D & S………44
44
මාව වැටුනෙ නම් ඇදකට කියලා තේරෙනවා..ඇඟට දැනුන සොෆ්ට් එකට..
ඒ වගේම ටික වෙලාවක් යද්දි කිසි සද්දයක් ඇහෙන් නැතුව ගියා..ඒත් ඉතින් මට මුකුත් පේනවයි කියලා යැයි..
උත්සහා කරාට ගලෝ ගන්නත් බෑ වගේ…චක්..
එයා දැන් මොනා කරනවා ඇද්ද..මෙයාලා මොනා ඉල්ලයිද තාත්තිගෙන් මං වෙනුවෙන්..
හුම්ම් …
පැයක් යන්න ඇති දෙකක්..ඒත් මට තත්පරයත් කල්පයක් වගෙනෙ දැනෙන්නෙ..
ශයිනො..හිතන්න හිතන්න..මේ රෑද උදේද කියලා කොහොමද තේරුම් ගන්නි..ඇස් වහලා අතත් ගෙට ගහලා නිසා මට මුකුත් පේන්නෙත් නෑ..කරගන්න විදියකුත් නෑ..
මට දැන් වොශ් රූම් යන්න ඕනි..මෙතන කවුරු හරි ඉන්නවද නැද්ද කියල වත් මං දන්නෑ..ඒත් මන් ඒ දෙ මෙතනකරන්න කියලා යැයි විලි ලැජ්ජාවෙ සංතෝශෙ බෑ..
එයාට කාටහරි පණිවිඩෙ දෙන්න පුලුවන් උනාද දන්නෑ..එහෙමත් නැත්තම් තවම අර මරුමුස්ලා ටික එයා ලඟද…මට මං ගැන නෙවෙ එයා ගැනයි බය..එයා දුර්වලයි..අනෙ මට එයාට ආදරෙයි කියලා කියා ගන්නවත් බැරි උනා..හුම්ම්
මම ඇඳෙන් පැන්නා…මුකුත් පේන්නැති නිසාත් අල්ලන්න වත් බැරි නිසාත් මාව දැන් අරව මේවා වල වැටිච්චි තුන් වෙනි පාර…
කොහොම කොහොම හරි හැප්පි හැප්පි ගිහින් බිත්තියක් අහු උනා..මන් පිට බිත්තියට වැදෙන්න බිත්තිය දිගෙ සීරුවට ගියා..
අහ් මෙ අහු උනෙ..දොරක්..එහෙම්ම ගැට ගැහලා තියෙන අත් වලින් ඒක හොල්ලන්න බැලුවෙ ..ඇරෙන්නෑ..
මම දන්නෑ
රූම් එකෙ දොරද එහෙමත් නැත්තම් වොශ් රූම් එකක දොරක්ද කියලා..ඕනි මගුලක්..මන් දොරට පයින් ගැහුවා..
ඉන්න එකෙක්ට ඇහෙන් නැතැයි..මේ වෙලෙ ඇගෙ තියෙන සියලු අඬු බඬු උදව්වට ගන්න ඕනී…නැත්තම් මොකටෙයි මේවා..නිකම් තිබිලා පුස් කනවා..
කෑ ගහන්නත් බෑ…කටත් ගැට ගහලා..මන් පුලුවන් හයියෙන් දොරට තඩි බෑවා..නෑ නෑ මගෙ ඔලුවෙ තඩි නෑනී..මන් පුලුවන් උපරිම වේගෙන් රොනාල්ඩො වගෙ ගැහුවා…
ටිකකින් මට දොර ලඟින් සද්දෙ ඇහෙනවා..කවුරු හරි ආවා..ඒත් සද්දයක් නෑ…
මන් ආයෙම බිත්තියට පිට දීලා ටිකක් එහාට වෙලා ඇහුම් කන් දුන්නා..
හරිම සීරුවට ඒත් ඉක්මනින් දොර ඇරුනා…
කවුරු හරි රූම් එකට ආවා..ඒ ආව කෙනා නැවතිලා බලන් ඉන්නවා වගෙයි..
ම්ම්ම් මාමො …ම්..
මොකක්..මොකෙක්ද ඒ..
නිකම් අවුරුදු විසි ගානක කොල්ලෙක්ගෙ කටහඩක්..ඒත් …අමුතුයි
ඔයා කාද අනී
හෑ…
කතා කරන්නකො කීන්නකො අනී..ඔයා කාද..ඇයි උයා මෙ ඇස් කට වාන් අනී…
තොත්ත බබෙක් වගෙනෙ මෙයා…
කවුරු උනත් මගෙ ලඟමයි කියලා දැනුනෙ..මගෙ මූණට අත වැදුන නිසා..මම ඇඟ කෙලින් කර ග්ත්තෙ මොකෙක්ද කියලා දන්නැති නිසා..
ඒත් ටිකකින් ඒ අත් මගෙ බෙල්ල පිටි පස්සෙන් යැවුනා…මගෙ බෙල්ල වත් මිරිකන්න හදනෝද අප්පා..
බා වෙන්න අපා..මන් ලීනවා අනී
මට මෙ හුරතල් දොදොල් ලැන්ග්වේජ් එක තේරුම් ගන්න අලුත් ඩික් එකක් ගන්න වෙයි..අහ්..
ඒත් කීවෙ ලෙහනවා කියලනි ටිකක් ඉවසලා බලන් ඉමූ..
කීව විදියටම මගෙ කට ලෙහුනා..බල්ලෙක්ට කට කලියාවක් දාලා ලෙහුවම කෝමද..ආයෙ ඉතින් බ්රේක් තීන කටක් යැයි..
මෙ ඔයා කවුද..මට මට වොශ් රූම් යන්න ඕනි..මට මගෙ ඇස් ලිහන්නා
හාලි..ඉන්නො..
මට රිදෙන්නැති වෙන්න පරිස්සමට ලෙහුවා …මගෙ මූනෙ ඒ ඇග වදිනවා..එ ඒ කියන්නි මෙයා මට වඩා උස කෙනෙක්..
ඕන හලී..ඊයෙ..ඊයෙ..
එක පාරටම ඇස් ඇරියට අන්දකාර වගෙ දැනුන නිසා මන් ටිකක් ඇස් පියන් උන්නා
ආලෙ තත්තන බෝනිත්තියෙක්..තෝයි තෝයි..
බෝනික්කෙක්..කෝ කොහිද..
මම අමාරුවෙන් ඇස් ඇරියා..මුලින්ම පැහැදිලි නැති උනත් මම ටිකෙන් ටික ඇස් ඇරියා..
ඉන්න කෙනා බොඳ වෙලා පේනෝ…
අහ්..පිජාමා එකකුත් ඇඳන් මන් දිහා බලන් ඉන්නෙ කොල්ලෙක්..ඒ වගෙම පෙනුම නෝමල් වගෙ පේනවා..
ඒත් වයර් මාරු වෙච්චි ඩෑල් එකක්ද කොයිද..
මගෙ දිහා බලන් අත්පුඩි ගහනවා..
ඔ ඔයා කවුද
අලේ කතා කොලන බෝනිත්තියෙක්..කේල් කොන්ඩෙ..තෝයි තෝයී
ඒ පාර මේ පිස්සා අත්පුඩි ගගහා උඩ පයිනො..මොනා උනත් කොල්ලා ලස්සනයි..ඒ වගේම මට වැඩක්ගන්න පුලුවන් වෙයි වගේ..ම්ම් මෙයාටම කියලා මගේ අතත් ලෙහා ගමූ
මේ අත ලෙහන්න්කො
මොනාද බෝනිත්තො කීන්නෙ
මගෙ අත අත.
මන් පිටි පස්ස හැරිලා ගෙට ගහලා තිබුනු අත පෙන්නුවා..
ආලෙ ඒතත් ගෙට ගාලා…ඉන්ත ඉන්ත
මොන්ගල් කොල්ලා මම ලඟට එන්න තව තත්පරයයි තිබුනෙ..
ශාලු බේබී..ශාලු බේබි කොයිද ඔයා
..තවත් සේයාවකට.