D & S………43

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
නුඹේ ඔය විසල් පපු තුර මත
සැඟවීන ඉන්නම් නෙතු පියාගෙන
දැනෙනවා මහ මෙරක් තරමට
හුස්ම නුඹ මගෙයි දිවි ඇති
තුරාවට

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මං ඇස් පියා ගත්තෙ නිතැතින්ම…මං හීනෙන් දැක්කෙ මං ඉස්සර වෙනවා..ඒත් කොහොම කොයි විදියෙන් හැසිරුනත් මමත් කෙල්ලෙක්

හැම කෙල්ලෙක්ම වගෙ මගෙ හිතත් ආස ඉස්සෙල්ලම කොල්ලගෙන් හැමදේම ගන්න..

තවමත් අපි අපිට ආදරෙයි කීවෙ නෑ..ඒත් මේ මේ දොරෙ ගලාන වාන් දාන්නෙ හිත් තුල තියෙන ආදරෙ නෙවේද

ඒ තොල් වල මගෙ තොල් පැටලෙන්නයි යන්නෙ..ඒ ලස්සන මොහොත සුන්දරව විඳින්න මගෙ ඇස් මටත් කලින් ලෑස්ති වෙලා පියවුනා..

මට ඒ පිරිමි සුවඳ දැනෙනවා..මගෙ ලඟින්ම.

ඒ සුසුම් වල උණුසුම දැනෙනවා..මගෙ තොල් පොපියනවා…තව මොහොතකින් ලවන් සනහන ඒ හාදුව පිලිගන්න..

ඒත්

😱😱😱😱😱😱😱😱😱😱

ඒ මොහොතෙම රූම් එකට හත් අට දෙනෙක් කඩන් පාත් උනා…

මගෙ උරහිසට උඩින් එයා එබිලා බැලුවා..

කවුද ඔයාලා..මොකො මෙ

ඔක්කොමල්ලා ඩොක්ටර්ස්ලා වගෙ ඇදන් උන්නෙ..මෙච්චර ඩොක්ටස්ලා ගොඩාක් මොකො මෙ..

ඒයි කැම් එක බැලුව නේද එලියෙ

ඔව් සර්

ඒ වචනවලට දීගුස් කලබල උනා මන් වගේම..දන්න තරමින් ඩොක්ටස්ලා ඔච්චර දරුනු වචන පාවිච්චි කරන්නෑ..

මට ඉබේටම එයාගෙ අතින් ඇල්ලුනා…එයාට රිදෙනවා කියලත් අමතක උනා..කැනියුලා එක නිසා..

කවුද තමුසෙලා ආ කියනවා මට

එතකොටම දෙන්නෙක් මටත් තව දෙන්නෙක් එයාටත් ගන් දෙකක් ඒම් කලා

අයියෙ

හා හා අයියා නංගි පස්සෙ මල් කඩනවා…දැන් නංගි බබා යන් අපි එක්ක

කොහෙදෙ ශයිනි ව එක්කම් යන්න යන්නෙ..

ඒක පස්සෙ කියන්නම්….අපිට තමුසෙව මෙහෙම පණ පිටින් තියන්න ඕනි නෑ ඒත් මෙ වෙලෙ තමුසෙ අඩන්න ඕනි..

තමුසෙගෙ බෝනික්කිව අපි අරන් යනවා…එතකොට ඩී ලා දෙන්නටමයි අරකිටයි රිදෙයි හොඳට..

දෙයියනි මෙ වෙස් වලන් ඉන්නෙ මීරා ද..

මීරා මගෙ කම්මුල් මිරිකුවා..මං ඒ අත ගසා දැම්මා

ඔහ් අම්මා වගේමයි..මන් ඔය ගෑස් බස්සන්නම්..ඉක්මනින්ම

අතාරිනවා යකො එයාව

අතාටින්නම් අතාරින්නම් චුට්ටක් සෙල්ලම් කරලා..අපෙ තුරුම්පුව මෙ..

සැරයක් කීවනි අතෑරපන්

එතෝටම එයාගෙ ඔපරේශන් කරපු තැනටම ගන් එක තියලා මීරා තද කරා..

එයාගෙ මූණ වේදනාවෙන් පිරිලා..වේදනාව වැඩිකමට එයාට කෑ ගැහුනා..අනෙ මගෙ ඇඟම හිරි වැටෙනවා

ඒයි මෙ බලාපල්ලකො මෙයා කෙඳිරි ගාද්දි මෙයා ඇස් වහගන්නවා..එයාට එහෙම නම් මෙයාට රිදෙව්වොත් කොහොමද

මීරා මගෙ තොල් මිරිකුවා

අතෑරපන් ශයිනිව

හෝ හෝ මහත්තයා..වැඩිය දගලන්න එපා..ඔය බට ගැලවෙයි දැන්ම මැරෙන්න එපා..මීරාට සෙල්ලම් කරන්න තියෙනවා..

එයා දත්මිටි කනවා මීරාගෙ වියරු හිනාව ලඟ

මට උඹ එක්ක මෙතන කියො කියො ඉන්න බෑ..
අපි යන්..

මගෙ වැලමිටෙන් මීරා ඇද්දා..මන් එක අතකින් දීගායු අයියව අල්ලන් උන්නෙ…

කෙල්ලෙ අතෑරපන්..සද්ද නැතුව යමන් ..මූව මෙතනම බාවනවා අවුලක් කලොත්..උඹත් අහගනින්..අපි කෝල් එකක් දෙනකන් මොකක් හරි අවුලක් කලොත් කෙල්ලගෙ ගන්න කියලා දෙයක් ඉතුරු නැති වෙයි..උඹ දන්නවනි මං ගැන..මේකිව හප කරලා හොඳ ගානකට දුන්නෑකි මට..ඒ නිසා වැඩිය දඟලන්න එපා…පෙම්වතීගෙ ඔලුකට්ට මෙතනම පසාරු වෙයි වැඩිය දැගලුවොත්

ඉදින් ඒ අතින් ගිලිහුනු මගෙ ඇගිලි..ඉස්සරහට ඇදුනා..

මට මුකුත් කර ගන්න විදියක් නෑ දාහක් මෙතන ගැවසුනත් දිගායු අයියගෙ ජීවිතෙ මං අතෙ..

මීරා කියපු විදියයම කලු පාට ඩිපෙන්ඩ එකට මන් ගිහින් නැග්ගා…

හිතට බය මට මොනාහරිවෙයි කියලා නෙවෙ..එයාට මොනා හරි වෙයි කියලා..

මම අඬනවා..ඒත් මට ඕනි කාට හරි මේක කියන්න..මන් මගෙ පෝන් එක අතට ගද්දිම මීරාත් ඩිපෙන්ඩ එකට නැග්ගා..

ඔහෝ..කෝල් නෙ බේබි..

එහෙම කියලා මීරා මගෙ පෝන් එක උදුර ගත්තා..

මම දන්නෑ කරන්න ඕනි මොනාද කියලා කලබල කරන්න බැරි කමක් නෑ..ඒත් තාමත් අරුන් දෙම්මා එයාගෙ ඇඳ ලග වෙන්නැති..

කලුවරෙ උනත් මට පේන හැමදේම මන් හිතට දා ගත්තා…

ටිකකින් උන් අතුරු පාරකට හැරෙව්වා..

ඒත් ටිකකින් මගෙ ඇස් දෙක කලු දෙයකින් තදින් වැහුනා වගෙ දැනුනා…

මට දැන් මුකුත් පේන්නෑ..ඇස් වගේම කටත්..අත් දෙකත්

….

ටික වෙලාවකින් නැවතුනු ඩිපෙන්ඩ එකින් මාව ඇදලා ගත්තු කෙනෙක් මාව හරහට උස්ස ගත්තා..

මම දන්නෑ මොනාද මෙ වෙන්න යන්නි කියල නම්..ඒත් තාත්තිට අම්මිට එයාට රිද්දන්න මාව ඇපේට තියන් කියලා නම් දැනෙනවා..

ටිකක් දුර ඇවිදන් ආව කෙනා මාව එහෙම්ම ඇතෑරියා..ම්

මගෙ අත ගෙට ගහලා නිසා මුකුත් කරගන්න විදියක් නෑ..ඒත් මාව දැම්මෙ මෙට්ටයකට කියලා දැනෙනවා

මගෙ ගෑනු ආත්මය බයෙන් වෙව්ලමනවා..ඊලගට මෙ මීරා.හුම්

….ඊලග සේයාවට….

කතාවට කමෙන්ට්ස් ලයික් අඩු වෙලානි..දැන් කතාව ලස්සන නැද්දෝ.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *