D & S……….23

**

මගේ තේ හැදීමයි මෙයාගෙ කඩෙන් කෑමයි ගැන මන් දන්නෑ..මට දැන් යක් පැටියෙක් කන්න බඩගිනියි…

දුම් දාන බත් එක මන් අතට ගත්තා..ඔන්න දැන් අහන්න එපා හෑන්ඩ් වොශ් කලාද කියලා..මේ කැලෙ වතුර හිගයි නෙ…ඉතින් අපලාදෙනේ…මන් එතන තිබ්බ ස්ටූල් එක ඇදන් දිගා ලැප් එක තියන් ඉන්න පුන්චි ටේබල් එක උඩින් බත් එක තියන් කන්න ගත්තා…

අපෝ පරිප්පු,මැල්ලුනුත් හදලා…මෙ මැල්ලුම්ද බෙහෙත් කොල වගයක්ද මන්දා තිත්තයි හොදටම මන් මැල්ලුම් ටික අයින් කලා

පරිප්පුයි සෝයාමීටුයි රසයි…අපිටත් උයන්න පුලුවන්..නොඋයා ඉන්නෙ පබ්ලිස් සීයලා ,ජෙරල්ඩ් අන්කල්ලා වගෙ චෙෆ්ලට තැනක් නැති කරන්න බැරි නිසා..නැතුව බැරි කමට නෙවෙ..

මැට්ටි..

අපො කන වෙලේටවත් ඉන්න දෙන්නැති නපුරා..

ඇයි වදෙ

යකින්නියෙ කනවා මැල්ලුම්

බෑ තිත්තයි

කනවා මෝඩි

බෑ කීවනි

ආ එහෙමද….ඉන්නවකෝ

එයා මගෙ බත් පිගාන අතට ගත්තා..මොනාද කරන්න යන්නෙ මෙයා..බත් එක හොදට ඇනුවා..හපො දැන් ඉතින් බත් ටික කන්න වෙන්නෙත් නෑ..

කෝ අරිනවා කට

මට බෑ

අරිනවා මෝඩි ශූට් කරන්න කලින්

මෙ තුවක්කුවක් හින්දා තියෙන වදයක්..

ආ නෙවෙ ආ ඒවා සීයක් කියනවා අරිනවා කට..රන්ඩු කර ගද්දි කිඹුලි කට ඇරියා වගේ කට අරින්නෙ කෝ අරිනවා

කෝම හරි බලෙන් මට ඉස්මුරුත්තාව හැදෙන කම් එයා මට බත් කැව්වා..තව නම් ඉඩ නැ

තව කටවල් පහයි..අරිනවා කට

මට ඇති අනෙ..

ඇති නෑ අරිනවා ශූට් කරන්න කලින්

හා මන් ශූට් කරවන්නකො..

කෝමත් මන් වෙජිටේරියන් නෙවෙ නෙ..හුග දාකින් මස් කෑල්ලක් කන්න බැරි උනා..ඉන්නවකො..පිස්සු බල්ලන්ට බෙහෙත් ගහලනි ඇත්තෙ..බෲනොට වගේම…

එයා ඊලග කට කවද්දි එයාගෙ ඇගිලිත් එක්කමයි මන් හැපුවෙ..

ආහ්..අම්මෙ..යකින්නි…

ඉතින් කවනවා

මට මොකො බඩගින්නෙ ඉන්නවා මෝඩි රෑට නෑ කන්න

කමක් නෑ

මොඩි

එයා මගේ බත් එකෙ ඉතුරු ටිකත් එයාගෙ එකට දාන් කන්න ගත්තා..එයාට අප්පිරියා නැද්ද මන් කාලා ඉතුරු බත් කන්න…ඇයි එයා තාත්ති වගෙ මට
කැව්වෙ..බෑ දෙයියනෙ ශයිනිගෙ චුට්ටන් පපුව සිදෙ..මගෙ හදුන් පොත කීන් ගානවා..

….

කාලා ඉවර වෙලා මිශන් එක කරන්න ඕන විදිය ගැන ආයෙම කතා වුනා .මට දැනගන්න ලැබුනු විදියට මෙ මෙහෙයුම ලන්කාවෙ අන්ක එකෙ අන්ඩර් වර්ල්ඩ් කින්ග් කෙනෙක් අල්ලගන්නයි කරන්නෙ..

එයාට හැමරටකම මෙම්බර්ස්ලා සම්බන්දතා තියේලු..මෙ එයා ලන්කාවට ඇවිත් තියෙන්නෙ අවුරුදු තුනකට පස්සෙලු…එයා ලොකේ කොයි රටෙ උන්නත් ලන්කාවෙ සිද්ද උනු ගොඩාක් දරුනු මිනිමැරුම්,මංකොල්ලකෑම් හැමදේකටම එයා හරි එයාගෙ ගෝලයො හරි ගෑවිලා ඉන්නවලු..ඒ වගේම ගොඩක් පාර්ලිමන්ට් මෙම්බර්ස්ලා එයාට සපෝට් ලු…ගොඩාක් කල් ඉදන් රිසර්ච් කරලා තමයිලු එයාලා මෙ අවස්තාව උදා කර ගෙන තියෙන්නෙ…

අනෙ මන්දා කොට්ටෝරුවා ගහෙන් ගහට කොටලා කොටලා කෙසෙල් ගහට කෙටුවම හොට අහු වෙනා වගෙ ශයිනියත් දිගාට අහුවෙලා අන්තිමට ලොකු ගේමක් දෙන්න යන්නෙ..

මේ සීරියස් වෙලාවෙත් මට සින්දු මතක් වෙනවා..

ගේමක් දීලා ගිය අවුරුද්දෙ
වැලිකඩ ඉදලයි එලියට ආවෙ
මේ අවුරුද්දෙ චන්දෙන් දිනලා
හොරකම් කරලයි ජීවත් වෙන්නෙ
පාතාලයා මන්..නෑ නැ ශයිනි බබා මන්…
දිගා ගෙ ගැටේට අහු උනු මැට්ටි තමයි මන්…අනෙ මන්දා සින්දුවක්ද සින්දු කීපයක එකතුවක්ද කියලා.

ඇත්ත වශයෙන්ම කියනවනම් ශයිනි මෙ වෙලෙ ඩාන්ස් පාරක් දදා උන්නෙ..මොකද ටෙන්ට් එකෙ උන්නෙ මන් විතරක් නිසා..

ඒ මෝඩි

අහ්..ඕනි වෙලේක මේක අස්සෙම රින්ගනවානෙ…මල වදෙ..

ඇයි

මන් හැරෙන් නැතුවම ඇහුවා…

මේක ඇදගන්නවා

මොකක්ද

ආ ගන්නවා..

ම්ම්ම් කොලපාට ටී ශර්ට් එකයි බොටම් එකයි…

මට මොකටද

ඔයත් අපෙ මෙම්බර් කෙනෙක් හින්දා..එක්කෙනෙක් වත් වෙන වෙනම අදුන ගන්න බැරි වෙන්න හැමෝම එකම විදියට අදින්න ඕනෙ

හුම්ම්.හුම්ම්..

මන් ඒ ඇදුම් අතට ගත්තා..ම්ම් බොටම නම් හරි යයි ඒත් මෙ ටී එක මට ලොකුයි

මෙක ලොකුයි..මට බෑ අදින්න

මෙ අහනවා මෝඩි..අපි යන්නෙ ෆැශන් ශෝ එකකට නෙවෙ අන්ඩර් වර්ල්ඩ් කින්ග් කෙනෙක් අල්ලන්න..

හ්ම්ම් ඉතින් ඒත් මේක ලොකූ නෙ

මේ අහනවා නාහෙන් අඩන් නැතුව ඕක අදිනවා..මමයි ලොකු ටී එකක් තේරුවෙ..තමුන් කෙල්ලෙක් කියලා නොපෙනෙන්න..අපිත් එක්ක ඉන්න තවත් කොල්ලෙක් වගෙ පේන්න ඕනු

හ්ම්ම් ඒ හින්දද..හ්ම්ම් හ්ම්ම්ම් හා..හා…

ඒ උනාට මන් හිතන් හිටියෙ ෆැශන් ශෝ එකකට යනවා කියලා

කට නම් තියෙනවා වක්කඩ වගෙ..මෙ අහනවා තව එකක්

මොකක්ද…

ඔය අශ්ව වලිගෙ නොපෙනෙන්න කොන්ඩෙ හදා ගන්නවා..මෙ කැප් එක දාගෙන

ඒ මොකටද

මන් කීවනෙ අපි සෙරම කොල්ලො..ඔයාවත් ඒ වගෙ පේන්න ඕනි..කොහොමත් හැසිරීම එහෙමනි..ඕකෙ අමුත්තක් නෑ…කොලු බාගෙ..ලෑස්ති වෙනවා එහෙනම්..අපි යන්න ඕනි

මහ වරුසාවක් ගොඩොන් ගොඩොන් ගාලා බිමට වැඩිලා පෑයුවා වගෙ දිගා ගියාම…ඒත් ඒ හැම ඕඩර් එකක් පිටිපස්සෙ මොකක්දො හැන්ගිලා තියෙන බවක් දැනෙනවා..ඔන්න ඔහෙ ඕනි එකක් හැන්ගිලා තිවුන දෙන්..

අයි ඇම් රෙඩී…මන් එයා කීව විදියටම කොන්ඩෙත් කැප් එකට වැහෙන විදියට හදන් එලියට ගියා..

කෝසල… රහීම්,දේශාන්,අනිත් කෙනාගෙ නම මතක නෑනෙ..හතර දෙනාම මන් දිහා බලන් උන්නා

ඇයි මොකො

අම්මො සැර…මේ අපෙ සර්ට දෙයියන්ගෙම පිහිටයි

පිස්සු

හ්ම්ම් පිස්සු නම් හැදිලා තමයි ඉන්නෙ එයා..

ඔයාලා මොකො මට හිනා වෙන්නෙ

ස්කෝලෙ දහවසරෙ කෙල්ලෙක් වගෙ ලස්සන චූටි මල්ලියෙක් වගෙ…නියමයි…නියමෙට ඇදලා

ඇත්තමද…දැන් මන් කෙල්ලෙක් කියලා පේන්නැද්ද

කෙල්ලෙක්ගෙ තොල් කම්මුල්..ඒවා වෙනස් නෙ..හැබැයි උවමනාවෙන් බැලුවොත් මිසක් හොයන්න බෑ නංගී

න්ංගී…

මන් ඒ වචනෙ ඇහුවෙ කොච්චර කාලෙකින්ද..මට මගෙ අයියලා මතක් උනා..එයාලා මාව හොයන් නැත්තෙ ඇයි ඒක මට ප්‍ර්ශනයක්..හුම්ම්

මොකො

මුකුත් නෑ..කෝ මෙ දිගා

මොකා

දිගා

ඒ කීවෙ

අයියො මට අමතක උනා..ඔයාලගෙ සර් අනෙ

හික්ස්…සර්ටද එහෙම කීවෙ

කීවෙ නා නම කෙටි කරා

හදිස්සියෙ හරි මෙ හතර දෙනා ඒකත් කනෙ තිබ්බොත් ශයිනියට අබ සරනයි

මේ න්ංගිව අදුන ගන්න බැරි වෙන්න තවත් වැඩක් කරමු

මොකක්ද

ඉන්නකො

එයාලා බෑග් එකක් ඇද්දා…ම්ම්ම්

මෙ තියෙන්නෙ

මේ මොකද්ද

ඉන්නකො නංගො

මගෙ මූනෙ මෙ සැවුලක් නේද ඇලෙව්වෙ..හී ශෝයි..දැන් මන් ශයිනි නෙවෙ..නම වෙනස් කර ගන්න ඕනි..ශයිනා…නෑ ශයින..ශයි..අයියො ඕනි එකක්..ශයි…ශයි කොල්ලා

අපි කියො කියො ඉද්දි එතනට දිගා ආවා

ඔන්න ඔයාගෙ දිගා එනවා…දිගා දැක්ක වෙලෙ ඉදන් මෙයාලා ඒක මට හොරෙන් කිය කිය හිනා වෙනවා

ඇත්තටම අද මාව අම්මි දැක්කත් අදුනන් නෑ…ඒ තරමට මගෙ පෙනුම වෙනස් ..එයාලා හරි මන්ද පොඉශනෙ හරියට හැදුන් නැති චූටි මල්ලියෙක් වගෙ…දිගා වගෙ නෙවෙ අනිත් අය මා එක්ක හොදටම ෆිට් උනා..

ඉතින් ඔක්කොමල්ලා හැම දේටම ඕන දේවල් රෙඩි කර ගත්තා..අපෙ උදව්වට කට්ටිය ඇවිත් ඉන්නෙ කියන පනිවිඩෙ ලැබෙද්දි හයයි..තව ටිකක් රෑ වෙනකම් ඉන්න ඕනිලු

කවුද හිතුවෙ ශයිනිට ශයි වෙලා මේ වගෙ ඇඩ්වෙන්චර් එකකට මූන දෙන්න වෙයි කියලා..ඇත්තටම මගෙ පුන්චි කාලෙ ඉදලම තිබුනු ආසවක් මෙ..ඇඩ්වෙන්චර..මන් පොලිසියට බැදෙන්න හේතුවත් ඒකයි…ම්ම්ම

් මන් හීන මන්දිරේක ගඩොලින් ගඩොල හද හද ඉද්දි දිගා ඇවිත් පලවෙනි ගඩොලම අයින් කරා..ඉතින් හීන මන්දිරෙත් එක්ක මන් ඩොග්…

ඒයි

ඇයි

අල්ලනවා අත

මොකටද

අල්ලනවකො

හුම්ම්

මන් අත දික් කරා

එයා මගෙ අතින් අල්ල ගත්තා…පුදුම රස්නයක් දැනෙන්නෙ ඒ අතෙ..ඒ වගෙම හිතට දැනුනෙ පුදුම ආරක්ශාකාරි හැගීමක්

මගෙ ඇස් එක්ක ඒ ඇස් පැටලිලා..ටිකකින් එයා අහක බලා ගත්තා..ඒත් ශයිනියා තවම ඇස් දෙකෙ පොට ගෙවිලා යනකම් පොටො ගන්නවා..

ශයිනි

ම්ම්ම්

චූටි යකින්නියෙ

ඇයි

මේ අහන්න

අහන් තමා ඉන්නෙ

හ්ම්ම් ..අපි යන්නෙ ලොකු ගේම් එකකට..සෝ පිලීස් අපෙ කෙනෙක් එක්කම ඉන්න ඕනි..ඔයා එක්ක බෲනො ඉදියි..මට ඔයා ලගම ඉන්න බැරි වෙයි..ඒත් මගෙ කොල්ලො හතර දෙනාගෙන් එකෙක් ගාවම ඔයා ඉන්න ඕනි..තනියෙන් ඉන්න බෑ…

හ්ම්ම්

තව එකක්

මොකක්ද

මට මගෙ ගෝලයන්ට මොනා උනත් ඔයා පොරොටෙක්ට් වෙන්න ඕනි..මේ බෑග් එක දාගන්න

මොකක්ද

අහන්න එපා..මේ බෑග් එක ඔයාට ඕන වෙයි..තියා ගන්න.. හදිස්සියෙ හරි මේක අවුල් ගියොත් ඔයාව පොටෙක්ට් කරන්න බෲනොට කියලා තියෙන්නෙ .අපි ගැන බලන්න එපා ඔයා බෲනො එක්ක යන්න ඕනි..හොදද

ඇයි එහෙම කියන්නෙ

මට ඕනි හින්දා

මට බෑ

මුරන්ඩු වෙන්ඩ බෑ..ඔන්න මන් පොරොමිස් ගත්තා..මට මගෙ ගෝලයන්ට මොනා උනත් ඔයා දුවන්න ඕනි බෲනො එක්ක..බෲනො දන්නවා එයා යන්න ඕනි තැන..ඔයා ඕකෙ තියෙන ඒවා ඊට පස්සෙ බලන්න හොදද..පරිස්සම් වෙන්න..බුදු සරනයි..මට ඉන්නෙ…

මන් බිමට නවන් උන්නු ඇස් ඉස්සුවා.. ඒ ඇස්වල මට නොකීව කතාවක් ලියැවිලා…මගෙන් මාව ඉල්ලනවා වගෙ දැනෙන්නෙ ඇයි මට…මට තේරෙන්නෑ…

හ්ම්ම් ඔන්න ඔයා පොමිස් උනා..හරි ටයිම්..අපි එහෙනම් යන් චූටි යකින්නියෙ…

හා

ෆිට් නේද

ඔව්

අපි හය දෙනා ඔක්කොමල්ලා අත් ඉස්සරහට දික්කරා එකිනෙකාගෙ අත් උඩින් තියා ගත්තා..

එහෙනම් අපි යන්..වී කැන් ඩූ..වී ආර්ද බෙස්ට්..ඇරෙස්ට් මීරා ඇන්ඩ් පොටෙක්ට් ශයිනි…

අපි එකිනෙකාව වැලද ගත්තස්..අර හතර දෙනාව හග් කරද්දි මට දැනුනෙ මන් මගෙ අයියලා ලග ඉන්නවා වගෙ .ඒත් දිගා…එයාමාව හග් කරපු විදියට මට මුලු ලෝකෙම එයා ලග නේද කියන හැගීම දැනුනා…

එහෙනම් ලෙට්ස් ගෝ

මිශන් D

ඒ එයාටනි..මිශන් D නෙවෙ..මිශන් D& S..

…තවත් සේයාවකට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *