සුරඟනක් කඳුළක් සලා 01 – Bleyar

👉😇😇 සුරඟනක් කඳුළක් සලා😇😇️👈

෴ එක කොටස ෴

දින හතරක් කාමරයක තනිව කල් ගෙවා දැමීම මට මහා වදයකි … අම්මි නම් කියන්නේ මා මේ දින හතරේ අප්පච්චි හෝ මල්ලිගේ ඇස ගැටීම අසුභ බවයි … ඔවුන් නොදැක ගෙවන එක මට නම් මහා වදයකි .. නමුත් අම්මි පවසන පරිදි මා ඊයේ උන්න පුංචි දගකාර කෙල්ල නොව දැන් යුවතියකි … පෙරදා මෙන් දග කිරීම තහනම්ය … මා සංවර විය යුතුය ..මට නම් සංවර වීම යනු හීනයකි … කොහේ ගියත් මා තරම් දහන්ගලේ ඇත්තියක් නැත … හැමෝම මට ආදරේ කරන්නේ මාගේ මේ ගතියටය …. කිරිල්ලියක මෙන් මා ඉන්න සැහැල්ලුවටය …
මන්දාරම මැදින් ලා සද පායලා මම විවර කරලා තිබ්බ කවුළුවෙන් සද දිහා බලාගෙන උන්නේ … සේපාලිකා මල් මල්වර වෙලා වෙනදාටත් වඩා සුවදයි… ජිවිතේ අලුත් වෙන්න යනවා කියලා නම් මට දැනුනා .. ගෙදරට නෑයෝ.. ආච්චි අම්මා , සියා අප්පච්චි ඇවිත් තව ..පුංචි මාමා , නැන්දා,එයාලගේ පුතා සදැස් අයියා ලොකු නැන්දා එයාලාගේ දු මිලා අක්කා ..ගෙදර කට්ටිය ඔය මහා හඩින් හිනැහෙන්නේ කොළඹ බාප්පාගේ විහිලු වලට විය යුතුය …. වෙනදා නම් මමත් ඔය මැදට පැන හරි හරියට විහිලු කරමි ඒත් අද මා දෙපා මත යදම්ය .
රැය පහන් උයේ වෙනදාටත් වඩා පමාවය ඒ මට තිබු හදිස්සියට වෙන්න ඇත … අම්මි පිටුපස දොරින් මා පිටතට කැදවාගෙන ගියේය .. නිවස පිටුපස ඇති කොස් ගස පාමුල ආවරණය කර තිබු ස්ථානයට මා කැදවාගෙන ගොස් … බෙහෙත් මුසු කල සිතල ජලයෙන් මා හිස දෝවනය කළේය … හිස ට වැටුණු සිතල දිය පොද මුහුණ හරහා ඇගට වැටි පාදාන්තය දක්වා ගලා ගියේ එහි තිබු සමන් පිච්ච මල් මගේ ඔඩොක්කුවේ රදවමිනි … මා සිටියේ සීතලෙන් ගැහෙමිනි … එය අමුතුම හැගීමකි … ගත මෙන්ම සිතද තිබුනේ හිරි වැටුනා මෙනි …අම්මි තුවායක් ගෙන මා හිස හොදින් පිස සුදු පැහැති ළමා සාරියකින් මා ගත සැරසුවේය .. ඉන් පසු සුදු පැහැති රෙද්දකින් හිස ආවරණය කර මා නිවසේ ඉදිරිපස දොරටුව වෙත කැදවාගෙන යන ලදී …. මිදුල පුරා කෙසෙල් කැන් . වී සහල් තැන තැන තබා තිබ්බේය .ගේ දොර ලග තබා තිබු පොල් ගෙඩිය බිදින ලෙස අම්මි විසින් මා වෙත පිහියක් ලබා දුන්නේය .. පොල් ගෙඩිය මත පිහිය වැදුනු නමුත් පොල්ගෙඩිය බිදී නොගියේය.. අම්මිගේ මුහුණ සැනින් අදුරු විය …. පොල්ගෙඩිය බිදුනේ දෙවෙනි පහරෙනි .. පසුව ඒ අසල තිබු ජලය පුරවා තිබු කොරහකින් මුහුණ බලන ලෙස අම්මි පැවසුවේය … දිය පිරුණු කොරහේ දිය මත ඇදුනේ සුන්දර යුවතියකගේ මුහුණකි … ඇය පෙර දින දැරිය නොව .. මා ඒ තුලින් පෙනෙන මගේ රුවට සිනා සුනෙමි .. ඒ තුල උන් යුවතිය පෙරලා මා හා සිනාසුනේය … රෝස පාට කොපුල් වල ගැහෙන විට ඒ සිනාව බොහෝ සුන්දරය ..
ඉන් පසු අම්මි මා කැදවාගෙන ගියේ බුදු මැදුර වෙතය .. බුදු සාදුට වන්දනා කිරීමෙන් පසු ගේ මැද සාලය වෙත මා කැදවාගෙන ගියේය .. එහි විශාල පැදුරක් එලා ඒ මත රස කැවිලි කිරිබත් ආදිය තබා තිබුනේය… පසෙකින් උයේ පුන් කලසකි ..එය නිරාවරණ කර පහන දල්වන ලෙස අම්මි පැවසු පසු මම එසේ කෙරුවෙමි …

‘ දු දැන් හැමෝටම වැඩලා ආශිර්වාද ගන්න ’ අම්මි මගේ කනට කෙදිරුවේය …

පළමුවෙන් මා අම්මි ගේ දෙපා මුල වැතිරී ඇයට වදින ගාථාව කියා වැන්දෙමි ,අම්මි මා නැගිට්වා මගේ හිස හා කොපුල් සිප ගත්තේය ….

‘ මගේ චුටි කෙල්ලට බුදු සරණයි .. කවදාවත් මගේ කෙල්ලට වරදින්නේ නැහැ රත්තරන් ’ අම්මිගේ දෑස් මත උයේ අසීමිත සෙනෙහසකි .. ඇය මගේ කනට තෝඩු දෙකක් පැලදුවේය….

‘ ඔන්න දැන් සුරංගනා ලොකු ළමයෙක් ඉස්සර වගේ බැහැ ටිකක් සංවර වෙන්න ඕනි ’ ඒ ලොකු නැන්දය

ඉන් පසු උන්නේ අප්පච්චි .. මගේ සුදු අප්පච්චි මගේ ලෝකෙම මගේ අප්පච්චි .. මා ඔහුගේ දෙපා මුල වැටුනෙමි … මගේ අප්පච්චිගේ ආශිර්වාදේ තියෙනවා නම් මට මුළු ලෝකෙම දිනන්න පුළුවනි. ..

අප්පච්චි මගේ දෙවුරෙන් අල්ලා මා නැගිට්ටේවුවේ ය …

‘ බබී .. මගේ චුටි දු ඔයාට තෙරුවන් සරණයි … මේ හිනාව දකින්න ඕනි ඔයාගේ අප්පච්චිට හැමදාම හිනාවෙලා ඉන්න .. මගේ පුංචි කිරිල්ලි ..’ අප්පච්චිට තාම මා චුටි දියණියයි… ඔහු මගේ ගෙලට මාලයක් පැළදුවේය …

නෑදෑ පිරිසගේ ආශිර්වාද තෑගී බෝග නිමක් නැත …

මට වඩා දෙවසරක් බාල මගේ මල්ලියා .. දිවවිත් මගේ බෙල්ලේ එල්ලුණේය

‘ ඔයා කොහෙද ගීන් හිටියේ මගේ අක්කියෝ .. අම්මි කිවා ඔයා නැන්දිලාගේ ගෙදර ගියා කියලා . … ’

‘ඔව් මගේ පැටියෝ ඊයේ නේ මම නැන්දිලාගේ ගෙදර ඉදන් ආවේ ..’ මල්ලියා නැන්දී දෙස බැලුවේය

‘ ඔක්කොලාම ඇවිල්ලා ෂෝයි ෂෝයි … අක්කියා අම්මි කිවා ඔයාට තෑග්ගක් දෙන්න කියලා මම ඔයාට බඩුවක් ගත්තා ඉන්න ගේන්නම් ’ මල්ලියා කාමරයට ගොස් ටෙඩි බෙයාර් කෙනක් උස්සන් ආවේය ..

‘ අනේ මගේ සුදු මල්ලි බබා ’ මම මල්ලිව තුරුළු කර ගත්තෙමි

සැමදෙනාගේ ප්‍රීති සිනා මැද දවස ගෙවී ගියේය ….දැන් මම ලොකු ළමයෙකි … හැමදෙනාම කියන පරිදි … මහමායාවේ එකොළහ වසරේ ඉගෙන ගන්නා දැහැමි සුරංගනා බණ්ඩාර දැන් ලොකු ළමයෙකි .. ඉස්සර වගේ නරක වැඩ බැරිය … අම්මිගේ අප්පච්චිගේ නම රැකගෙන ඔවුන්ට සතුටක් විය යුතුය ..

අදහස් කියන්න අමතක කරන්න එපා යාළු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *