D & S………..20

D & S
………..
20

**

ඇඟට දැනුනු උනුහුමත් එක්ක මන් නැගිට්ටා…

ඒහ් මේ..අයියෝ…

ෆිල්ම් වල වත් දැකලා නැති දෙයක් නේද මේ..කෝමද කෝමද මේම වෙන්නෙ…

මට හොදට මතකයි..මන් අන්තිමට උන්නෙ ගහ උඩ නෙ…එක්කො මන් හීනයක් දකිනවා..ඒමත් නැත්තම් මෙයා උඩට ඇවිත්..

පූසෙක් නම් ඕන් විස්වාස කරන්න තිබ්බා…

බෲනෝ…

මෙයාත් හොදට මෙතන නිදි..එතකොට කෝ දිගා..

එක්කො මන් දකින්නෙ හීනයක්..ඔව්..මොන පොතේද තිබ්බෙ බල්ලො ගස් නැග්ගා කියලා..මන් පොරෝනෙ එහාට විසික් කරලා නැගිට්ටා..මගේ කකුලක් වෙලලා බැන්ඩේජ් වලින්…මට මේ පෑගෙන්නෙ ගහ උඩ ලෑලි නෙවෙ..මේ මේ පස්…

එතකොට මන්….බෑ බෑ තවත් නම් මේ දේවල් දරා ගන්න..මන් හයියෙන් කෑගැහුවා…

එක් කෙනෙක් වෙනුවට ගොඩක් අය ආවා වගෙ පේනවා..බෲනො උන්නත් මාව අර හොරුන්ට වත් අහු වෙලාද…ආවෙ කවුද කියලා නොබලම මන් තවත් හයියෙන් කෑ ගැහුවා…

යකින්නියෙ මොකො ආ

ඔය කට නවත්තනවා…

බෑ…බෑ

එලුච්චි වගෙ කෑ ගහන්නෙ නැතුව සද්දෙ නවත්තනවා…මන් වෙඩි තියන්න කලින්

එයා මට ගන් එක දික් කලා..හැම තිස්සෙම මාව මේක පෙන්නලා බය කරනවා…

මට මං ගැනම දුකයි..අනෙ මට ගෙදර යන්න ඕනි..අම්මි ඕනි…

මන් එහෙම්ම බිම දණගහන් අඩන්න ගත්තා…

මොකො මේ

එයත් එතනට පාත් උනා

ඕනි නෑ..හැම තිස්සෙම මාව බය කරනවා..මම දන්නෑ..මන් කෝම මෙතනට ආවද කියලා..ඒත් මට දැන් අම්මි ඕනි..මට යන්න ඕනි..මගෙ යාලුවට උනු දෙ දැනගන්න ඕනි..ඔයා කරන දේවල් මට දැනගන්න ඕනී..මට දැනගන්න ඕනී..

හැමදාමත් මුරන්ඩු ,දඩබ්බර ශයිනි පැරදිලා…නෑ නෑ…අහලා තියේද කොකඩයිල් ටියර්ස් ගැන..මේ ඒවා හොදද..මොකද මට දැන් පිස්සු වගෙ..මේ වෙන දේවල් දැකලා..හැමදාමත් රන්ඩුවෙන්ම දිනන්න බැරි මොහොතවල් එනවා..මේ තියෙන්නෙ ඒ වගෙ අවස්තාවක්..බලමුකො දිගාගෙ පතිචාර.

මැට්ටි නවත්තනවා..ඕක අඩන්න එපා..කියන දේ අහනවකො

මගෙ රගපෑම කොච්චර තාත්විකද කියලා ඔන්න බලාගන්න..

(ඇත්තවශයෙන්ම කියනවානම් ශයිනියගෙ සිත ඩින්ගිත්තක්..ජුන්ඩක් වගෙ මෙව්වා වෙලා තියෙන්නෙ ඉතින්..බොරු කියලා අපායටම යන්නෙ මොකටෙයි)

එයා එක පාරටම ඒ පපුවට මාව තුරුල් කර ගත්තා..

හෑ මේ මොනවද මේ වෙන්නෙ..මට ඕනි මෙයා බදාගන්න නෙවෙ..ඇත්ත දැනගන්න..

ඕනිම නම් ඉතින් වෙන දවසක හිතලා බලන්න බැරි යැයි…

සර්

සර්

දිගාටද මේ සර් කියන්නෙ..

සර් සොරි අපි එහෙනම්.යන්නම්..ඩිස්ටර්බ් වෙනවනි…

ඒ කියන්නෙ මෙයාගෙ ගෝලයො ඒ…දැන් මොකො මන් කරන්න ඕනි..මෙයාට මෙහෙම බදන් ඉන්න දෙනවද…එහෙමත් නැත්තම් තල්ලු කරනවද…අනික මට හැමදේම දැනගන්න ඕනි..මට මෙ පෙහෙලිකා එක්ක ජීවත් වෙලා ඇති වෙලා…

ශයිනි….

ම්ම්ම්

ආයෙ අඩන්න එපා

ඇයි

එපා අඩන්න

හේතුව

හේතූව…හේතුව…හෙතුවක් නෑ….මෝඩි..

එක පාරම මාව බදන් උන්නු කෙනා මාව අතෑරියා..හරියට නිකම් දැලබුවෙක් ගෑවුනා වගෙ අප්පිරියාවෙන්..පිස්සු මෙයාට..කැලෑවෙ ඇතුලෙ ඉදලම..

දැන් තමුන්ට හොදයි නෙ නැගිටිනවා ඉතිම්

නැගිටිනවා තමයි..මමත් මෙතන පැලවෙන්න ආස නෑ…මාව කොහෙද මෙ එක්කන් ආවෙ…මෙච්චර දේවල් තියෙන්නෙ..මට කතා කරන්න ඕනි..මගෙ ගෙදරට..

කට වහන් එනවා යන්න..

එයා මාව ඇදන් එලියට ගියා..දවස් දෙකකින් තුනකින් ඉර එලියට ඇස් හුරු නොවුනු හින්දද මන්දා අමුත්තක් දැනෙනවා..

බලනවා..දැන්..ගොඩක් ප්‍ර්ශ්න වලට උත්තර මෙතන ඇති..මට තමුන්ව මෙතනට අරන් එන්න උවමනාවක් තිබ්බෙ නෑ..ඒත් එදා රෑ තමුන්ට උණ වැඩි වුනා..

එදා රෑ කීවෙ..කොදා රෑ ද..ඊයෙ නෙවෙද..

නෑ

එහෙනම අද තුන්වෙනි දවස…එදා රෑ අට්ටාලෙ උඩදි තමුන් උන විකාරෙන්කරපුවා මතකද

මේ මොනාද මෙයා කියන්නෙ..ඇත්තටම මන් උණ විකාරෙන් මොනා හරි කරාද.මෙයාගෙ කෙප්පයක්…

මොකො තනියෙන් මතුරන්නෙ ආ..

මුකුත් නෑ

එහෙනම්.අහගන්නවා..මට මහන්සියට නින්ද ගියා..පස්සෙ ඇහරිලා බලද්දි යකින්නි නිදි මගෙ ඇගට හේත්තුවෙලා..කෙල්ලෙක් උනාට කිසි චාරයක් නෑ..කොල්ලෙක්ට නිදියන් ඉන්න දෙන්නෙත් නෑ..ඒ මදිවට වෙව්ලනවා..සට සට ගාලා..මන් කැම්බල් එකක් අරන් ් පෙරෙව්වා..ඒත් තමුන්ගෙ ඇගෙ රස්නෙ අඩු වෙන්නෑ….ඒ නිසා

ඒ නිසා..

මෙයා ඒක කීව විදියට කෙලත් ගිලිනා…ඒ නිසා මොකක්ද කලේ හෑ…

ඒ නිසා මන් කොල්ලෙක්ට කෙල්ලෙක්ට කරන්න පුලුවන්……අන්න ඒ දේ කලා .

කොයි දේද..අනෙ කියනවකො

යකින්නිම හිතා ගන්නවා…එදා රෑ එහෙම..මුලු රෑම…පස්සෙ ඊලග දා කකුල ඉදිමුම වැඩි..මන් හෙන ගේමක් දීලා තමුන්ව පහලට අර ගත්තෙ..ඊලගට මෙහෙ එක්කන් ආවා…

..මෙයා කියන විදියට මම දැන්..හයියු දෙයියනි.. එයා මගේ මූණ කියෝනවා..තුනීයට හිනාවකුත් තියේද මන්දා..ඒත් මන් බලද්දි ඒ හිනාව නැති වෙනවා…

ඇත්තටම මම දැන්…අනේ..හුම්..හුම්ම්..

මන් ලොකු සුසුමක් පිට කලා..ඇත්තටම එහෙම නම් උනෙ..මම එයාට අයිති වෙලා..මන් දන්නෙම නැතුව…ඒත් මන් බලන් ඉන්නෙ හිටියෙ ඒක නෙවෙයි එන්කවුන්ට එකකදි මේ දුස්ට දිගාව එක පාරින් බිම දාන්න..දැන් බලන් යද්දි දිගානෙ මාව බිම දාලා තියෙන්නෙ..මීට වඩා හොදයි ශයිනියො වලක් හාරන් මැරුනනම්…

මොකො නෝනා සද්ද නැත්තෙ..මෙ කොහිද කියලා දැනගන්න ඕනි නැද්ද දැන්..ආ

තමුසෙ තමුසෙ නපුරා දුස්ටයා…උණ හැදුනු කෙල්ලෙක්ට එහෙම කලා ආ..ආ…කාගෙන් අහලද..කොහොමද හයියක් ආවෙ මගෙ ඇගට අත තියන්න වත්..මන් මන් තමුසෙට දානවා නඩු ඉන්නවකො..මෙහෙන් ගියාම

මන් දිගාට ගහගෙන ගහගෙන ගියා..වෙනදා වගෙ එයා මුකුත් කරන්න ගියෙ නෑ හිනා වෙවි බලන් උන්නා මිසක්..

තමුන් මට නඩු දානවද

ඔව් දානවා

බඩුවක් පෙන්නන්නද

මොකක්ද..

එක්කොත් ඕනි නෑ

මොකක්ද මොකක්ද කියනවා..

මමත් කොල්ලෙක්නෙ..මෝඩි..මොකටද ආවෙ මන් ලගට ආ…මන් ඒ සුවිට් මෙමරීස් සේරම වීඩියො කලා…

මොකාක්

යෙප්

ශික් මන් හිතුවෙ නෑ ඔයා ඕමයි කියලා

නෝනාලාව විස්වාස කරන්න බෑනි..මන් කලෙ ටීට්මන්ට් එකක්..හැබැයි පලවෙනි පාර..ඊට පස්සෙ ඉතිම්ම්..හී…ශා..මතක් වෙද්දිත්…

තමුසෙ..තමුසෙ…ඉන්නවා..මම මන් තියෙනවා වෙඩි…නෑ මන් වෙඩි තියා ගන්නවා..ඉන්නවා

මන් එයත් එක්ක ඔට්ටු උනා…ඇත්තටම එයා කියන ඒවා ඇත්ත නම් කොච්චර නරකද..ශිට්..වෙඩි තියන්නඕනි වල් ඌරෙක්ට වගෙ…ඔව්..ඔව්..ඔව්

එයා මගෙ අත අඹරෝලා අනිත් පැත්ත හැරෙව්වා..පස්සෙ මාව තද කරන් මගෙ උරහිසෙ එයාගෙමූණ තිබ්බා..

මේ මෝඩි අහනවා…ලෙඩ හැදිලා ඉන්න කෙල්ලෙක්ට එහෙම කරන්න මට උවමනාවක් නෑ…මන් එහෙම ජරා කොල්ලෙක් නෙවෙ..තෙරුනාද..ඇත්තටම මන් හිතුවෙ තමුසෙගෙ ගෙම්බර් බහීද කියලා

වෙන කෙල්ලෙක්ට ඔහොම කීවා නම් මෙතන අඩන්න ඕනි.ඒකටත් යකො මේකි…මන් නිකම්.යැයි යකින්නි කියන්නෙ…

එයා මාව අහකට තල්ලු කරා…ඇත්තටම එයා කොයි වෙලෙ කියපුවද ඇත්ත එතකොට..මමත් හිතනවා එහෙම දෙයක් නොවෙන්න ඇති කියලා..

ඇත්තමද කියන්නෙ

නැතුව…අනික

අනික මොකක්ද

කවුද හලො තමුන් වගෙ කොලු බාගයක් එක්ක ඒවා කරන්නෙ..තමුන්ට ගෑනුකමක් ගෑවිලා වත් තියේද ආ

මොකක් කීවෙ

ඇහුන දේ තමයි කීවෙ

මෙයා අද මගෙ ඩයලොග්ස් මටම කියනවා..යකඩෝ…මම..ඉන්නවකො…මන් එයා ලගට ගිහින් උඩ පැනලා ඔලුවෙන් ගැහුවා..ඇත්තටම මන් කොච්චර බය උනාද

උහ් අම්මො මේකි නම්..මට මරන්න හිතෙ මේකීව…

ඉතින් මරනවා මන් බය වෙයි…මේහ්….

මරනවා තමයි ඉන්නවකො…

එයා මට තුවක්කුව දික් කලා…හුම්ම් මමත් බය උන් නෑ…හැම තිස්සෙම ඕක පෙන්න පෙන්න බය කරන්නෙ…මරනවනම් මරපු දෙන්..මටත් දැන් දුස්ටයෙක් එක්ක කැලේ ඉදලා ඇති වෙලා..එන්න එන්න අබිරහස්ම මිසක් විසදුම් පේන්නෙත් නෑනි..හහ්…

මන් තියනවා

ඉතින් තියනවා…මමත් මෙ බලන් ඉන්නෙ

(එහෙම කීවට හිතෙ බයකුත් නැතිව නෙවෙ)

මේ දුස්ටයා මාව මරයිද..එයා මට තුවක්කුව මාන බලලා …..ඒක රිලිස් කලා…

අහ්……

…තවත් සේයාවකට….

එන්න එන්නම අබිරහස් වැඩි වෙනවා වගෙ නේද?මොකද ඉතින් හිතෙන්නෙ..කතාවෙ කොටස් විස්සකුත් බෑ කිය කිය ලියැවුනා…මෙතුවක් කල් ලයික් විතරක් දාන් ගිය අය කතාව ගැන ඔයාලට දැනුන දෙ කියන් යන්න හොදෙ…ඔයාලගෙ වචන තමයි තව තව ලියන්න හිතට ශක්තිය දෙන්නෙ… 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *