D & S………39

**

මන් ගෙදරට කා එක දැම්මා…ගේ ඉස්සරහින් කා එක නවත්තද්දිමයි අම්මි තාත්තිගෙ ශර්ට් එක හද හද එලියට බහිනවා දැක්කේ..

දෙන්නම ලස්සනට ඇදලා..ඇත්තටම මේ දෙන්නව ආයෙම වෙඩින් පොටො එකකට තියන්න පුලුවන් ලස්සනයි..මේ වගෙ ආදරයක් තමයි මමත් හීන මවන්නි..මගෙ ඩිගො ඔයත් මේම නේදෝ…

මන් කා එකින් බැහැලා ඩෝ එක ඉතින් හැමදාම වගෙ පිටිපස්සෙන් පාරක් දාලා වැහුවා..ඒ කරලා දෙන්නවම ගිහින් බදා ගත්තා..

ගුඩ් මෝනින් අම්මියො..ගුඩ් මෝනින් හැන්ඩ්සම්…

ම්ම් ගුඩ් මෝනින් ගුඩ් මෝනින්

කොයිද මේ දෙන්නත් එක්කලා අත්වැල් පටලා පියමැන යන්නි..ම්ම්..අලුතින් ෆිල්ම්.එකක් වත් ඇවිද්ද

අහ් ඔව් නෙ..අලුත් ෆිල්ම් එකක්..ම්ම් මොක්ක්ද නේම් එක..ම්..

දු අපි හොස්පිට්ල් යන්නි

අහ් ඒ මොකො..(මන් දන්නවා දෙන්නත් එක්ක බැනා පොඩ්ඩ බලන්නයි යන්නි..ඒත් ඉතින් හොරු නෙ..මට කියන් නෑනි..ඉන්නකෝ.)

මොකටද අම්මි හොස්පිට්ල්..තා මල්ලි බබෙක් වත් අරන් එන්නද ම්ම්…හම්ම් ඉතිම්..මට නම් බෑ ඔය කක්කි ..චූ දාද්දි වඩන් ඉන්න..

මගෙ පැහිච්චි ආච්චි..අපි දැන් එහෙම වයසකද ඉන්නෙ මෝඩි..මල්ලි බබ්ක් නෙවෙ අයියා බබෙක් බලන්න යන්නි

අම්මි මගෙ කණත් මිරිකලා කීවෙ.

අයියා බබෙක්..අපෙ මොන අයියටද සනීප නැත්තෙ අම්මා..ලොකූද .පොඩීද

නෑ නෑ එයාලා නෙවෙ..මෙ..අර දිගායු පුතා බලන්න..ඔයා යන්නැද්ද

අපො අර දුස්ට දිගාද
.මට බැ අම්මි..එක පාරක් ගියානි..මොකටද මන් හැම තිස්සෙම යන්නි..අනික තාත්ති සේරම වියදම්.බලා ගන්නවනි අම්මි..

අම්මි තාත්තිගෙ මූන බැලුවා..බලමු දැන්වත් කියාවිද කියලා..

දු ඇයි ඔහොම කතා කරන්නි..ඒ ලමයා හොස්පිට්ල් ඉන්නෙ ඔයා නිසා අනික..එයා..ඔයාගෙ

ම්ම් ඔව් එයා මගේ..

සේයා යන් නේද..දූ අකමැතිනම් ඉතින්

ඒත් දෙනෙත්

යන් යන්..මම ඔෆිස් යන්නත් ඕනි..

අහා මේ දෙන්නා කියන්නෑ..හරි හරි බලමුකො..

ඒ දෙන්නා යනකම් පෝටිකො එකෙ බලන් ඉදලා මන් ඇතුලට ආවා..

තාත්ති මට,අයියලාට,එයාට නිවාඩුවෙ පොතක් කියවන්න ගේම්ස් ප්ලේ කරන්න වෙනමම ඇරෙන්ජ් කරලා තියෙන රූම් එක පැත්තට ගියෙ නෝමලි අයියලා ගෙදර ඉන්නවානම්.අනිවා එක්කෙනෙක් හරි එතන ඉන්න නිසා..ඉතින් මන් හිතුව විදියටම එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක්මඉන්නවා..තාම මූන සෝදලත් නෑ එක්කෙනෙක්..අනිත් එක්කෙනා නම්.නලුවා වගෙ ඉන්නවා..

දෙන්නා එකතු වෙලා ගේම්.එකක් ප්ලේ කරනවා..

මමත් ගිහින් පැන්නා දෙන්නගෙ මැද්දට..චූටි අයියගෙ අත තිබ්බ ගේම් ප්ලේයර් එක උදුරම්.මම එක බට්න් එකයි එබුවෙ..චූටි අයියා පරාදයි

හයියු මෝඩි මොකො ඒ කලේ

මට ඕනි දේ

ඔයාට ඕන් ඕන දස වද දෙන්න දැන් ඉන්නෙ කෙනෙක්

හෑ ඒ කවුද බුරුනොද

ලොකු අයියා කකා උන්නු තරු බිස්කට් අහුරක්ම කටේ ඔබා ගත්ත මන්…

අයියා මගේ අතෙ තිබ්බ අන්තිම බිස්කට් එක මගෙ අතින්ම අල්ලන් බලෙම් කවා ගත්තා..

කවුද ලොකු අයියෙ මෙ චූටි අයියා කියන එක්කෙනා

ඔයා තාම දන්නෑද

මොකක්ද

මුකුත් නෑ..ඒක නෙවෙ යන්නෑ හොස්පිට්ල්

මොන

නවලෝකෙ මැට්ටි

අහ් නවලෝකෙ..මන් නවලෝකේට ආස නෑනි..පරන ලෝකෙට තමා ආදරේ..

අපූ මෙ ගොනී නම්…

අහ් මන් ගොනි නම්.ඔයා ගොනා..මගෙ අයියනි

හා හා..අර කොල්ලා බලම්න යන්නෙ නැද්ද ඇහුවෙ

මොම කොල්ලද

මැට්ටි ශූට් කරපු කොල්ලා

ආහ් එයාද ඊයෙ බැලුවෙ අනී…

ඊයෙ බලලා ඇතිද ආ…මොකො ඊයෙ රෑ උනෙ..කොල්ලා ගාවද උන්නෙ ආ…

අනෙ මී..මන් ගෙදර එන්න ගියෙ අම්මි තමයු ඒ පිස්සගෙ ගෙදර ඉන්න කීවෙ

ඒකත් එහෙමද..එහෙ හොදයිද

මොන හොදක්ද අනි..හතර අතේ ඒ දුස්ටයගෙ පොටෝස් ගහලා..ඒ මදිවට තඩි බයංකාර එද්දාස් පන්සීය බර ගනන් වලද කොයිද ඔරලෝසුවක් පැය බාගෙන් බාගෙට ඩාන් ඩාන්කියලා වදිනවා..මට චුට්ටක් වත් නින්ද ගියෙ නෑ..මම නම් යන්නෙම නෑහ්

අහ් එහෙමද

ඔව්

පව්

කවුද

ඔයා තමයි

ඒ ඇයි

අනෙ මැට්ටියෙ ප්‍ර්ශ්න එපා..ගිහින් කොල්ලව බලලා එනො..අපිත් හවස එනෝ

අනි මට බෑ..ඔය දුස්ටයන්ව බලන්න..මට නිදිමතයි..මම මගෙ ටෙඩිලා එක්ක ඉන්න ඕනි..එහෙනම් ටටා බායි හොඳේ

මන් දෙන්නටම උම්මි දෙකක් දීලා රූම් එකෙන් එලියට ඇවිත් ටිකක් එහාට ගිහින් චුට්ටක් කණ දාන් උන්නා..දෙන්නා මොනාද කියන්නි බලන්න

පව් බන් අපෙ දෝනි

හ්ම්ම් ඌ හොදයි කියලා උඹ හිතනවද

පෙනුම නම් ආයෙ සුපිරි හීරො වගෙ..අපෙ කෙල්ලට හොදට මැචින්..ඒත් අනි මන්දා..කෙල්ල ඇත්ත දැමගත්තු දාට අපිව කාවි..කීවෙ නෑ කියලා

හම්මි ඒක නම්.ඇත්ත ගත සිත කිලිපොලා යන තාසජනක ෆිල්ම් එකක් වගෙ තියෙයි..හම්මි හපලා සූරලා කොනිත්තලා අපි හතර දෙනාව කීතු කීතු කරයි

ඒ අපි හතර දෙනාවනි අයියෙ බම්..අරූට දෙයියන්ගෙම පිහිටයි..මේකි මැහුම් ගැලවෙන්න දෙයි ආයෙ සුපිරියට ලෙසටම..

හික්ස්..වරෙන් වරෙන් ඊලග ගේම් සීරියස් එකත් ගහමු

..ඔන්න ඇහෙනවනි ඉතිම් අපෙ අයියලා මන් ගැන දරණ අදහස්

ආයෙ ඉතිම් කියන්න දෙයක් නෑ..කටේ ස්මාටිස් දාන්න ඕනි දෙන්නගෙම සහතික ඇත්තනි කීවෙ..

මන් දඩි බිඩි ගාලා උඩට නැග්ගා..රූම් එක ගාවටම ගිහිනුයි දෙයක් මතක් උනේ

එහෙම්ම මන් අත්වැටෙ රූටලා පල්ලෙහාට බැස්සා..මේ තමයිඉතින් පල්ලෙහාට බහින්න තියෙන ලේසීම විදිය..පඩි නැගන් නැගන් බැහන් බැහැන් යන්න කම්මැලි දෙයියනි..

මන් එහෙම්ම කිචන් එකට ගිහින් සීනි අච්චට කියලා ලොකූ කිරි ජග් එකක් හදා ගත්තා..

මන් යද්දි කොල්ලා බර කල්පනාවක.

කෝමද කොල්ලො…සොරි ඊයෙ එන්න බැරි උනාට..එන්නකො මන් ඔයාව ලෙහන්නම්..

කෝ ඉන්න මන් ඔයාව ලෙහන්නම්..

මන් බෲනෝගෙ බෙල්ලෙන් චේන් එක අයින් කලා..කොල්ලා මිදුලෙ වටයක් දුවලා මා ගාවටදුවන් ඇවිත් කකුල් මගෙ උරහිස් වලට තිබ්බා..මන් උන්නු විදියට තවපොඩ්ඩෙන් මන් බිම

ඇති ඇති..ඉන්න උක්කු ගෙනාවා ඔයාට මන්

බෲනො කිරි ටික එයාටදීලා තිවුනු ප්ලේට් එකට දාන පරක්කුවට බීවා..

අපි යන් උඩට එන්න..

මන් බෲනො එක්ක ගෙන රූම් එකට ආවා..

මේ අහන්නො මෙ මගෙ රූම් එක..ඔයාට කැමති තැනක ඉන්න පුලුවන්..

හැබැයි මැක්කො හලන්න බෑ හොදෙ..එක ටෙඩි බෙයෙක්ව වත් හැපීම සපුරා තහනම්..එතකොට ශූස් හපනවානම් ඔයාට කැතයි කියලා හිතෙන ඒවා හපන්න පුලුවන්..මගෙ ඇදට නැග්ගට කමක් නෑ..කොට්ට උඩ එහෙම නැගලා අහු වෙන්නැ..ටොයිලට්ස් යන්න ඕනි නම් වොශ් රූම් යන්න ඕනි..නැත්තම් මන් පැම්පස් අන්දනො හරිද..

කෝ මගෙ රූල්ස් වලට එකගද කියන්න

මන් බෲනොගෙන් අත ඉල්ලුවා..බෲනො කොල්ලා මොනා උනත් දිගා වගෙ නෑ හොර බොරු වංචා නෑ..කොල්ලා එක පයින් මගෙ රූල්ස් වලට කැමති උනා..

ම්ම් මන් නාලා එන්නම් හොදෙ..ඔයා දොයියන්න..ආවම කියන්න දෙයක් තියෙ..

පැයක් විතර හොදට නාලා මන් රූම් එකට ආවා..ම්ම් නිදිමතයි..පහලට ගිහින් මයිලො එකයි චොක්ලට් කේක් කැල්ලකටයි වැඩේ දීලාආයෙම රූම් එකට ආවා..ගොඩාක් නිදිමතයි..

බෲනො ඇඳ ලග කාපට් එකෙ නිදි..කොල්ලා ඇදට නැගලා නෑ ඒක හොදයි..කොච්චර උනත් හා හා පුරා කියලා බලු කොල්ලෙක්ට මගෙ ඇදෙ නිදන්න දෙන්න බෑනි..

මන් ඇඳෙ මුනින් තලාවට වැටිලා බෲනො ඉන්න තැනට අත පාත් කලා..

බෲනො ඔයා දොයිද

බෲනො මන් දිහා බලන් ඉන්නවා..

බෲනො ඔයත් දැනන් හිටියද එයා මට ආදරෙයි කියලා..එයා මට ඔච්චර ආදරෙ කරලා කියලා මං දැනන් උන් නෑ බෲනෝ..

ම්ම් මන් රහසක් කියනනම්..ඔන්න කියන්නෙ එහෙම නෑ එයාට හොදද

මන් එයාට ගොඩාරියක් ආදරෙයි බෲනො

💕💕💕💕💕💕🐕🐕🐕

ඔයාට ඉරිසියයිද..මෙ අහන්න්කො එයාට මේන් මෙච්චරයි ආදරෙ..ඔයාට මේ තරම් ආදරෙ..

බෲනො නිකම් තේරිලා වගෙ නැට්ට වනනවා..

අපි එයාව චුට්ටක් බයිට් කරමු හොදෙ..ඔයා මට හෙල්ප් කරනවා නේද..මම ඔයාටත් සෙට් කරන්නම්කො ලස්සන බූල් කෙල්ලෙක්ව..

අම්මෙ බුරුනගෙ තියෙන මනමාල පාට

හැම එකටම හැහ් හැහ් ගාලා සෙවල හලන්න එපා බුරුනො..කෙල්ලෙක්හොයන එක ලේසි නෑ..ඔයාට ගැලපෙන සස්සන හොද නම්බුකාර බලු පෙලපතක කෙල්ලෙක් එපැයි ඉතින්න්..ඔයයි එයයි එකතු වෙලා මගෙයි දිගුස්ගෙයි චුට්ටන් චුට්ටන් බට්ටො දෙන්නට සෙල්ලම් කරන්න ලස්සන චුට්ටි බලු කොල්ලො දෙන්නෙක්හදලා දෙන්න ඕනි හොදෙ..කෙල්ලො එපා එයාලා පරිඅසම් කරන්න අමාරුයි නෙ

මට ගොඩාක් දොයි මතයි ඒනම් දොයියනවා දොර වහලා නෑ..බෲම්..බඩගිනි උනොත් සීනි ආච්චගෙන් ඉල්ලගන්න..මන් දෝ එහෙනම්

බෲනෝව අත ගගාම මන් එහෙම්ම නින්දට වැටුනා…

..සිහින ලොවෙ මා දුටු ඒ හිරු කුමරු
පායාවිත් මගේ සිතම ගෙනගොස් අයිරූ
කෙරුවත් නෙක නෙක විලසින් මට නපුරු
ඔබම නොවෙද පෙම් කෙරුවෙ මගෙ මිතුරූ

සිහින දකිමින් ගෙවුනු සුවබර පැය හතරකට පස්සෙ මන් ඇහරුනා..ම්ම්ම් තුනා මාරයි..

බෲනෝ දොයි…මන් ඇදෙන්පැනලා අවුල් උනු කොන්ඩෙත් කස කසාම පල්ලෙහාට ගියා..අම්මියා කොහිද බලන්න ඕනි

මන් යද්දි අම්මි කිචන් එකෙ මොකක්දො වැඩක් පිටිපස්සෙන් ගිහින් අම්මි බදා ගත්තා

සුදු අම්මියො

සුදු දෝනියො

මන් නැගිට්ටා

මන් දැක්කා

අම්මියො බංගි මට

ඉන්න මන් ටේබල් එක ඇරෙන්ජ් කරන්නම්..

ඒම බෑ

එහෙනම්

මට කවන්න

අපො හෙට අනිද්දා වෙඩින් එකත් ගන්නවා කවන්නලු

කාගෙද අම්මියො වෙඩින් එක

වෙන කාගෙද ඔයාගෙ තමයි

මගෙ

ඔව්

ඉතින් කාවද

ඔයාගෙ හිතෙ ඉන්න කෙනාව තමයි

ඒ කවුද

මෙ අහන්න දෝනි..මන් ඔයාගෙ අම්මා

ඔව් ඉතිම්

ඒ වගේම ඔයාගෙ හුස්ම පොදක් වෙනස් වුනත් මට දැනෙනවා

ඉතිම්

මන් දන්නවා මගෙ දු ගැන

මාත් දන්නවා මගෙ අම්මි ගැන

මොනාද

මේ ලෝකෙ ඉන්න හොදම අම්මි මගෙ කියලා

හා හා බටර් ඇති ඉන්න කවන්න

අම්මි ප්ලේට් එකකට හතුයි අලයි චිකනුයි පරිප්පුයි කට්ලට් දෙකකුයි දාන් අවා..මේ තමයි තාත්තිගෙයි මගෙයි ෆේවරිට් මෙනු එක..

අම්මි රසට අනලා කවද්දි මාර රසයි..

මන් පෑන්ට්‍රී එකෙ ඉදන් කකුලත් වන වනා ඔක්කොම ගිල්ලා..අම්මි බෲනෝට කන්න දීලා….

Mm අම්මි

ම්ම්

ඔයාලා ගියා නේ අරයා බලන්න

හ්ම් ඔව්

එයාට කොහොමද

හ්ම්ම් අඩුයි..අපි එක්ක කතා කලා

..මාව ඇහුවද දන්නෙ නෑ..කොහොමද අම්මිගෙන් ඒක අහන්නි

මොකො දූ කල්පනාව

අම්මි එයා ගැන මොනාද හිතන්නි

ම්ම් හොද දරුවෙක්

හුම්ම්

ඇයි

නෑ මුකුත් නෑ

අම්මි මට ගමනක් යන්න ඕනි

ඒ කොයිද

මට…අද…රෑ..

….තවත් සේයාවකට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *