D & S………29

**

මගේ හිතට මේ මොනා වෙලාද කියන්න මං දන්නෑ..ඒත් හිත මටම දොස් කියනවා..

මගෙ හිතෙ හැමදාම තිබුනේ එයාව එන්කවුන්ටර එකකදි ශූට් කරලා දාන්න..ඒත් හිතට ආව දේ ඔහෙ කීවා මිසක් එහෙම කරන්න උවමනාවක් තිබ්බෙ නෑ මට..හුම්ම්..දැන් ඉතින් මොනා කරන්නද..

එයා දැන් මා එක්ක කතා කරන එකකුත් නෑ..එක අතකට එයාගෙ ලැප් එකයි පෝන් එකයි අරන් ආව එක හොදයි…සනීප උනාම එයාට මං ගාවට එන්න වෙනවා..

සාම්ප්‍දාය නම් කොල්ලා කෙල්ලට කියන එක..ඒත් ශයිනියා වෙනස් නෙ කෝමත්..නපුරා කෝම පිලිගනියිද දන්නෑ..ඒත් මන් එයා සනීප උනාම කියලා දානවා..

මගේ ප්‍ර්ස් එක ඇරලා මන් දෙයක් අතට ගත්තා…ඒ එයා අතින් මග ඇරුනු එයාගෙ පොටො එක…මේක මං එදා එයාට නොදුන්නෙ..මේ හිත එදත් එයාට කැමත්තෙන් උන්නු හින්දා නෙවෙද..

කදුලු බිදු දෙකක් එයාගෙ පොටො එක උඩට වැටුනා…මගෙ කන් දෙක දෝංකාර දෙනවා..සැරින් සැරෙ

එයාගෙ ජීවිතෙ තියෙන්නෙ දෙවියන්ගෙ අතේ…හ්ම්ම්..

මම කා එකෙන් එලිය බැලුවා…අහ් මේ

තාත්ති

ඕ දෝනි

චුට්ටක් මෙතනින් නවත්තන්න තාත්ති

කොතනින්ද

අර අපිට පහු උනු තැනින්

හ්ම්ම්..

තාත්ති කා එක නැවැත්තුවා..මම් අම්මි අතෙ තිබ්බ ලේන්සුවත් ඉල්ල ගෙන කා එකෙන් බැස්සා..

අහ් මට අමතක උනා කියන්න..මම විතරක් නෙවෙ බෲනෝත් බැස්සා..එයා හොස්පිට්ල් එකෙන් මන් එලියට එද්දි පස්සෙන් ආවා…කොච්චර පොලිසියෙ අය අඩ ගැහුවත් එයා ගියෙ නෑ..

බෲනො කොල්ලා එයාට එයාගෙ බොස් පවරපු රාජකාරිය අකුරටම ඉස්ට කරන කීකරු ගෝලයෙක්..එයා දිගා එනකම් මාව බලන් ඉන්න වගකීම තිතටම කරන්න බාර අරන්..

හ්ම්ම් මමත් එයා වගෙ කීකරු වෙලා ආයෙම හැරුන් නැත්තම් අද එයා ඔහොම ජීවිතෙත් මරනෙත් අතර සටන් කරන්න ඕනි නෑ..

ඔයත් එනවද බෲනෝ..එන්න යන්..

මම් තාත්තිට කියලා කා එක නවත්ත ගත්තෙ කතරගමට යන්න කලින් ඊට ටිකක් එහායින් පාරෙ අයිනෙ හදලා තියෙන කතරගම දෙවියන්ගෙ පුන්චි දේවාලෙකට..ප්‍ර්ස් එකෙන් ගත්තු දහයෙ කාසියක් ලේන්සුවෙ තදින් ගැට ගැහුවා..මට මතකයි පුන්චි කාලෙ ආච්චම්මා මෙහෙම කලා..සී තාත්තා හොස්පිට්ල් උන්නු වෙලාවෙ…

කතරගම දෙවියනි..මන් මෙච්චර කාලෙකට ඔයාගෙන් දෙයක් ඉල්ලලා නෑ..ඔයා මට ඉල්ලන්න කියලා දෙයක් ඉතුරු නොකර හැමදේම දීලා තියෙන නිසා..ඒත් අද ඔයාගෙන් දෙයක් මං ඉල්ලනවා..මට දීගායු අයියව බේරලා දෙන්න..මං පොරොන්දු වෙනවා එයා එක්කම ඔයා බලන්න එනවා කියලා..නපුරා ආවෙ නැති උනොත් ඇදගෙන හරි එනවා මං..මට එයා බේරලා දෙන්න..එයාට කියන්න දෙයක් තියෙනවා මට..

බෲනෝත් මං වගේම කකුල් දෙකකින් ඉදන් අත් උස්සන් බලන් ඉන්නවා..හරියට දෙවියන්ට වදිනවා වගේ..අනේ හරි ශෝක්…

බෲනෝ

බෲනො කෙදිරි ගානවා

එයා සනීප වෙයි නේ බෲනො..මට එයාට කියන්න දෙයක් තියෙනවා..

බෲනො ඇස් කරකො කරකො ඔලුව අමුතු කරලා බලන් ඉන්නවා

ඔයාට මාව තේරෙනවද කොල්ලො…ඔයා මට ආදරේද

එයා නැට්ට වනනවා..බුර බුර..ඒ කියන්නෙ මට ආදරෙයි වෙන්න ඇති..

මගෙ හොඳ කොල්ලා..දිගා සනීප වෙලා එනකම් මන් එක්ක ඉමු හොඳේ…

මම් බෲනෝට පාත් වෙලා අත දුන්නා..එයත් මගෙ අල්ලට පහක් දැම්මා..අහ් වෙලේක බලන්න ඕනි..ඇගිලි පහක් තියේද කියලා..

හොඳ බෲනෝ..ඔයාට බඩගිනිත් ඇති..අපි යන ගමන් මොනා හරි කමු හොඳේ..

මමයි බෲනොයි එනකම් අම්මියි තාත්තියි බලන් ඉන්නවා…එයාලා දන්නවද දන්නෑ එයාලගෙ දුවගෙ හදවතට වෙලා තියෙන දේ…

අම්මි තාත්ති මන් දිහා බලන් හිනා වෙනවා

මොකො

මොකො තමා අපිත් අහන්නි

අද අම්මිටයි තාත්තිටයි මොනා වෙලාද මන්දා

අපිට නම මුකුත්ම වෙලා නෑ…ඒත් අපෙ චූටි කුමාරිට නම් මොනා හරිම වෙලා..නේද දිනෙත්..

හ්ම්ම් අම්මිගෙම දූනේ

මොකක්ද කීවෙ

ඇත්තනි..අම්මිගෙම දූ…දැන් දුවෙක් වෙලා

තාත්ති මට විහිලු කරනවා

ම්ම් ඔව් ඉතින් තව ටික කාලයයි නෙ විහිලු කරන්නත් තියෙන්නෙ

ඒ කීවෙ තාත්ති

ඒ කීවෙ බී…මගෙ කොලු බාගෙ කෙල්ලෙක් වෙලා..ඉතින් තව ටික කාලයයි තියෙන්නෙ

අපො මට තේරෙන්නෙ නෑ මෙයා කියන ඒවා අම්මියො..මට හරි මහන්සියි…මන් චුට්ටක් දෝ ගන්නවා.. ් අම්මියො ගෙදරට ගියාම ඇහරවන්න මාව..ආහ් අම්මියො ඔයාගෙ ඩී ට කියන්න..කොයින් හරි නවත්තලා මගෙ බෲනො කොල්ලට කන්න දෙයක් අරන් දෙන්න කියලා..මන් තරහයි එයත් එක්ක..ඒ නිසා ඔන්න මන් දොයි..

කා එකෙ සීට් එකෙ හැකරැල්ලි වගේ ගුලි වෙලා එක අතකින් එලියට දිවකුත් දාන් සිරි නරඹ නරඹ යන බෲනෝ ගොයියවත් බදාගෙන මන් ඇස් පියා ගත්තා…

…………………………………………………….
ඇඟට පුදුම මහන්සියි..ඒ වගේම හිත ගොඩාක් බර වෙලා…ඇස් දෙක අරින්න ලෝබයි..එක ඇහක් විතරක් යාන්‍තම් ඇරලා මන් පෝන් එකෙන් වෙලාව බැලුවා..අහ් තුනා මාරයි…උදේද දවල්ද මේ…

හිමින් සැරෙ ඇස් දෙක ඇරලා බැලුවා…එලිය තියෙනවා ඒ කියන්නෙ දවල්..එතකොට මෙ කොහිද…

හුඟ කාලෙකින් මගෙ රූම් එකෙ දොයියන් ඉදලා තියෙන්නෙ..ම්ම්ම් අලුතින් පේන්ට් කරලා..රෝස පාටින්…ටෙඩි බෙයො දෙන්නෙක් එකතු වෙලා..එතන බිත්තිය නිල් පාටින් පේන්ට් කරලා..බුක් රැක් එක ලග බිත්තිය වයිට් වලින්..මේ සේරම අම්මියගෙ ගැලපීම්..එයා වගෙ මටත් හැමදේම ගලපගන්න පුලුවන් වෙයිද…එයා තාත්තිව ගලප ගත්තා වගේ මමත්???

නෑ නෑ ඒවා ඕනි නෑ..මගෙ ඇදුම් චේන්ජ් වෙලා..කා එකෙ දොයි ගත්තු මන් ඇදෙ..තාත්තියා වෙන්න ඇති වඩන් එන්න ඇත්තෙ..ම්ම්ම් තාත්තියා එක්ක හුරතල් වෙන්නත් බැරි උනා හුග කාලෙකින්…ම්ම්ම්…

අහ් කෝ බෲනෝ..එතකොට බෑග් එක..මම වටේටම ඇස් අංශක 360 ට කරකෝලා යවලා බැලුවත් දෙකෙන් එකක් වත් නෑ…ම්ම්ම්..

ඉක්මනට ඇදෙන් බැහැලා..නෑ නෑ ඇඳෙන් පැනලා මං ආසම කරන රෝස පාට ස්ලිපර්ස් දෙකත් දාගෙන මන් රූම් එකෙන් එලියට ආවා..

ම්ම් හැමදාමත් ගෙදර පඩිපෙල නඟින වැඩෙ මහම මහා බෝරින් වැඩක්..ඉතී….න්න්…..ම…න්..අත් වැටේ උඩින් නැඟලා ජෙට් එක වගෙ පහලට රූටලා එතනින් සෝපා එකට පැන්නා..

ගෙදර කොල්ලො හතරක් උන්නට එයාලා කරන්න ඕනි දඟකාරකම් මන් ම කරපු නිසා..මගෙ දැඟලිල්ලෙ හොඳ කමට අම්මි ලස්සනට තියලා තිබුනු සෑහෙන්න ෆලවර් ඕනමන්ට් වලට මන් වග කියලා තියෙනවා..ඉතින් එක පාරක් වැටෙ රූටන්න ගිහින් පශ්වත් බාගේ බේරගත්තෙ ගොඩාක් මහන්සි වෙලා..ශයිනියා ඉතින් වැඩ දන්න නිසාමයි අම්මි මෙතනට සෝපා එක දාලා තියෙන්නෙ..

කෝ මේ බෲනෝ

බෲනෝ…බුරුනෝ…බුරුනො ගොයියා ඔයා කොයි…

අම්මියෝ

මුලු ගේම දෝංකාර දෙන්න මන් අම්මිට කෑ ගැහුවා..

මොකො දෝනි කෑ ගහන්නෙ

අම්මි බෲනෝ

අහ් ඌ ද..මන් සේන අන්කල්ට කීවා ඌව ගෙට ගහන්න කියල

අයියො පව් නෙ..කෝ එයා..

හ්ම්ම්.. වැරැන්ඩා එක අයිනෙ

එයාට කන්න දුන්නද අම්මි

ඔව්

එතකොට අර බෑග් එක

ඒක මම් ඔෆිස් රූම් එකෙන් තිබ්බා..

හා ඒමද හරි අම්මියෝ…

කන්නෙ නැද්ද චූටි දූ

කෝ අයියලා

එයාලා තාම අවෙ නෑ දූ..හොස්පිටල් ගිහින් එහෙම්ම කොයි හ්‍රි යන්න ඇති..කොල්ලොනි..

හා…මන් බෲනො බලලා එන්නම්..මගෙ හොඳ අම්මියා මට කුක්කු තිබහයි ..රස කුක්කු එකක් ඕනීයෝ…

හ්ම්ම් හ්ම්ම් කිරි බිබි ඉන්නකො..

තාත්ති කෝ අම්මි

එයා පොඩි වැඩකට එලියට ගියා..

හා මන් එන්නම් අම්මි බෲනො බලලා

මන් වැරැන්ඩා එකට ගිහින් බෲනෝ බැලුවා..බෲනො එයාගෙ හොම්බ බිම තියන් අත් දෙකත් දෙපැත්තෙ තියන් ලොකු කල්පනාවක්..

බෲනෝ..

මන් බෲනෝගෙ ඔලුව අත ගෑවා..

එයා නැගිටලා නැට්ට වැනුවා

පාලුද බෲනො…ම්ම්ම්

කෙඳිරියක් පිට කරනවා එයා..හ්ම්ම් දුක අති

මටත් දුකයි බෲනො එයා ගොඩාක් මතක් වෙනවා…ගොඩාක්..මට ඕන උන් නෑ බෲනො එයාට එහෙම කරන්න..ඒත් ඔයාටත් තේරුන් නැද්ද බෲනො ඒ අවෙ එයා කියලා..මට සමාවෙන්න බෲනො..අයි ඇම් සෝ සොරි..එයා ආයෙ ආවම මට එයාට කියන්න දෙයක් තියෙනවා..කෝ ඔයාගෙ කණ අල්ලන්න..

මන් බෲනොගෙ සිනිදු රෝස කන් පෙත්තකට රහසක් කීවා..

කෝ පොමිස් වෙන්න මන් කියනකම් කාටවත් කියන්නෙම නෑ කියලා

බෲනො අත දුන්නා

ම්ම් මගෙ හොද කොල්ලා..ආදෙයි මගෙ බුරුමො..ඔයාව මන් ගිහින් ඇවිත් ලෙහන්නම්..එතකම් චුට්ටක් දොයි ගන්න..

බෲනො ගාවින් ඈත් වෙලා ඔෆිස් රූම් එකෙන් මම බෑග් එක අරන් ආවා…රූම් එකට ගිහින් ලැප් එක අතට ගත්තා..
ඕහ් මේකෙ චාජර් බැහැලා…හ්ම්ම් හරි මේ තියෙන්නෙ ප්ල්ග් එක..දිගාගෙ පෝන් රාජයත් මගෙ පෝන් එකෙ චාජරේට ගහලා ලැප් එකත් චාජරේට ගහලා මම කිචන් එකට ගියා..

අම්මි සීනි ආච්චියි දීපා නැන්දයි එක්ක වැඩ..සීනි ආච්චි කියන්නෙ අපෙ අම්මි බැදලා එද්දි මෙහෙ උන්නු කෙනෙක් ලු..එයා දැන් ගොඩාක් වයසයි..ඒත් අම්මි තාත්ති එයා බලා ගන්නෙ ආච්චම්මට සලකනවා වගේමයි..සීනි ආච්චිට නිකම් ඉන්න දන්නෙම නැ..ඉතින් එයත් පුලු පුලුවන් විදියට .අම්මිට හෙල්ප් කරනවා…අයියලා කෙසෙ වෙතත් මමයි තාත්තියි ගෙදර ඉන්නවනම් ආස අම්මි අතින් උයපු දේ කන්න..ඉතින් අම්මියා අපිට උයනවා..

මන් ගිහින් ඒ උරහිසෙ ඔලුව තියන් අම්මිගෙ සුදු බන්ඩි බදා ගත්තා

අනෙ අනෙ ලමයො

මගෙ සුදූ අම්මිය

මම අම්මිට උම්මා දුන්නා..

අම්මි තාම කෙල්ල වගෙ..ඒත් ඕන් තැනින් තැනින් කෙස් ගහක් දෙකක් ඉදීගෙන එනවා..

අම්මියො

ම්ම්ම්

මොකො කරන්නෙ

තාත්තිට කන්න මශ් රූම් හදනවා

ශා ශෝයි නෙ

අම්මි

ම්ම්

මට

මොනාද හදන්නෙ

මොනාද ඕනි මගෙ කෙල්ලට

අම්මි

ම්ම්

අම්මියො

මොකො මෙ ..ම්ම් මොකක්ද හොර වැඩෙ

හොර වැඩක් නෙවෙ අම්මියො..මට දෙයක් ඕනි

මොකක්ද මගෙ පැන්චිට ඒපාර ඕනි වෙලා තියෙන්නෙ ම්ම්

මේ අම්මි මට…මෙ

මොකො මෙච්චර පැටලෙන්නෙ ආ..මගෙ කෙලි පැටික්කිට මොනාද ඕන වෙලා තියෙන්නෙ සේයා

ආහ් තාත්තියත් ඇවිත්..ඒක හොදයි

අනෙ ඔයා එනවා ඇහුන් නෑ දිනෙත්

ම්ම්ම් කෝමද ඉතින් ඇහෙන්නෙ ගෙදර රිදී සීනුව අම්මි එක්ක කතාවක් නේ..

තාත්ති කිචන් එකෙ තියෙන ඩයිනින් ටේබල් එකෙ පුටුවක් ඇදලා ඉද ගත්තා..

එයා ටයි පටිය බුරුල් කරලා බොත්තම් දෙක තුනක් පියව ගත්තා..අම්මි කිචන් එකෙ තිබ්බ ෆෑන් එක ඔන් කලා..

අම්මි කොච්චර තාත්තිට ආදරේද..තාත්ති හැරුනත් අම්මි දන්නවා..මටත් ඕනි ඒ විදියට ලස්සන ආදරේකට මුල පුරන්න..ඒකට ඉතින්න්..

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා

මම තාත්තිගෙ ඔඩොක්කුවෙ ඉදන් බෙල්ල බදා ගත්තා

අයින් වෙන්න දූ තාත්තිට මහන්සි ඇති..අනික ඔයා බරයි..

ආහ් හරි වැඩක් නෙ..අම්මි ඕකට කියන්නෙ ජෙල්ස් එක..මෙ ඉන්නෙ ඔයාගෙ හබියා උනාට මගෙ ලවින් බෝයි ෆෙන්ඩා..ඔයාට විතරද ඔඩොක්කුවෙ ඉන්න පුලුවන්..බලන්නකො තාත්ති

මොකක්ද කීවෙ..කෝමද කියන්නෙ මන් ඔඩොක්කුවෙ උන්නා කියලා

ඒකනි නේද සේයා

අම්මියට තරහා ගියාම ශෝයි..නහය පිම්බිලා රතූ වෙනවා…

එයාට ජෙල තාත්තියො මන් කෝම හරි දැක්කනි..ඉතින් ඔය නාකි කෙල්ලො බලන්න එපා මගෙ මූණ බලන්න..

අම්මි මටයි තාත්තිටයි ගස්සලා අනිත් පැත්ත හැරුනා.

හික්ස් ඔන්න දෝනි අද කෑමවලට මිරිස් නැති උනත් අවුලක් වෙන්නෑ

ඒ ඇයි තාත්තියො

අම්මිගෙ මූණ දිහා බලන් කමු

අන්න පහර…එල එල

මමයි තාත්තියි පහක් දා ගත්තා..සීනි ආච්චියි දීපා නැන්දයි හිනා වෙනවා..අම්මියට තවත් තරහයි වගේ..හික්ස්…

ඒකෙන් වැඩක් නෑ දැන් මගෙ වැඩෙ කරගන්න ඕනි

මම තාත්තියගෙ මූණ මගෙ පැත්තට හරො ගත්තා

මොනාද දිනෙත් මල්ලි ඔයා නාකි කෙල්ලො බලන්නෙ..මෙ ඉන්නෙ ඉටි රූපෙ වගෙ ලාසන චූටි කෙල්ලෙක් ඔයාගෙ ඔඩොක්කුවෙ …ම්ම්

හ්ම්ම් හ්ම්ම් මටත් නම් බලන්න ඕනි තමා මගෙ කොලු පැටියා කෙල්ලෙක් උනෙ කෝමද කියලා

හා ඉතින් ඒවා පස්සෙ බලමු..තාත්තියෝ

ම්ම්ම්

තාත්තියෝ

ම්ම්ම්..මොකො පැන්චියෙ

තාත්ති මට මේ…

මොකො අද කවදාවත් නැතුව ඇඹරෙන්නෙ..බලන්නකො සේයා

ඒක තමයි මාත් බැලුවෙ තාත්ති..අපෙ කෙල්ලට මොනා හරි ඕන වෙලා වගේ

කොහොමත් අම්මි තාත්ති එදා උදන්ම මම දෙයක් ඉල්ලන්න කලින් දන්නවා

දැන් මන් ඉල්ලන්න යන දෙ දැනගත්තම මාව සමාජෙන් කොන් කරයිද

ඕන් ඕන් කල්පනා කරනවා..කියමු බලන්න මගෙ කෙල්ලට මොනාද ඕනි වෙලා තියෙන්නෙ කියලා…

ම්ම්ම්

මේක තාත්තිගෙන් ඉල්ලුවොත්..ඒත් මට ඒ දේ ඕනිමයි දැන්

තාත්තියෝ

…තවත් සේයාවකට….
ඔන් අදට මෙච්චරයි හොදේ..ආ‍යේ දවල් තමයි…කොමෙන්ට් එකක් කොටන්ම යන්නො… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *