D & S………24

**

ඉතින් අපි අපෙ ගමන පිටත් උනා…මට නම් කැලෙ ගැන..පිහිටිම ගැන තේරුමක් නෑ…ඒත් පිරිමි පස් දෙනෙක් මැද උන්නත් මට කිසි බයක් දැනුන් නෑ..ඒ මගෙ ලගින්ම දැනෙන පිරිමි පපුවෙ සුවඳ නිසා…
අහ් සොරි සොරි පිරිමි පස් දෙනෙක් නෙවෙනෙ..ඇයි බෲනො කොල්ලා.ඌත් එක්ක හයයි..

ඇත්තටම ශයිනියගෙ හිතට මොන මොනාදො වෙලා..තේරෙන්නෑ..කෝම කියන්නද කියලා..

මෙ අවස්තාවෙදි ශයිනියගෙ ශර්ලොක් හෝම්ස් මොලෙ වැඩ කරන්නෙ මෙන්න මේ ආකාරයටයි..සිදු වීගෙන යන සිදුවීම් පිලිබද පැහිදිලි විස්තර පචාරයක් සපයන්නෙ නම්….කෙසේද වත්

ඔව් මෙ අවස්තාවේදි ඔබ සැමට බලා ගත හැකි වන පරිදි මිස්ට දිගාස් ගොයින් ඉන් ඉදිරියෙන්..සෙකන්ඩ් ගෝස් රහීම්..තර්ඩ් මී ඇන්ඩ් මයි කොල්ලා..බෲන් ගොයියා..ෆෝර්ත් සික්ස් ..පයිව් මට පේන්නෑ..ඇස් තියෙන්නෙ ඉස්සරහට විතරක් නිසා..ඒත් අනිත් තුන් දෙනත් එන බව නම් කොල සර සර ගෑවෙන සද්දෙන් දැනෙනවා..ෆන්ටෑස්ටික් සික්ස් වගෙ අපි සෙට් එක ගේමට එන්ටර් වෙලා..ඇත්ත වශයෙන්ම කීවොත් බකමූනන්ගෙ හුම් හුම් නාදයත්,දෙසවන් බිහිරි කරවමින් තොරතෝන්චියක් නැතිව වටෙ පිටෙ ඕපාදූප කියවන බක බක නයිදේලාගෙ සබ්දයත් ඉදහිට පයට..හා වැරදුනා..සූශ් වලට පෑගෙනා කොලයක අති බයන්කාර,නිලන්කාර සද්ද සෙට් එකක් ඇරෙන්න ඇල්පෙනිත්තක් වැටුනත් ඇහෙන තරම් හිමින් අපි ඉස්සරහට ගියා…

යනවා යනවා යනවා ඉවරයක් නෑ..ශයිනි බබාගෙ පුරුශ දහිරියත් දාඩිය එක්ක යාලු වෙලා බිමට වැටෙන කම්ම ඇවිද්දා.. ඒත් එක පාරම දිගා තම දිගු හස්තය පිටු පස්සට දික් කෙරුව්වා ඕන්..ඒ මොකක්ද..ඒ කුමක් විය හැකිද..දිගා අපිට ඔහොම නතරවෙනු කියා කමාන්ඩ් දුන්නා නේද ඒ..ඔව් ඔව් එය තමයි..ඊටත් පස්සෙන් අඳ ගොලු බිහිරි හස්ත මුද්‍රා භරත කතක් මෙකි නොකී සියලු දෙ යූස් කරලා එකිනෙකාව ට්‍රැෆික් රාලහාමි වගෙ වෙන් කෙරුවා(ශුවර් ඉස්සරම මෙයා ඉන්න ඇත්තෙ හන්දියෙ ට්‍රැෆික් එකෙ)

මන් කොහේටද..එහෙම හිත හිතා තැවි තැවි ඉන්නකොට හිරු දුටු පිනි බිදු මෙන් දිගාත් බෲනො කොල්ලත් ඇරෙන්න අනිත් අය වාශ්ප වෙලත් ඉවරයි…

මුකුත් කියන්න කට අරින්න කලින්ම දිගා මට දෙයක් දික් කරා..

මේ..

ශ්…

එයා මට කතා කරන්න එපා කියලා කටෙ ඇගිල්ලක් තියන් පෙන්නුවා..එයා දික් කොරලා තියෙන්නෙ..අහ් ගන් එකක්…

මමත් දන්න අද ගොලු භාශාවෙන් මටද කියලා ඇහුවා..

ඕනම උනොත් ගන්න..

මන් ෆිට් කියලා මහපට ඇගිල්ල පෙන්නුවා…මට කතා කරන්න එපා කියලා එයා කතා කරනවා..

එයාගෙ හැගීම් නැති මුන කලුවරෙ නොපෙනුනත් (ආයෙ ඉතින් අපායට ගහපු ක්ලැන්ඩරෙ වගෙ ලාචෝරු..දැක්කයි කියලා වෙනසක් නෑ)ඒ දිග ඇස් හීනි වෙනවා දැක්කා..ඒ කියන්නෙ එයා හිනා උනා…

දැන් එතකොට මන් හිනා වෙන්න දෙයක් කොරාද..ඔයාලම කියන්න..කතා කරන්න එපා කියපු හින්දා එෆ් බි මැසේජ් වල ඔකේ බට්න් එක වගෙ මමත් කලා…

ශයිනි..කම්..

එයා මාවත් ඇදන් කැලෙන් එලිවෙලා තිබ්බ පැත්තකට ගියා..

ඒ දේවල් දැක්කම මගෙ ඇස් මටම අදහා ගන්න බැරි උනා..දෙවියනෙ මේ ගස් කපලාම හදපු ලොකු එලිමහන් තැනක්..ඇත්තටම මෙච්චර ලොකු තැනක් හදන කම් මෙ රක්ශිතෙ අය නොදැන උන්නෙ කොහොමද..මන් අහලා තියෙන විදියට ලන්කාවෙ යුද්දෙ තිබුනු කාලෙ මෙහෙ කොටි හැන්ගිලා ඉදලා තියෙනවලු..හ්ම්ම් ඒ වගෙ මෙයාලත් ඉන්න ඇති..ඒත් මෙච්චර සන්විදානාත්මකව..මන් කීයටවත් හිතුවෙ නෑ…මන් හිතුවෙ පුන්චි තැනක් කියලා..මෙතන හොරු කී දෙනෙක් ඇද්ද..අම්මො අහු උනොත් හොදි ඕනි නෑ..ඒත් හිතට අමුතු ෆිට් එකක් දැනෙනවා..මා එක්ක ඉන්න කෙනත් එක්ක..

මම බය වෙලාද නැද්ද මන් දන්නෑ ඒත් මෙ මොහොතෙ මන් උන්නෙ එයාගෙ අතේ එල්ලිලා..ඉතින් මගෙ ලෝකෙ වීරයා ලග ඉද්දි මන් ඇයි බය වෙන්නෙ…

අපි පුන්චියට හදලා තිබුන ලි මඩුවක් ලග නැවතුනා..මට කිසි දෙයක් ගැන වැටහුමක් නැති නිසා එයා කරන දේකට සපෝට් කරනවා ඇරෙන්න..කරන්න දෙයක් නෑ..ඒත් මට දැනෙන විදියට එයා මෙ තැනට ආගන්තුකයෙක් නෙවෙ..ඒ කියන්නෙ මෙ තැන ගැන එයා හොද අවබෝදයකින් ඉන්නෙ..

ශයිනි..

ම්ම්ම්

මතකයිද නේද කියපුවා

ඔව්

හරි යන්..මෙතනින් එහාට මොනා උනත් ඔයා මන් කියපු විදියට වැඩෙ කරන්න ඕනි..

ඇයි හැම තිස්සෙම එයා මට එහෙම කියන්නෙ..ඇයි එලවන්නෙ මාව මේ විදියට…මගෙ හිතට අමුතු තිගැස්මක් එන්නෙ ඇයි….මට බයක් දැනෙනවා…ඒත් ඇයි..

…තවත් සේයාවකට…

සූට්ටයි ලීවෙ…ඉතින් බනින්න එපො..ටයිම් ලැබෙන විදියට ලීවෙ… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *