D & S………..17

**කතාව පොඩ්ඩක් පරක්කු උනාට සමා වෙන්න ලොකු වැඩකට හිර උනා…. මොකද කියන්නෙ අලුත් කතා ටික හොදයිද……….

මන් දැන් කොච්චර වෙලාද මේ දිගෙක් එනකම් මෙතන බලන් ඉන්නෙ…ඇයි වදේ මනුස්සයෙක්ට ඔය වැඩේට ඔච්චර වෙලා යනෝද…ආදෙන්කො…බොනවා ලේ…එක්කොත් ඕනි නෑ..මෙයා නැති වෙලේ හොර වැඩක් කරලා,බලමූ..

මන් එයාගෙ බෑග් එකෙ ශිපර් එක ඕපන් කරද්දිමයි..පෝන් එකක් රින් උනෙ…its not my ringingtone…අනික ඒ සද්දෙ එන්නෙ මේ බෑග් එකෙන්..

දැන් මේක අරින්නමයි මට ඕනි…බොරුකාරයා වන්චාකාරයා..හිපාටුවා..හිටුකො.. අද මන් මේකෙන් ගන්නවා කෝල්..කියනවා තාත්තිට මාව එක්කන් යන්න එන්න කියලා..එයාලා බය වෙලා ඇති…

මන් බෑග් එක ඇරලා පෝන් එක හොයා ගත්තා…අහ් මෙ වදින්නෙ..ඉස්සෙලා රින්ග්ස් ගිහිල්ලා ඉවර වෙද්දෙන්කො..පස්සෙ මන් ගන්නම්..

රින්ග්ස් ගිහිල්ලා ඉවර උනාට පස්සෙ මන් පෝන් එක අතට ගත්තා…හයියු ලොක් එකක් දාලා…දැන් ඉතින් නිකා ඉදහන්කෝ..එක එක නම් ගහලා බැලුවා..බැරිම තැනබෲනෝ කියලත් ගැහුවා..ශිට්..

කොළ පොඩි වෙන සද්දෙකුත් එනවා.

එනවද කොයිද වන්චාකාරයා…මන් පෝන් එක ආයෙම බෑග් එකට දාලා මුකුත් නොවුන ගානට අහස දිහා බලන් උන්නා..

ඒයි බෲනො යකින්නි නරක වැඩ එහෙම කලෙ නෑ නේද

බෲනො නිකම් මන් දිහා බැලුවෙ කියන්නද එපාද අහන්න වගෙ ..හහ් උඹෙ භාශාව මේ මෝඩ දිගා දන්න එකක් යැයි..ඔන්න මන් වගෙ කෙනෙක් නම් දන්නවා වත් කියන්න පුලුවන්..මෝඩ දිගා සින්හල හෝඩිය වත් දන්නෙ නැද්ද කොයිද…යකින්නි කියන්න විතරයි දන්නෙ

යකින්නියෙ ඔය බැල්ම නම්..

මගෙ මූණෙන් පේනවද

මන් නැතිවෙලෙ මොකො කලේ

බෲනෝයි මමයි චැට් කරා

අහ් ඒක තමයි ඌත් මොන්ගල් වෙලා ඉන්නෙ

හ්ම්ම්

මොකො හුලන් බැහැපු බැලුම වගෙ ම්ම්

මුකුත් නැ..හොරු වන්චාකාරයො,බොරුකාරයො හැමතැනම

හ්ම්ම්

බස්සා

දිගා යනකොට නොතිබ්බ බෑග් එකක් දැන් අතෙ තියෙ..

ඕක මොකක්ද ඔයා මොනාද මෙච්චර වෙලා කලෙ

චූටි නෝනට උදේට කන්න බර්ගර් බන් ගේන්න ගියා මැක්ඩොනල්ඩ් එකට

හා හොදයි

මොකො…යකින්නි..

ඇත්තටම මට රන්ඩු කරන්න හිතක් නෑ මට පිස්සු වගෙ…

මෙතන තියෙනවා ශෝට් එකයි ටී එකයි ඕක ගලෝලා ඇද ගන්නවා .

මෙ කැලෙ ඇදුම් කඩේකුත් තියේද..

ඒවායින් වැඩක් නෑ ගිහින් ඇදන් ඉන්නවා..ගන්දස්සාරෙ බෑ…

කා ගාවද දන්නෑ..හුම්ම්

හරි හරි යනවා

ඇත්තටම මමත් අප්පිරියාවෙන් ඉන්නෙ මේක ඇදන්..ඒත් මේ හැම දෙයක්ම එන්න එන්න කුතුහලෙ වැඩි වෙනවා විතරයි…ඕනි දෙයක් මේක චේන්ජ් කරන්න ඕනි..ඒත් කොහොමද

මන් දිගා දිහා බැලුවා

මොකො

අඳින්නෙ කොහෙ ඉදන්ද

අහ් ඩ්‍රෙසින් රූම් එකෙ ඉදන්..අනෙ මන්දා මන් යන යන තැනට මෙ මොන්ගල් යකින්නි කොහොම සෙට් වෙනවද මන්දා

මටත් කියන්න තියෙන්නෙ ඒක තමයි..මටත් මෙ දුස්ට දිගාව කොහෙන් සෙට් වෙනවද මන්දා

මොකක්ද කීවෙ ආ

ඇහුන දේ තමයි කීවෙ

අනෙ අම්මපා මට තිබ්බනම් මන් දානවා කටකලියාවක්…

අහ්..මන් නිකම් ඉඳී දානකම්..

තමුසෙට මන්

දිගා මට ගහන්න අත දික් කරා…ඇත්තටම දිගාගෙ ඒ වෙලෙ තිබ්බ නපුරු පාටට මට බය හිතුනා..මන් මූණ අතින් මුවා කරන් ඇස් වහගත්තා…

ටිකක් වෙලා ගියා.. මුකුත් උන් නෑහෑ..මන් එක ඇහක් විතරක් ඇරලා බැලුවා..එයා මන් දිහා බලන් ඉන්නවා…

මොනාද දන්නෑ ඔහොම බලන්නෙ…

ගහන්නෑ කියලා හරියට දැනගත්තට පස්සෙ මන් ඇස් දෙක ඇරියා…

බයගුල්ලි..යනවා ඕක මාරු කරන් එනවා

දිගා මෙච්චර මට දුස්ටකම් කරන්නෙ ඇයිද මන්දා..මට එයත් එක්කම එල්ලෙන්න හිතෙන්නෙ ඇයිද මන්දා..

මන් ඇදුම් මාරු කර ගත්තා..ටී ශර්ට් එක ටිකක් ලොකුයි..ඒත් ලස්සනයි…හමුදා කිට් එකක් වගෙ..මගෙ පෙනුම කොයි වගේද දන්නෑ.

ශා පෝන් එක ඕෆ් වෙලානි..නැත්තම් කැලෙ මැද්දෙ බෲනො ගොයියා එක්ක ෆීලීන් ඕසම්.කියලා දානවනි එෆ් බි..සට සට ගාලා ලයික් වැටෙනව…

මන් යනකොට එයා කා එක්කද කෝල් එකක්….මට අරින්න බැරි උනානෙ ලොක් එක..

මන් දැක්කා

මොනාද

ඔයා ගාව පෝන් එකක් තියෙනවා

ඉතින්

ඒක වැඩ කරනවා..මට තාත්තිට කෝල් එකක් ගන්න ඕනි..දෙන්නකො

මේක මගෙ පෝන් එක..දෙන්නෑ මන් කාටවත් තේරුනාද..

හහ් තියෙන ලොකුකම…මනුස්සකමක් දන්නෑ නපුරා…හිටුකො ..

ඔතන තනියෙන් මතුරන් නැතුව ආ මෙන්න කනවා

එයා මට දික් කරෙ මැගී කප් එකක්..එන්න එන්නම පෙහේලිකා..මට තේරෙන්නෑ

මට එපා

ඇයි

බඩගිනි නෑ

කමක් නෑ ආයෙ හවසට තමයි කන්න වෙන්නෙ..ඒ හින්දා කනවා

මන් කන්නෙ මට ඇත්ත කීවොත් විතරයි

මොනාද

ඔයා මෙ කැලෙ ඇයි කියලා

එයා ඇහුන් නෑ වගෙ කනවා…

කියන්නකො

කන්නෙ නැද්ද

නෑ කියනකම් කන්නෙ නෑ

හරි..එපා නම් ඒක බෲනෝට

අයියො දෙයියනෙ..අතට දුන්නු කෑම එක…බෲනො ගොයියත් ඒක එක කටට ගිල දාපු හැටි…බඩම ෆල….හහ්

යන්…

කොහිද..ඇයි මට මුකුත් කියන්නැත්තෙ..මට කෑම්ප් එකට යන්න ඕනි..මට ගෙදරට කතා කරන්න ඕනි…මට මෙ කැලෙ ඉන්න බෑ…

ඉන්න බැරි නම්.යනවා ඉතින්

යනවා තමයි

ඉතින් යනවා..මන් අල්ලන් නෑනෙ කඹෙක ගෙට ගහන්

ඒකත් එහෙමද..මන් මගෙ බෑග් එක කරට දාගත්තා..මොකටද මෙයාගෙ රෙස්පට් බලන්නෙ..ඊට වඩා හොදයි අර අලියට අහු වෙන එක…

මන් යනවා

ඉතින් යනවා

යන්නම යනවා

ටටා බායි චෙරියො

එයා අනිත් පැත්ත හැරිලා ටටා කීවා ඒ කියන්නෙ මන් යන එක එයාට අවුලක් නෙව්ව්…ඔව් ඉතින් මන් එයාගෙ කවුද…මන් තමයි මෝඩි වගෙ ඊයෙ බදාගෙන උන්නෙ..ශයිනියො හුරුවෙයන් දිගාව බලන් නොඉන්න ඒක ෆට්ට..

මන් කැලෙ මැද්දට ආවා..ආවට කොහේට යන්න ඕනිද කියලා තේරුමක් නෑ..කමක් නෑ නපුරෙක් එක්ක ඉන්නවට වඩා හොදයි කැලෙ සත්තු…පාරක් හම්බෙනකම් මන් යනවා

මට නොදැනි මගෙ ඇහෙන් කදුලු වැටෙනවා..ඇයි මන් අඩන්නෙ..ඔව් දැන් මන් තනිවෙලා..රන්ඩු කර කර හරි දිගා එක්ක යන්න තිබ්බෙ

මට ඇයි දැනෙන්නෙ කවුරු හරි මගෙ පස්සෙන් එනවා කියලා..මන් දෙතුන් පාරක් හැරිලත් බැලුවා…හ්ම්ම් එයාට මට මොනා උනත් වැඩක් නෑ…කමක් නෑ…මට දුක මේ ලන්කාව ගැන..ශයිනියා වගෙ දක්ශ පොලිස් ඔෆිසර් කෙනෙක් නැති වෙනවා..හොරු කී දෙනෙක් බේරෙයිද මේ හින්දා…මට හරිම දුකයි ලන්කා…හරිම දුකයි…

මන් ඇවිදන් ඇවිත් තිබුනෙ එලිමහන් තැනකට…නෑ එලි කරන තැනකට…මෙ ගස්…ගස් ඔක්කොම …එතකොටයි මන් දැක්කෙ ටිකක් එහායින් දෙන්නෙක් ඉදන ඉන්නවා..එයාලගෙ පෙනුම එච්චර ඇල්ලුවෙ නෑ…මන් සේෆ්ටි නෑ මෙහෙම..ගස් තියෙන හරියට යන්න ඕනි…මෙ පැතිවල ් හැදෙන්නෙ කටු ගස්..කටු ඇනෙයි කීලත් බයයි..

මන් ගස් අතරට මුවා වෙන්න හිතන් එහාට වෙද්දිම පිටිපස්සෙන් කවුරු හරි මාව අල්ල ගත්තා..කෑ ගහන්න කට අරින්නත් කලින් එක අතකින් මගෙ කට තද කරලා..එහෙම්මම මාව පිටි පස්සට ඇද්දා..

…තවත් සේයාවකට… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *