D & S……….15
**
කාගෙන් අහලද ආ කියනවා තව කවුද ආවෙ කියලා..ඔත්තු බලන්නද ආවෙ ආ..තමුසෙ කෙල්ලෙක් නේ..ආහ්..කියනවා
ඒ කටහඩ ඇහුන ගමන් හිතට දැනුන සැනසීම කෝම වචන කරන්නද..නෑ නෑ මට වරදින්න විදියක් නෑ..මට මගේම කටහඩ වරදින්න පුලුවන් …ඒත් හිතේ ඇදුනු මේ කටහඩ…නෑ නෑ නෑ ශයිනිට වරදින්නෑ…
මාව ලිහිල් උනු ගමන්ම මන් ඉක්මනට අනිත් පැත්ත හැරිලා ඒ පිරිමි පපුවට තුරුල් වුනා…ඔයා මේ වෙලාවෙ මෙතනට කෝම ආවද
කියන්න මන් දන්නෑ…ඒත් ම්ම්ම් මට සතුටුයි…උඩ පැනලා නටන්න හිතෙනවා..
මේ මොකද කවුද තමුන්..අයින් වෙනවා…
මට බෑ.බෑ..අයින් වෙන්නෙම නෑ
කූඩෑල්ලි අයින් වෙනවා..
මට බෑ..බෑමයි
ඇත්තටම මන් උන්නෙ කුඩැල්ලියක් වගෙ එල්ලිලා..එහෙම එල්ලෙන්නෙ නැතුව ඉදියිද..කාත් කවුරුත් නැති,සත්තු සර්පයි ඉන්න කොහේද ඉන්නෙ කියලවත් නොදන්න තැනකදි තමන් අදුරන බලු පැටියෙක්ව දැක්කමත් හිතට සැනසීමයි..එහෙව් එකෙ මගෙ ඉස්සරහා ඉන්න මේ ගස් ගෙම්බව දැක්කම මන් නොඑල්ලි ඉදීද…
පොඩ්ඩක් ඉන්නවා..තමුසේ….
එයා මාව හරිම අමාරුවෙන් ඇගෙන් ගලෝලා ටිකක් එහාට කරලා මගේ මූණ බැලුවා..
යකින්නි..මෙහේ..
ඒක හරිම පුදුමෙන් ඇස් ගෙඩි දෙක බස්සෙක් වගෙ ලොකු කරලා කීවෙ..වෙන වෙලේක යකින්නි කීවා නම් ආයෙ ඉතින් ශයිනිගෙ යක්ශයා එලියට එන්න තිබ්බා..ඒත් මෙ වෙලේ …ම්ම්ම්
මම් ආයෙත් ඒ පපුවට තුරුල් වුනා..
ඇත්තටම ඇඩුනා…මොකද මන් ගොඩාක් බය වෙලා උන්නෙ..මෙ වෙලෙ මගෙ වීරයා..දුස්ටයා හම්බවීම…amazing…
ඉස්සෙල්ලා වගෙ එයා මාව ඈත් කරන්න උත්සහා කලේ නෑ…ඒත් මටම ආයෙ මතක් උනා..මෝඩ ශයිනි..එයාගෙ හතුරවයි බදන් ඉන්නෙ කියලා
සොරි
මොකටද
බදාගත්තට
හ්ම්ම්..
හ්ම්ම්
මොකො බස්සියෙක්ද..කියනවා මන් යන යන තැන ඉන්නෙ මොකො..ආ මේ මහ රෑ මොකො මෙ කැලේ…කා එක්කද ආවෙ…
කියන්නම්…ඒත්
ඒත්
මට බඩගිනියි..තිබහයි…
ඉතින් මට කියන්නෙ හෝටලේකට ආවා කියලද හිතන් ඉන්නෙ ආ
ඔව්
මැට්ටි
මැට්ටා..
හ්ම්ම් ඉන්නවා..
එයා මට බොන්න වතුරයි..සැන්විච් එකකුයි දුන්නා..
ඔහොම කාලා හිරවෙයි..
කිව්වත් වගෙ මට හිර වුනා…ඒ මදිවට ගැහුව පාරට කදුලුත් පැන්නා..ඔහොමත් ගහනවද අප්පා..ඉන්නවකො
හ්ම්ම් කාලා ඉවරයි නෙ දැන් කියනවා උනෙ මොකො කියලා
බෑ
ඇයි
මට
මට..මට මොකක්ද
මන් මගෙ චූටි ඇගිල්ල විතරක් උස්සලා එයාට පෙන්නුවා…ලැජ්ජාවට කම්මුල් දිගෙ ලේ පිරිලා එනවා දැනෙනවා…
හපො මෝඩි..දැන් මට කියන්නෙ වොශ් රූම් හොයන්න කියලද..අරහෙට යනවා
බයයිනෙ
ඉතින්
එන්නකො
මොකාක්
අනෙ ටිකක් එන්නකො
හයියු..මටත් ..කොහෙ ගියත් මේ යකින්නිගෙන් ගැලවුමක් නැති හැටි..හරි එනවා ඉතින්
එයා මාව ටිකක් එහාට එක්කන් ගියා..මෙයා බලන් ඉද්දි කෝමද ඉතින්…
ඒ පාර මොකො
අනිත් පැත්ත හැරෙනවකො
අහ්..වැඩේමයි බලන්න..
එයා අනිත් පැත්ත හැරුනා..මොනා උනත් හොද මැට්ටෙක්..
ඉවරද..
ඒයි..මෝඩි..
හරි හරි..
හ්ම්ම් ..
එයා ගිනිමැලේට තව දර දැම්මා…එතන තිබ්බ ලී කොටෙ ඉද ගත්තා
ඉතින් දැන් කියනවා
හරි..
මමත් එයා ලගින්ම ඉදන් මුල ඉදන් අග වෙනකම් සිද්ද වෙච්චි හැමදේම කීවා
එයා මගේ දිහා ඇහිපිය නොහෙලා බලන් ඉන්නවා..මට හිතට අමුතු හැගීමක් දැනෙනවා..ඒ බැල්ම…මමත් කියෝන එක නවත්තලා එයා දිහා බලන් උන්නා
අපෙ නෙත් බැලුම් මොකක්දො දේකට ඉගි කරනවා වගෙ..ඈතින් ඇහුනු බස්සෙක්ගෙ සද්දෙ අපෙ හැගීම් බැලුම් නැවත්තුවා..
ඒ මූණ ආයෙමත් වෙනස් වුනා..හැගීම් නැති..නපුරු ආඩම්බර මූණ
මට නිදිමතයි
මටත්
එහෙනම් නිදාගන්නවා..හෙට උදෙන්ම නැගිට්ලා යනවා මට නොපෙනෙන්න..
හපො වැඩේමයි..මෙයත් එක්ක ඉන්න..ඔව් යනවා තමයි..
ඒත් පශ්නයක් මෙයා ඇයි මෙ කැලෙ
ඔයා ඇයි මෙහෙ
මන්..මන්..තමුසෙට තනි රකින්න ආවා..මෝඩි ඇවිත් නිදාගන්නවා
එයා බ්ලැන්කට් එක එලුවා
ඔතන
නැතුව
මට බෑ ඔයා ගාව නිදන්න
ඇයි
ඇයි කියන්නෙ
අනෙ හිතෙ ඇති ලස්සන කෙල්ලෙක් නම් කමක් නෑ…
යකින්නි..
ගස් ගෙම්බා
මොකක්ද කිව්වෙ
ඇහුනු දෙ තමයි
ඇත්තමයි…රෑ නෙවෙ නම්..එලෝනවා මන්
ඇත්තමයි රෑ නොවුනනම් මාත් ඉන්නෑ ගස් ගෙම්බෙක් ලග..හිතෙ ඇති මන් අසරණ වෙලා ආවා කියලා..එයා ගාවින් බුදි කොරො ගන්න..කවුද දන්නෙ..මොනා උනත් කොල්ලෙක් නෙ..එහෙම…
මොනාද තනියෙන් කියවන්නෙ..ආ..එනවා නිදා ගන්න
මට බෑ..මන් මෙ කොටෙ උඩ ඉදන් ඉන්නවා
මුලු රෑම
ඔව්
අහ්හ්…ග්ර්ර්ර්..මට තමුසෙව..
එයා අත් දෙකම මිට මොලෝලා බිමට ගැහුවා..
හරි තමුසෙ ඕනි දෙයක් කරගන්නවා…මන් නිදියනවා..ගුඩ් නයිට්
හොදට බැලන්කට් එක උඩ පෙරලිලා..තවත් එකක් පොරෝගෙන එයා නිදා ගත්තා.
රෙස්පට් දැම්මට මොකො..මටත් ගොඩක් දොයි මතයි..ඒත් එයා ගාව…
මන් වටපිට බැලුවා..හැම පැත්තම කලුවරයි..මේ ඇහෙන සද්ද..
මන් හිමින් අඩිය තියලා මැට්ටා ගාවට ගියා…අහ් නින්ද ගිහින්…දැන් බය වෙන්න දෙයක් නෑ..
මමත් මගෙ බෑග් එක එතනින් තියලා ඒකට ඔලුව තියන් දොයි ගත්තා…
හ්ම්ම් ටැන්කු බුදු සාදු මට දිගාව මුන ගැස්සුවට..හෙට උදේට මට ආයෙම යන්න පුලුවන් වෙයි..
ගුඩ් නයිට්
හෑ..
ඒ කියන්නෙ මෙයා නිදාගෙන නෙවෙද උන්නෙ..හයියු ශයිනි..වලක් හාරන් මූණ ඔබා ගනින්..විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ
ගුඩ් නයිට්…
මෝඩි රෙද්ද පොරො ගන්නවා
ඕනි නෑ..
හ්ම්ම් කැමැත්තක්…
මේ
ඇයි
ඔයා ලග පෝන් එකක් නෑ
නෑහ්..දැන් නිදාගන්නවා..
හ්ම්ම්..නපුරා…මැට්ටා..ඕනි නෑ පෝන්..හ්ම්ම්
මට කොච්චර මහන්සිද කියන්නෙ ඇස
් දෙක එහෙම්ම පිය වුනා…කටේ ඇගිල්ලත් ගහන් මන් දොයි….
ටැන්කු දිගො..ගොඩක් ටැන්කු..හිතපු තරම් ඔයා නපුරු නෑ..මන් දන්නවා..නපුරා
දිගා ගැන හීන දැක දැක මන් ඒ ඇගටම හේත්තු වෙලා නිදි දෙව්දූ එක්ක දොයි ගත්තා…
…තවත් සේයාවකට….