D & S………03

**
ශයිනි නිතිශ්කා…ඉතින් කොහොමද

හෑ…ම්මේ අර ට්‍රේන් එකෙ උන්නු…පුහ් විතරක්..දැන් නම් ඇත්තටම ලස්සනයි..යුනිෆෝම් එකට…තව ටික දාකින් මාත් ඕමනී

මොකො

ඔයා පොලිස් ද

හ්ම්ම්

නියමයි

මොකක්ද නියම

ම්ම් මුකුත් නෑ

ඔයාගේ තාත්තාද d & s කියන්නේ

හ්ම්ම් ඔව්

එච්චර සල්ලිකාර දුවෙක් ට්‍රේන් එකේ

හී පොඩි හොර වැඩක්

එහෙමද

මෙන්න ඔයාගෙ ලට්ට ලොට්ට…පෝන් එක..පර්ස් එක…සල්ලි…

මන් මගේ බඩු ටික අතට ගත්තා..

ඔක්කොම පහලවක් පර්ස් එකේ…ක්‍රෙඩිට් කාඩ් එකයි..අයි ඩී එකයි…පිස්සු පොටෝස් දෙකයි

ඒ ටිකට මෙයා මගේ පර්ස් එකත් ඇදලා..තව මොන මොනවා ඇද්දද දන්නේ නෑ..

ඇදුම් කඩමාලු දෙකයි..චොක්ලට්,සැන්විච්,වතුර බෝතල්,පතරන්ග බත් ගෙඩියයි

හහ් ඒවත් බලලා..තවත් දෙයක් තිබ්බා..ඒක කිව්වෙ නැති එක ලොකු දෙයක්..

මොකො..අඩුද මොනා හරි

නෑහ්…
හ්ම්ම්

දැන් තමුන් යන්නෙ කොහොමද

යන්නෙ යන්නෙ නේද…මෙයාලා එක්ක ගියොත් මට තාත්තිලට සේරම කියන්න වෙනවා..එතකොට මට ආයෙම යන්න දෙන්නෙ නැති වෙයි…..

මොකො…

නෑහ් නෑහ් මට යන්න පුලුවන්…මේ මගෙ නමට දැන්

ඔයාගෙ නමට මොකක්ද

පොලිස් කේස් එකක්

හ්ම්ම් දැනට නෑ…ඕනි උනොත් කියන්නම්..මන් ඇඩ්‍රස් එක ලියා ගත්තා

ඒ මොකටෙයි

සැක නිසා

මාව????

දැන් යන්න පුලුවන්..අපෙ කෙනෙක් ඒවි ඇරලන්න

ඕනි නෑ මට පුලුවන් කැබ් සර්විස් එකකින් යන්න

ඕකේ..

මන් මගටත් ඇවිල්ලා ආයෙම හැරුනා..

ම්ම්ම්

ඇයි

ඔයාලා මොකක්ද ඒ කරපු මිශන් එක

පොඩි ලමයි පොඩි විදියට ඉන්නවා හලෝ..

මන් පොඩි ලමෙක් නෙවෙ මට විස්සක් දැන්

මේ මෙතන පොඩි ලමයි නලවන්න වෙලාවක් නෑ..පී සී මේන් මෙයාව පාරට ඇරලෝනවා

තියෙන ලොකු කම මට තනියෙන් යන්න පුලුවන්…ඕනීත් නෑ…හිතන් ඉන්නෙ තරු තුන හතරක් ගහගත්තම ලොක්කා කියලා…ඕවා නම් ගන්න පුලුවන් ලොන්ඩ්‍රී එකෙනුත්..කුලියට ඇදුම් දෙන තැන් වලිනුත්…ගස් ගෙම්බා

මොනවද තවත් බලන් ඉන්නෙ ඉතින් යනවා

යනවා තමයි කැමැත්තෙන් ආවෙ නෑ තමුන තමුන් තමයි මගෙ බඩු ගත්තේ..මට ට්‍රිප් එක යන්න දුන්නෙත් නෑ..අර හෝල් එකෙ බඩගින්නෙ තිව්වා මාව..ඉන්නවකො මමත් මේකට ඇවිත් තියෙනවා ඔය ලොඹු කටටම…දත් සෙට් එකම බඩට යන්න

මොකක්ද ආ කීවෙ

කිව්වෙ ඇහුනු දේ තමයී

දන්නවද තමුන් කතා කරන්නෙ කාටද කියලා

ඔව් ඔව් දන්නවා..සී අයි දීගායු සුවස්න…මිස්ට බලනවකො මන් ඔය නමෙ දිග ආයු එක කොටම කරනවා

පීසී මෙන්න මේ පිස්සු හටනව ඉක්මනටම ගෙනියනවා..තාත්තලගෙ සල්ලි වලින් කාලා මුන්ට …

මේ තාත්තිට වචනයක් කීවොත් බලාගෙනයි…

ඇයි කියනවා තමුන් මට මොනා කරන්නද

කරන්නෙද එන්කවුන්ට එකකදි මරනවා…මන්

තමුන් දන්නවද මට මරණ තර්ජනේ කලා කියලා මට දැන් තමුන්ව ලොකප් කරන්න පුලුවන්

ඉතින් කරනවකො..මන් බෙය උනා

හපෝ..යනව යනවා

හිතන් ඇති එයා මහ ලොකු ලොක්කා කියලා..ඉන්නවකො මිස්ට්‍ර් දීගායු මේ ශයිනිගෙ හැටි තමුන් දන්නෑ…

…කොහොම හරි එතන ඉදන්ම කැබ් සර්විස් එකකට කතා කරලා ගෙදරට ආවා..අම්මිලාට රශිනිලා කෝල් කලාද

ගේට් එක ගාව ඉදන්ම මන් රශීනිට කෝල් එකක් ගත්තා

රශී

අනෙ ශයි..ඔයා හොදින් නේද..

ඔව් ඔව්…මේ ඔයාලා මාව

අහන්නකො අපි දැක්කා ඒ වෙඩි තියා ගත්තු ඒවා..ඔයා අර බෝයි කෙනෙක් එක්ක යනවත්…කෝල් කලාට ආන්සර් කලෙ නෑනි..බයටම අපි ඊලගට බහින්න පුලුවන් තැනින් බැහලා ඊලගට තියෙන ට්‍රේන් එකෙ ඔයාව මග ඇරිච්චි තැනට ආවා..එතකොට ඔයාලා නෑ..

ඉතින්

පස්සෙ කෝල් කලාම කොල්ලෙක් ආන්ස කලා

හ්ම්ම් අර දිගා වෙන්න ඇති

දිගා කීවෙ..

හරී ඒ දිගා ගැන පස්සෙ කියන්නම්කො මොකෑ කීවේ..

හ්ම්ම්..ඔයා හොදින් කීවා..කතාකරන්නෙ පොලිසියෙන් කීවා..බය වෙන්න එපා..මේ දේවල් කාටවත් කියන්න යන්නත් එපා..තව පැයක් දෙකක් යද්දි ඔයා කතා කරයි කීවා

එහෙමද ඔයා අපේ අම්මියට කීවද

අම්මො නෑ ශයි. ඔයාලගෙ අම්මි තාත්ති ගැන අපි දන්නවනි..කෝල් කලේ නෑ..ඔයා කතා කරන කම් උන්නෙ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ

හ්ම්ම් හරි දැන් ඔයාලා කොයිද

අපි දේශිලාගෙ ගෙදර..ඔයා කතා කරන කම් උන්නේ හා දේශීගෙ ආච්චිට සැකයක් නෑනි

නෑනෑ

හරි කියන්න එපා කාටවත්..මට ආයෙ ඔයාලා එක්ක කතා කරන්නත් දෙන එකක් නෑ අපේ අම්මියා

හරි..ඕකෙ ටේක් කෙයා..තියන්නම්

හා රශී

චූටි දෝ බේබී

හපො මේ සිකුරිටි අන්කල්ට මන් කොච්චර කියලා තියේද ඒ නම කියන්න එපා කියලා…කාට හරි ඇහුනද දන්නෙත් නෑ

ඇයි

ගෙදර්ට එන්නැද්ද..සේයා නෝනා දැන් තුන් පාරක් කෝල් කලා

අහ් අම්මි සිසීටීවී කැම් එකෙන් බලන්න ඇති

හා යන්…

අම්මියගෙන් දෙයක් වසන් කරන එක කරන්න පුලුවන් දෙයක් නෙවෙ කරන්න බැරි වැඩක්…මන් හොර පූසී වගේ ඇතුලට ගියා..

චූටි දෝනි ඔහොම ඉන්න

ඔහ් අම්මි…

අම්මියෝ

මොකො මෙ බය වෙලා..කොහොමද ගමන

අති විශිශ්ටයි අම්මි..තාසජනකයි..උත්කුස්ටයි..ම්ම් කියන්න වචන නෑ..මාර ඇඩ්වාන්ටේජ්

එහෙමද..පොටෝස් ගත්තද

අහ් නෑ අම්මි..මට ඊයෙ රෑ චාජ් කරගන්න අමතක උනානි..පවර් බෑන්ක් එක තිබ්බෙත් නෑ..ඉතින් ගන්න බැරි උනා..අපරාදේ

එහෙමද

ම්ම්ම්

හ්ම්ම්..මොනා හරිම හොර වැඩක් වගේ

එහෙම නෑ අම්මියෝ..කෝ අපේ තාත්තියි

අද මීටින් නේ

එතකොට අයියලා…

දියුණ ඇති රූම් එකේ…සුදු අයියා තාත්ති එක්ක ගියා…බබා උදෙන්ම කැම්පස් ගියා..චූටි යාලුවෙක් හම්බෙන්න යනවා කීවා..තාම ලන්ච් වලට ආවෙ නෑ

අනේ…අම්මි කෑවද

හ්ම්ම්..රෑට මොනාද ඕනි

අද රෑට(රෑට තියා මන් තාම උදේට කාලත් නෑ…අම්මි දැනගත්තොත් බැනුම්)

රෑට ස්පැගට් අර අම්මිගෙ චිකන් ස්ටු එකත් එක්ක..ඒමත් නැත්තම් අම්මිගෙ පියාඹන පිරිසියක්

මොකක්දා ආ කීවෙ

ඇයි ඔයා තාත්තිට හදලා දුන්නේ

මේ කෙල්ල නම් ඉන්නවකෝ

අල්ලයි අල්ලයි අම්මි…හී

මගේ මෝඩි…මොනාහරි හදන්නද බොන්න

හා ඇවකාඩො තියේද

ම්ම් තිබ්බා

හරි ඒ නම් ලොකූ ග්ලාස් එකක් ඕනි…

හා හා…යන්න යන්න…

මන් කරෙ දාන් උන්නු බෑග් එක එතනින් තියන්නත් හදලා ආයෙම අර ගත්තා..දැන් කෑම ටික ඉතුරු වෙලා තියෙනවා දැක්කොත් අම්මිගෙන් පශ්න වැලයි..කෝමත් එයා මීඩියා කාක්කියක් නේ..

බෑග් එක දෙන්න චූටි දෝනි අස් කරන්න

මගෙ බඩු වගයක් තියෙ ඒක අරන් දෙන්නම්

ඉන්න අම්මියො..මන් අස් කරන්නම්

මොකො අද දෝනි මොනා හරි හන්ගනවා…නෑ නෑ සුදු සේයෝ…

හ්ම්ම්හ්ම්ම් හොයා ගන්නම්කො මන්..

තවත් මෙතන උන්නොත් අම්මිට මාට්ටු..මන් ඉක්මනට රූම් එකට ගියා…හප්පා මහන්සියි හරියට…

ඔක්කොටම කලින් ගාර්බේජ් බෑග් එකට මේ කෑම සේරම විසික් කරලා ..පහල ඩස්පින් එකට දාන්න ඕනී…

ඒ ටික අස් කරන්න හිතන් මන් බෑග් එක ඇද්දා….

දෙයියනේ මේ …මේක

….ඊලග සේයාවට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *