D & S………18

**

අහ්..අප්..

මොනාවත් කියාගන්නත් කලින් මගෙ කට වහලා මාව ඇද ගත්තා..මොකාද දෙයියනෙ මෙ..පිටිපස්සෙන් ඇවිත් මන් වගෙ අහින්සක කෙල්ලෙක්ට කරදර කරන්නෙ..

අනික ශයිනියාගෙ හැටි හරිහැටි නොදන්න කෙනෙක් මිසක් මේ වගෙ වැඩ වෙන කෙනෙක් කරන්නෑහ්..

මගෙ ඇඟට අත තියන්න කලින් මන් එයාගෙ ඇඟට අත තියන්නම්කො..මන් ඒ අත හයියෙන් විකුවා…ලේ පැන්නත් මට කමක් නෑ..මට මෙ වෙලෙ මගෙ ආරක්ශාවයි වටින්නෙ..

අහ්…..ඌයි..

මගෙ මූණ තද කරන් හිටපු අත ඇතෑරුනා..ඒත් ඇග තාමත් හිර කරන්.මන් ආයෙම කෑ ගහන්න හදද්දිමයි ඒ කටහඩ ඇහුනෙ

යකින්නි..අහ්..දැවිල්ලයි..

යකින්නි..අනෙ දෙවියනෙ කෙතරම් මියුරු වචනයක් ද..කණට චොක්ලට් වක්කරන තරම් සුවිට්..මොනා උනත් හිත තිගැස්සිලා තිබුනෙ…

අනික ඒ කියන්නෙ එයා මගෙ පිටිපස්සෙන් ඇවිත්..නොපෙන්නුවට මන් ගැන හොයනවා මෙයා..ආහා..අද අහු උනා හොරෙ

මේ ඔයාද

ඔව් ඔව් යකින්නි මන් තමයි..පුදුම විසක් නෙ තියෙන්නෙ..බෲනො කෑවත් මේ තරම් විස නැතිව ඇති..කොටිච්චියක්ද මන්දා

ඉතින් කවුද කීවෙ පිටිපස්සෙන් ඇවිත් කට මිරිකන්න කියලා..ෆේස් ටු පේස් එන්නෙපැයි

අනෙ හරකි..අරුන් දෙන්නට පේන්නද..ඇස් දෙකටම දැක්කා නේද..ආ..මේ අහනවා මේ කැලෙ තමුසෙ මන් ඇරෙන්න තව එවුන් ඉන්නවා..ඒ එකෙක්ට වත් තමුසෙගෙ තාත්තගෙන් වැඩක් නැ..ඕකුන් මාස ගානක් ගෙවල් වලට නොගිය එවුන් වෙන්න ඇති..තමුසෙ නෙවෙ හුස්ම වැටෙන නාකි ආච්චියෙක් දැක්කත් ඔවුන්ට අහු උනොත් ආයෙ කෑලි වෙන්න කරලා තමයි පස්ස බලන්නෙ..

ඉතින්

ඉතින් කියන්නෙ..ගොනි,මැට්ටි ,හරකි…දැන දැන තමුසෙව ඔවුන්ට අහු වෙන්න දෙන්නද කියන්නෙ ආ

ඒ කියන්නෙ ඔයා දැනන් උන්නද උන් ඉන්නවා කියලා

සුපුරුදු නිහඩ බව ආයෙම…මට ඒ සුසුම් වල රස්නෙ මගෙ කන් පෙත්තක් ලගින් දැනෙනවා..තවමත් මාව හිර කර ගත්තු ගමන්..මට උත්තර දුන්නොත් දත් තිස් දෙක ගෙවෙනවා ඇති..

කියන්නකො ඔයා දැනන් උන්නද

හ්ම්ම්

ඒ කියන්නෙ ඔව්

හ්ම්ම

් ඇයි මට නොකීවෙ..ඒකද ඔයා කැලෙ ඉන්නෙ

නෑහ්

එහෙනම්

ඔය වගෙ චූටි දේකට නෙවෙ මන් කැලෙ ඉන්නෙ

එහෙනම්

හ්ම්ම්..ලොකු මිශන් එකක්..ඒ අස්සෙ තව මිශන් එකක් භාර උනා..පයිවට් එකක්

ඒ කීවෙ

මුකුත් නෑහ්

මට හිරයි

ඒ කීවෙ

ඔයා මාව තව ඔහොම හිර කරන් උන්නොත් මගෙ හුස්ම හිර වෙලයි අකාලෙ මැරෙන්නෙ

සොරි ඉන්නවා..

එයා මාව අත් හැරියා..ඒත් ආයෙම එයාගෙ පැත්තට හරෝ ගත්තා..අත් දෙකින්ම මගෙ අත් දෙකෙ බාහු අල්ලන් මන් දිහා බලන් උන්නා.

මමත් ඒ ඇස් දිහා බලන් උන්නා..මොනවද ඒ ඇස් මට කියන්නෙ…

ඇස් කතා කරනවා
මොනවදො කියනවා
ඇස් දෙකෙ ඉන්න මම්
මගෙ නෙතට දැනෙනවා..

ආයෙම මගෙ ඇස් මානෙන් ගියොත් මරනවා මන් තමුන්ව

තර්ජනයක්ද ..ඉල්ලීමක්ද…

එයා මාව හොල්ලගෙන හොල්ල ගෙන ගියා..

යන්න කීව පලියට ඔහොම යනවද ආ..මන් කොච්චර බය උනාද..හෙව්වද..බෲනො නොහිටින්න මට තමුන්ව හොයන්න වෙන්නැහ් අද..යකින්නි කැලෙ පුරුදු මට වත් මෙච්චර ඉක්මනට මෙච්චර දුරක් එන්න බෑහ්.. යකින්නියක්ම තමයි..මෙ බැලුවා මේ නැහ් වාශ්ප වෙනවා..කකුල් දෙකක්ද ජෙට් එන්ජින් එකක්ද තියෙන්නෙ ආ..දන්නවද තමුන් කොච්චර දුරක් ඇවිදලද කියලා..මේ පැය ගානට..ආ…මට කොච්චර බය හිතුනද…අහු උනා නම්..

මන් අහු උනානම් ඇයි මෙයාට බය හිතෙන්නෙ..මේවා දැවෙන ප්ශ්න…

මේ අහනවා දවසක මේවට වන්දි ගෙවන්න වෙයි..

කෑශ් වලින්ද…හෑ..මාව මෙහෙම්ම කිඩ්නැප් කරන් තාත්තිගෙන් සල්ලි වත් ගන්න හිතන් ඉන්නවද මෙයා..එහෙමනම්.අහන්න ඕනි කීයක් ඉල්ලන්නද ඉන්නෙ කියලා..මමනෙ දන්නෙ තාත්තිට මාව වටින තරම්..අයියල නම් කියයි ඔන්න ඔය මෝඩිව දීලා දාන්න කියලා..අම්මි නම් අඩයි..එතකොට මගෙ යාලුවො..අනික නිව්ස් පේපර්ස් වල මන් ගැන නිව්ස් යයි..එෆ් බි එක පුරා…අහ් නිකම්ම ෆේමවුස් මන්..

කීයක්ද ඉල්ලන්න හිතන් ඉන්නෙ

මොකාක්

වන්දි ගෙවන්න වෙයි කිවෙ

අහ් මෙ මැට්ටි නම්..ඔව් ඔව් වන්දි ගෙවන්න වෙනවා තමයි…ඒ මට තමුන්ව

ඉතිරි ටිකත් කියනවකො..ගල් බනිසක් එක පාර ගිල්ලා වගෙ ඒක ගිල ගත්තෙ…පෙහෙලිකා පුරෝලා ඇති දැන් මට

එයා මාව අතෑරියා..අම්මෙ ඩැහි අඩුවට අහු වෙලා වගෙ ඇඟෙ පාරත් හිටලා…මන් එතන අත ගගා ඉද්දිම එයා මාව ආයෙම ඇදලා ගහට හේත්තු කලා

ආව්..ඇයි

මුකුත් නොකියා ඇගිල්ලක් කටට තිබ්බෙ මට කට වහගන්න කියලා වෙන්න ඇති..

සද්ද නොකර ඉන්නවා..උන් එනව..

හම්මො මෙච්චර හිමීට කූඹියෙක්ට වත් කතා කරන්න බැරිව ඇති..මාව ගහෙ කදට හිර වෙලා..එයා මාව වහන්..මෙ දිගාගෙ උස නිසා මට මුකුත් පේන්නෑහ් අයියො

මන් එහෙට මෙහෙට දැගලුවා..

මොකො කහඹිලියා ගෑවුනාද ආ..චුට්ටක් ඉන්නවා මුන් යනකම්..මට තනියෙන් උන්න නම් බය නෑ..ඒත්..

මට පේන්නෑ

මොනාද

මොනා හරි..මෙතන තාප්පෙ වගෙ හිටන් ඉන්නෙ අයින් වෙනවකො

අහ්..ඉස්සරහා පෙරහැරක් යන්නෑ පේන්න..ඔහොම ඉන්නවා දඟලන් නැතුව..අනෙ අම්මපා මේකිට එක තත්පරයක් හෙල්ලෙන් නැතිව ඉන්න බැරි හැටි…

හෙල්ලෙන්නෙ කොහිද..මෙතන මාව තැලිලනි

කට කට..ඔන්න එනවා..

එයා තවත් පස්සට උනා..දැන් මගෙ මුලු ඇගම ඒ ඇගට යට වෙලා..හයියු ශයිනියගෙ මල් මල් ශී ශරීරය…

ටික වෙලාවකින් එයා අයින් උනා..අහ් නෑ..මන් තල්ලු කරා..

යකින්නියක්ම තමයි

මාව තැලෙනවනෙ

ඉතින් මොකො..

ඉතින් මොකො කියන්නෙ..

හ්ම්ම්..යන්..

ඔයා ඒ අය ගැන දැනන් ඉදලා ඇයි මට නොකීවෙ…

ඇයි කිඑවා කියලා මොනා වෙන්නද

හ්ම්ම් ඒත් ඔයාට තිබ්බා මාව දැනුවත් කරන්න..ඔයා කැලෙ ඉන්නෙ ඒකට කියලා

නෑහ් ඒකට නෙවෙ

එහෙනම්

දඩයම් කරන්න..දැන් කට වහන් යන්..රෑ වෙන්න කලින් එතනට

දඩයම් කරන්න..අනෙ මන්දා මොන මගුලක් කියෝනවද කියලා..ඔන්න ඔහෙ යන්..තනියෙන් යනවට වඩා එයා ඉන්න එක හොදයි..

අපි ඇවිදලා ඇවිදලා ලොකු ගස් තියෙන තැනකට ආවා..එයා බෑග්ස් බිමින් තිබ්බා…බෲනො ගාවට ගියා..

යාලුවා ටයිම් හරි..ඔයාගෙ ජොබ් එකට

බෲනො කෙදිරි ගෑවා..හරියට යන්න බෑ කියන්න වගෙ..එතකොට රෑට බෲනොව කොහෙ හරි යවනවද..ඒකද ඊයෙ රෑත් උන්නෙ නැත්තෙ බෲනො..

බෲනො මන් ලගට ඇවිත් මගෙ කකුල් ලෙව කෑවා…මමත් පාට් වෙලා එයාගෙ ඔලුව අත ගෑවා..දුස්ට දිගාට වඩා බෲනො කොල්ලා මට ආදරෙයිද කොයිද..

දැන් ඇති බෲනො ගෝ..

බෲනො කීකරුයි…හොද හැදියාවක් තියෙන කොල්ලෙක්..එහෙම කියලා අපිට පුලුවන්ද දිගා කියන කියන දෙ කරන්න..බෑනෙ බෑනෙ…

ඔතන මතුරන්න පටන් ගත්තද

ඔව්..මන් මෙ නිදානයක් ගන්න කියලා

අනෙ අම්මපා මේකිගෙ කට..මෙ අහනවා මට තමුසෙ එක්ක ටයිම් පාස් කරන්න වෙලා නෑ..නගිනවා..

නගිනවා..කොහෙටද…

මගෙ …

…තවත් සේයාවකට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *