D & S……….12

**

මොකක්ද ඒ වෙහිකල් එක..හොදට දැකලා පුරුදු ඩිෆෙන්ඩර් එකක්..

මන් මගේ බෙල්ල ජිරාෆ් වගේ දිග් කරන්න හදද්දිම විසිල් එක ගැහුවා..දැන් ඉතින් ඇතුලට යන්න වෙනවා..

මට හොදට පුරුදුයි අප්පා..චා චා මතක් වෙන්නෙම නෑ නේ…

අපි කට්ටිය සීරුවට ආයෙම හොස්ටල් රූම් එකට ආවා..පලවෙනි දවසනෙ මල් වගෙ උන්නු කෙල්ලන්ගෙ මූණූ ටික එහෙම්ම මැලවිලා ගිහින්…මටත් පාන් කියාගන්න බැරි තරම් අමාරුයි..වොශ් එකක් නොදාම ඇදට පැන්නා…අහ්..ඇග නිකම් තලා දාලා වගේ..පලවෙනි දවස මේම නම් අනිත් දවස්..

දැන් අර කාටුන් වල වගේ මගේ දෙපැත්තෙන් අපායෙන් ආව ශයිනියි..(එයා රතුයි එයාට අන් දෙකක් තියෙනවා..එතකොට උලක් තියෙනවා)

අනිත් පැත්තෙ දෙව් ලොවෙන් ආපු ශයිනි(එයා සුදුයි…ඔලුව වටේ කහපාට වලල්ලක් එතෝට පිහාටු දේලුත් තියෙනවා..)

ඔන්න අපා ශයිනි මට මෙහෙම කියනවා…උඹට නම් පිස්සු ශයිනි…රාජකුමාරිකාවක් වගෙ සැපට ඉන්න තියෙද්දි මෙතන කට්ට කනවා.. ගනින් පෝන් එක ..තාත්තිට කියපන් එක්කන් යන්න කියලා..අපා ශයිනි එයාගෙ උලෙන් මට අනිද්දි සුරන්ගනා ශයිනි එයාගෙ යශ්ටියෙන් තරු මවනවා..

මේ අහන්න ශයිනි..ඔයාට අරමුණක් තියෙනවා..සන්තෝසෙන් බාදක දුරු කරන් ඒ අරමුණ වෙත යන්න..මතකනි..සිහිනය…එතකොට අර

සුරන්ගනාවි එහෙම කියද්දි අපා ශයිනි එයාගෙ උලෙන් සුරන්ගනා ශයිනිට අනිනවා…දැන් දෙන්නා මාරන්තික සටනක් කවුරු දිනයිද දන්නෑ…එක්කෙනෙක් වත් පරදින පාටක් නෑ…

මේ දෙන්නගෙ ද්වන්ද සටන දිහා නින්දත් නොනින්දත් අතර බලන් ඉද්දිම කවුරුහරි මගේ නම කියලා කෑ ගහනවා ඇහුනා..

එස් .ජයසුන්දර…කියන්නෙ කවුද

මන් ඇදෙන් පැන්නා..වෙන ජයසුන්දරලා නෑනි..ඒ මන්

ඇයි මැඩම්

යන් මා එක්ක

අර අහවල් කෙන්ගෙඩියකටද..අනෙ මන්දා මෙයා මොනාට මාව එක්කන් යන්න හදනවද කියලා

මාත් ඉතින් රීට් මැඩම්ගෙ පස්සෙන් ගියා…

හප්පට සිරි..මෙච්චර ලස්සන මල් වත්තකුත් මෙහෙ තිබ්බද…මල් යායක් මැදින් වැටිලා තිබ්බ පාරක් දිගෙ ගිහින් ඔෆිස් එකට ගියා…

මන් දොර ගාව ඉන්න හැදුවෙ

යන්

උදේ මට රෙස්පොට් දාපු රීට් මැඩම් මෙච්චර කාරුනික විදියට කතා කරන්නෙ ඇයි..

ඔෆිස් එකෙ දොර ඇරන් අපි ඇතුලට ගියා…දෙයියනේ මන් හිතුවා හරි…මට උන් හිටි තැනුත් අමතක උනා..

පුන්චි කාලේ වගේම දුවන් ගිහින් මන් ඒ බෙල්ල බදා ගත්තා…

චූටි මාමී….

චුට්ටි දෝනී

ඔයා කවද්ද ලන්කාවට ආවෙ…

පෙරේදා

ඉතින්

ආව ගමන් අම්මි බලන්න ගියෙ අම්මි අඩනවා..ඔයා ගැන කිය කිය

ඒමද…මටත් දුකයි මාමි..ඒත් ඔයා දන්නවනි මේ මගේ ඩ්‍රීම් එක…

හ්ම්ම්.හ්ම්ම්..මතකයි..පුන්චි කාලෙ ඔයාගෙ වැඩේම මට වෙඩි තියෙන එක…මැරුන් නැත්තම් අඩනවා

හී…මාමිගෙ බඩත් ඇවිත්

ඇමති කෙනෙක් උනාම ලොකු බඩක් තියෙන්න ඕනි පැටියො…

ඉතින් මාමි මට මොනාද ගෙනාවෙ

ගොඩක් ඒවා ගේනවා මෙහෙට ගේන්න බෑනි…

හ්ම්ම්..

අමාරුද ප්‍රැක්ටිස්

නෑ

ඒ උනාට එක දවසට චුට්ට්ක් කලු වෙලා වගේ..

බොලු

බොලු තමයි..ආ

මෙ මොනාද

ඔයා ආසම චොක්ලට් එක

තැන්ක්‍යු චූටි මාමි

මන් චූටි මාමිගෙ බෙල්ල බදන් උම්මා එකක් දුන්නා…රීට් මැඩම් කට ඇරන් බලන් ඉන්නවා..

චූටි මාමි එයාව එලියට යැවුවා..ඉතින් ආගිය තොරතුරු ඕපදූප කියන ගමන් මන් මෙහෙ සවුත්තු කෑම ගැනත් කීවා…

මාමිට තව වෙලා ඉන්න ඕනකම තිබ්බත් එයාට තියෙන වැඩත් එක්ක මාව බලන්න මෙහෙම හරි ආපු එක ලොකු දෙයක්..

මාමි ගියාට පස්සෙ මට දුකයි..ඇස් වලින් වැටුනු කදුලු බෝල ගුලි ඇදන් උන්නු ටී එකෙන්ම පිහදාන් හොස්ටල් එක ඇතුලට ගියා…ඔක්කොමල්ලා කට ඇරන් බලන් ඉන්නවා

රීට් මැඩමුත් ආවා

සර් ඔයාගෙ කවුද

ඒ මගෙ අම්මගෙ අයියා..මගෙ චූටි මාමි

එතකොට ඔයාගෙ තාත්තා

හ්ම්ම්..මගෙ තාත්ති තමයි ඩී එන් එස් කියන්නෙ

රීට් මැඩම්ගෙත් මගෙ වටෙ උන්නු අයගෙත් ඇස් ලොකූ උනු හැටි එකින් එක විස්තර කරන්න තිබ්බ නම්…හරියට එක එක සයිස් එකට පුම්බපු බැලුන් වගේ

රීට් මැඩම් තවත් මොනාද අහන්න උත්සහ කලත් මට ගෙදර මතක් වෙලා ඇඩුනු නිසා යන්න ගියා..චූටි මාමි බැන්දෙ කේතුනැන්දා එයාගෙ අයියත් ඇමති කෙනෙක්..චූටි මාමි තමයි අපේ පලාත් බාර ඇමති…අම්මි එවන්න ඇති මන් හොදින්ද බලන්න..

අයි මිස් යූ අම්මි සෝ මච්

….ඒ සිදුවීම් ඇරෙන්න විශේශ දෙයක් සිද්ද උන් නෑ…කාලය ඔහෙ ගලාන ගියා…අපෙ පුහුනුවීම් වලට දැන් මාස හතරක්..

ටික ටික අපිට ගන් එකත් පුරුදු කරනවා..

මේ නිවිහැනහිල්ලෙ ගතවුනු කාලෙ වෙනස් උනෙ අපිට තිබ්බ විශේශ කීඩා උත්සවයක් හින්දා..

කෝමත් ශයින කොතනද දිනුම එතන…ගොඩක් තරග අවස්තාවලින් දිනන්න අපිට පුලුවන් උනා..ඇත්තටම මගේ ටීම් එක මන් වගේම වැඩ්ඩියො ටිකකින් පිරුනු කෙල්ලො සෙට් එකක්

ඉතින් අපි පලවෙනි ස්තානෙට පත්වුනා විතරක් විශේශ පුහුනුවකට තේරුනා..

ශයිනිගෙ ජීවීතේ හැමදෙයක්ම කනපිට හැරෙන්න පටන් ගත්තෙ…ඒ විශේශ පුහුනුව නිසයි…

එහෙනම්…

….ඊලග සේයාවට…… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *