D & S……….13

**

ඉතින් ශයිනි ඔෆ් ද ක්ලැන්ස් ස්පෙශල් ට්‍රේනින් එකට යන දවස උදා උනා…

ඉර කුමාරයා සන් සන් ගාලා සමනළ කන්ද උඩින් උදේ පාන්දරම හාපික් දාලම මැදගත්ත දත් සෙට් එකත් එලියට දාන් පායන් ආවා..

වෙනදට බෙල් එක ගහලා රීට් මැඩම්ගෙ ගොරහැඩි සීනූ නාදෙන් අවදි වන පුන්චි අහින්සක සුනීත විනීත ශයිනිගෙ ටීම් එකේ වැඩ්ඩියො ටික අද නිකම් රොබෝලා වගේ සින් සින් ගාලා ලෑස්ති වෙලා ඩිපාට්මන්ට් එකෙන් එවලා තිබ්බ වෙහිකල් කට්ටට නැග්ගා…ඉතින් අපේ හිතේ සෝක නැතේ කියලා කට්ටියගෙම මූනූවල බයත් ආසාවත් පෙරෙනවා..අපි එක්ක තව මැඩම්ලා දෙන්නෙක් ගියා…ඒත් වෙනදා වගේ අපිව දහ අට නීති දාලා ඔරවලා ගොරෝලා පාලනය නොකලේ එයාලත් තවම තරුන වයසෙ උන්නු නිසා වෙන්න ඇති…

මේ ගමන දුස්කරයි
බාදක එමටයි
ඉදිරියටම යන් ශයිනියො කියලා එඩිතර සින්හ පැටියෙක් වගේ තමයි ශයිනි උන්නෙ…කෝමත් හිතින් මන් පොලිසියෙ ලොක්කෙක් වෙලා ඉවරයි…දැනටමත් මන් දිගාව එන්කවුන්ටර් එකකදි ඒම් එක අරන් ඉවරයක් කරන හැටි ප්ලෑන් කරලත් ඉවරයි…හ්ම්ම්…ඇත්තටම දිගා මේ වෙලේ මොනා කරනවා ඇද්ද….

ඕන වෙලේක ඔරවගෙන මොකක් හරි අනුන්ගෙ කුනු ගොඩවල් විසද විසදනි ඉන්නෙ මේ වෙලෙත් එහෙම වෙන්නැති…මන් දැන් ඔයාව මතක් කරන නිසා හචිස් ගිහිල්ලා ඔයාට හෙම්බිරිස්සා හැදිලත් ඇති..

මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නෙ ශයිනි විතරද…

හයියො මගෙ මොලෙ පිනි බාලම ගෙවිලා ගිහින්..මට මොකටද දිගෙක්..මන් හොයා ගන්නවා කොටෙක්…මට ටොකු ඇන ඇන ඉන්න…අපිට ඕනි නෑ..ගස් ගෙම්බො..දීගායු සුවස්න අයි කිල් යූ..ඉයා

ශයිනිගෙ සිහින මායා ලෝකය ගමන පුරාම දකින්න තිබ්බා..ඇත්තටම කියනවනම් මේ ශයිනි කියන්නෙ සිහින දෙව්ලියක්….එකක් හිතන්න ගත්තොත් කෙලවර වෙන්නෙ වෙන දෙයකින්..

අපි දොලහ පහු වෙලා කියාපු තැනට ආවා..හපො හද්ද කැලයක්..හැබැයි ඇඩ්වෙන්චර් එකකට මරු..අපි වගේම තව ටීම් දෙකක් ඇවිත් තිබුනා..

වියලි බිමට පැන් පොදක් වගේ කාලේකට පස්සෙ කොල්ලො වගේ කට්ටියකුත් ඉන්නවා..කෙල්ලො ටිකත් එහෙන් මෙහෙන් ඇඹරෙනවා..මට ඉතින් ඔය කාගෙන් වත් වැඩක් තියෙනවැයි. …

හිතේ ඉන්නෙ එක්කෙනයි
එයාට …එයාට…අනෙ මන්දා…

ඔක්කොටම කලින් ලෙක්චර් එකක්..කෙල්ලොත් කොල්ලොත් ඉන්න නිසා අනික අපි ඉන්නෙ කැලයක නිසාත් අපෙ ආරක්ශාව අපිටම සලස්ස ගන්න කීවා…

සත්තු ,,සර්පයි ඉන්නවලු..වතුර හොයා ගන්න වෙනවලු..එතකොට එක එක ටීම් එක එයාලට ඉන්න තැනක් හදා ගන්න ඕනි..දීලා තියෙන මෙවලම් කෑම
ඒවා පරිස්සමට කල්පනා කරලා පාවිච්චි කරන්න ඕනලූ…

ඉතින් රෑ වෙන්න කලින් අපි ටෙන්ට් එක හැදුවා…හී ගෙදරදි සෙල්ලම් ගෙයක් වත් හදලා නොතිබ්බට හොද පාඩම…මිටියෙන් ගහන්න ගිහින් මහපටගිල්ලා බේරුනේ ශයිනියා ඉදලා හිටලා කරපු පින් වැඩ නිසාමයි…

කෝමහරි ඒකත් අටව ගත්තා කියමුකො..අපි වැඩ ඉවර වෙද්දි අනිත් ටීම් දෙක උයන්නත් ලෑස්ති කරන්…වස ලැජ්ජාව…අනික තව පශ්නයක්..දැන් කවුද යකූ අපේ ටීම් එකෙ උයන්න දන්න එකියකට ඉන්නෙ.. ඔක්කොමල්ලගෙන්ම ඇහුවට හරියට උයන්න දන්න එකියක් නෑ…අනිත් එවුන්ගෙන් බලන් තමයි කරන්න වෙන්නෙ…හ්ම්ම් සෙකන්ඩ් වෙන්න බෑනෙ..අපිත් ඉතින් මෙහෙම හිටියට වැඩට සූරියො තමයි…උයන්න ඉගෙන ගන් නැත්තෙ වෙන මොනවත් හින්දම නෙවෙ..පබ්ලිස් සිල්වලට…ලොයිඩ් ඕපාතලට..ශාන්තා මායාදුන්නෙ වගෙ අයට තැනක් නැති වෙන හින්දා…පව් නෙ ඒ අයගෙ හිත් රිදෝලා අපි තැනකට යන එක හරි නෑනේ..ඇත්තවශයෙන්ම කීවොත් එකයි

අපෙ අම්මි නම් පියාඹන පිරිසිවත් හදන්න දැනන් උන්නා…අම්මිට සෙකන්ඩ් වෙන්න බෑනෙ…මමත් ආයෙ පාත්පයින්ඩර් එක වගෙ මොනා හරි හදන්නම්කො..

ඒ ශයිනි

ම්ම්

දැන් මොකො කරන්නෙ

ඒ කීවෙ

අනිත් අය උයන්න පටන් අරගෙනත් ඉවරයි

මට පේනවා

ඉතින් අපි මුකුත් කරන් නැද්ද

කරමු

මොනාද

ගෑනු මායම්…

ඒ කීවෙ

ඔයාට පේනවද අර එහෙට මෙහෙට යන කොල්ලව

ඔව්

මේකයි කරන්න තියෙන්නෙ..හිමින් සැරෙ ඔය කොල්ලට බැල්ම හෙලලා ටිකක් අහගන්නවකො මෝඩ

ී ඒකද ප්ලෑන් එක

නැතුව මෙතන එකියක් ඉන්නවද උයන්න දන්න

හ්ම්ම් හ්ම්ම්..

ඉතින් කෝමහරි අර කොල්ලව සෙට් කරගෙන අපිත් මොනා හරි ඉව්වා කියමුකෝ…

අනිත් අය රස කර කර කෑම කද්දි අපි මූණවල් බෙරි කරන් උයපු ඒවා ගිල්ලා…අනෙ දෙවියනෙ මෙවන් විපත් කිසි කෙනෙකුට නොමවේවා

ඉතින් එදා රෑ අපි සින්දූ කීවා…ගිනිමැලත් ගහන්..ඒක නම් පට්ට ජොලි…

මහන්සිය වැඩිකමට කැලේ කියලා හිතුන් නෑ නින්ද ගියා..කෝමත් පෝන් එකත් පවර් බෑන්ක් එකත් ආරක්ශා කරගන්න වෙනවා..සතියක් ඉන්න වෙනවනෙ..ගෙදරට කතා කරලා පෝන් එක ඕෆ් කරා..

හිතන්න පුලුවන්ද අලි,කොටි,වලස්සු මැද රැයක්…අපෙ අයියලා ටිකට නම් මේ වගෙ අත්දැකීමක් කෝමටත් ලබාගන්න බැරිවෙයි..කෝමත් ශයිනියා තමයි ඩී එන් එස් ගෙ වීර දුව..

එක එක නාන්ප්පකාර විකාර හීන ගොඩක් එක්ක රෑ එලි උනා..

කුරුල්ලන්ගෙ නන්ස්ටොප් සන්ගීතෙ හින්දා වෙනදටත් වඩා කලියෙන් ඇහරෙන්න සිද්ද උනා..ඉතින් මුහුනට දිය දොවා අපි සැදී පැහැදි උන්නෙ අද අපිට මොනාද කරන්න දෙන්නෙ බලන්න..

අපි එක එක්කෙනාට සිතියම ගානෙ හම්බුනා..ඊලගට එකම සිතියම හම්බුනු අයට එක් වෙන්න කීවා…මට ඉතින් කොහෙ ගියත් මගෙ බෙඩ් ෆෙඩා තමයි..

කරෙ බෑගුත් එල්ලන් සිතියමත් අරන් අපි පිටත් උනා..කොහෙ ගියත් විසිල් එක තියා ගෙන එකිනෙකාට සන්‍යා දෙන්න කීවා..මොකද අපි කවුරුවත්ම මේ කැලේ ගැන කිසිම දෙයක් නොදන්න නිසා…මතක් කරලා යන පාර ලකුනු කරන්නත් කීවා..විසිල් එකයි..යන පාර ලකුනු කරන වැඩෙයි මන් බෙඩ් ෆෙඩාට බාර කලෙ මට වඩා ඒ වගකීම එයාට හොදට කරන්න කියලා පුලුවන් කියලා හිතුනු හින්දා..

ඉතින් අපි යනවා යනවා කෙලවරක් නෑ…ෆෙඩා ඉතින් පාර මාර්ක් කරනවා ඇතිනෙ..මමත් ඔහෙ සිතියම බලන් ගියා..

ශයිනි

ම්ම

තිබහයි අනෙ

ඇයි තිබ්බ වතුර

ඒකෙන් මන් මූණ හේදූවා

මොකාක

් තිබ්බ එකම වතුර ටිකෙන් මූන හේදුවෙ මහා පිස්සියෙක්

මොකටද මූණ හේදුවෙ

සෙල්ෆි ගහන්නනි

සෙල්ෆි

ඔව්

දැන් මට කියනවා සෙල්ෆි ගගහා ආවට ඇරෙන්න තමුන් මොකො කරෙ කියලා

මන්

ඔව් මන් තමයි

අනෙ ශයිනි ඔහොම බලන්න එපා මට බය හිතෙනවා

නැතුව වෙන කොහොම බලන්නද

ඒ පාර මෙයා අඩන්න ගත්තා..දැන් ඉතින් නලවපන්කො තොත්ත බබීව

මේ තොත්ත බබි මට කියනවා පාර ලකුනු කරාද

අනෙ මට …අමතක උනා

මට එතනම බිම ඉන්දවුනා

දෙයියනෙ දැන් කොහොමද පාර හොයාගන්නෙ

විසිල් එක

තියෙනවා

පෝන් එකේ ජීපීආර් එස් තියේද

ඔව්

හ්ම්ම් ඇති යන්තම්

ඇති යන්තම් කීවෙ

පලවෙනි පාරට ශයිනි පරාජ්ය බාර ගත්තා…ආපහු යන්..මෙහෙම ගියොත් අපි අතරමන් වෙයි

හ්ම්ම්

තොත්ත බබි ආයෙමත් අඩනවා..මටත් දැන් ඇත්තටම බයයි..ඒත් ශයිනි අඩන්නෑ..අඩන්නෑමයි

තිබහයි ශයිනි

හ්ම්ම් වතුර ටිකක් හොයාගමූ

අපි එකම තැන කැරකෙනවා වගෙ දැනෙනවා…ඇත්තටම අපි අතරමන් වෙලාද…අනෙ මට නම් බෑ පුන්චි කාලෙ කියවපු දූපත කතාවගෙ මේ කැලේ හිරවෙලා ඉන්න…

ඔයාට ඇහෙනවද

මොකක්ද ශයිනි

වතුර පාරක්

ඔව් ලාවට

එහෙනම් යන්

මන් මෙ තොත්ත බබීගෙ අතින් අල්ලන් වතුර සද්දෙ ඇහුනු දිහාවට ගියා..තෑන්ක් ගෝඩ්..වතුර…

ශයිනි ඔයා හරි වතුර

හ්ම්ම් පුරෝගමු..

දෙන්නත් එක්කම මූනත් ටිකක් හෝදන් බෝතලේට වතුර පුරෝ ගත්තා…

ශ ශ ශයිනි

මොකො

අනෙ ශයිනි පිටිපස්ස බලන්න

අපි මෙ ඉන්නෙ යාල වනෞද්‍යානෙ කොටසක

ශ් ශ් කෑ ගහන්න එපා මෝඩී

අපෙ අඩි දෙක තුනක් ් එහායින් උන්නෙ අලියෙක්…අනෙ ඇත්තටම කියනවනම් මම මෙයාට වඩා බය වෙලා ඉන්නෙ

ශයිනි මොකො අපි කරන්නෙ

කරන්නෙද

ඔව්

දුවමු

කකුල් වලට පින් දිදි අපි දුවන්න ගත්තා…ඒත්…

ශයිනි අනේ…නවතින්න…මගෙ කකුල පැටලුනා

පස් කන්ඩියක අන්තිමම කෙලවරක තිබ්බ මුලක එයාව පැටලිලා..මමත් එයා උන්නෙ අයිනෙ කියලා නොහිතම ඒ අයිනෙම ඉදගෙන ඒ මුලින් කකුල බේරුවා

හිතේ ඇති වෙලා තිබ්බ බයත් බේරුනු සතුටටත් එක්ක තොත්ත බබි මාව බදා ගන්න එයාගෙ අත මගෙ ඇගෙන් තිබ්බා..

මන් උන්නෙ අඩමානෙට…සමබරතාවය ගිලිහිලා පස් කන්දත් කඩන් රෝල් වෙවි රෝල් වෙවී මාව පහලට රීටුවා…

අන්තිමට මට ඇහුනේ තොත්ත බබී ශයිනි කියලා යටිගිරියෙන් කෑගැහුව එක විතරයි..

….තවත් සේයාවකට… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *