9

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

****නමවැනි දිගහැරුම ****

දැහැම්ව අල්ලාගෙන සිටියේ භානුකයි….

ඇය එලෙසින්ම භානුකගේ උරහිසෙහි මුහුන හොවාගෙන මහ හඩින් හඩන්නට වුනා…

භානුකට මේ කිසි දෙයක් වටහා ගත නොහැකිව ඔහු දැහැම්ගේ අවුල් වී ගිය වරලස දෙසත් ශශීල් අතින් ඉරී ගිය ගවුම් කර දෙසත් බලා දැහැම්ගේ ගෙලින් අල්ලා ඇය තමාගේ බැල්මට හසු කර ගත්තේ කෝපයෙන් …

දැහැම් නවත්ත ගන්නවා ඔය ඇඩිල්ල…කවුද තමුසෙට මෙහෙම දෙයක් කලේ…ආ…කියනවා මට හොද හිතින්…උඹ මෙහෙම දෙයක් කර ගනී කියලා හිතාගෙන නෙවෙයි මම මේ ගමන එක්කන් ආවේ…..කතා කරපන් දැහැම්…කතා කරපන් මාව මිනීමරුවෙක් නොකර…
භානුක දත් අතරින් පැවසුවේ දැහැම්ව කෝපයෙන් සොලවන අතරේ…

අනේ…අනේ…අයියා….මාව අතාරින්න ආව් මගෙ බෙල්ල…මං මං මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ අයියේ…මං පැනලා ආවෙ එතනින් බොහොම අමාරුවෙන්…අනේ ප්ලීස් මාව ඉක්මනට එක්කන් යන්න අයියේ…මං මහා පව්කාරියක්…මැරිලා ගියා නම් ඉවරයි…
දැහැම් අමාරුවෙන් වදන් ගලපා ගත්තේ භානුකගේ අත් වලින් සිරවී තිබුනු ඇගේ ගෙල මුදවා ගැනීමට උත්සාහ කරමින්…

ඉන් පසු භානුක මොහොතක් ඇගේ කදුළු ගලා යන දෙන්ත් දෙස බලා සිට ඇයව වැරෙන් තුරුල් කරගන්නට විය….භානුකගේ හද ගැස්ම වේගවත් වන්නට වූ අතර දැහැම් බියෙන් තැති ගනිමින් ඔහුගේ ආරක්ෂාව පතාම තව තවත් භානුකගේ උනුසුමට ගුලි විය…

අන්තුරුව දැහැමිගේ නිරාවරණය වූ ලමැද වැසී යන සේ භානුක තමා හැද සිටි කමිසය ඇගේ ලමැද වැසෙන සේ දමා ඇයව කාරය වෙතට රැගෙන ගියා….දැහැම් තවමත් පසුවන කම්පනයෙන් මිදීමට බියෙන් මෙන්ම රියේ අසුනට ගුලි වන්නට විය…
නිතරම තම වාහනය තුල තවත් අමතර ඇදුමක් තබා සිටින භානුක එයින් කමිසයක් රැගෙන හැද ගත් අතර තවමත් ඔහු කල්පනා කරන්නට වූයේ අහිංසක කෙල්ලගේ ජීවිතය විනාශව ගොස් ඇතිදැයි සිතායි …

භානුක කාරය මදක් දුර රැගෙන ගොස් වට පිටාව තරමක් නිහඩ ස්ථානයක් බලා නතර කරන්නට විය…
ඉන් පසු ඔහු නැවතත් බලන්නට වූයේ දැහැම් දෙසයි….

දැහැම් කෝ….මෙහෙ බලන්න ලමයෝ….මට ඔයත් එක්ක කතා කරන්න ඕන ටිකක්…දැන්වත් මට කියනවද ඔයාට සිද්ධ වුනේ මොනවද කියලා…මට ගෙදර යන්න කලින් මේ හැම දෙයක්ම දැන ගන්න ඕනේ ….
භානුක බැරෑරුම් ලෙස පවසා දැහැම්ගෙන් පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටියා….

අනේ….අයියේ….මට සමාවෙන්න මං මහා මෝඩියක්…මගෙන් කිසි දෙයක් අහන්න එපා…මං ඒ දේ ආයේ මතක් කරන්නවත් කැමති නෑ අයියේ….ශශීල් මට කරදර කරන්න ආවා…මං…අමාරුවෙන් එයාව තල්ලු කරලා දුවගෙන එනකොට තමයි අයියා මාව අල්ල ගත්තේ…දැහැම් භානුකට කදුළු සලමින්ම ශශීල් පිළිබද උපන් කලකිරීමකින් පැවසුවා….

සියල්ල අසා සිටි භානුකගේ හද වරින් වර කැලඹී යන්නට වුනා …

දැහැම් මේ අහන්න…ඒ කෙනා කවුරු උනත් මට කමක් නෑ…ඒත් ඒ මිනිහා ඔයාට පොඩ්ඩක්වත් ආදරේ කරලා නෑ…කොල්ලෙක් තමන් ආදරේ කරන කෙල්ලව රකින්නෙ මලක් වගේ…ඒ පහස විද ගන්නෙ හරි ඉවසීමෙන්…මේ වගේ තිරිසන් විදිහට කෙල්ලෙක්ට සලකන්නෙ නෑ කවදාකවත්…ආදරේ කියන්නෙ හරි පිවිතුරු බැදීමක් දරුවෝ…
භානුක දුක්බර සුසුමක් අතරින් පැවසුවා….

දැහැමිගේ හැඩුම් නැවත අළුත් වන්නට වූයේ අශේන්ව මතකයට නංවමින්…ඔහුද තමාට ආදරේ කලේ එසේමය…කිසිම මොහොතකවත් ඇයට රිදවන්නට ඔහු උත්සාහ නොකලේය…ඔහු ඇගෙන් පැතුවේ ආදරය පමණයි…විවාහය තෙක් තමාව රැක ගත්තේ භානුක කිවූ පරිදි මලක් මෙන් නොවේද..?
එහෙත් ශශීල්……………
අශේන්ගේම රුව තිබුනත් ඔහුගේ ගති සිරිත් සම්පූර්ණ වෙනස් වූ අතර රුවින් වෙනස් වුවත් භානුක අසල රැදි සෑම අවස්ථාවකම තමාට ඔහු වෙතින් දැනුනේ අශේන්ගෙන් වගේම ලොකු ආරක්ෂාවක්….භානුකගේ ඇවතුම් පැවතුම් බොහෝ විට අශේන්ට සමාන වන අවස්ථා වගේම යම් අවස්ථා වල ඊටත් වඩා ඔහු ඉදිරියෙන් සිටී …මේ හැම දෙයක්ම තේරුම් ගන්නට තමා දැන් පමා වී වැඩිය…එදා අශේන් පසු පස තමාටද යන්නට තිබුනා නොවේදැයි ඇය තම සිතින්ම ප්‍රශ්න කලාය …

දැහැම් දැන් ඔය ඇඩුවා හොදටම ඇති…මම ඔයාගෙන් මේ කිසිම දෙයක් ගැන අහලා ආයෙ ඔයාගෙ හිත රිදවන්නෙ නෑ….දැන් හොද ළමයා වගේ ඔය කදුළු පිහද ගන්න…ගෙදර ගිහාම කට්ටිය සැක කරයි…භානුක දැහැමිව අස් වසා කාරය නැවතත් මාර්ගයට ගෙන නිවස බලා පදවන්නට වුනේය…

භානුකගේ සිතට යම් අන්දමක සහනයක්ද දැනෙන්නට විය…දැහැම් කෙමෙන් කෙමෙන් සිත සාදා ගත් පසු ඔහු තමාගේ සිතැගි ඇය හා පවසන්නට ඒ මොහොතේ තීරණය කලේය…මේ කෙල්ලට මේ වගේ දෙයක් කරන්න හදන්න ඇත්තෙ තිරිසනෙක්…කොච්චර අහිංසක කෙල්ලක්ද …හොද වෙලාවට මං දැහැම් ඇතුලට යනකල් ඉදලත් එතනට වෙලාම හිටියේ…මාත් ගිහින් හිටියනම් එහෙම අසරනීට මොනවා වෙයිද….මට කෙල්ල ගැන දැන් ගොඩක් අවදානෙන් ඉන්න වෙනවා…අර මිනිහා දැන් තියෙන තරහටත් එක්ක කෙල්ලට ආයෙත් කරදරයක් කරන්න බැරිකමක් නෑ…මං එහෙම වෙන්න ඉඩ තියන්නෙ නෑ…භානුක දැඩිසේ සිතුවා ..

***********************-*****

නිවසට ගිය සැනින්ම දැහැමි සියල්ලන්වම මග හැර කාමරයට පිවිසුනා…ඇය ඉක්මනින් අල්මාරිය හැර ඇගේ රෙදි අතර සගවා තිබූ අශේන්ගේ චායාරූපය එලියට ගෙන ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේ කදුළු සලමින්…අනතුරුව ඇය තම සිතට එකගව දැඩ් තීරණයකට එලඹුනා…නැවතත් චායාරූපය තිබූ තැනම සගවා දැහැම් නාන කාමරයට වැදී සිත් සේ හඩා වැටුනා….ඇය මහ රෑම නාන්නට වූයේ ශශීල් දෑතින් අපවිත්‍රව ගිය ඇගේ සිරුර සේදී යන්නට හරිමින්….තමා ට පණ සේ ආදරය කල අශේන්ටද අද තමා ද්‍රෝහි වූවා වැනි හැගීමක් දැහැමිට හැගෙන්නට වුනා…ඇය සෑහෙන වේලාවක් වතුර මල යට සිට තෙත කොන්ඩය පිටින්ම කාමරයට ආවේ කිසිදු හැගීමකින් තොරවයි…

නින්දට වැටී සිටි අනූපමා නැගිට දැහැම් දෙස බැලුවේ විමතියෙන් වගේ…

යකෝ උඹට මොලේ හොද නැද්ද මේ මහ රෑ ජාමේ නාන්න…ඒ මදිවට මුළු කාමරේම වතුර ගලනවා…ඉක්මනට කොන්ඩෙ පිහිද ගනින්…උඹ මේ ලෝකෙ නෙවෙයිද ඉන්නෙ බං…එක දවසයි තවම භානු අයියා එක්ක එලියට ගියේ…හැමදාම ගියොත් මේකි කොහොම කරයිද දන්නෙ නෑ…අනූපමා ඒ අතරේ සරදම් සිනාවකින් දැහැම් දෙස බලා පැවසුවේ සිදු වූ කිසි දෙයක් ගැන නොදැනයි….
ඒක නෙවෙයි මට නිදිමතයි…ඔය ලයිට් එක ඕෆ් කරපන්කෝ බං මට නින්ද යන්නෙ නෑ…උඹ එලියට ගිහින් කොණ්ඩෙ ටිකක් වේලගෙන වරෙන් එහෙනම්…අනූපමා ඈනුමක්ද හරිමින් නැවතත් නිදන්නට වූවාය…

***************************

දැහැම් කෙටි ලිපියක් ලියා සාලය දෙසට ඇවිද ගියේ කිසියම් දෙයක් ඇගේ සිහියට නැගීමෙනුයි…ඇය ප්‍රථමාධාර පෙට්ටිය තුලින් බෙහෙත් කුප්පියක් එලියට රැගෙන සැනෙකින් යලිත් කාමරයට වැදුනා…අනතුරුව ඇය සිතත් සමග වරින් වර දෝලනය වී අවසන් තීරණයට එලැඹී කුප්පියේ තිබුනු බෙහෙත් පෙති සියල්ල එක් වර අත්ලට ගෙන අහුර පිටින්ම ගිල දමන්නට වූයේ දෙවරක් නොසිතායි…මේසය මත තිබූ වතුර ජෝගුවෙන් වතුර ටිකක් මුවේ ලාගෙන කළුවරේම අනූපමා අසලින් වැතිර ගත්තේ නිදස් සුසුමක් පිට කරම්න්….

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *