D & S……….35

**

ඇයි මෙයා මගේ පොටෝස් එකතු කරන් ඉන්නෙ..මේ සමහර ඒවා මට කොහිද කියලවත් මතක නැ..

ම්ම්ම් එකින් එක පොටෝස් යටින් කතාවක් තියෙනවා වගේ..

දැන් කෝමත් නින්ද යන්නැති එකේ කියෝමු ඒනම්…

🔧🔧🔧🔧🔧🔧🔧🔧🔧🔧🔧🔧
මේ පලවෙනි පොටො එක තියෙන්නෙ ස්කීන් ශොට් එකක් නේද වීඩියො එකක..ම්ම් අපි ඉස්සෙල්ලම දැක්ක දවස

(ඔන්න දිගා කියන විදියට කියවම්නි ඈ)

අද දවස ගොඩාක් පුදුමාකාර දවසක්..වෙනද වගේම පට්ට බිසී දවසක්..අපි අද ඩ්‍ර්ග්ස් වගයක් අල්ල ගන්න තමයි ප්ලෑන් කරලා තිබ්බෙ..ඉතින් ලැබුනු ඉන්ෆෝමශන් විදියට ට්‍රේන් එකින් තමයි මේවා ට්‍රාන්ස්පෝට් වෙන්නෙ..අපි වෙනම බොක්ස් එකක් ඇරේන්ජ් කරම් උන්නෙ..මගෙ කොල්ලො පහලවයි මමයි..උන් ටික ඇතුලෙ මන් එලියෙ දොර ලග..

ගම්පහට ටිකක් එහා හෝල්ට් එකක වෙන්න ඕනී..මන් ඈත බලන් කල්පනා කර කර උන්නෙ..ට්‍රේන් එක ඇදලත් ඉවරයි..

ඩෙනිමකුයි ලස්සන ටී එකකුයි ඇදන් චූටි කෙල්ලෙක් දුවන් එනවා..මට මතක් උනේ මේ වගේම ශාරුක් කාන් ට්‍රේන් එකෙ යද්දි කාජල් දුවන් එන සීන් කෝන් එක..මම මනෝ ගහලා ඉද්දි පොඩි කෙල්ල මට කතා කරෙ එයාවත් නග්ග ගන්න කියලා..නග්ගගන්න බැරි කමක් නෑ..ඒත් මා එක්ක කොල්ලො පහලවක්..ඒ මදිවට අපි මිශන් එකක..කෙල්ලවත් මේකෙ නග්ගන් අවදානම දාන්න බැ..

ඒත් මේකි නම්.කෙල්ලෙක් නෙවෙ..ඇදීගෙන යන ට්‍රේන් එකට කෝමහරි නැග්ගනී..මන් බලන් උන්නෙ කෙල්ලගෙ දගකාරකම..

ඒ වගේමයි මූනත්..හරිම කියුට්…ක්‍රේල් කොන්ඩේ නිසා දගකාරකම තවත් වැඩි වෙලා පේනවා..හීනි තොල්..අහ් ඒවා කියෝනවා කටර් එකක් වගෙ..මං බලන් උන්නෙ තත්පරේට එකසිය ගානට වැඩ කරන තොල් දිහා..කෙල්ල මගෙත් එක්ක කියෝනවා..

කොයි කොල්ලද දෙයියනි මේ වගෙ කටර් එකක් එක්ක කතා කරන්න අකැමැති..ඒත් මේ වෙලේ මන් ඉන්නෙ ඩියුටි..අනික කියවන්න ගත්තොත් මේ කියෝන හැටියට මට මිශන් එකත් අමතක වෙනවා..

කෙල්ල කියෝලා කියෝලා නැවැත්තුවා..හරියට වැස්සක් වැහලා පෑයුවා වගේ..ඒත් තොල් නම්.වැඩ වගේ..මට හිතා ගන්න බෑ..මම මගෙ මිශන් එක පැත්තක දාලා පලවෙනි පාරට දැකපු කෙල්ලෙක් දිහා බලන් ඉන්නවා..

ඒත් මගෙ ඒ පුන්චි මිස්ටේක් එක තව පොඩ්ඩෙන් කෙල්ලත් මමත් පෙට්ටියක බාවලා තමයි නතර වෙන්නි..ට්‍රේන් එක නවත්තපු මොහොතෙ අපිට වෙඩි තිබ්බා..මට කෙල්ලව අත හරින්න බය හිතුනා..ඒ හින්දමයි බලෙන්ම කෙල්ලව ඇදන් එලියට ආවෙ..

වෙනකෙල්ලො බහෙ ගැහෙද්දි මේ කෙල්ල හිතෙ බය ඇස් වලින් හංගන් මන් දිහා බලන් ඉන්නවා..ඇත්තටම කෙල්ල නිර්බීතයි..

කෙල්ලව පොරොටෙක්ට් කර කර උන්නොත් මිශන් එකත් චක බ්ලාස් ඒත් මන් ඇදන් ආව නිසා එයාට ගාඩ් දෙන්නත් ඕනි..ම්ඒ හින්දයි කෙල්ලව බෑග් එක මං ලග තියන් විවේකාගාරෙන් තිබ්බෙ..මිශන් එක ඉවර වෙලා මම ස්ටේශන් එකට ආවෙ කෙල්ලව මගෙ කොල්ලො හතර දෙනාට ගේන්න කියලා බාරදීලා..

කෙල්ලගෙ බෑග් එකෙ නැති දෙයක් නැ..පේන විදියට ට්‍රිප් එකක්යමින් ගමන් වගේ..කෙල්ල වගේම හැම දේම කියුට්..පුන්චි පර්ස් එක..ම්ම් කෙල්ලගෙ අයි ඩි එක..

අනික මෙ කෙල්ල..ශයිනි නිතිශ්කා ජයසුන්දර..ඒ පර්ස් එකෙ තිබුනු ෆැම්ලි පොටො එක..ලන්කාවෙ හොදම බිස්නස්මන්..ඒ කියන්නි කෙල්ලගෙ තාත්තා දෙයියනි..මං අදුනනවා එයාව..ඒකයි මට මෙච්චර සුපුරුදු බවක් දැනුනෙ..කෙල්ල ඉස්සර වගේමයි..බෝනිකි කෙල්ල

මෙච්චරකල් ගල් වෙලා තිබ්බ දිගායුගෙ හිත හොල්ලපු පුන්චි යකින්නි..මම පුන්චි කාලෙ සෙල්ලම් කරපු බෝනිකි කෙල්ල කියලා කොහොම විස්වාස කරන්නද

තාත්ති නැති උනාට පස්සෙ අම්මි එයාගෙ ජොබ් එකත් කරම් අපිව බලාගත්තෙ..අම්මිගෙ වත් තාත්තිගෙ වත් අය නෙවෙයි අපි එක්ක උන්නෙ..ඩීඑන් එස් ෆැමිලි එක..මට මතකයි එක වගේම මල්ලිලා හතර දෙනෙක් එක්ක උන්නු පුන්චි රන්ඩු කෙක්ක..නිල් ඇස් තිබ්බ බෝනිකි…ඒ උනාට බෝනිකන්ට ආසම නැ..කවුද හිතුවෙ මිශන් එකක් මැද්දෙ කෙල්ල හම්බෙයි කියලා

කෙල්ලව ගෙදරට ගිහින් දාන්න හිතයි..ඒත් මෙච්චර කල් දීගායු හදන් උන්නු පතිරූපේ කෙල්ලෙක් ලග දිය කරන්න බැ..අනික මට මොකො.මන් කෙල්ලව ගෙදර යැව්වා..

ඒත් ගෙදර යැව්වෙ මගෙ හිතත් එක්කමද මන්දා…

😱😱😱😱😱😱😱😱😱😱😱
–මේ දෙවනි පොටො එක..ජිම් එකෙ මම ඉන්න එකක්–

අද ආයෙමත් පුන්චි යකින්නි දැක්කා..ඇත්තටම මට කෙල්ලව හම්බෙන්න යන්න වෙලයි තිබ්බෙ..මොකද දුවන් එද්දි මන් මගෙ අයි ඩි එක ක්‍රෙඩිට් කාඩ් එක එයාගෙ බැග් එකට එබුවා මතකයි..කෙල්ල වෙනස් කියලා දැනුනෙ දැක්ක මුල් මොහොතෙම ..ඇත්තටම ජිම් යන කෙල්ලෙක්..

යකින්නිට ආඩම්බරකමත් නපුරුකමත් කටකාරකමත් දෙයියො අඩු නැතිව දීලා..කතා කරද්දි එකසිය ගානට හෙල්ලෙන තොල්දෙක අල්ලලා මිරිකන්නමයි හිත කීවෙ..ඒත් මම් දීගායු..මට බැ කෙල්ලෙක් ලග මගෙ ඒම් එක අයින් කර ගන්න..

ඉතින් තවත් දවසක කෙල්ලව හම්බෙන්න තියෙන පැතුමත් එක්කමයි මන් අද කෙල්ලගෙන් අයින් උනෙ..

😵😵😵😵😵😵😵😵😵

අද මම තවත් මිශන් එකක්..ඒත් තනියෙන් නෙවෙ මගෙ පුන්චි යකින්නත් එක්ක..තවම මට අම්මිට යකින්නි ගැන කියන්න ටයිම් ලැබුම් නෑ..ඒත් අද මෙ පිස්සු කෙල්ලගෙ වැඩ නිසා මට අම්මිට කියන්න උනා..ඒකත් හොදයි..

ඒ වගේම මට තාමත් හිනා කෙල්ල එසෙ මෙසෙ කෙල්ලෙක් නෙවෙ..කෙල්ලව කිස් කරන්න ආව එකාට දුන්නු පහර..අම්මට මගෙ ඇග තාමත් හිරි වැටෙනවා මතක් වෙද්දි..ටික ටික මාව කෙල්ලගෙ කොලු බවට ඇදිලා යනවා මටත් නොදැනිම..

මන් අම්මිට විස්තර කීවම අම්මි පුදුම උනා..

මන් දන්නැ කෙල්ලව දැනටමට් කවුරු හරි හොරකම්.කරන්ද කියලා..ඒත් එක දෙයක් මීට පස්සෙ මගෙ තවත් ශර්ලොක් හෝම්ස් වැඩක් තමයි කෙල්ල ගැන හොයන එක…

මට කෙල්ලව ඕනි කියලා හිතෙනවා..

–මේකෙ තිබුනෙ එදා පාටි එකෙ මන් උන්නු පොටො එකක්–

💻💻💻💻💻💻💻👻👻👻👻
ඉතුරු ටික කියවන්න ඕනි..ඒත් හිත මොහොතකට නතර වෙලා වගෙ..එතකොට එතකොට මේ දිගා ගොයියා…

මම් එයාගෙ පොටො එක බැලුවා..

මැට්ටා..මෙච්චර දේවල් හිතෙ තිවුනද ආ..ම්ම් ම්ම්ම්…ඔයා වෙඩි තිබ්බ මෙ ශයිනියගෙ හාට් එකටම..මයි ඩිගෝ..

මම ආයෙම ලැප් එකට මූන එබුවා..

…තවත් සේයාවකට… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *