8

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

****අටවන දිගහැරුම****

අ…අයියා….ඇයි මේ….
දැහැම් භානුක දෙස බියපත් වී බලා ඇසුවා…

මාත් අහන්නේ ඒක තමයි…ඔච්චර වෙලා අහස දිහා බලාගෙනම හිටපු සුරංගනාවි මාව දැක්ක ගමන් දුවන්නේ ඇයි කියලා….මොකද මං මෙතනට ආවට කැමති නැද්ද දැහැම් ඔයා….භානුක දැහැම්ගේ අත තවමත් අල්ලාගෙන සිටියදීම ඇගෙන් විමසුවා…

එවිට දැහැම් සැහැල්ලු සුසුමක් හෙලා භානුක දෙස බැලුවේ සිනා සෙමින්…අනේ එහෙම නෑ අයියේ…මේ අයියගෙ ගෙදර…මං කොහොමද අකමැති වෙන්නේ අයියා ඕන තැනකට ගිහාම…හැබැයි ඉතිං ලගදිම අයියට කන්නාඩි ගන්න වෙයි කියලයි මට හිතෙන්නේ …දැහැම් භානුක දෙස බලා පියකරු සිනහවකින් පැවසුවා…

ආ…ඒ මොකද ඒ…ඇයි ළමයො එහෙම කියන්නේ….භානුක කිසිදෙයක් සිතා ගත නොහැකිව විමසුවා…

නෑ ඉතිං අයියා අර මුලින්ම කිවුවේ සුරංගනාවියක් දැක්කා කියලා…ඒ කිවුවෙ මට නම් අයියට වැරදිලා…

නෑ…නෑ….මගෙ ඇස්වල කිසිම පෙනීමේ දෝශයක් නෑ දරුවෝ…ඔයාව දැක්ක දවසේ ඉදන් මට පේන්නෙ ඔයා සුරංගනාවියකයත් වඩා ලස්සනට…ඇත්තමයි..භානුක දැහැම් දෙස හැගීම් බරව බලා පැවසුවා…

එයින් දැහැම් බොහෝ කලබල වන්නට විය…ඇය භානුක දෙස බැලුවේ විමතියෙන්…

ඇයි මේ එකපාරටම අමුතු වෙලා….ඔය තරමට බය වෙන්න එපා දැහැම්…ඔයා ගොඩාක් අහිංසකයි…මං වැරදි දෙයක් කිවුවනම් සමාවෙන්න…භානුක බොහෝ පසුතැවිල්ලෙන් පැවසුවා….

අනේ එහෙම දෙයක් නෑ අයියේ…මට අයියගෙන් පොඩ් උදව්වක් ඉල්ලන්න තියෙනවා…අයියා මට මුලින්ම පොරොන්දු වෙන්න මේ ගැන කාටවත්ම කියන්නෙ නෑ කියලා…

දැහැම් තමාව විශ්වාස කර මුලින්ම දෙයක් පවසන කල භානුක එය ඉටු කිරීමට සැදී පැහැදී සිටියා..මේ ඇය තමා සමග විවෘතව කතා කල පළමු අවස්ථාව විය…

කියන්න දැහැම්…ඔයා මාව විශ්වාස කරලානේ මගෙන් උදව්වක් ඉල්ලුවේ…මං ඒ විශ්වාසෙ කඩකරන්නෙ නෑ…භානුක ස්ථීර හඩින් පැවසුවා…

අයියේ හෙට මට හවස යාලුවෙකුගෙ පාටි එකක් තියෙනවා…මට ඒකට කොහොම හරි යන්න ඕන අයියේ…මං එනවා කියලා එයාට පොරොන්දු වුනා..එයාව මම කොලඹට ආවට පස්සෙ හිතවත් වුන කෙනෙක්…ඒත් මං එයාට ළං වෙනවට අනූපමා පොඩ්ඩක්වත් කැමති නෑ…අයියට පුලුවන්ද අයියේ අනූට මොකක් හරි කියලා හෙට හවස මාව එක්කන් යන්න..ප්ලීස් මට මේ වෙලාවෙ උදව් කරන්න අයියේ…මං…මං මේ වෙලාවෙ ගොඩාක් අසරණයි….

භානුකගේ හද රිදී යනු ඔහුට දැනුනා…එහෙත් මේ තමා පණ මෙන් ආදරය කරන කෙල්ලයි…ඇගේ සතුට වෙනුවෙන් තමාට කල නොහැකි දෙයක් නොමැත…තම සිතැගි සගවා මේ අවස්ථාවේ ඇයට උපකාර කල යුතු යැයි භානුකට හැගී ගියා…ඔහු මුහුනට සිනහවක් නගාගෙනම දැහැම් දෙස බැලුවා…

හරි ළමයෝ…ඔයා ඒ ගැන හිතන්න එපා…ඔයාගෙන් අනූ ඇහුවොත් කියන්න මාත් එක්ක පොඩි ගමනක් යනවා කියලා…මං අනූට මොනවා හරි කියලා අපේ අම්මලාවත් ශේප් කර ගන්න කියලා…මගෙ යාළුවෙක් ඉන්නවා මේ කිට්ටුව අපි එහෙට ගිහින් හෙට ලෑස්ති වෙමු…මං ඔයාව වෙලාවට ගිහින් අරලින්නම්…ඒ ගැන බය වෙන්න එපා…යන්න දැන් ගිහින් නිදා ගන්න…භානුක අවසානයේ පැවසුවා…

අනේ අයියේ මට කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරුව හිටියේ…අයියට ගොඩාක් පිං…දැහැම් භානුකගේ අත අනවසරයෙන්ම අල්ලාගෙන බොහෝ හැගීම්බරව පැවසුවා…

හදවත වේදනාවෙන් හඩා වැටෙද්දී ඔහු ඇය ඉදිරියේ නිහඩව සිටින්නට උත්සාහ කලා….

***************************

අනූපමා සිටියේ සතුටින් ඉපිලෙමින්…ඇය සිතුවේ දැහැම් තම සිත වෙනස් කරගෙන ටිකෙන් ටික භානුකට ළං වනවා කියායි…ඇය තමාට පැවසීමට ලැජ්ජාවෙන් භානුක ලවා හවස ඔහු සමගින් යන්නට සැරසෙන බව දන්වන්නට සිතන්නට ඇත…මේ කිසිවක් නොදැන සිටි අනූපමා එසේ සිතා භානුකට සහ දැහැමිට උපරිම සහයෝගය ලබා දුන්නා….

භානුක දැහැමිව රැගෙන යාමට ඇගේ සේවා ස්ථානය වෙත පැමිණ සිටියා…ඇය භානුක වෙත ස්තුති පූර්වක බැල්මක් හෙලා කාරයට නැගුනා…

ළමයෝ ඔයා හවස යන්නෙ පාට් එකකට නේද…?ඉතිං ඔයා මොනවද ඇදගෙන යන්නේ….ඔහොම යන්න පුලුවන්ද ඒ වගේ තැනකට….?භානුක දැහැම් දෙස බලා විමසුවා…

දැහැම්ට එය කල්පනාවට ආවේ එවිටයි…මේ ඇදුම්න් මං කොහොමද එතනට යන්නේ…ශශීල් කියන්නේ ගොඩාක් සල්ලි තියෙන හරිම සෝශල් කොල්ලෙක්…මං මෙහෙම ගියොත් එයා මාත් එක්ක කතා කරන එකකුත් නෑ….ඇය කල්පනා කරන්නට විය ..

මොනවද ඔච්චර කල්පනා කරන්න දෙයක්ද මං ඇහුවේ…අපි පාටි එකට අදින්න ඇදුමක් අරන් යමු….මගෙ යාළුවාගෙ වයිෆ් බියුටීශියන් කෙනෙක්…ඔයාට එහෙට ගිහාම ලෑස්ති වෙන්න පුළුවන්…භානුක ඇගෙන් නොවිමසාම නිම් ඇදුම් සැලක් අසලින් කාරය නතර කරන්නට විය….

දැහැම් භානුකට ඉඩදී නිහඩවම ඔහු පසු පසින් ගමන් කලා…අවසානයේ දැහැමිගේ හිත ගියේ තද රෝස පැහැයින් යුතු වූ හීනි අත් පටි සහිත දිගු ගවුමකටයි…ඇය අවශ්‍ය කරන අනෙක් දේවල්ද හනිකට තෝරා ගත්තේ භානුකට මේ වෙනකොටත් ඇය නිසා ගොඩාක් කරදර කිරීමට සිදුවූ නිසයි…ඇය භානුක සමගින්ම මුදල් කවුන්ටරය වෙත ගියේ මුදල් ගෙවීමට සිතාගෙනයි…එහෙත් දැහැමිට කලින් භානුක ඔහුගේ ATM කාඩ් පත දිගු කර සියළුම මුදල් ගෙවා අවසන් කලා…

දැහැම් ඔහු දෙස බැලුවේ විමතියෙන්…අයියේ මගෙ ළග සල්ලි තියෙනවා..ඔයා මට මේ කරපු උදව් ඕනවටත් වැඩී…මට ඔයාට කියලා සල්ලි ගන්නත් බෑ….ඇය බිම බලාගෙන පසුතැවිල්ලෙන් පැවසුවා…

හරි හරි මං ඔයාගෙන් ඔය සල්ලි ගන්නම්කෝ පස්සෙ වෙලාවක…දැනට අපි ඉක්මට ගිහින් ලෑස්ති වෙමු…ඔයාට පරක්කු වෙනවා ළමයෝ…

****************************

භානුක සිය මිතුරාගේ නිවසට දැහැමිද සමගින් ගොස් ඔහුගේ මිතුරාගේ බිරියට දැහැමිව හදුනා දුන්නා…ඉන් අනතුරුව ඇය සමගින් දැහැමිව සූදානම් වීමට පිටත් කර හැරියා…

දැහැම් තෝරාගත් ගවුම ඇයගේ සිරුරට කදිමට ගැලපුනා…ඇය ආභරණ පාවිච්චි කලේ අඩුවෙන්…සිල්ව පැහැයෙන් යුතු තෝඩු දෙකක් පමණක් පැලදි ඇයගේ කොණ්ඩය කඩා වැටෙන සේ භානුකගේ මිතුරිය ඇයගේ කොන්ඩයට චාම් මෝස්තරයක් එකතු කලා…ඉතා චාම්ව ආලේපනද ගැල්වූ පසු දැහැම් තමාගේ රූපය දෙස කැඩපතින් බලා ඉන් සෑහීමකට පත් වුනා…ඇය එම කාන්තාවට ස්තුති කොට භානුක සොයා නිවසේ ඉදිරි පසට පැමිණියා…ඇගේ රුව දැකි භානුක සුන්දර සිහිනෙක මොහොතකට නැවතුනා…අද ඇය බොහෝ පියකරු අන්දමින් දිස් වූවා…එහෙත් ඇය තමාට හිම් නැති බව ඔහුට හැගී ගියා…එලෙසින්ම නැගී සිටි භානුක ඇය අසලට පැමිණියා…

දැහැම් සිටියේ බොහෝ සතුටින්…ඇගේ මුව පුරාවට සතුට රැදී තිබුනා…

අයියේ…කියන්නකෝ…ලස්ලස්සනයිද කියලා…දැහැම් භානුක දෙස බලා ගෙල හැඩකර විමසුවා…

ලස්සනයි දැහැම් ගොඩක්…ඔයා කොහොම හිටියත් ගොඩාක් ලස්සන කෙල්ලෙක්…භානුක අවංක හැගීමෙන් කියා නිවසේ අයටද සමුදී දැහැම් සමගින් රථයට ගොඩවුනා…

ශශීල්ගෙන් දැන අසාගත් පරිදි ඇය භානුකට යායුතු ස්ථානය පැවසුවා…
ඒ ඔස්සේ කාරය රැගෙන ගිය ඔවුන් අවසානයේ ශශීල්ගේ නිවස අසලට පැමිණියයා…

දැහැම් ඔයා මෙතන ඉදන් තනියම ඇතුලට යන්න..මං ඔයාව ගන්න එකොලහට විතර එන්නම් හරිද….භානුක ඇයව තනිකර යෑමට අකමැත්තෙන් වුවද පැවසුවේ ඔහුට ඇය සමගින් යාමට නොහැකි නිසයි….

හරි අයියේ…මං ඔයාට කෝල් කරන්නම්…මං හින්දා අයියා අද ගොඩක් කරදර උනා…දැහැම් කාරයෙන් බැස පවසා භානුකට සමුදී ශශීල්ගේ නිවසේ ගේට්ටුව අසලට ඇවිද යන්නට වුනා….

“දැහැම්”…

භානුකගේ හඩින් නැවතත් ඇය හැරී බැළුවා….

පරිස්සමින්…
භානුක පැවසුවා…

හරි අයියේ…මං යනවා…දැහැම් ගේට්ටුවෙන් ඇතුල් වුනා…

භානුක සුසුමක් හැර රථය පණ ගැන්වූවා…

****************************************

ශශීල් සිටියේ කෙල්ලන් පිරිසකට මැදිවී බොහෝ සැහැල්ලුවෙන්…මුලු නිවස පුරාවත් ගාඩ්න් එක පුරාමත් පාට පාටින් යුතු විදුලි බුබුලු වලින් ආලෝකවත් වී අපූරු සුන්දර රාත්‍රී සාදයක් ලෙසින් ශශීල්ගේ නිවස දිස් වුනා…

දැහැම් පිරිස අතරට ශශීල්ව සොයා ගියේ බොහෝ අපහසුවෙන්…ඇතැම් පිරිමින් ඇය දෙස බැලුවේ ඉතා අශෝභන අන්දමින්…දැහැම් බියෙන් බියෙන් ශශීල් සොයා ඉදිරියට ඇදුනා…ඇයගේ දෑසට කදුලු නැගුනේ ශශීල් ඉතා කෙටි ගවුමක් හැද සිටි තරුනියක් ළං කරගෙන ඇය හා සිනා සෙමින් සිටිනවා දැකයි….ඇය කෙලින්ම ඔහු අසලට ගොස් ඉදිරියෙන් සිට ගත්තා ….

ශශීල් දැහැම්ව දැකි ගමන් විශ්මයෙන් මෙන් ඇගේ හිස සිට පාදාන්තය තෙක් බැල්මක් හෙලා මුහුණට සිනහවක් නගාගෙනම දැහැමිගේ කොපුලක් සිප ගත්තා…විශාල පිරිසක් ඉදිරියේ සිටි බැවින් දැහැම් බොහෝ අපහසුතාවට පත් වුනා…

කෙල්ලේ ඔයා ආව නේද එහෙනම්…අද ඔයා මාරම සෙක්සි…වෝව් කියලා වැඩක් නෑ…ශශීල් පැවසුවා…

ශශීල් කවුද ඔයා එක්ක හිටපු කෙල්ල…දැහැම් කතා කරන්නට ලද අවස්ථාවෙන් ඔහුගෙන් විමසුවා….

අයියෝ…කෙල්ලේ…ඒ මගෙ යාළුවෙක්…මට කොල්ලො වගේම යාළුවෝ ගොඩක් ඉන්නවා කෙල්ලොත්…ඒකට මූන නරක් කර ගන්න ඕන නෑ නේ…කෝ ඉතින් මට විශ් කරන්නෙවත් නැද්ද…?එවර ශශීල් විමසුවා…

සොරි ශශීල් මට අමතක වුනා…හැපී බර්ත්ඩේ….
දැහැම් සෙමින් පැවසුවා…

අයියෝ ඔහොම කියලා මදි…කෝ මට ඔයාගෙන් කිස් එකක් ඕන මෙතනට…ඔහු ඇගේ ඇගිල්ලක් ඔහුගේ දෙතොල් මත තබා පැවසුවා….

අනේ…ශශීල්…මං…මං…මේ කට්ටිය ඔක්කොම ඉන්නවනේ….දැහැම් වෙව්ලුම් හඩින් පැවසුවා…

ඔච්චර ලැජ්ජාව තිබ්බම ඇති…ඕක මහ දෙයක් නෙවෙයි බබා…හරි හරි මං ඔයාගෙන් පස්සෙ ගන්නම්කෝ…දැන් යමු කට්ට්යම එක්ක කේක් කපන්න…ශශීල් දැහැම්ත් සමගින් ඔහුගේ උපන්දිනය සදහා තබා තිබූ කේක් එක වෙතට ගියා…

මද වෙලාවකින් ඇය එලිමහනේ තබා තිබූ අසුනකින් වාඩි වී ඔහේ බලාගෙන සිටියේ සතුටු වන පිරිස් දෙසයි…ගැහැනු පිරිම් සියල්ලෝම අතේ මත් පැන් වීදුරු තිබෙනවා දැකි ඇයට විශාල කල කිරීමක් දැනුනා…සේවකයෙකු ඇය වෙත පැමින සිසිල් බීම බදුනක් ඇල්වූ අතර දැහැම් එය ප්‍රතික්ෂේප කලා…ඇගෙ කලකිරීම තවත් වැඩි වන්නට වූවේ ශශීල් මත් පැන් විදුරක් අතැතිව තවත් තරුණියකගේ කොපුලක් සිප ගන්නා අයුරු දැකයි…ආපසු යාමට සිතා නැගිට ගන්නට සිතූ දැහැම් අසලට ශශීල් පැමිණියේ ඒ මොහොතේයි…

අයියෝ…ඇයි බබා මේ…පැත්තකට වෙලා….එන්ජෝයි කරන්න කැමති නැද්ද…ඔහොම නම් බෑ කෙල්ලේ…කෝ එන්න ඔහු ඇගේ අතින් අල්ලාගෙනම පිරිස අතරින් මිදී නිවස දෙසට යන්නට විය…

දැහැම් කලබල විය…ශශීල් අපි කොහෙද මේ යන්නේ…අනේ කියන්නකෝ…

මං ඔයාව මගෙ රූම් එක පෙන්නන්න එක්ක යන්නේ…අපෝ බයවෙන්න එපා ඉක්මනට ගිහින් එමු…ඔහු දැහැම්ගේ කර වටා අතක් දමමින් ඇගේ කොපුලක් සිප පැවසුවා….

ඇයව කාමරය වෙතට රැගෙන ගිය ඔහු සැනෙකින් දොර වසා දැමුවා….දැහැම් බියෙන් සැලෙමින් බලා සිටියා…ඇයට ශශීල්ගේ සිත රිදවීමට කැමැත්තක් තිබුනේද නැහැ….අනතුරුව ඇය අසලට පැමිණි ශශීල් දැහැමිව සිප ගන්නට වුනා…ඔහු කෙමෙන් කෙමෙන් ඇගේ දෙතොල් සිය ග්‍රහනයට හසු කර ගත් අතර දැහැමිට ඉන් දැනුනේ වේදනාවක් මිස මිහිරක් නොවේ…ශශීල් ඇගේ නිරුවත් ගෙල දෙපසද සිපගන්නට වූවේ නොයිවසිල්ලකින්…දැහැමිට ඔහු වෙතින් අධික මත් පැන් සැරක් දැනෙන්නට වුනා…

ශශීල් අපි යමු දැන් එලියට…ඔහුගෙන් මිදීමට තැත් කරන ගමන් ඇය පැවසුවා…

අනේ බබා තව පොඩ්ඩක් ඉදලා යමු…ඔහු ඉන් නොනැනවතී ඇගේ ගවුමේ හීන් උර පටි පහලට ඇද දමන්නට වුනා…

ශශීල් එපා….මොනවද ඔයා මේ කරන්නේ…අතාරින්න මාව…මට දැන් යන්න ඕන…

එවර ශශීල් මහ හඩින් සිනා සෙන්නට වුනා…

පිස්සුද කෙල්ලේ…දැන් මාව පිස්සු වට්ටලා යන්නද හදන්නේ…දැන් මගෙන් ගැලවෙන්න දෙන්න බෑ…ඔහු ඇයව ඇද මතට පෙරලාගෙන ඇගේ මුළු සිරුරම සිප ගන්නට විය…දැහැම්ගේ දෑසින් කදුළු ගලා හැලෙන්නට වූයේ බ්යෙන්මයි…ඇය වැරෙන් ඔහුව තල්ලු කර දැමූ පසු ශශීල් සැනෙකින් කෝප ගන්නට වුනා…ඒ සැනින්ම ඔහු ඇයව වියරුවෙන් සිප ගත්තේ දැහැම් වේදනාවෙන් කෑ ගසද්දී…ඔහුගේ දෑතින් ඇගේ ගවුම් කර ඉරී ගොස් තිබුනා…අවසානයේ ඇයට මතකයට නැගුනේ අශේන් ඇයව රැකගත් ආකාරයයි…දැහැමිට කොහෙන්දෝ නැති ශක්තියක් දැනෙන්නට වුනා…ඇය මත්පැන් මතින් සිටි ශශීල්ව වේගයෙන් තල්ලු කරන විට ඔහු විසිවී ගොස් අසල තිබූ මේසයක වැදී නලල පැලී ලේ ගලා යන්නට වුනා…

හනිකට නැගිටගත් දැහැම් ශශීල් නැගිට ගන්නට පෙර දොර අගුල හැර ඉදිරියට වේගයෙන් දිව යන්නට උනා…ඇය පසු පස නොබලාම දිව යන්නට වූ අතර සැනෙකින් විවර වූ ගේට්ටුව තුලින් එලියට දිව ගිය අතර නවතත් කාගෙදෝ ශක්තිමත් අතකට සිරවී ගියා…ඇය බියෙන්ම දෙවියන් යදිමින් දෑස් ඔසවා බැලුවේ තමා අල්ලා ගත්තේ කවරෙක් දැයි කියා සිතමින්…

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *