් යාය දිහා බලාගෙන හිටියා..

“හිරූ…”

සංකේත් හිරුනි ළගට ගිහින් හිරුනිට කතා කරහම හිරුනි සංකේත් දිහා බැලුවේ බය වෙලා වගේ..සංකේත් තව ටිකක් හිරුනි ළගට යනකොට කෙල්ල අඩියෙන් අඩිය පස්සට ගියා..ඇත්තම කිව්වොත් හිරුනි හිටියේ සංකේත් ළගට යන්න බයෙන්..ඇමති කෙනෙක්ගේ පුතෙක් එයාට ආදරේ කරනවා කියලා විශ්වාස කරන්න බැරි උනා හිරුනිට..හිරුනි ඉන්නේ බය වෙලා කියලා තේරුන නිසා සංකේත් හිරුගේ අතින් අල්ලලා එයාගේ ළගට අරන් හිරුනිව තුරුල් කරගත්තා…සංකේත්ගේ උණුහුමට තුරුල් උනහම හිරුනිගේ හිතේ බය කදුළුවලට හැරුනා..ඕනි තරම් අඩලා හිත හදාගන්න කියලා හිතලා සංකේත් එහෙම්මම හිටියා කෙල්ලගේ ඔලුව අතගගා..ඇස් දෙක රතු වෙනකල්ම කෙල්ල ඇඩුවා..ටික ටික කෙල්ලගෙ ඉකි බිදුම අඩු වෙලා ගියා..අඩලා ඉවර උනත් හිරුනි සංකේත්ගේ උණුහුමින් ඈත් උනේ නෑ..කෙල්ල අඩලා ඉවරයි කියලා දැනුන නිසා සංකේත් හිරුනිට කත කරා..

“හිරූ..ඔයා මාත් එක්ක තරහයිද මගේ මැණික…ම්ම්..කියන්න..තරහා වෙලාද…”

සංකේත් කතා කරාට හිරුනි නම් වචනයක් වත් කතා කරේ නෑ..

“අහන්නකෝ රත්තරං ..මං ඔයාව ඉස්සෙල්ලම දැකපු දවසේ පුදුම හැගීමක් මට දැනුනේ..ඒ හැගීම මොන වගේද කියන්න මට තේරුමක් තිබුනේ නෑ..මීට කලින් කවදාවත් කෙල්ලෙක් ගැන එහෙම හිතිලා තිබුනෙත් නෑ..මං පුන්චිලගේ ගෙදර නැවතිලා ඔයා ගැන හොයලා බැලුවේ ඒ නිසා.එතකොටයි මං දැන ගත්තේ මේ ගෙදර තත්වේ..ඒ උනාට මේ කිසිම දේකට මගේ හිතේ ඔයාට තිබුන ආදරේ අඩු කරන්න බැරි උනා..මං විජේවර්ධන ඇමති තුමාගේ පුතා විදිහට ඔයා ඉස්සරහට ආවා නම් ඔයා මාව පිළිගන්නේ නෑ කියලා මං දැනගෙන හිටියා..එහෙම උනා නම් මට ඔයත් එක්ක වචනයක්වත් කතා කරන්න බැරි වෙනවා..ඒකයි මං සාමාන්‍ය පවුලක ළමෙක් විදිහට ඔයා ඉස්සරහට ආවෙ..ඒකට මට සමාව දෙනවා නේද මැණික..කෝ මගේ දිහා බලන්නකෝ…”

හිරුනි සංකේත්ගේන් ටිකක් ඈත් වෙලා සංකේත්ගේ මූණ දිහා බැලුවා..සංකේත්ට කියන්න ගොඩාක් දේවල් හිත ඇතුලේ තිබුනත් කොතනින් පටන් ගන්නද කියලා තේරුමක් තිබුනේ නෑ හිරුනිට..

“මං..මං..කොහොමද මහත්තයෝ ඔයා එක්ක තරහා වෙන්නේ..නෑ.නෑ..මං පොඩ්ඩක්වත් තරහා නැ..ඇත්තමයි..ඔයා කියපු දේ හරි..මං ඔයා ගැන ඇත්ත දැනගෙන හිටියා නම් කීයටවත් ඔයාට ළං වෙන්නේ නෑ..ඒත්..එත්..මට තාම විශ්වාස නෑ මං මේ දකින්නේ හීනයක්ද කියලා.මට තේරෙන්නේ නෑ…”

එහෙම කියලා හිරුනි ආයෙත් සංකේත්ට තුරුල් උනා..

“ඔයා දකින්නේ හීනයක් නෙමෙයි පැටියෝ..මේක තමයි ඇත්ත..ඔයා මීට කලින්ම මේ ඇත්ත දැන ගනියි කියලා මං බයේ හිටියේ.චාමික මං ගැන හොයලා තිබුනනේ..අපේ ගෙවල් පැත්තේ චාමිකගෙ යාලුවෙක් ඉන්න්වා .ඉතිං ඌට චාමික කෝල් කරලා මං ගැන අහලා තිබුනා..හොද වෙලාවට ඒකා මගේ හොදම යාලුවෙක්..ඒ හින්දා එදා බේරුනා මං..එහෙම නොවුනා නම් මට ඔයාව එදාම නැති වෙනවා..කෝ ඉතිං කියන්න…මට ආදරෙයි නේද..හිරූ..කියන්නකො ළමයෝ..ආදරෙයි නේද..ම්ම්..”
“හ්ම්ම්ම්..ගොඩාක් ආදරෙයි..ගොඩක් ආදරෙයි මගෙ අයියාට…”

සංකේත්ට තවතවත් තුරුල් වෙන ගමන් හිරුනි එහෙම කිව්වා..දැන් නම් කෙල්ල ඉන්නේ ගොඩක් සතුටින්..ඊටත් වඩා සතුටක් සංකේත්ගේ හිතේ තිබුනා..හැම දෙයක්ම හොද විදිහට විසදුන නිසා.චාමික මේ දෙන්නා දිහා ඈත ඉදන් බලාගෙන හිටියේ ඇස් වල කදුළු පුරෝගෙන..”අන්තිමට දෙවියෝ හිරුනිගේ මූණ බැලුවා .අද ඉදන් කිසිම දුකක් නැති වෙයි එයාට..එයාගේ ලස්සන හිනාව හැම වෙලාවෙම මූණේ තියෙයි..”..චාමිකට තිබුනේ පුදුම සතුටක්..හිරුනිගේ ජීවිතේ ලස්සන කරාට චාමික දෙවියන්ට පින් දිදී හිටියේ…

“එහෙනම් මිස්ටර් ජයවර්ධන මගේ කෙල්ලව හොදින් බලාගන්න ඕනි..කිසිම දුකක් වෙන්න බෑ..හරිද..මේ ළමයා විභාගේ ලියලා ඉවර වෙනකල් විතරයි මං මෙයාව මෙහේ තියන්නේ..එහෙනම් මං ගිහින් එන්නම්…”

විජේවර්ධන එතනින් ආවේ ලොකු සතුටක් හිතේ තියාගෙන..මේ වෙන දේවල් දිහා නෙතු බලන් හිටියේ ඇස් වල කටු අනිනවා වගේ වේදනාවකින්..ජයවර්ධන උනත් හිටියේ ඉවසන්න බැරි කේන්තියකින්..එත් එයාලට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ..විජේවර්ධන ගෙයින් එළියට එනකොටම දැක්කා හිරුනි සංකේත්ට තුරුල් වෙලා ඉන්න හැටි …විජේවර්ධන හිනා වෙවී ඒ දෙන්න දිහා බලන් ඉන්න හැටි හිරුනි දක්කා..හිරුනි ඉක්මනට සංකේත්ගෙන් ඈත් වෙලා බිම බලාගත්තේ ලැජ්ජාව වැඩිකමට…සංකේත්ට හිතාගන්න බැරි උනා මොකද උනේ කියලා..ඒත් ටික වෙලාවකින් දැක්කා තාත්තා එයාලා දිහා බලන් ඉන්නවා කියලා..හිරුනිවත් එක්කගෙන සංකේත් එයාගේ තාත්තා ළගට ආවා…

“දූ මං ගිහින් එන්නම් එහෙනම්..විභාගෙට තව ටික දවසයිනේ..හොදට පාඩම් කරන්න ඕනි තේරුණාද.අදින් පස්සේ කිසිම කරදරයක් නැතිවෙයි දූට…”

හිරුනිගේ ඔලුවත් අතගාලා විජේවර්ධන එතනින් යන්න හදදිම හිරුනි දණ ගහලා විජේවර්ධනට වැන්දා…

“පරිස්සමින් ගිහින් එන්න සර්…”

හිතේ තිබුන බය අඩු වෙලා තිබුන නිස තමන්ගෙම කෙනෙක් කියලා සංකේත්ගේ තාත්තව හිතට දැනුන නිසා සංකේත්ගේ තාත්තත් එක්ක කතා කරන්න හිරුනිට බය හිතුනේ නෑ..

“ඉතිං ඔය දරුවා මොකද මට සර් කියලා කතා කරන්නේ..මං ඔයාගේ තාත්තා..හොදද..ආයේ එහෙම සර් කියලා කතා කරන්න බැ.හරිද..මට ඉන්නෙ කොල්ලො දෙන්නෙක් විතරයි..ඉතිං අද ඉදන් මට සුරංගනාවියක් වගේ ලස්සන දූ පැටියෙකුත් ඉන්නවා..මගේ කොල්ලව හැමදාම සතුටින් තියන්න..එච්චරයි මං මගේ දූගෙන් ඉල්ලන්නේ..කෝ ඉතිං මට තාත්තා කියලා කතා කරන්න බලන්න…”

“ම්..මෙ…ත්..ත්..තා…. පරිස්සමින් ගිහින් එන්න තාත්තේ…”

විජේවර්ධනට තාත්තා කියලා කියන්න බරුව හිරූ ලතවෙවී ඉදපු නිසා සංකේත් හිරුනිගේ අතින් අල්ලගත්තා..විජේවර්ධනත් ඒ දිහා බලාගෙන හිටියේ….එතකොට තමයි වචන පැටලෙන්නේ නැතුව කතා කරගන්න හිරුනිට පුලුවන් උනේ..විජේවර්ධන සංකේතුයි හිරුනිය් දිහා ටිකක් වෙලා බලන් ඉදලා එතනින් ගියේ ඇස්වලට උනපු කදුළු කාටත් හොරෙන් පිහදාගන්න ගමන්..

මතු සම්බන්ධයි

යාළුවනේ පොඩි ඉල්ලිමක් වගෙම පෙජ් එකේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කරන ලොකු උදවුවක් කතාව රස විදින ඔයාලා like එකක් දාන්න වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එක පෙජ් එකෙ ඉදිරි ගමනට ගොඩක් වටිනවා ඉතින් අපි බලාපොරොත්‍තු වෙනවා පෙජ් එකට ආදරේ ඔයාලා අපිට උදවු කරයි කියලා

ස්තුතියි ඇඩ්මින් ආදරෙයි තවමත් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *