D &S……..25

**

මට තේරෙන්නෑ එයා මේ විදියට කියන්නෙ ඇයි කියලා..එයා ඒක කියන විදියට මට බයක් දැනෙනවා..හුම්ම්…

මන් ඇස් පියාගෙන පාර්තනාවක් කරා..**දෙයියනෙ එයාට කරදරයක් වෙන්න එපා..එයාගෙ හිතෙ තියෙන විදියටම මෙ හැම දෙයක්ම සිද්ද වේවා**

මට මන් ගැනම පුදුමයක් දැනෙනවා..කවදාවත් නැතුව පලවෙනි පාරට මගෙ හිතට බයක් ඇවිත්..මන් වෙනුවෙන් නෙවෙ..වෙන කෙනෙක් වෙනුවෙන්..ඒකත් කොල්ලෙක් වෙනුවෙන්..

යන්..

අපි යද්දිම අපෙ ඉස්සරහට කෙනෙක් හම්බුනා..දෙවියනෙ මගෙ ඇග සීතල උනු තරමක්..එත් ඒ ආව කෙනා හිතන්නත් කලින් දිගා සද්දයක් නැති වෙන්න ඒ මිනිහව බිම දැම්මා..

වෙලාවක දිනයක් දාන් යන්න ඕනි මෙ නපුරු දිගා ගෙන් එයා දන්න කරාටි,ගුජරාටි ,මරාටි,මරුටි..ප්ලෙන්ටි ඔය සේරම ඉගෙන ගන්න..ඒත් ඉතින් ඒ සේරම කරන්න මෙන්න මෙ වැඩෙ ඉවර වෙන්න එපැයි…

එයත් මමත් ඇතුල් උනෙ තරමක් ලොකුවට හදලා තිබුන පැලකට ..ඇත්තටම ඒක පැලක් විදියට පෙනුනෙ එලියෙන් විතරයි…

එයා ඒක ඇරියෙත් කිසි ගානක් නැතුව..මන් පස්නයක් අහන්න කට ඇරියා විතරයි..එයා මගෙ කට අතින් තද කරා..

හැම පහසුකමක්ම තියෙන හොටෙල් රූම් එකක් වගෙ..ලැප් එකක්,පෝන් තුනක් ඒ එක මේසේක..දිගා ඒ පෝන් තුනම අරන් මන් ගාව තිබ්බ බෑග් එකටත් එයා ගාව තිබ්බ බෑග් එකට ලැප් එකත් දා ගත්තා..

ලස්සන වියන් ඇදක්…ඇත්තටම මට මතක් වෙන්නෙ මන් බලපු පොතක තිබ්බු කොටි නායක ප්‍ර්බාකරන්ගෙ භූගත බංගලාව …මේ කැලෙ මෙච්චර පහසුකම් තියෙන රූම් එකක්.

මේ දේවල් අද ඊයෙ ගොඩ නැගිච්චි දේවල් නම් වෙන්න බෑ..මෙහෙම රූම් එකක් හදන්න කොච්චර කාලයක් යනවද..

ඇදෙ නම් කවුරුත් නිදි නෑ වගෙ…එතකොට දිගා අල්ලන්න ආව කෙනා කෝ…

අපි දෙන්නවම පුදුම කරමින් රූම් එකෙ ලයිට් එක පත්තු උනා…

කවුද තමුසෙලා දෙන්න..මේ රෑ මගෙ රූම් එකෙ…ආ

තරමක් ගොරහැඩි කටහඩක්..දෙවියනෙ දිගාගෙ ලැප් එකෙ පොටො තිබ්බ කෙනා නේද…

කතා කරනවා ඇයි මේ වෙලෙ මගෙ රූම් එකෙ..මොනාද ඕන කරන්නෙ..මන් තමුසෙලට කියලා කියලා තියෙනවානෙ මගෙ අවසරයක් නැතුව මගෙ රූම් එකට එන්න එපා කියලා..කවුද තමුසෙලා

මෙ කෙනා මෙහෙම කියවන්නෙ..එයා අපිව අදුන ගත්ත නැති නිසා වෙන්න ඕනි..දිගා කිසි දෙයක් නිකම් කරන්නෑ…මේ ඇදුම් වගේම ඒවා වෙන්න ඇති එයාගෙ ගෝලයොත් අදින්නෙ

මම ඊලගට මොනාද වෙන්නෙ කියලා..බයෙන් ගැහෙද්දි එයා කිසි බයක් නැතුව එ කෙනාගෙ ඉස්සරහට ගියා…

මොකො වෙලා තියෙන්නෙ..ආ

යු ආ අන්ඩර් ඇරෙස්ට්..චයිනිස් මීරා…

වට්..යූ..ආ

යෙස් වි ආ…
යක්කුනෙ තොපි ..නි…

එ මනුස්සයට ඉතුරු ටික කියන්න නොදි දිගා කපා හෙලුව කෙසෙල් කොටයක් වගෙ එ කෙනාව බිම දැම්මා..පේන විදියට එයා අපෙ තාත්ති තරම් වයසයි..ඒත් එයත් අත ඇරියෙ නෑ…ආයෙම නැගිටලා දිගාත් එක්ක පොර බැද්දා..

මගෙ කටෙ කෙලත් හිදිලා මේ රෙස්ලින් ගේම් එක දැකලා…

දිගාගෙ පුන්චි අතපසු වීමකින් චයිනිස් මීරා ද මොකාද කියන කෙනා නැගිටලා දිගාව යට උනා..

යක්කුනෙ මෙහෙ වරෙල්ලා..තොපි කෝ යකො..මුන් මේකට රින්ගනකම් උඹලා නිදා ගෙන උන්නද…

මෙ මනුස්සයගෙ කෑ ගැහිල්ලට හැම පැත්තෙන්ම සද්ද ඇහෙන්න ගත්තා..ලග ලගම ඇහෙන සද්දත් එක්ක හිත බයෙන් වෙව්ලනවා…

ශයිනි වෙඩි තියනවා…

මොකාක්..

තියනවා මෝඩි

මන් ගන් එක අතට ගන්නත් කලින් පිටිපස්සෙන් ආව කෙනෙක් මාව අල්ල ගත්තා…

හ්ම්ම් අපි ඉවරද සේරම ඉවරද..මෙතන කී දෙනෙක් ඉන්නවා ඇද්ද…

කවුද තමුසෙලා..බොස් අවුලක් නෑ නේද

මට අවුලක් නෑ..උඹලා මර නින්දෙද උන්නෙ මුන් එනකම් මේක අස්සට

සොරි බොස්
සොරි ඉදපල්ලා මන් මේක බේරුමක් කර ගන්න කම්..

මාවත් දිගාවත් ඇදගෙන උන් සේරමල්ලා එලියට ගියා…හතර අතින් ලයිට් පත්තුවෙලා එකා දෙන්නා එලියට ආවා..

මන් දිගාගෙ මූණ බැලුවා..ඒ මූණෙ පරාජයක් නෑ..තියෙන්නෙ දැන් සේරම හරි කියන්නා වගෙ දෙයක්..මේ වෙලාවෙ බය වෙන්න ඕනි නෙවෙද..

කෝ අපෙ බෲනා…ඌවත් අහූ උනාද දෙයියනෙ

මෙතන විසි පහක් විතර ඉන්නවා..අපි දෙන්නා විතරක් කෝමද

මන් හිත හිතා ඉද්දි අපි දෙන්නව එතන දණ ගැස්සුවා ..මට බයයි ඊලගට මොනා වෙයිද කියලා..ඒත් එයාගෙ මූණ දැක්කම ඒ බය තුනි වෙලා හිතට ගැම්මක් එනවා…

කවුද තමුන්ලා ආ..කියපන් මට..උබලා කීයක් ආවද..බය නැතුව මේක ඇතුලට රින්ගුවෙ..

දිගාගෙ කම්මුලට පහරක් ගහපු චයිනිස් මීරා එයාගෙන් ප්‍ර්ශ්න කරා..දෙවියනෙ මට ඒ වගෙ පාරක් ගැහුවොත් නම්.මන් එක පාරින් නොකවුට්..

එයාගෙ තොලෙන් ලේ ගලනවා නේද

එයා උත්තර නොදුන්නු තැන චයිනිස් මීරා මගේ පැත්තට හැරුනා..මටත් ගහාවිද

එනවනම්.එන්න ඕනි මෙ සිංහයාගෙ අඩවුයට එද්දි කවුරුවත් කීවෙනැද්ද සිංහයො එක්කම එන්න කියලා..චූටි නරි පැටව් එක්කන් ආවෙ ආ

නරි පැටියා කීවෙ මටද

මගේ ඇස් පියන් ගැහී ගෙන ගැහීගෙන යනවා…උගුර කට වේලිලා තොල් පොපියනවා..මුලු ඇගම මැන්ඩලින් ගහනවා වගෙ දැනෙනවා…

මම ඇත්තටම හිතුවෙ මටත් ගහාවි කියලා මන් අත උස්සද්දිම ඇස් වහගත්තා

එයාව අතාරිනවා

ඒ එයා නේද…

ඔහෝ මෙ පොඩි කොල්ලව අතාරින්න කියන්නෙ..මොකො මූයි උඹයි…

හෙහ් හෙ..උඹෙන් විස්තර අහගන්න මේයාද තුරුම්පුව..කෝ බලමු

මීරා මගෙ රැවුලෙන් ඇද්දා…ඒ පාර සිද්ද උනු දෙ කියන්න ඕනි නෑනි…බොරු රැවුල මීරාගෙ අතේ

අම්මට සිරි ..මු බොරු එකෙක්…ඔහ් කෙල්ලෙක් වගෙ එකෙක් ඒකයි මේ…ටිකක් ඉමු බලන්න..හරියටම මුගෙ මූණ

එහෙම කියලා මීරා මගෙ කැප් එක ගැලෙව්වා…කැප් එකට තද කරලා තිබ්බ මගෙ කොන්ඩෙ ලෙහුනා

ඔහ් මයි ගෝඩ්…කෙල්ලෙක්…

මෙහ් මෙහ්….

මීරා මන් දිහා බයෙන් වගෙ බලන් උන්නා…

සේ සේ…

…තවත් සේයාවකට…..

යාළුවනේ පොඩි ඉල්ලිමක් වගෙම පෙජ් එකේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කරන ලොකු උදවුවක් කතාව රස විදින ඔයාලා like එකක් දාන්න වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එක පෙජ් එකෙ ඉදිරි ගමනට ගොඩක් වටිනවා ඉතින් අපි බලාපොරොත්‍තු වෙනවා පෙජ් එකට ආදරේ ඔයාලා අපිට උදවු කරයි කියලා

ස්තුතියි ඇඩ්මින් ආදරෙයි තවමත් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *