D & S……….08

**

දිගා මන් දිහා බලපු බැල්ම නම් මට ඇල්ලුවෙම නෑ…අනිත් අයත් එහෙමයි..මොකද මෙයාලා කන්න වගේ බලන්නේ…

මන් හිතුවෙ වත් නැති වෙලේක දිගා මගේ උරහිසට එයාගේ සද්දන්ත අතක් දැම්මා.. ..මන් උරහිස් දෙක හැකිලුවට ඒකෙන් උනේ දිගාගෙ අත් වලට මාව තව හිර වෙන එක..කට්ටියම ඉන්න හින්දා මොනාවත් කියාගන්නත් බෑ..

ආන්ට්,අන්කල් දිස් ඉස් මයි සුවිට් හාර්ට්..ශයිනි නිතිශ්කා..

අනිත් අය වගේම මගේ ඇස් දෙකත් එලියට පැන්නෙ දොඹ ගෙඩි දෙකක් වගේ..ඒ විතරක්ද කටත් ඇරුනා..දිගාම එයාගේ ඇගිලි දෙකකින් මගෙ කට වැහුවා..දිගෝ ඔයා මේ කරපු දේටනම් හොදක් වෙන්නෑ…අහ්හ්

ඇත්තටම පුතා සුවිට් ඒන්ජල් කෙනෙක් වගෙ තමයි..ඉතින් බෙස්ට් ඔෆ් ලක්..අපේ රිලේශන්ස්ලා වගයක් ඉන්නවා කතා කරලා එන්නම්කො..ඉන්ජෝයීද පාර්ටි..

ඕකෙ අන්කල්

මන් වැලමිටෙන් දිගාට ඇන්නා

මොකද

මාත් අහන්නෙ මොකො කියලා තමයි

කිසි දෙයක් හරියකට අහගන්න ලැබුන් නෑ නේ..මේ අස්‍රා අස්ස පැටියෙක් වගෙ දුවන් එනවනි…

දිගායු අයියා..අයි විස් යූ..හොදේ..යන්කෝ..ඩාන්ස් කරමූ…

චුට්ටක් ඉදලා එන්නම් නන්ගී

අයියො පස්සෙ බැරියා ශයිනි එක්ක කතා කරන්න යන් යන්..

දිගාව අස්‍රා අදින්නෙ මන් නිකම් කොහොල්ලෑ ගාලා දිගාව අල්ලන් ඉන්න්නවා වගේ..මන් ඈ එයානෙ මගේ අත අල්ලන් ඉන්නේ..

එනවා යන්

මට බෑ

කිව්වම අහලා එනවා

මාවත් ඇදගෙන කට්ටිය ඩාන්ස් කරන තැනට දිගා ගියා…මන් හැදුවෙ බේරෙන්න..ඔට්ටුව දිනන්න මිසක් මෙයත් එක්ක ඩාන්ස් කරන්න නෙවෙ නේ..

මාව අතාරිනවා

අතාරින්නම් මගෙ අයි ඩි එක දෙනවා

හා..

මන් මගේ චූටි පර්ස් එක ඇරලා එයාගේ අයි ඩි එකයි..ක්‍රෙඩිට් කාඩ් එකයි දුන්නා..එක දෙයක් ඇරෙන්න..ඒ මොකක්ද කියලා නම් දැන්ම අහන්න එපා..

දැන් හරි නේ අතාරිනවා මාව

ඒ වෙනුවට දිගා කලේ මාව තවත් එයාට තද කරගන්න එක..මන් දගලන්න දගලන්න තවත් හිර වෙනවා වගේ දැනෙනවා

අතාරිනවා

මෝඩි මෙතන හැමදේම පටලෝලා දැන් කෑ ගෑහනවා..කට වහන් ඩාන්ස කරනවා නැත්තම් නිකම් ලැජ්ජ වෙන්නයි වෙන්නෙ…මෙතන කියලා තියෙන දේවල්

ඇයි මන් මොනාද කීවෙ

කීවෙ කීවෙ තමයි ..අස්‍රා නන්ගිගෙ අයියා ඒ කියන්නෙ මුසාම් මගෙ යාලුවා…පොඩි කාලේ ඉදන්..මොකටද කීවෙ අපි මැරි කරන්න ඉන්නෙ කියලා ආ

හෑ..මන් එහෙම කීවෙ නෑ

කීවෙ නැත්තම් කොහොමද එයාලා කියන්නෙ

මන් කීවනි මන් කීවෙ නෑ..අනික මට ඔයා වගෙ කෙනෙක් ඕනිම නෑ

මටත් ඕන් නෑ..කොලු බාගයක්

ආයෙ කියනවා බලන්න

කොලු බාගේ..කොලු බාගෙ..කොලු බාගේ ්

මොකක්…

මන් එහෙම්ම මගෙ හිල්ස් එකෙන් පෑගුවා දිගාගෙ කකුල..ආවා මෙතන කොලු බාගෙ කියන්න

ආව්..යකින්නි

ඔව් යකින්නි තමයි …

මේ මැට්ටි මන් තාම ඉවසන් ඉන්නෙ බැරි කමකට නෙවෙ තේරුනාද..මේ බෝන්චි කරල් වගෙ අත් දෙකට තුනට කඩන්න මට ඒ හැටි ගේමක් නෙව්ව්

ඉතින් කඩනවකො මමත් බලන් ඉදී

මෙතන මට පොඩි ලමයි එක්ක ආර්ගිව් කරන්න ටයිම් නෑ..මන් ඉන්නෙ ඩියුටියක

මොකක්

ඔව්..ඩියුටියක…ඔහොම ඩාන්ස් කරන ගමන් බලනවා..මෙතන අපේ අය තිස් දෙනෙක්ට වඩා ඉන්නවා..

දිගා කීව නිසා මමත් බැලුවා..මට නම් අමුත්තක් පේන්නෑ..ඔක්කොමල්ලා පාටියට ආව අය වගේ..

කෝ

ගොන් හරකි..

ගොන් හරකා ඔයාගෙ තාත්තා

කට වහන් බලන් ඉන්නවා…ඩාන්ස් කරන ගමන් අහගන්නවා..මට තමුන් ගෙන් උදව්වක් ඕනි

මන් උදව් කරන් නෑ නෑ මයි

එහෙමද..දන්නවද තමුන් කරලා තියෙන වරද

මොකක්ද

නීතීවිරෝදීව කෙනෙකුගෙ කෙඩිට් කාඩ් එකක් පාවිච්චි කීරීම

මොන බොරුවක්ද ඒ මන් එහෙම කලෙ නෑ…මට එහෙම කරන්න උවමනාවකුත් නෑ..

ඒ තමුන් නෙ කියන්නෙ …දැන් කටවහන් මන් කියන දේ කරනවා..තමුන්ගෙ අතේ තමයි වැඩෙ තියෙන්නේ ..මෙතන කට්ටිය ගොඩාක් ඉන්න නිසා කලබල කරන්න බෑ..මන් කියන කෙනාව මෙතනින් එලියට ගන්න ඕනි

ඒ මොකටද

වැඩිය පර්ශ්න එපා..කියන දේ කරනවා..අතන බ්ලැක් ශර්ට් එක ඇදන් නටන කොල්ලා පේනවද

කෝ

මගෙ මූණ නෙවෙ මෝඩියෙ අතන බලනවා

දිගා වගේම ඇගක් තියෙන සුදු කොල්ලෙක් ස්පිරින් එකක් වගෙ හොදටම නටනවා පේන විදියට කොල්ලට හොදටම වෙර

ි හ්ම්ම් ඉතින් මට මොනාද කරන්න කියන්නෙ

කොල්ලව කතාවට අල්ලන් එලියට ගේනවා

මට බෑ මන් අදුරන්නෙත් නෑ

අදුරන්න ඕනීද ආ..හැට හතරක් මායම් තියෙන්නේ දානවා එකක්

මට බෑ .බෑමයි

යනවා යනවා මෝඩී

දිගා මාව තල්ලු කලා..මදැයි මන් වැටිච්චි වලක්..මේවට තමයි ශයියො කියන්නෙ ඉල්ලන් කනවා කියලා ..ඇදන් නානවා කියලා…

මන් කොල්ලා ගාවට කිට්ටු උනා…කෝමද මෙයාව මගෙ පැත්තට අවදානෙ දාගන්නෙ..මෙයා කෙල්ලෙක්ගෙ ඇගෙ එල්ලිගෙන නි ඉන්නේ..ම්ම්ම හරි…මන් මගේ පෝන් එක බිම වැට්ටුවා..කැඩෙන්න නම් එපා දෙයියෝ…තාත්ති මේක ගිය වීක් එකෙයි අරන් දුන්නේ…

ඒ ගමන් කොල්ලගෙ ඇගෙත් හැප්පුනා..කොල්ලා බීලා ඉන්නෙ..මත් බව ඒ ඇස්වල බේරෙනවා

අයියො මයි පෝන්

ඔහ් සෝ සොරි බේබි..වේට් මන් අහුල්ලා දෙන්නම්

තෑන්ක්ස්

කණා අත ගානවා වගේ කොල්ලා බිම අත ගාලා පෝන් එක අහුලලා දුන්නා..

ම්ම් තෑන්ක්ස්

වෙල්කම්…යූ නිව් වන්

ඒ කීවෙ

අලුත් කෙනෙක්ද

නෑ පරණ කෙනෙක්..අස්‍රා ඉස් මයි ෆ්‍රෙන්ඩ්

ඔහ් රියලි නයිස්ටු මීට් යූ

මී ටූ

සැල් වී ඩාන්ස්

නෝ අයි හෑව් ටූ ගෝ නව්

වයි බේබි

මට දැන් ලේට් හොදටම ..ගෙදරින් බලන් ඉන්නවා

අයියො අපි මීට් උනා විතරනි

හ්ම්ම්..සෝ වට් ටු ඩූ

මන් ඔයාව ඩ්‍රොප් කරන්නම්ද

නෝ තෑන්ක්ස්..එලියෙ මගෙ වෙහිකල් එක තියෙනවා

ඔහ්..ඒකත් එහෙමද..

ම්ම්

ඇයි

මෙතනින් තනියෙන් යන්න බයයි අනේ

ඒමද බේබි..එන්නකො යන්

එපා ඔයා ඩාන්ස් කරන්න

නෑ නෑ යන්

හරි

මන් ඉස්සර උනා කොල්ලා වැනි වැනි මගෙ පස්සෙන් එනවා..මට කීවෙ පාර්ක් එකට එක්කන් එන්න කියලනි

අතුලෙ කට්ටිය උන්නට අනෙ පාර්ක් එක අදුරුයි..මට නම් දිගා කීවට මොකෙක් වත් පේන්නෙත් නෑ..මන් කෝල් කලෙ නැති නිසා තවම ගෙදරින් ඇවිල්ලත් නෑ…

ඉතින් බබි කෝ වෙහිකල් එක

ම්ම් මේ අර..

මන් එතන තිබ්බ කා එකක් පෙන්නුවා…

ඔහ් ඩියර් සො නයිස් දැට්..

හරි ඕකෙ තෑන්ක්ස් ඇරලුවට මන් යන්නම්..

ගුඩ් බායි කියන් නැද්ද

හ්ම්ම් ගුඩ් බායි

එහෙම නෙවෙ

එහෙනම

් කොල්ලා මගේ හිසකෙ අතර එයාගෙ අතක් යැව්වා..මේ මොනාද වෙන්න යන්නෙ..අයියො ඩිගෝ…

ම..මට..ම්..

ඩෝන්ට් වොරි ඩා..ලින් මන් රිද්දන්නෑ..ජස්ට් වන් කිස්

අනේ…

දිගෝ එනවකො…අහක යන කුනු ගොඩකනි මාව පැටලැව්වෙ

මන් ඇස් තද කරලා පියා ගත්තෙත් කොල්ලා මාව තද කරලා මූණ ලන් කර ගත්තෙත්….

…තවත් සේයාවකට …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *