D & S……..28

**

මම බෑග් එකට ඔලුව තියන් ඇඬුවා..මේ හැම දෙයක්ම උනෙ මගේ වරදින්..මම මම හැමදාම එයාට කරදරයක් උනා විතරයි..

තරහා ගියාම මොන මොන දේ කීවත් තුන් හිතකවත් එයාට රිද්දන්න මට ඕනි කමක් තිබුන් නෑ අයියෝ..

වෙනදට ඔහෙ දුවන දඟකාර සිතුවිලි ඔක්කොම අද කඳුලු එක්ක හේදීලා ගිහින්…මෙ මන් මද කියලා මටම හිතා ගන්න බෑ..කවදාවත් මේ තරමින් සන්වේදි නොවුන බව නම් මම් හොදටම දන්නවා..

පුදුම තනිකමක් හිතට දැනෙනවා..

දෝණී

මාස පහකට පස්සෙ අම්මිගෙ මුදු ආදරනීය ඇමතුමක් කන ලගින්ම ඇහෙනවා..හ්ම්ම් මගෙ හිත වෙන්නැති..

ඒත් ආයෙම දෝණී කියලා කවුරු හරි මගෙ හිසකෙ අතර මුදුවට ඇගිලි තුඩු යවනවා..මම දන්නවා මේ කාගෙ අතද කියලා..එහෙම්ම ඔලුවෙ තිබ්බ අත අල්ලන් මන් කම්මුලෙ තියා ගත්තා

අනේ අම්මි

පුන්චි කාලේ වගේම අම්මිගෙ සුදු බන්ඩිය මන් බදා ගත්තා…

අනෙ අම්මි මම..මම හිතලා කරෙ නෑ අම්මි..ඉහි ඉහි..

හරි පැටියො..අපි දන්නවා විස්තරෙ..කො අඩන එක නවත්තන්න

අනෙ අම්මියො එයාට මොනා හරි වේද

නෑ බබා

අහ් මොකො මෙ නාකි බබෙක් අම්මිව තුරුල් කරන්

අයියලා හතර දෙනාම ඇවිත්..මම් තොල් යටි තොල් ඉස්සරහට දාලා දුක විදියට බැලුවා…

අනා හුරතල් කට…

කෝමත් අපි පස් දෙනාගෙ දුක අපිට දැනෙනවා..මම කෙල්ලෙක් නිසා ඒ හැගීම් එලියට දානවා..එයාලා කොල්ලො නිසා ඒවා හංග ගන්නවා..

හෑ …එතෝට දැන් මං කෙල්ලෙක් ද
විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ මන් කෙල්ලෙක් වෙලා…

මොකො අයියො මෙයාව දැක්කම සසරත් කල කිරෙනවා..මෙ අපෙ ගෙදර උන්නු කොලු බාගෙද බම්..හොට්ටියෙක් වගේ හොටු පෙර පෙර අඩන්නේ…

ඒ ලොකු අයියා

ඒකනි අයියෙ බම්..මමත් බැලුවෙ…මෙ අපෙ නංගි නෙව්ව් බම්

උඹලට වැරදිලා මෙච්චර කල් අපිට උන්නෙ මල්ලියෙක්..ඔන්න අද එයා නංගියෙක් වෙලා

හෝව් හෝව් අපෙ කොලු බාගෙ නංගියෙක් වීමේ අති උත්කර්ශවත් පීතීය නිමිත්තෙන් ගමු සං සං ගාලා සෙල්ෆි පාරක්…

අන්න එලකිරි අයිඩියා එක. කෝ දෝනි මෙහෙ බලනවා..

ඔයාලා නම් හොද නෑ මම තරහයි..තරහම තරහයි…

මම් ආයෙම අඩන්න ගත්තා

අයියො පැට්ටො සොරි..ඔයාගෙ ඇහෙන් එක කදුලක් වැටෙද්දි අපි හතර දෙනාගෙ ඇස් වලින් කදුලු බාල්දි හැලෙනවා..ඕම අඩන්න එපා සුද්දියො

ඒකනි බම් ලොකු මේකිට අඩන්න දන්නවා කියලත් අදමයි තේරුනේ

අයියලා හතර දෙනාම මගේ ලග දණ ගහ ගත්තා..එයාලා සේරමල්ලා මගේ නල්ලට ඔලු තියා ගත්තා..මම පුලුවන් විදියට හතර දෙනාගෙ උරහිස් වලින් බදා ගත්තා..අපි පස් දෙනාගෙ එක් කෙනෙක් දුකින් නම් ඒක පස් දෙනාටම පොදුයි…එයාලට විතරක් නෙවෙ අඩන මටත් පුදුමයි..මෙච්චර දුකක්..මේ වෙලෙ මගෙ හිතට හයියක් අයියලා..

හතර දෙනාම කලින් උන්නටත් වඩා ලස්සන වෙලා..මට වඩා ගොඩාක් ලොකු වෙලා..

හතර දෙනාම මාව ඇති වෙන්න පොඩි කරලා නැගිට්ටා..එයාලගෙ පැමිනීම හිතට හයියක් ගෙනත් දුන්නෙ..මම කදුලු පිහ දාලා නැගිට්ටා

තාත්ති රහීම් අයියලා එක්ක කතාවක්..

මමත් එතනට ගියා…

තාත්තී..

මන් තාත්තිට තුරුල් උනා

මගෙ මැණික

තාත්ති එයාට මොනා හරි වේද තාත්ති..මම හිතලා කලෙ නෑ තාත්ති

තාත්ති මුලින්ම කලෙ මගෙ නල්ල හිම්බ එක..ඒ උනුසුම මට කීවෙ බය වෙන්න එපා මගෙ සුද්දි මන් ඉන්නවා කියන ආරක්ශා කාරි හැගීම…

අනෙ රහීම් අයියෙ..මෙ සේරම මගෙ වැරදි මාව ඇරෙස්ට් කරන්න අයියෙ

අයියො නංගො..ඒ වෙලාවෙ අපි උන්නත් ඔයා කරපු දේයි කරන්නෙ..මෙ අහන්න ඔයාට වැරදි පැටවෙන්නෑ නංගො

අනෙ මන් ඒකට බය නා..අයියෙ..එයාට..මොනා හරි

කෝමද ඉතින් තාත්ති ඉද්දි කියන්නෙ අයියො ලැජ්ජාවෙ බෑ
එතකොටම තියටර් එකෙ ඉදලා ඩොක්ට කෙනෙක් එලියට ආවා

ඩොක්ට කොහොමද පේශන්ට

ම්ම් බුලට් එක අයින් කලා..කිඩ්නිස් වලට වගෙ තමයි වැදිලා තියෙන්නෙ..බලමු…අපිට කරන්න පුලුවන් දෙ කරලා තියෙන්නෙ

අපි එයාව කොලම්බු ගෙනියන්නද ඩොක්ට

තාත්ති එහෙම අහපු එක හොදයි..මෙහෙ උන්නොත් එයාව බලන්න මට මෙච්චර දුර එන්න දෙන් නැති වෙයි..

ම්ම් ඔයාලගෙ කැමැත්තක්..දෙවියො අතෙ තමයි එයා

අනෙ දෙයියනෙ..මෙ සේරම මං නිසා..මගෙ කඳුලු අලුත් වෙලා ආයෙම ගලන් යනවා..හැඟීම් හැංගුවට තාත්තිට කඳුලු හන්ගන්න බෑ මට…

මෙ අහන්න දූ අපි එයාව අරන් යන්..එයාලගෙ පේරන්ට්ස්ලා උනත් මෙහෙට එනකොට අමාරු නෙ…මම එයාගෙ වගකීම බාර ගන්නවා..දීගායු පුතාගෙ..දෝනි අඩන්න එපා ..මට දෝනි තේරෙනවා..මම් ගිහින් කතා කරන් එන්නම්..ඔයා අම්මිලා ලගට යන්න

හ්ම්ම් හා

තාත්ති ඩොක්ටස්ලා එක්ක කතා කරන්න ගියා

අනෙ රහීම් අයියෙ මම වැරදිකාරියක්

හපොඉ

ඇයි

අපි ඔයාව දැනන් උන්නෙ ඔහොම නෙවෙ

එහෙනම්
මහා චන්ඩි කෙල්ලෙක් කියලා හිත හයිය..දැන් බලන් යද්දි ඔයා කෙල්ලෙක් තමයි

අනෙ මන්දා අයියත් මෙ වෙලෙ මොනා කියෝනෝද කියලා..මං ගැන හිතන් ඉන්න හැටි තමා ඉතින්

හි නංගො..ඔයා ගැන අපි දන්න අපිට කිව්ව දේවල් තමා ඉතින්..

ඒ කීවෙ .කවුද ඔයාලට මං ගැන කීවෙ..

හා හා ඒක ඉතින් එයාගෙන්ම අහගන්නකො..අපි නෑ ඕවට

අනෙ මංදා අප්‍රන්බංශ…මෙයාටත් ශූට් කරන්නයි තිබ්බෙ

මට ඒවායින් වැඩක් නෑ මට එයා බලන්න ඕනි

තියටර් එකෙ චූටි තැනකින් මන් ඇතුලට එබුනා..එයාව වට කරන්නෙ කට්ටිය..මැශින් වැඩ…හ්ම්ම් දැන් ඉතින් මන් එක්ක කෝමත් තරහා වෙයි..

නංගො

ම්ම් අයියෙ

ඔයාට සර් මොනා හරි දුන්නද

අහ් මට එතකොරයි බෑග් එක මතක් උනෙ..

ම්ම් ඉන්න අයියෙ

මම ආයෙම ඉදන් උන්නු තැනට ගියා..බෑග් එකත් තෙතයි මගෙ කදුලු වලින්..ම්ම ඒක ඕපන් කලා

අහ් මීරාගෙ පෝන් තුන..මට එයා මේවා කාටවත් දෙන්න කීවෙ නෑනි..ඒ හින්දා මේවා එයාටම දෙනවා..

ම් මගෙ අතට ඊලග අහු උනෙ ලොකු කවරයක් . ලියුම් කවරයක් වගේ..මම ඒක බැලුවා..ආහ් ඒක මට

මම ඒක ඕපන් කලා

යකින්නියෙ

හහ්..

මේ අහන්න

අහන්නෙ කෝමෙයි ලියුමක් නෙ

මැට්ටි අරවා මේවා හිතන් නැතුව කියලා තියෙන දේවල් හරියට කරන්න..

කරනවා තමයි..ඉතින්..හැටි ලියුම ලියලා තියෙන..කුරුමිනියොගොඩක් ඇවිදන් ගිහින් වගෙ අකුරු..මට පරණවිතානව ගේන්න වෙනවා..මේක කියවන්න..

හා කියෝමුකො

යකින්නියෙ..මේකෙ ඇති ඩිස්ක් හතරක්..එකක් ඔයා ලඟ තියන් අනිත් තුන දෙන්න..මගෙ හතර දෙනාගෙන් කාට හරි…මගෙ ලැප් එකයි එක ඩිස්ක් එකකුයි තියන් බෑග් එක පිටින් එයාලට දෙන්න..ලැප් එක දෙන්න එපා..මම ඇවිත් ගන්නම්..

හ්ම්ම් එයා දැනන් උන්නද මන් ශූට් කරයි කියලා..අනික මෙච්චර වගකීමක්..මම ගැන එච්චර විස්වාසද එයාට…

මම ලැප් එකයි එක ඩිස්ක් එකකුයි තියන් එයා කියපු විදියට සේරම දුන්නා..

මේ වෙද්දි එයා කොලඹ එක්කන් යන්න තාත්ති සේරම ලෑස්ති කරන්..එයාව ටොලියෙ දාන් යද්දි හිත වාවන්නෑ…

හරි දෝනි දැන් බැලුවා ඇති නෙ අපි යං

එයා අම්මි

එයාව කොලම්බු ගෙනියනවනි පැංචියෙ..එන්න යම්

මාව අයියලා හතර දෙනා මැදි කර ගත්තා..මේ සෙනෙහස විදින්නෙ කොච්චර කාලෙකින්ද..ඒත් ඒකත් නිදහසෙ විදින්න නිවනක් නැති හැටි..

මායි තාත්තියි අම්මියි තාත්තිගෙ කා එකට නැග්ගා..අයියලා ඇවිත් තිබුනෙ චූටි අයියගෙ කා එකේ

මම පිටි පස්සෙ ..කා එකෙ තියෙන ටෙඩි බෙයාව බදා ගත්තා..අනෙ දීගායු අයියෙ ඔයාට සනීප වෙයි නේද..මං හින්දා මේ ඔක්කොම

ගෙදර ගියාම අම්මිට සේරම කියන්න ඕනි..මම් දන්නවා අම්මිට මට විසදුම් දෙන්න පුලුවන්..

මම කා එකෙන් පාර දිහා බැලුවා

අහ්..අනේ..අර

තාත්ති

ඇයි දෝනි

අනෙ අතනින් නවත්තන්න

ඇයි

අර තාත්ති…

…තවත් සේයාවකට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *