D & S………42

“ඔබ දන්නවාද දන්නේ නෑ
මන් ආදරේ කළා සිතින් කියා
ඔබ මා ලඟින් තියා
මං ආදරෙයි කියා
කියන්නෙ කෙසේ දෝ දන්නෙ නෑ…

💖💖💖💖💖💖💖💖💖💖💖💖

චූටි නෝනා..චූටි නෝනා

අහ් චක්..කවුද

අයියො මාව මේ ලස්සන හීනෙන් ඇහරෙව්වේ..තව ටිකයි නෙ තිබ්බේ මගෙ දිගා ගෙන් උම්මි එකක් ගන්න..

මන් කට ඇඹුල් කරන් ඩයිවර් අංකල් දිහා බැලුවා..

ඇයි අන්කල්

අපි හොස්පිට්ල් එක ගාවට ආවා නෝනා

අහ් ඒමද..

හීන දැක දැක ආවා මිසක් පාර බැලුවෙ නෑනි..ම්ම් මන් ශටර් එක පාත් කරලා එලිය බැලුවා..

අහ් ඔව් නේ..

අනෙ මට ටිකක් නින්ද ගියා අංකල්..තෑන්ක්ස් ගොඩාක්

මන් මගෙ බෑග් එකත් අරන් එලියට බැස්සා..

හීන වලින් චන්ඩියා වගේ උනාට දැන් හිතට බයයි..ඇත්තටම මම ඉස්සරහා වෙනවද එයාට කලින්..

එයා මං ගැන වැරදියට හිතාවිද..පපුව ඩග් ඩග් ගානවා..

රශීලා ඇති නෙ එලියෙ..අද රෑ රහීම් අයියායි ලග ඉන්නවා කීවෙ..මන් එන්න කලින් රහීම් අයියට කෝල් එකක් දුන්නනි..අවුලක් වෙන එකක් නෑ..

මිතුනි අක්කි ඔතලා දුන්නා බත් එක තාමත් රස්නෙට පිටට දැනෙනවා..මෙ බත් එක එයාට කවන හැටි මට මැවිලා පේනවා

මා තුල උන්නු ගෑනු ආත්මය එයා අවදි කරලා..කවද්ද මං හිතුවෙ මේ විදියට කොල්ලෙක් වෙනුවෙන් පෙරුම් පුරයි කියලා..

මම ලිෆ්ට් එකින් එයා ඉන්න රූම් තියෙන සයිඩ් එකට ගියා..

එයා දකිනකම් මේ ඇස් වද වෙන තරම්..

අහ් තව මීටර් පහලවකින් විතර මන් එතන..රශී එයාගෙ අයියයි රහීම් අයියයි තුන් දෙනාවම මට පේනවා දැන් ..මන් ඈත තියාම එයාලා එක්ක හිනා වුනා..එයාලත් මට අත වැනුවා..

වෙනදට ඉන්න දඟ ශයිනියා නෙවෙයි අද ඉන්නෙ..එයාලා දන්නවා නම් මට දැනෙන ලැජ්ජාව…

මන් ඉක්මනට එතනට ගියා..

ලැජ්ජාවටම මූන තවත් රතු වෙලාද මන්දා..

මට කතා කරන්න වචන එන්නෙත් නෑ..

ශයිනි…

ආ ශයිනි නංගි

මට කතා කරගන්න වචන පිටවෙන්නෑ..ඒ වෙනුවට මන් කලෙ ඇස් දෙක බිමට හරවන් හිනාවෙන එක

ආනෙ එක්කෙනෙක්ට ලැජ්ජා හිතිලා

මේ බලන්නකො අයියෙ..

රශී මගෙ නිකටින් හොල්ලලා අනිත් දෙන්නට කීවා

මන් යටිතොල ඉස්සරහට කරලා ඇස් වලින් බොරු තරහක් පෙන්නුවා..ඒත් තොල් වල හීනි හිනාවක්..

අනෙ යන්න අනී..

හා හා අපි යන්නම්කො..නේ අයියේ..රහීම්
අයියේ…

අද රශි මාව බයිට් එකට අරන්..වෙනදට නම් මමයි එයාලව බයිට් කරන්නි..ඒත් ඉතින් ශයිනි බබාට මොනාදො වෙලානී..

අපි යන්නම් ශයිනි..යමු අයියලා

ඔයාලා ගෙදර යනවද

යන්තම් වචන ගැටගහත්තු මං රශීගෙන් ඇහුවා..

ඔව් ඉතින් මෙතන අපි උන්නයි කියලා වැඩක් නෑනි..අනික අලුත් පෙම්වතුන්ට කතා කරන්න ඉඩ දෙන්න එපැයි..

හී

හී නෙවෙයි..ටිකක් රොමැන්ටික් වෙනො හරිද..අපි එක්ක ඉන්නවා වගෙ ඉන්නැතුව

මන් තොල හපන් හා කීවා බිත්තියෙ පතුරු ගලෝ ගලෝ…

අනෙ අම්මි කොලු බාගෙකට ලැජ්ජාවක් එනවා දැක්කමයි

ඒ පාර රහීම් අයියත් මට විහිලු කරන්න අරන්..

ර..හී..ම්.අයියත් යනවද

ම්ම් නංගි ලඟ ඉද්දි අපෙ ලොක්කා ගැන වොරි වෙන්න දෙයක් නෑනි..මාත් ගෙදරයනවා නංගො..හදිස්සියක් නම් කෝල් එකක් දෙන්න..හරියට හතර වෙද්දි මන් එන්නම්..

ම්ම් හා

එහෙනම් බෙස්ට් ඔෆ් ලක්..

තුන් දෙනාම මට අතට අත දුන්නා..රශී නම් උම්මි එකකුත්..

ඉතින් එයාලා ගිහින් දැන් විනාඩි පහකුත්
ඉවරයි..මම තවම මෙතන ලත වෙනවා…

මන් දොරෙ ලොක් එක කැරකැව්වා..

කොච්චර කලබලෙන් දොර කැරකෙව්වද කියන්නෙ..අතෙ කරෙ තිවුන බෑග් එකත් බිම

මගෙ සද්දෙට වෙන්නැති..එයා කතා කලේ

රහීම් රශි නංගිලා ගියාද බම්..මට චුට්ටක්ඉදගන්න මෙ කොට්ටෙ උඩට කරහන්කො..

අහ් එයා අහක බලාන කිවෙ රහීම් අයියා ආවා කියලා වෙන්න ඇති..

පව් ඉතිම් මෙ දුක් විදින්නෙ මන් නිසානි..මගෙ මෝඩ වැඩ නිසානි..

මගෙ ඇස් මට නොදැනිම දිය ඇල්ලක් වෙලා..කදුලු වැටෙනවාඑයා වෙනුවෙන්..

මන් එයා ලගට ගියා

අයියේ

එයා එක පාරම අදහා ගන්න බෑ වගෙ ඇස් ලොකු කරලා බැලුවා..ඒ ඇස් උපරිම ලොකු කරත් මගෙ ඇස් නිකම් තියෙන ගානටවත් ගන්න බැ ..මගෙ දිග ඇස්…මගෙ දිගුස්…

ශ..ශ…

ශා ශා නෙවෙයි..ශයිනි..

ඔව් ශයිනි..නංගා මේ වෙලේ

ඔයා මට නංගි කීව පලවෙනි වතාව…ඒ ඇමතුම කොච්චර ලෙන්ගතුද

ඔව් අයියෙ මං තමා…ශයිනි..කෝ ඉන්න මං කොට්ටෙ උස්සනම්..

මන් එයාට රිදෙන්නෙ නැතිව හිමින් සැරෙ කොට්ටෙ ඇඳ වියලට හැදුවා..ඒ වගේම ඇඳත් ටිකක් එජෙස්ට් කරා..

අහ්…ම්ම්ම්..ඌ…

එයා බඩ අල්ලන් හීන් කෙදිරියක් දැම්මා…එයාගෙ බඩ වෙලලා…නිසා ඉස්සෙද්දි අමාරු ඇති..

අනෙ දෙවියනි මෙ සේරම මං හින්දානි..අනේහ්

ඒ අත උඩට මගෙ කඳුලු වල සැර දැනෙන්න ඇති

නංගි…ඇයි මේ..

සේලයින් කටු ගහපු අත අමාරුවෙන් දිග ඇරලා එයා මගෙ මූණ ඇල්ලුවා..

මම එයාගෙන් ලබපු පලවෙනි ආදරනීය ටච් එක..හරියට වෝල්ට් දාහක් වැදුනා වගෙ දැනෙනවා..

මගෙන් උත්තරයක් නැති තැන එයා ආයෙම කතා කලා

ඇයි සුද්දි මෙ අඩන්නි

අනෙ ඔහොම කියද්දි වාන් දොරටු ඇරියා වගෙ කඳුලු එන්නෙ..ඔච්චර ලව්ලි විදියට මට කතා කරන්න එපා අයියෙ..ඔයාට මගෙ ආදරෙ කියන්න කලින්ම මන් පපුව
හිරවෙලා මැරෙව්වි

ඇයි සුද්දියො මෙ..කවුරු හරි බැන්නද

ඉහ්…ඉහ්

ඉකිය සද්දයක් උනෙ ඒ වචනත් එක්ක..

අනෙ අයියෙ..මට මට සමාවෙන්න..මම මම හිතලා කලෙ නෑ මගෙ අයියෙ..මම මම

එයා මගෙ කට වැහුවා..

මෝඩි මං ඒක දන්නවාහිතලා කලෙ නෑ කියලා..හිතලා කරා නම් උන්ඩ හයම බස්සනවා මන් දන්නවා ඒක

කඳුලු අතරින් තරහක් එනවා..අහ් මෙ මැට්ටා නම්

මන් එයාව කෙනිත්තුවා

ඌයි…අහ්

අනෙ සොරි රිදුනද

මෝඩියෙ රිද්දෝලා අහන්නි ඇයි රිදුනද කියලා චූටි යකින්නියෙ…

මන් යකින්නියෙක්ද ආ

නැතුව

ආ කෝමද කියන්නි යකින්නියක් කියලා

කියන්නෙද

ඔව්

මේ රෝස තොල්…මත් වෙන ලොකු ඇස්…ඕන කොල්ලෙක්ට ආස හිතෙන ක්‍රේල් කොන්ඩෙ…තව

තව

එයාගෙ තොල් මා ලඟට එනවා එනවා දැනෙනවා…මගෙ හාර්ට් එක දෙසීය ගානට ගැහෙනවා…ඒ තොල් පිලිගන්න මන් ඇස් වහගත්තා…

එතකොටම…..

😱😱😱😱😱😱😱😱😱😱

….තවත් සේයාවකට….

අදනම් තව කොටසක් දාන්න පුලුවන් වෙයි හවසට බලමු….. 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *