D & S……….19

**

බෲනෝ ගෝ…

තියෙන ඉරිසියාව මන් බෲනො එක්ක කතා කරන හින්දා වෙන්නැති…ඉතින් සුවච කීකරු බෲනෝ ගොයියා රාජකාරි බලා ගියා..මම දැන් දුස්ට දිගෙක් සමගින් ආයෙම තනිවෙලා…අහො ශයිනිය ඔබට දිගායුගේම පිහිටය..

ඔතන මතුරන්නැතුව එනවා ඉක්මනට නගිනවා..

නගිනවා..මොකේටද

නගිනවා මගේ කරට

හෑ

තලගොයා වගෙ දිව දික් කරන්නැතිව නගිනවා ඉතිම්..

මේ මොකො දිගාට මන් ගැන ආදරයක් වත් හිතිලද…මගෙ සුමුදු මුදු පා යුග රිදේවි කියා බය හිතිලාද…එහෙමත් නැත්තම්….

මැට්ටි නගිනවා ඉක්මනට

මට බෑහ්

අනෙ මේහ් මෙතන ආර්ගිව් කර කර ඉන්නැතිව නගිනවා මෝඩි..

මොන මගුලකටද..කරට නගින්න කියන්නෙ..

කරට නෙවෙ යකින්නියෙ

එහෙනම්..

කෑ ගහන් නැතිව ඉස්සෙල්ලම මෙතනට එනවා..මොන මගුලකට මට මේකිව හම්බුනාද මන්දා

ඔයාට නෙවෙනෙ මාව හම්බුනේ..මාව හම්බුනෙ මගෙ අම්මිට

හරි බම්..මෙන්න මෙහෙ එනවා..

එයා මාව අතින් ඇදලා ලගට ගත්තා..

මොකො

එයා මට මුකුත් නොකියම උඩට අත් දික් කලා…බැලු බැල්මට එක පාර නොපෙනුනාට පුන්චි වැල් ඉනි වැටක් නේද මේ තියෙන්නෙ…හැබැයි ඇත්තටම මට ඒකෙ එල්ලෙන්න ටිකක් අමාරුයි වගෙ..

මගෙ මූණ එයා බලන් ඉන්නවා

ඇයි

ඒක උසයි නෙ..

බොරු

නෑ මේ බ්ලන්න..

මන් අත දික් කරා..චූට්ටක් ඇත්තටම අමාරියි…

ආයෙම උත්සහා කරන්න..

කෝමද

උත්සහා කරන්න..

මන් උඩට අත් දික්කරද්දි..ටික ටික මාව ඉස්සෙනවා වගෙ දැනුනා…එයා එයා ඇත්තටම මාව කරට අරන්..

දැන්

පුලුවන් පුලුවන්..දැන් ලේසියි

එහෙනම් එල්ලිලා නගින්න

ම්ම් හරි..

මම ඒකෙ එල්ලිලා උඩටම ආවා..ඒත් නගින්න නගින්න ගාන්නෙ කොහේටද..මන් ආයෙම පාත බැලුව..එයා බලන් ඉන්නවා

ඇයි මොකො

කොහෙටද නගින්නෙ

උඩටම..නැග්ගම පෙනෙයි

අනෙ මන්දා කවුද හිතුවෙ ටාසන් කෙනෙක් වෙන්න ඇත්තටම වෙයි කියලා…ඔන්න ඔහෙ ඕන එකක්..දිගා ඔබ මා සමග නම් මා ඕන දේකට බය නැතුව පපුව දෙමි..

හෑ…නෑ නෑ පපුව නෙවෙ එඩිතරව මූණ දෙමි…

කියපු විදියටම උඩටම නැග්ගා..ම් ම්ම් කොල ගොඩාක් නෙ..ඒත් මේ මේ ගහෙ කොළ නෙවෙ..අනික මේ ඇත්ත කොළ නෙවෙ නේ..

මන් අතින් ඒ කොළ අතු එහෙට මෙහෙට කළා..අනේ දෙවියනෙ..ගහ උඩ හදපු අට්ටාලයක්..ඒකද උඩටම ගිහින් බලන්න කීවෙ

පේනවද

දිගාගෙ කටහඩ මට යාන්තමින් ඇහෙනවා

ඔව් ඔව්..

හරි එහෙනම්..

මොනාද හරි…ඕනි එකක්..හරිම අමාරුවෙන් බඩ ගාලා ඒකට නැග්ගා…ම්ම්ම් මේක ඇතුලෙ බඩු තියෙනවා…පුන්චි ලයිට් එකක්..ලැප්ටොප් එකක්..ඇත්තටම කොල්ලෙක්ගෙ පුන්චි කාමරයක් වගෙ..

මන් ඒකෙ රූ සිරි බල බල ඉද්දි ලග ලගම හුස්ම වැටෙන සද්දයක් දැනුනා…

එයා මගෙ ලගම ඉන්නවා වගෙ දැනෙනවා

මොකො මැඩම්..ආ

මේක ..මේ

ඔව් මේක…ම්ම්

එයා කරෙ තිබ්බ බඩු මල්ල බිමින් තියලා ඉදගත්තා..ඒ මූණට දාඩිය දාලා..මුතු කැට වගෙ දාඩිය බින්දු දෙකක් කම්මුල් දිගෙ බේරිලා පහලට යනවා…

ඇත්තටම ඒ ඇස් කොටියෙක් වගෙ තියුනුයි…එයා බෑග් එකෙ තිබ්බ බඩු අසුරනවා..මන් තවමත් හිටගෙන මගෙ බෑග් එක කරෙ දාන් එයා දිහා බලන් ඉන්නවා…

ශූස් දෙක ගලෝලා එයා පැත්තකට විසික් කලා…හවස කහ පාට ඉර එලිය ගහෙ අතු අතරින් බේරිලා ඒ මූණට වැටිලා…එයාගෙ අත් වැඩ කරන වේගෙටම මගෙ හිතත් වැඩ වගෙ…ඒ මූණ දිලිසෙනවා…

එයා ඇදන් උන්නු ටී ශර්ට් එක ගැලෙව්වා…හිත ඇතුලට ආව අමුතු හැගීමක් පුන්චි තිගැස්මක් ඇති කලා..

මොකොද අනිමිස ලෝචනෙ ඉවර නැද්ද නෝනගෙ..ආ…

ඇත්තටම මම පුදුමෙන් පුදුමට පත් වෙලා ඉන්නෙ..අහම්බෙන් හම්බුනු දිගා…බෲනො..මේ අට්ටාලෙ…ඒක ඇතුලෙ ගොඩාක් ලොකුයි..අපි දෙන්නටම් කෙලින් හිටන් ඉන්න පුලුවන් කරදරයක් නැතුව…ඇත්තටම ලොකු මිශන් එකක් වෙන්න ඇති…ඒත් ඉතින් මෙයා කියන් නැනී…

බෑග් එක තියනවා මෝඩි…

හා…

මම් බෑග් එක ගැලෙව්වා…ඇවිදලා ඇවිදලා මහන්සියි..මදැයි ඉතින් ශයිනියට වෙච්චි දෙයක්..අන්තිමට දිගාත් එක්ක පැල් කවි කියන්න උනා…

ඒත් පැල් කවි එකක් වත් මට මතක නෑනි..ඔන්න ඔහෙ ඩීජෙ පාරක් වත් දාමූ…

ටික ටික ඉර බැහන් ගිහින්ද කොයිද…කෝ මෙ දිගා..
මන් මෙයත් එක්ක පැල් කවි කියන්න හිතුවා
.මේන් මෙයා මෙතන දොයි…මටත් කරන්න දෙයක් නෑනි..මහන්සි..මමත් එයා ලගින්ම දිග ඇදුනා…කොල්ලෙක් මගෙ ඉස්සරහා..යාන්තමට ඇස් කලුවරට හුරු වෙලා..මන් ඒ කොල්ලා දිහා බලන් ඉන්නවා..කොල්ලා නිදි…ඒ හුස්ම වැටෙන රිද්මෙ මට පේනවා..

ජීවිතෙ පලවෙනි පාරට මගෙ හිතට දෙයක් දැනෙනවා..ඒ පිරිමි පපුවෙ ගුලි වෙලා නිදා ගන්න හිතෙනවා…ඒ පපුව මැද මගෙ හිස තියන් මුලු ලෝකෙම දකින්න හිතෙනවා..ඇත්තටම එයා මගෙ හිත හොල්ලලා නෙවෙද…

අමුතු අමුතු හැගීම් හිතට එද්දි මමත් දිගා එක්ක එහෙම්ම නින්දට වැටෙන්න ඇතී….ඒත් කාලය ගැන කිසි තේරුමක් නෑ….

……………
දඩබ්බර කුලුදුල් හිතක් වෙත
පායා ආ සොමි සඳ…
එපා හැර යන්න කිසිවිට
ඉදින්න මා නෙත් අද්දරම.

………….

මම් කොච්චර වෙලා නිදා ගත්තද මට තේරුමක් නෑ…ඒත් කවුරු හරි මගෙ නල්ලට අත තියනවා දැනුනා…ඇස් අරින්න අමාරුයි වගෙ..ඇගට ලොකු සීතලක් දැනෙනවා…

මාව සට සට ගාලා වෙව්ලනවා…

ශයිනි..

එයා මගෙ නම කියපු පලවෙනි පාර..

ශයිනි මාව ඇහෙනවද

ම්ම් ඔව්

ඔයාට උණ ශයිනි..රස්නෙයි නල්ල…සීතයිද…

ඔව්…

හ්ම්ම්…..අනෙ මන්දා…මේක බොන්න

මොනාද

පෙනඩෝල්

බෑ

ඇයි

තිත්තයි ….මන් බෙහෙත් බොන්න ආස නෑ

අනෙ ශයිනි..මේ කැලෙ වෙන බෙහෙතක් මට හොයන්න බෑ..අනික අපි ගොඩක් කැලෙ ඇතුලෙ ඉන්නෙ..ප්ලීස් බොන්න

මට බැගෑපත් උනු පලවෙනි පාර එයා..හැම වෙලේම තර්ජන ගර්ජන විතරක්ම තියෙන ඒ ගාම්බීර කටහඩ වෙනුවට මුදු පිරිමි කටහඩක්..ඒ කටහඩ ඕනවටත් වඩා මුදු වෙලා…

ඇත්තටම මට උණ වෙන්න ඇති..ඒකනි මේ විකාර දේවල් පේන්නි

අනෙ බබො ඔයා වෙව්ලනවා..ප්ලීස් නැගිටලා බොන්න මේක

දෙයියනෙ හිත හෙල්ලුම් කන තරම්..මෙහෙම ඉල්ලද්දි දෙයියනෙ මොනාද බොන්න බැරි…එහෙම කීවට බෙහෙත්…බෑ බෑ ඒවා තිත්තයි…

ඇයි

තිත්තනි

නෑ..තිත්ත නෑ..බීලා බලන්නකො

බොරු

බොරු නෙවෙ බොන්නකො..ආ

එයා මගෙ හිසකෙ අතරට අතදාලා එහෙම්ම මාව උඩට ඉස්සුවා…

මගෙ ඇස් දිහා විතරක් බලන්න තිත්ත නෑ

ම්ම්ම්..මන් ඒ ඇස් දිහා බලන් පැනඩෝල් දෙක උගුරට දා ගත්තා..එයා බෝතලෙ මගෙ කටින් තිබ්බා…හරි තිත්ත නෑ තමයි….

බඩගිනිද

නෑ…

ඔහොම ඉන්න ඔයා තවම ශූස් දාගෙන

එතකොටයි මන් හරියටම දැක්කෙ..මේක ඇතුලෙ පුන්චි ලයිට් එකක් වැඩ…සමාර විට මට උණ විකාරෙන් පේනවා ඇති..මේ හීනයක්ද කොයිද

බඩගිනි ද ශයිනි

නෑ…සීතයි….

හ්ම්ම්…ඉන්න පොරවන්නම්…

එයා බ්ලැන්කට් එකක් අරන මාව පෙරෙව්වා..මට මෙච්චර සීත දැනෙද්දි එයාගෙන් දාඩිය පෙරෙනවා…එයා බය වෙලා වත්ද…විකාර ඇත්තටම විකාර..

බ්ලැන්කට් එක ඇතුලෙන් එයා මගෙ කකුල් දෙක හොයා ගත්තද කොයිද..මගෙ ශූස් දෙක එයාගෙ දනහිස් දෙක උඩ තියාන ගැලෙව්වා…

එයා මගෙ රිදුම් කන කකුල බලනවා…

ම්ම්ම් මේකෙ විස පැතිරිලාද කොයි ද උණ ගන්න ඇත්තෙ…හෙට උදෙ වෙනකම් මට මේකට කරන්න දෙයක් නෑ..හුම්ම්..ශිට්

මගෙ ඇස් පියවෙනවා…මට එයා ලගින් ඉන්නවා වගෙ දැනෙනවා.. ් ඇත්තටම මට උණ විකාරම වෙන්න ඇති…මට එයාගෙ ඇගෙ රස්නෙ දැනෙනවා..ඒ රස්නෙ මාව සීතලෙන් ආරක්ශා කරනවා දැනෙනවා…නොනවත්වාම මගෙ නල්ල පිරිමදිනවා දැනෙනවා…ඇත්තටම මේ උණ විකාර..

ශයිනිට මොලෙ උණ..හයියූ….

………….

ගොඩාක් දුශ්කර රෑකට පස්සෙ මට ඇහරුනා වගෙ දැනුනා..මුලු ඇගම පන නෑ වගෙ කෙඩෙත්තු ගතියක් දැනෙනවා…එහා පැත්තෙන් දැනෙන උණුසුම නිසාම මන් හීන් සැරෙ අත ගාලා බැලුවා..

දෙයියනෙ…අහ් ..මේ

….තවත් සේයාවකට… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *